ගෙදර ආ වෙලේ සිට , නිශාන්ත මග බලමින් බර කල්පනාවකය . හිත යකාගේ කම්මල වැනිය . හෙට ඔහුගෙ පාසලේ ගුරු දෙගුරු හමුවය . මෙතෙක් කල් මෙවැනි හමු සදහා ඔහුගේ අතේ දෙමාපියන්ට එවූ පණිවිඩ , ඔහුගේ මවට කිසි දින ලැබුනේ නැත .
නමුත් මෙවර ඒ සෙල්ලම් හරි යන්නේ නැති බව ලොකු මහත්තයා තදින් කියා සිටියේ, ආණ්ඩුවේ විභාගයට ඉඳගන්න නොදෙන්නේ යයි තර්ජනයක්ද කරමිනි. හෙට ඔහුට වෙන විසඳුමක් නැත.
අර දම් පාට සාරිය ඇඳගෙන එන්න කියනවා , අර දේවි අක්කගේ මගුල් ගෙදර ඇන්දේ. පව්ඩර් ටිකකුත් ගා ගෙන එන්න කියන්න ඕනේ.
පියා කොහෙද කියලා ඇහුවොත් ...ඔහුගේ හිත ඇත දිනයකට ඇදී ගොස් නතර විය ...
තාත්තා , ශ්‍රී ලංකා පොලිසිය , වැලිකඩ.....
පිට රට කියනවා .....ඩුබායි...එතකොට හරි
අම්මගේ නම ......
."ලයිසක්කේ ලයිසක්කේ " එහා ගෙදර කුමාරි වැට ගාවට විත් කැ ගසයි ...
"අම්ම තාම අවේ නැතෝ " කාමරෙයේ සිට නංගි ඊට නො දෙවෙනි හඩකින් පිලිතුරු දෙන්නිය
ලයිසක්ක කියන්න පුලුවනේ ? ...අනික අර අයිඩෙන්ටියේ තියෙන මදුරප්පෙරුමගේ ලැසි නෝනා කිව්වොත් එහෙම කොල්ලෝ මාස ගානක් ඕක කියවා කියවා මාව කයි.
ලසන්ති මදුරප්පෙරුම ...ඒක හොඳයි
රැකියාව ?....
කහ පහ ගැහුණු චීත්තයක් ඉනෙ දවටා,ඉහින් කනින් දා දිය පෙරාගෙන , පලා මිටි පිරි වේවැල් වට්ටියක පිටුපස ඉඳගෙන
"මුකුනුවන්න් කන්කුන් සාආආආආආආ ර ණේඒඒඒඒ "
කියා පොලේ අන් කට හඩවල් පරයා මොරහඬ දෙන , කාලවර්ණ ගැහිනයකගේ රුව ඔහු මනසේ ඇදේ.
කීර විකුනනවා කියැන්නයි? ....
කියනවා ස්වයං රැකියාවක් හැටියට .ඇඳුම් මහනවා කියලා .
"නිසාන්තො, උඹ මොකෝ බන් බර කල්පනාවක ",
අර කාල වර්ණ ගැහැණිය නිවසට ගොඩවී , ගෙන ආ මල්ල පසෙකින් තබා අතේ ඇති තුවා කැල්ලකින් ඇ නලලත නැගුනු දා බින්දු පිහිදාන්නිය.
ඇ කට හඩ....උදේ සිට හවස් වනතුරු කැ ගැසිම නිසා කුරුමිනි වී , විකෘතිවි බැරන්ඩී වී ඇත. ඔහුට මතක ඇති කලෙක සිට එය මේ වගෙය.
ගිය ගමන් ම කියන්න ඕනේ අම්මගේ උගුරේ අමාරුවක් , කතා කරන්න අමාරුයි කියලා. ඔව් එහෙම කරනවා , නිශාන්ත තීරනය කලේය.
ප ලි : චාමිගේ ලස්සක්කා කියවීමෙන් , මට නුගේගොඩ පොලේ කීර විකුණු ගැහැණිය සිහිවිය