31 March 2013

තෙත වැල්ලේ පා අඩි මතක සටහන් . Footstep memories in wet sand


There’s a girl who is searching for a lost shoe. In the meantime she writes poems . This one,  I felt could be stretched more,  conceptually . So here goes 

She walks
not looking back
keeping cautious steps
on the damp sand
leaving
them perfect
prints
for the surf
to take

The waves
they shun
halfway
through the roll
hesitant
to wipe away
the memories




නැතිවූ සපත්තුවක් සොයන ඇත්තියක් වෙයි , ඒ අතරතුරේ කව් පද අමුණන .
ඈ  ලියු මෙය අදහසක් ලෙස තවත් දුරට දිග හැරිය 
 හැකි බව සිතුනි මට ..(click here)

පිය නගන්නිය 
ඇය
සෙමින් සෙමින්
තෙත වැල්ලේ
මදකටවත්
නොහැරී ආපසු
දිගහැරුණු 
පා අඩි  සලකුණු  සේලය
රළට ඉතිරිකර
සෝදාලන්නට

දිවවිත් හැල්මේ
හැරුනේය අතරමග
රළ
පා සටහන් මතක
මකා ලන්නට
හිත හදාගනු 
බැරිව 

පලි
මගේ කවි බොහොමයක් ලියවෙන්නේ මුහුද ගැන නේද යයි , කෙනෙකු ඇසුවේය. ඇත්තම නේන්නම් . මම මුහුදට ආස ඇති එතරමට . 

29 March 2013

My full toss , my sixer හෙවත් නොපැරදීමේ සහ දිනීමේ වෙනස .

ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් කටට  දෙකට බත් එක ගිලලා , බැට්  එක උස්ස ගෙන පාරේ ක්‍රිකට් ගහන්න ගිය කාලයක් තිබුනා .
මැච් එක මහා පාරේ . කෙලින් පාරේ,   ගොරකා ගහට එහාට ගැහුවොත් හයයි . හරහා පාරක් එල්ල කලොත් ඉතින් විනාසයි කාගේ  හරි වත්තක . ක්‍රෝටන් ඇල්බීසියා  ගස් වලින් මායිම් වෙන් වෙච්ච ඒ දවස් වල,  ගේට්ටු නැති නිසා , වත්තට ගිහිල්ලා බොලේ අරන් එන එක එච්චර වැඩක් නෙමෙයි . හැබැයි ඉබ්‍රහිම් අන්කල්ගේ වත්තට ගියොත් වැඩේ අමාරුයි.  ගේට්ටුව වහලා , තාප්පෙන් පනින්න ඕනේ .හැබැයි ඒ වැඩේට නසීම් අයියා ස්ව කැමැත්තෙන් ඉදිරිපත් උනා . 

ඒකට  හේතුවක් තිබුනා . අර සින්දුවේ වගේ       "   ....ට උන්නේ එකම දුවයි "....අන්තිමේදී නසීම් ඒ කෙල්ලව බැඳලා ඒ ගෙදරම පදිංචි වුනා .
නැවත  කතාවට එමු , නැත්නම් slow over rate  වෙලා දඩයක් වැදෙන්න පුළුවන්

අපේ කණ්ඩායමේ ක්‍රිකට් හරියට ගහන්න පුළුවන් අය  හිටියේ දෙන්නයි . අනිත් ඔක්කොම මං වගේය .
 හැල්මේ දුවලා ඇවිත්  දමලා ගහනවා බොලේ .  කෙලින් වැටුනොත් හරි .
පන්දුවට පහර දෙන්න ගියාමත් ඇස්  දෙක වහලා  දෑත බදලා ගහනවා , වැදුනොත් හයයි . හැබැයි ගොඩක් වෙලාවට ,  the delivery completely defeats the batsman. ඉන් පස්සේ පලාතම දෙදරන හු හඬ .
.
මෙහෙම හිටපු අපිට එක දවසක් ආව චැලේන්ජ් එකක් , ලේන්  දෙකකට එහා ටීම් එකකින් .
මුලින් අපේ කණ්ඩායමේ හැකියාව ලොවටපෙනීම ගැන අපේ හිත්  වල පැතිරිච්ච ආඩම්බරය , අපේ ප්‍රතිවාදීන් ගේ දක්ෂතා ගැන වටින් ගොඩින් ආපු ආරංචි නිසා තුනී වෙන්න ගත්තා .
 " ඉස්කෝලේ ටීම් එකට ගහන එවුනුන්ත් දෙතුන් දෙනෙක් ඉන්නවා ලු ". 
දැන් මොකද කරන්නේ . අපි පුළුවන් තරම් පුහුණු වුනද , තරඟ  දිනය ලං වෙන්න වෙන්න , මෙය නොකෙරෙන දීගයක් බව අපි කාට කාටත් තේරෙන්න  ගත්තා .

