19 September 2019

ඊයේ රෑ වැස්සා

ඊයේ රෑ වැස්සා
ගිගුම් දී
පිහි තුඩු, වැහි බිඳු
කිඳා බැස්සා පපු කැවුත්තට
කඳුලු ධාරා
හැඟුම් බොර කර ගලා
අමතක මතක බොරලු කැට
පෑදී ගලන වේගෙට
පොලොවත් නොසිට නොහිඬව
ඉකි බිඳි රෑ පිරෙන්නට

ඊයේ රෑ වැස්සා අනෝරා
අද උදේ ඒ වගක් වත් නෑහේ
අරැනැල්ලකුත් පායලා හීනියට

ඒ හැටිය අහසේ

07 September 2019

Brown Eyes// ඒ බළල් ඇස්


Brown eyes 
where smiles bloomed
in the summer-tide
and ran roots 
inmost down reach
in to the wellsprings
of pains
Tender gasps
move sombre clouds 
to bring down long
to wash away 
frond litter 
of many seasons

Fingertip strolls 
drawn steps long
lingering in autumn’s breath
on bare skin 
still damp
Between blinks 
Day 
Night
and  the breath stops 


***
ඒ බළල් ඇස් 
ගිම්හානයක හිනා මල් පීදුන 
මුල් 
හීතල පොලවට කිඳා බැස 
දුක් 
උල්පත් වලටම ඇදුන 
කෙටි සුසුම් 
අඩු පීඩන කලාප 
අහස කුස් පුරවා 
වැහි වළා ඇදී 
සෘතු ගණන් 
මග දෙපස ගොඩ ගැහුණු පත් 
සේදී යන්නට 
අනෝරා වැහි වැටුණු 
හෙමි හෙමි හිට 
ඇඟිලි තුඩු 
සක්මන්  
නග්න සම මත 
තාමත් තෙත 
ඇසි පිය නැගෙන වාරෙට 
හිරු සඳු නැගේ අහසට 
නවතී ඇදී  හුස්ම 
මදකට