මේ අවසාන නැවත ප්‍රචාරය .
මෙය ලියවුනේ 2011 අප්‍රේල් . දවස් කීපයකට පෙර හවසක ඇල්සයිමර් රෝගය ගැන දිගට ඇදුනු කතාබහකට පස්සේ , හිත සැහැල්ලු කරගන්න මෙය ලියවුනා වගේ මතකයි memories robbed
"ඔය පින්තුර එකට පටලන්න එපා . මේ පැත්තේ ගොඩේ තියෙන්නේ මම මුළු හිතින්ම ආදරය කරපු අය , ඒත් මට මගේ කරගන්න බැරිවුනු "
"අනෙක් ගොඩ ?
"එකේ ඉන්නේ ද ... දන්නේ නැත්ද , සමහර වෙලාවට අපි සමහර දේවල් කරනවා , මිස්ටෙක්ස් , ඒවා එතනින් ඉවරයි ...හැබැයි ඒ හැම එක වීමකමත් වැදගත්..
ඒ සැරේ ඔයා ඔය පින්තුර ගණන් කරනවා නේද හොරෙන් . දෙන්න මෙහාට
ඕක නවත්තලා මට උදව් කරනවද මේ ටික අලවන්න , මේ පොතේ . සටහන් ලියන්න ඕනේ හැම එකක්ම යටින්, මට අමතක වෙන්න කලින් ."
_____________________________________________________________________
මේක මතකද ?
ඇය එක චායාරුපයක් මට දික් කරන්නීය .
ඇය එක චායාරුපයක් මට දික් කරන්නීය .
අඳුරු පැහැ ගැනුණු කළු සුදු සේයාරුවකින් එබී , වසර ගණනකින් තරුණ මාගේ රුවක් , මා දෙස බලා සිනා සෙන්නේය
මේක කොයි ගොඩටද දන්නේ ?
ඇය මා දෙස බලා සිනාසෙන්නිය
________________________________________________________
මේ , එක නෙමෙයි ඔයා හන්දියට ගියාම මට අරන් එනවද නිල්පාට මග් එකක් තේ බොන්න .
මතකද අර නිල් පාට සාය , අර මම ට්‍රින්කෝ ට්‍රිප් එකට ඇන්දේ අන්න ඒ පාට .
මතකද අපි මුදේ පිනුව හැටි . ඇඹුල් අඹ කෑව හැටි ..අර අහිකුන්ටක ගෑනි කිව්වා සාත්තරේ . මම ආසයි ඒ ට්‍රිප් එක මතක තියාගන්න.
මුහුදු හුළඟට , නිදහසේ රඟන දිග නීල වර්ණ සායක් මා මනස වසා ගනී . මා දෙනෙත කඳුලින් පිරේ .
_________________________________________________________
මම ඈගේ පින්තුර ඇලවූ සටහන් පොත අතට ගන්නෙමි . එය අඟල් කීපයක් ඝනකම්ය . එනමුදු සටහන් , පින්තුර වලින් පිරි ඇත්තේ ඉන් අඩකටත් අඩු ප්‍රමාණයකි .
එහි මුල් පිටුවේ ලොකු අකුරින් ලියා ඇති හෙඩිම මම කියවන්නෙමි .
" මතක හොරු අරන් "
මේක නාට්ටියක නමක් නේද ? නැත්තනම් එකේ නම "සිහින හොරු අරන්" ද ?
ඈ මා දෙස අසරණ බැල්මක් හෙලන්නිය .
මටත් පේන්නේ 'සිහින හොරු අරන් වගේ'....
ReplyDeleteඇයි ඔයා මේ කතාවෙන් දිග කතාවක් ලියන්නේ නැත්තේ?
ස්තුතියි . පො.කු .
Deleteදිග කතාවකට හොඳයි තමයි . වෙලාව නැති කම හෙවත් කම්මැලි කම තමයි අහේතුව ..කවි ලිය ලිය ඉඳලා , කෙටියෙන් ලියන්නම පුරුදු වෙලා
වෙලාව නැතිකම කියන්නේ කම්මැලිකමටද?
Deleteඔන්න අද අලුත් සිංහල වචනයක් ඉගෙන ගත්තා. ස්තූතියි ඔයාට. :D:D
මේක අත්වැරදීමකින් මැකි ගියා
ReplyDeleteHenry Blogwalker has left a new comment on your post "මතක හොරු අරන්- නැවත කියවීම":
Dude:
ඒක හරි අවාසනවන්ත රෝගී තත්වයක්. නමුත් මට මතක නෑ කියන්නෙ හිට් වෙච්ච වාක්‍යයක්!
ඇත්ත තමයි "මට මතක නෑ " කියන්නේ , හරිම ජනප්‍රිය වාක්‍යක් තමයි මේ දවස් වල
Nice reading all your translated repeats .. hope you have not hit a snag altogether or may be you are in a dire need of a " spark" .. grab your Octopus and get in the tube with your third eye .. you are at your best amongst the originals .. or u can resort to a half a bottle of Black :)
ReplyDeleteThis will be the last repeat .
DeleteAs for inspiration , yes something will come up by the weekend begging to be written about.
As for my poison , I prefer the "Russian " to the aged malts.
Mmm .. interesting choice of "poison" . is that the only "Russian" choice of yours ? .. none two legged :)... pardon my curiosity if its out-of-sorts.
DeleteOnly vodka...
Delete