" මොනවා වුනත් පැරදුනොත් නම් පාරේ ගිහින් හමාරයි , පුතෝ ".ඉතින් අපි සම්මත කර ගත්තෙමු  සැලැස්මක් . 
තරඟය දවසේ උදේ පාන්දර අපි ගියා පිට්ටනියට. හිතට දහිරිය අරන් හිටගත්තා  පිටිය මැද , රුපු යුදට වන දස මහා යෝධයන් වගේ .
පැයක් , දෙපැයක් කාලය ගෙවී ගියා . ප්‍රතිවාදී පිල ආවේ නෑ . 
එන්නේ කොහෙද , අපි ගියේ තරඟය තියේන පිට්ටනියට නොවෙන කොට . 

ආපු එකේ , අපි පුහුණු වීමේ තරඟයක් ගහලා. අරලිය ගස් උඩින් , ටෙනිස් බෝල ප්‍රක්ෂේපනය කරලා . ප්‍රතිමල්ලවයන් නැතුව , තනියම පිට්ටනියක අපිම එවපු පුල් ටොස් පන්දුවලට  හයේ හතරේ ඒවා නෙලලා ,  දවල් වෙද්දී  ආපහු ආවා නොපැරදී . 

 දිනීම හා නොපැරදීම අතර මෙන්ම පැරදීම හා නොදිනීම  අතරද ලොකු වෙනසක් ඇති බව මම එදින උගත්තෙමි .

පලි  
මුලින් කෙල්ල කොල්ල හැටියට රඟ පාලා , ඊට පස්සේ කෙල්ලගේ අම්ම තාත්තා හැටියට රඟ පාලා , දැන් වෙන වෙන  චරිත රඟ පානා  ලලිතා  ඇන්ටියි  , කරුණාපාල උපාසක සීයයි , අනුන්ගේ මළ ගෙදර තමන්ගේ  වගේ ඔරෙන්ජන් බාර්ලි බෙද බෙදා කරුණාව පෙන්නනවා .

ජාතිආලය  අන්තර්ජාලයේ ලියනා 
වාක්‍යකට සීමා වෙද්දී , ජාතිවාදයද අන්තර්ජාලය පුරාවට පිළිලයක් සේ පැතිර යනවා .  

අපි ? , මේ හැමටම විරුද්ද අපි . අපි ඉතින් , තනියෙන් පිට්ටනි වලට  ගිහින් අපේම  පුල් ටොස් වලට අරලිය ගස් උඩින් හයේ ඒවා ගහලා,  පැරදුනේ නෑ  කියලා හිත හදා ගන්නවා

24 March 2013

"පිස්සු ලාබයි " episode 1 : Facebook Marketing


ආයුබෝවන් නෝනා වරුනි මහත්වරුනි අවුල්වූ ලෝකෙක නව වෙලඳ ප්‍රවණතා ගැන හදුන්වා දෙන කතා කරන """"" "පිස්සු ලාබයි " වැඩසටහනට ඔබව සාදරයෙන් පිලිගන්නවා අදත් .  අද අපි කතාකරන්නේ අලෙවිකරණය අලෙවි ප්‍රවර්දනය ගැන . එහි නව ප්‍රවනතාවයක් වන සමාජ වෙබ් අඩවි හරහා කරන ප්‍රවර්දනය ගැන . අද අපිත් එක්ක මේ සාකච්චාවට එකතු වෙන්නේ මුහුණු පොත නැත්නම්  facebook ඉල්ලක්ක කරගත් Godama1Rupee Marketing Agency  ආයතනයේ වෙළඳ ප්‍රවර්දන විශේෂඥයෙක් 


