19 March 2013

මතක හොරු අරන්- නැවත කියවීම


මේ අවසාන නැවත ප්‍රචාරය .

මෙය ලියවුනේ 2011 අප්‍රේල් . දවස් කීපයකට පෙර හවසක ඇල්සයිමර් රෝගය ගැන දිගට ඇදුනු කතාබහකට පස්සේ , හිත සැහැල්ලු කරගන්න මෙය ලියවුනා වගේ මතකයි memories robbed

"ඔය පින්තුර එකට පටලන්න එපා . මේ පැත්තේ ගොඩේ තියෙන්නේ මම මුළු හිතින්ම ආදරය කරපු අය , ඒත් මට මගේ කරගන්න බැරිවුනු "

"අනෙක් ගොඩ ?

"එකේ ඉන්නේ ද ... දන්නේ නැත්ද , සමහර වෙලාවට අපි සමහර දේවල් කරනවා , මිස්ටෙක්ස් , ඒවා එතනින් ඉවරයි ...හැබැයි ඒ හැම එක වීමකමත් වැදගත්..

ඒ සැරේ ඔයා ඔය පින්තුර ගණන් කරනවා නේද හොරෙන් . දෙන්න මෙහාට

ඕක නවත්තලා මට උදව් කරනවද මේ ටික අලවන්න , මේ පොතේ . සටහන් ලියන්න ඕනේ හැම එකක්ම යටින්, මට අමතක වෙන්න කලින් ."
_____________________________________________________________________
මේක මතකද ?

ඇය එක චායාරුපයක් මට දික් කරන්නීය .
අඳුරු පැහැ ගැනුණු කළු සුදු සේයාරුවකින් එබී , වසර ගණනකින් තරුණ මාගේ රුවක් , මා දෙස බලා සිනා සෙන්නේය

මේක කොයි ගොඩටද දන්නේ ?

ඇය මා දෙස බලා සිනාසෙන්නිය
________________________________________________________

මේ , එක නෙමෙයි ඔයා හන්දියට ගියාම මට අරන් එනවද නිල්පාට මග් එකක් තේ බොන්න .
මතකද අර නිල් පාට සාය , අර මම ට්‍රින්කෝ ට්‍රිප් එකට ඇන්දේ අන්න ඒ පාට .

මතකද අපි මුදේ පිනුව හැටි . ඇඹුල් අඹ කෑව හැටි ..අර අහිකුන්ටක ගෑනි කිව්වා සාත්තරේ . මම ආසයි ඒ ට්‍රිප් එක මතක තියාගන්න.


මුහුදු හුළඟට , නිදහසේ රඟන දිග නීල වර්ණ සායක් මා මනස වසා ගනී . මා දෙනෙත කඳුලින් පිරේ .
_________________________________________________________

මම ඈගේ පින්තුර ඇලවූ සටහන් පොත අතට ගන්නෙමි . එය අඟල් කීපයක් ඝනකම්ය . එනමුදු සටහන් , පින්තුර වලින් පිරි ඇත්තේ ඉන් අඩකටත් අඩු ප්‍රමාණයකි .

එහි මුල් පිටුවේ ලොකු අකුරින් ලියා ඇති හෙඩිම මම කියවන්නෙමි .

" මතක හොරු අරන් "

මේක නාට්ටියක නමක් නේද ? නැත්තනම් එකේ නම "සිහින හොරු අරන්" ද ?


ඈ මා දෙස අසරණ බැල්මක් හෙලන්නිය .


"අනේ මට මතක නෑ "



8 comments:

  1. මටත් පේන්නේ 'සිහින හොරු අරන් වගේ'....

    ඇයි ඔයා මේ කතාවෙන් දිග කතාවක් ලියන්නේ නැත්තේ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි . පො.කු .
      දිග කතාවකට හොඳයි තමයි . වෙලාව නැති කම හෙවත් කම්මැලි කම තමයි අහේතුව ..කවි ලිය ලිය ඉඳලා , කෙටියෙන් ලියන්නම පුරුදු වෙලා

      Delete
    2. වෙලාව නැතිකම කියන්නේ කම්මැලිකමටද?
      ඔන්න අද අලුත් සිංහල වචනයක් ඉගෙන ගත්තා. ස්තූතියි ඔයාට. :D:D

      Delete
  2. මේක අත්වැරදීමකින් මැකි ගියා
    Henry Blogwalker has left a new comment on your post "මතක හොරු අරන්- නැවත කියවීම":

    Dude:
    ඒක හරි අවාසනවන්ත රෝගී තත්වයක්. නමුත් මට මතක නෑ කියන්නෙ හිට් වෙච්ච වාක්‍යයක්!



    ඇත්ත තමයි "මට මතක නෑ " කියන්නේ , හරිම ජනප්‍රිය වාක්‍යක් තමයි මේ දවස් වල

    ReplyDelete
  3. Nice reading all your translated repeats .. hope you have not hit a snag altogether or may be you are in a dire need of a " spark" .. grab your Octopus and get in the tube with your third eye .. you are at your best amongst the originals .. or u can resort to a half a bottle of Black :)

    ReplyDelete
    Replies
    1. This will be the last repeat .

      As for inspiration , yes something will come up by the weekend begging to be written about.

      As for my poison , I prefer the "Russian " to the aged malts.

      Delete
    2. Mmm .. interesting choice of "poison" . is that the only "Russian" choice of yours ? .. none two legged :)... pardon my curiosity if its out-of-sorts.

      Delete

Have commented