නිවේදක : අපිට පොඩි විස්තරයක් කරන්න පුලුවන්ද ඔබේ ආයතනයේ මෙහෙයුම් ගැන


අලෙවි විශේෂඥ  

මෙහෙම හිතන්න. ධම්ම චින්තා අහන ගමන් ලැට් එකට දිව්ව  මිනිස්සු ..දැන් තේක බොන ගමන් ,  ශරීර කෘත්‍ය කරන ගමන් කරන්නේ facebook බලන එක . ඉතින් අපි දානවා ධම්මපද ගාථා   බයිබල් පාඨ කුරාන් පාඨ  .. ..ඇත්තම ඒවා වෙන්න ඕනෙත් නෑ  නිකන් හදලා  වගේ දාන්න   පුළුවන් .  මේ  ක්‍රමය යටතේ  sales agents ලා  ඕනේ නෑ . ඔබ පලවූ දෙයට  එකඟ වුනත් විරුද්ද උනත් ඔබ උදව් වෙනවා පණිවුඩය ඈතට ගෙනියන්න                 

මොන වගේ දේවල්ද මේ දවස් වල වැඩියෙන් විකිනෙන්නේ ?

 දුක ජාති ආලයදේශ ප්‍රේමය ආගම් වගේ දේවල් තමයි වැඩිපුර


 පොඩ්ඩක් වැඩිදුර විස්තර කරන්න පුලුවන්ද එය


ඔව්. දැන් බලන්න අපි දානවා පින්තුරයක් පුංචි ළමයෙක් ගේ.  ප්ලාස්ටර් ටිකක් අලවල මුනේ                  බට  ටිකක් ඔබල නහයේ  .එතකොට ඔබේ හිතේ ඇති වෙනවා දුක . දුක ඕනේ නේ ජීවිත වලට  ...දුක නැති කර ගන්න සල්ලි වියදම් කරනවා මිනිස්සු. 

තව අපි ආරම්භ කරලා තියෙනවා , අවමගුල් දැන්වීම් සේවයක්  ..මරණයක් වුනාම දැන් පත්තර කන්තෝරුවට යන්න ඕනේ නෑ . දුරකථන ඇමතුම් දෙන්න ඕනේ නෑ . දැම්ම status  update  එකක් "ලොකු මාමා මළා මළගෙදර බදාදා " කියල එච්චරයි .අනික මිනිස්සුන්ටත් ලේසියි ,සුදු ඇඳගෙන මල ගෙවල් වල යන්න ඕනේ නෑ . එකට කොමෙන්ට් කරා එක්කෝ  "සාතිශය සංවේගය  " , "දුක තමයි රන්ජනී " , " අහෝ දුකකි ඉරකි තිතකි " කියලා
 .එච්චරයි .
 

ඔබ ආයතනය හරිම නිර්මාණශීලි බව නම් පෙනෙනවා අපිට කියන්න පුලුවන්ද ඔබ ලඟදි කරපු
සාර්ථක
 campaigns එහෙම 

මේ දවස් වල අපි දුවනවා දේශප්‍රේමය වැඩවීමේ ව්‍යාපාරයක් . මේක ට අනුග්‍රහය දක්වන්නේ සුළු    ජාතික පක්ෂ කීපයක් . " සිවුරෙන් ඇද  නංවමු දේශප්‍රේමය"  කියලා . අපි කෙටි  videos කිහිපයක්
ෂූටින් කරගෙන යනවා මේ දවස් වල දකුණු ඉන්දියාවේ .
          

තව අපි ශ්‍රී ලංකා පොලිසියේ අනුග්‍රහයෙන් කරනවා දුටුවාද  අපේ හීන් බාප්පා සිරිපාදේ නැතිවූ ?" කියලා . මේ ක්‍රමය යටතේ අපරාධයක් උනාම පොලිසියට  දුවන්න ඕනේ නෑ.  . දැම්ම status update එකක්  " අපේ ගෙදරට හොරු පැන්නා එන්න වහාම කියලා " .පළාතේ පොලිසියෙන්  ඔබට  ඒ අවස්ථාවට මුහුණ දෙන්න අවශ්‍ය මුලික උපදෙස් දෙනවා ක්ෂණිකව   කොමෙන්ට් එකක් හැටියට ." එල .හොරු අල්ලා තදින් බඳින්න. . අපි එන්නම් උදේට " වගේ  

දැනට සමාජයේ තියෙන ලොකු අඩුවක් තමයි අපිට එක්සිත්ව එක්සත්ව වෛර කරන්න  දුෂ්ටයෙක්නැති වීම.  ඒ අඩුව පුරවන්න අපි කෙටි campaign  එකක් කළා " ඇයි මාව මීට කලින් දැකල නැත්ද ,  නේ යනවා මනුස්සයෝ යන්න .."  කියලා . ඒ වගේ දේවල් තමයි ඉතින් අපි කරන්නේ


අවාසනාවකට වගේ අපිට ලැබී ඇති කාලය මින් අවසානයි . මේ වැඩසටහනට සහබාගි වූ ඔබට          

බෙහෙවින්ම ස්තුතියි .  නැවතත් වාරයක හමුවෙමු අවුල්වූ ලොවක වැඩියෙන්ම විකිනෙන දේ
ගැන කතා කරන්න 
"පිස්සු ලාබයි " සමගින් 

23 March 2013

ඔබට මතක නැති උනාට ..

අපේ ජීවිත කියන්නේ කතන්දර ගොඩක් ද ? නැතිනම් එකම කතන්දරේක පරිච්චේදද ? 
මට හිතෙන්නේ කෙටි කතන්දර ගොඩක් , මතකය නම් වූ මනකල්පිත රැහැනින් බැඳ අපි ජීවිතය කියන දිග කතාව ලියනවා කියලයි 
ඒ නිසා මේ පහත සටහන .මෙතැනට  සම්බන්ධයක් තියෙනවද නැද්ද කියන තීරණය කියවන ඔබට බාර දෙමි 

















"Don't look that way .බලන්න එපා ඒ දිහා , ඒ ගෑණි  මේ පැත්තට ඇවිත් කරදරයක් වෙන්න ගනියි."
"ඒ වුනාට අපි සාස්තරයක් අහමුද ? Pleeeeeease"
"අනේ ඔය රොඩී ගෑනු දන්නා සාස්තර ..මෙතන බොරු කියලා කීයක් හරි කඩා ගන්න "

කොච්චර කීවත් ඔබ ඇසුවේ නැත ..ඔබේ ඇස්  වල තිබුණු ආයචචනයේ ඉව දැනී  ඇය අපි දෙසට පැමිණියාය . ඒ විනාඩි දහයකට පමණ පෙරයය . දැන ඇය චාටු බස් කියමින් දඩයමට සැරසේ .

"මාත්තිය , නළුවා වගේ ... , වාසනාවන්ත  ජීවිතයක් මුනෙන් පේනවා "

"කවුරු වගේද ...ෆ්‍රෙඩි  සිල්වා ? " ඔබ මා දෙස බලා සිනා සෙයි .

"නේ නේ විජේ වගේ"

"එතකොට මම?"

 " නෝනා මාලිනි වගේ අප්පා , නෝනා කවද හරි මේ මාත්තියා  බඳිනවා ..."

"Don't tell her , let her go on " දැන් ඇය  ඔබේ අල්ලෙ  රේඛා දිගේ ඈ දබරගිල්ල සෙමින් ගෙනියන්නිය .
ඔබ ඔබේ ඇඟිල්ලේ මුදුව සඟවා ගන්නේය  (මා මුදුව වැඩි පරිස්සමට ගෙදර අල්මාරියේය ).
කපුටෙක් කෑ  ගසන්නේය .

"නෝනා , ලස්සන ජීවිතයක් තමා පේනවා ..මාත්තිය ආදරෙන් තමා බල ගන්නවා ..ඇබැයි පශ්ශේ නෝනට එක අමතක තමා වෙනවා ...යේක, බේ  බේ මට  කියන්න තේරෙන්නේ නේ ...."

ඔබ මුහුණේ තුනියට තිගැස්මක් පැතිරේ .
"පලයන් මෙතනින් , මේ රුපියල් දහය අරන් , අපේ දවස මුසල කරන්නේ නැතිව "
කපුටා සද්දෙට අත්තටු ගසා පියඹා යන්නේය .
  "Bloody liar, that is their trick to get you hooked to their story , I told you so"


ඔබ අතේ උනුහුම මා දකුණතේ ගැටී , මම පියෙවි ලොවට පිවිසෙමි 
"ඉතින් කියන්නකෝ , ඒ ට්‍රිප් එක ගැන, were we happy ? ....

19 March 2013

මතක හොරු අරන්- නැවත කියවීම


මේ අවසාන නැවත ප්‍රචාරය .

මෙය ලියවුනේ 2011 අප්‍රේල් . දවස් කීපයකට පෙර හවසක ඇල්සයිමර් රෝගය ගැන දිගට ඇදුනු කතාබහකට පස්සේ , හිත සැහැල්ලු කරගන්න මෙය ලියවුනා වගේ මතකයි memories robbed

"ඔය පින්තුර එකට පටලන්න එපා . මේ පැත්තේ ගොඩේ තියෙන්නේ මම මුළු හිතින්ම ආදරය කරපු අය , ඒත් මට මගේ කරගන්න බැරිවුනු "

"අනෙක් ගොඩ ?

"එකේ ඉන්නේ ද ... දන්නේ නැත්ද , සමහර වෙලාවට අපි සමහර දේවල් කරනවා , මිස්ටෙක්ස් , ඒවා එතනින් ඉවරයි ...හැබැයි ඒ හැම එක වීමකමත් වැදගත්..

ඒ සැරේ ඔයා ඔය පින්තුර ගණන් කරනවා නේද හොරෙන් . දෙන්න මෙහාට

ඕක නවත්තලා මට උදව් කරනවද මේ ටික අලවන්න , මේ පොතේ . සටහන් ලියන්න ඕනේ හැම එකක්ම යටින්, මට අමතක වෙන්න කලින් ."
_____________________________________________________________________
මේක මතකද ?

ඇය එක චායාරුපයක් මට දික් කරන්නීය .
අඳුරු පැහැ ගැනුණු කළු සුදු සේයාරුවකින් එබී , වසර ගණනකින් තරුණ මාගේ රුවක් , මා දෙස බලා සිනා සෙන්නේය

මේක කොයි ගොඩටද දන්නේ ?

ඇය මා දෙස බලා සිනාසෙන්නිය
________________________________________________________

මේ , එක නෙමෙයි ඔයා හන්දියට ගියාම මට අරන් එනවද නිල්පාට මග් එකක් තේ බොන්න .
මතකද අර නිල් පාට සාය , අර මම ට්‍රින්කෝ ට්‍රිප් එකට ඇන්දේ අන්න ඒ පාට .

මතකද අපි මුදේ පිනුව හැටි . ඇඹුල් අඹ කෑව හැටි ..අර අහිකුන්ටක ගෑනි කිව්වා සාත්තරේ . මම ආසයි ඒ ට්‍රිප් එක මතක තියාගන්න.


මුහුදු හුළඟට , නිදහසේ රඟන දිග නීල වර්ණ සායක් මා මනස වසා ගනී . මා දෙනෙත කඳුලින් පිරේ .
_________________________________________________________

මම ඈගේ පින්තුර ඇලවූ සටහන් පොත අතට ගන්නෙමි . එය අඟල් කීපයක් ඝනකම්ය . එනමුදු සටහන් , පින්තුර වලින් පිරි ඇත්තේ ඉන් අඩකටත් අඩු ප්‍රමාණයකි .

එහි මුල් පිටුවේ ලොකු අකුරින් ලියා ඇති හෙඩිම මම කියවන්නෙමි .

" මතක හොරු අරන් "

මේක නාට්ටියක නමක් නේද ? නැත්තනම් එකේ නම "සිහින හොරු අරන්" ද ?


ඈ මා දෙස අසරණ බැල්මක් හෙලන්නිය .


"අනේ මට මතක නෑ "



16 March 2013

නාරාහේන්පිට , ත්‍රිකුණාමලය හා යාපනය - නැවත කියවීම


මතක ඇති කාලයේ සිට මා අනේක  වාරයක් නාරාහේන්පිට රේල් පාර පසුකර ඇත . දැන් නැති වුනාට , කලකට පෙර පොලිස් රෝහල දැන් තිබෙන තැන තිබුනේ පුංචි පුංචි මුඩුක්කු ගෙවල්.

මෙය ලියවුනේ 2011 පෙබරවාරි වල .narahenpita railway crossing 0645 am

නාරාහේන්පිට දුම්රිය ගේට්ටුව - පෙ ව 6 45
කළුම කළු ළමෝ
වයිවර්ණ ප්ලාස්ටික් බාල්දී
එල්ලී
කෝටු අත් වල
වනත් අත්
හෙමින් ඇදෙන
හයයි දා හතට 


හු කියයි දුම්රිය 


2004 දී මම ඉංග්ලිසියෙන් කවක් ලිව්වෙමි ( එවකට තත්වය වෙනස්ය ).  කවියේ නම   "ත්‍රිකුණාමල ඉරිදාව" ..මෙය අනෙක් කව්  හා එක්  වී පොතක් විය . ඒ වසර ගණනාවකට පෙරය . ඒ වන විට මම ත්‍රිකුණාමලයට ගොස් නොසිටියෙමි . නිල්පාට මුහුද , පුළුන් වළා  වලින් තොර අහස ...ඒ ස්ක්‍රීන් සේවර් එකෙන් ඔබ්බෙන් ගෙවෙන ජිවිත මම දැක  නොසිටියෙමි . නමුත් මගේ හිතේ තිබු , මා කියවා තිබු ත්‍රිකුණාමලය මට වචන වලට පරිවර්තනය කල හැකි විය . මෙන්න මුල් සටහන        Trincomalee Sunday      (කරුණාකර විනාඩියක් අරන් එය කියවන්න )

රෝස , කහ කොළ 
බෝතල් වල පිරුන 
වැඩි සීනි කස කසා ඇට 
සරුවත් 


සරුවත් .හීන. තිරිකුණාමලේ 

තනියෙන් සුසුම්ලන 
වැල්ල
සිප ගනිත් 

දිය රළ 
පලිඟු නිල්
දියට ඔබ්බෙන් 
ගැඹුරු පතුලෙන් නැගී
 දිවවිත්
රේන්ද පෙන 
නගා 

වැල්ල , රළ,  තිරිකුණාමලේ

ඉරට හොරෙන්
ලොවට හොරෙන්
කණකට කියන 
සෙනෙහේ රහස් 
පවන අසා සිට 
කියයි ඕපා දූපය
දසතම

රහස් , අපේක්ෂා,  තිරිකුණාමලේ

පෙරදාක
මම ද
පා වුනෙමි 
සිහිනයක
තිරිකුණාමලය නම් වූ
ගිනි දණ්ඩ
ගිනි පිඹින්නට 
පෙර 
කළු දුම් රොටු 
නැගෙන්නට 

ගිනි
දුම්
අද
නැත 

ඇත්තේ 
කතන්දර ගොඩකි
හිත්වල
හිරවුණු

තිරිකුණාමලය කිසිවෙකුට නොකියන 


2010 දී මම යාපනය ගැනද කවක් ලිව්වෙමි Jaffna waiting. ඒ  පස්චාත් යුද සංචාර ජනප්‍රිය වූ සමයයි .

 දැන් තත්වය වෙනස් ලු 
යාපනේ
ලංකා ලයිම්
ඔරේන්ජ් බාර්ලි 
එවරෙඩි බැටරි
සාමය
තියෙනවලු
වෙඩිබේත්  ගඳ
දැනුනාට ටිකක් 
තවමත්
ෂෙල් වෙඩි වැටුන වලවල්
තවමත් නොවැවුණු තල් ගස් කරටි
තිබුනාට
ඇය දැන් යන්නීය
 හවසට කෝවිල්
පොට්ටු තබා නළලත
පසු කර
මහා වෙළඳ පුවරුව
ඩයලොග්
"අමතන්න නිදහසේ "
නමුත්
ඇය තවමත්
සිටින්නීය
එනතෙක්
ඇගේ  වාරය

පලි
අපි කියන ලියන හිතන ඇතැම් දේ කාලයත් එක්ක අවලංගු වෙද්දී , තවත් දේ දිගටම වලංගු වෙනවා නේද කියලා මට හිතෙනවා . මම තවමත් යාපනේ ගිහින් නෑ . මම බයයි මගේ හිතේ තියෙන යාපනේ නම් වූ සිහිනය බිඳෙයි කියලා .

11 March 2013

නැවත ප්‍රචාරය - 23 Minutes // විනාඩි විසි තුන

මෙහි මුල් සටහන ඔක්තෝම්බර් 26, 2008. මුලින්ම ඉංග්‍රීසියෙන් ලියෙවුණු මෙය , මම නැගුවා සිංහලට 

23 Minutes //  
විනාඩි විසි තුන

Yes it is
23 mins
exactly
from the moment you get in to the train
till we depart
and go on our own way
2 mins to call
and to find the right carriage
3 mins to talk about how our days were
5 mins of silence thereafter
when I think of what to say next
 and you  
what to say after that 
10 mins when you say how much you miss me
and your voice breaks
with tears, eyes swell
last 3 minutes for me to tell you , one day
It will be, the day
when I take you away
until then
we'll  stay

this way
23 mins exactly
මිනිත්තු විසි තුනයි 
හරියටම 
අප හමුවෙන නිමේෂයේ සිට |
වෙන් වන තෙක් 
හැමදා 

විනාඩි දෙකක් 
නොම්බර ඔබන්න 
දුරකතනයේ 
ඔබ සිටින 
දුම්රිය මැදිරිය සොයා ගන්න 
විනාඩි තුනක් 
ඔබට කියන්න 
 පෙර දිනයේ සිදුවූ  දේ 
හවස කෑ , ඉඳි ආප්ප දහය 
මාළු හොදි පාර්සලය 
හන්දියේ කඩේ 
ඔබ කියන්න 
"ශා මට කෙළ උනනවා "
කියා 

තවත් විනාඩි පහක
නිහඬතාවය 
මට 
හිතන්න 
ඊළඟට කියන්න දෙයක් 
ඔබට 
හිතන්න
ඒ ගැන කියන්න දෙයක්
විනාඩි දහයක් පුරා
ඔබ කියන්න
දැනේන දුකේ තරම
අපි වෙන්වුනාම
මල් ලේන්සුවෙන්
ඇස් පිහින්න 
හිතින් ඉකි ගහන්න

විනාඩි තුනක්
මට 
ඔබට කියන්න
දිනයක 
අප එක්වනකන්
නාඩා ඉවසං
රත්තරං

ඉතින් හරියටම
විනාඩි විසි තුනක් 

10 March 2013

නැවත ප්‍රචාරය - Inevitable


බ්ලොග් ලියවිල්ලත් හරියට අබිං කෑවා වගේ වැඩක් .  ලිව්වේ නැතුවහම මොකක්දෝ අඩුවක් වගේ .
 අවුරුදු හයක් මේ අඩවිය පටන් අරන් .  පටන් ගත්තේ මෙන්න මේ පින්තුරයෙන් . 


http://pinchpoints.blogspot.hk/2007/02/hongkong-from-tram-car.html
ට්‍රෑම් රියක සිට දුටු හොංකොන් .තවමත් මේ නගරයේ ට්‍රෑම් බස් රථ දුවනවා , කලබල මාර්ග අතරින් 

එදා මෙදා තුර, මම මෙහි එල්ලපු දේවල් වෙනස් වුනා. මෙහි ආ ගිය අයත් වෙනස් වුනා . හැබැයි එදා ඉදන් මෙහි ආගිය පරණ අයත් තවම එනවා ඇති කියලා මම හිතනවා .
මුලින් මුලින් මෙහි එල්ලුවේ 
චායාරූප . මේ සිංහලෙන් අකුරු කොටන ක්‍රමේ හොයා ගත්තට පස්සේ , හිතේ වාන් ඇරුනා කියලා මට හිතෙනවා .

දැන් මේ නැවත ප්‍රචාරයකට ලැස්ති වෙන්නේ . එදා ඉදන් පළවුණ, එහෙත් ඇතැමෙකුට මග හැරුන නිසා නැවත පලකල යුතු යයි හැඟුණ සටහන් කිහිපයක්  නැවත වරක් .

මෙන්න පළමුවැන්න (මුල් සටහන 17මාර්තු 2007)

Inevitable

Big brown eyes
gazing at me
On little toes
following my slow feet
Your hand in mine
clasped safely
to the music in our heads
we swayed

A man with his angel
Little girl with her Superman

Oh yes
I remember those times
Just wish it’d lasted a while

't was just yesterday
(with happy tears) when you said
“Hello Kitty married Dear Daniel”
with green crayons you painted your face
for a white pony
you ,cried, begged, prayed

Between then & now
Between bedtime stories
and first crushes
Between princess dresses
and eye shadow
Between baby kisses
and blushes

Somehow
One day
You,
my baby
have blossomed 
to a young lady


මෙය අතීතය ගැන නොව , අනාගතය ගැන සටහනකි   .
මෙහෙම හිතන්න,  මතකය යනු අතීතය නොව , අනාගතයේ සිදුවන දේ හි  ඉඟියක් නම් ...


පුංචි දැස් විදා
බයෙන් වගේ මා දෙස බලා
පුංචි දෙපා ලුහුබදිත්
මගේ ගාටන පිය සටහන්
මා සුරතේ ගුලිවී උණුහුමට
නුඹේ පුංචි රෝස අතැඟිලි

රඟමු  තාලයකට 
අපි 
වැයෙන 
අප සිත්හිපියෙක් සහ ඔහුගේ සුරංගනාවිය
දෝණි සහ ඇගේ ලොවේ වීරයා

මට මතකයි
ඒ දවස්
අනේ රැඳුනා නම් ඒ සුවඳ
තව ටික දොහක්

පෙරදා මෙනි
ඉයුවේ සෙල්ලම් බත්
නැලවුවේ බෝනික්කන්
ලියුවේ කුරුටු ගී
සුදු බිත්තිය පුරා
නුඹේ අත දිවෙන මානයේ

සුරංගනා කතා හා ප්‍රථම හාදු
ගවුම් පොඩි  හා නෙතඳුන් ළදරු සිනා හා තරුණ සිනා කිංකිනි
අතරතුර
නුඹ ලොකු වෙලා දුවේ 

02 March 2013

අපේ බුදුන් අපි වඳින්න























ආතම්මා  නා පිරිසිදු වී පන්සල් අඳින සුදු සාරියක්ද හැඳ  ලැස්ති වී සිටියාය . 
ඉරිදා ලංකාදීපයේ ලිපිය හා පින්තුර දුටු දිනයේ සිට අයව මේ චිත්‍රපටය නැරඹීමට රැගෙන යන මෙන් ඈ මට ඉල්ලීම් කලාය .


"අපේ සිදුහත් කතාව නේ , මහින්ද මහත්තයත් ගිහිල්ල තියෙන්නේ බලන්න ...හොඳම ඇති "
ඈ පන්සලේ දායක සභා රැස්වීමක් ද අමතක කලාය 


"හ්ම්ම්"


දැන් චිත්‍රපටිය නිමාවී නාමාවලිය තිරයේ දිග හැරෙමින් තිබේ . එනමුදු ඇගේ මුහුණ මොකක්දෝ සන්තාපයකින් පිරි ඇති සෙයකි.

"මොකෝ අත්තම්මේ ෆිල්ම් එක හොඳ නැත්ද "

************************************************************************

"මොකෝ ආතම්මේ ෆිල්ම් එක හොඳ නැත්ද "..
මුණුපුරා 
 මාව චිත්‍රපටිය බැලීමට ගෙන ආවේ මාගේ පෙරත්තයටය . මේ ප්‍රශ්නෙට කොහොම උත්තර දෙන්නද . මම අනන්තවූ නිමේශයකට සිතුවිලි අතර තනිවෙමි .















මල් පඳුරු වටේ 
ගී ගයමින් රැඟූ  
අසාධාරණයට එරෙහිව නැගී 
පනහකට සීයකට 
තනියම වග කියූ 
වන් ෂොට් ළමයා
ඇඳලාය
මහා රජුට සුදොවුන්
තේජසේ  බැරුවාය

උත්තර භාරතීය තනුවට
පා තබමින් සෙමින්
පැමිණියාය යසෝදරා
හින්දි නිලියක් වාගේය 
ලස්සනේ බැරුවාය
ඈත මෑත් වූ සළුවින්
පෙනුනි නැබද මදකට

කඩු  සටන්ද තිබුනේය
නළඟනන්ද රැඟුවෝය
කන්කළු සංගීතයට
අවුලවමින් නුරා

සිදුහත් කුමරෙක්ද සිටියේය
පින් පාට ඉතිරෙන
ආයිත්තම් වලින් සැරසුණු
ඩාන්සින් ස්ටාර් කුමාරවරු
පිරිවාරා 

ඒත්
දැනුනි මොකක්දෝ
දුරක්
මල් පුදා නැමදී
රුවට
මැටි පහනේ එළියෙන්  පෙනුණු
පුංචි මල් පැළේ
අපේ බුදු හාමුදුරුවන්ගේ 

***************************************************************************

" හොඳයි , පුතාට ගොඩක් පින් මේ නාකි මාව ගෙනාවට .." ඈ  අගේ රැලි වැටුන දකුණත මා කොපුල මත තබන්නීය

 " එත් මේක අපේ කතාව නෙමෙයි වගේ ...අපි යමු පුතේ , බුදු පහන පත්තු කරන්නත් තියෙනවා "


පලි
දෙවියන් , බුදුන් අප සිත් වල ගැඹුරුම තැනක ජීවත් වෙති . අපි බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගේ ප්‍රතිරූපය , අපි වාගේම වීමටය . එමෙන්ම කිසිම පළුද්දක් නැති වීමටය