හිමිදිරියේ නගරසභා පිට්ටනියට යන්නට ගත්තේ කොයි කාලේදී දැයි මට හරියටම
මතකයක් නැත .
ගැටවර වියේ දිනෙක පටන් ගෙන , වසර ගණනාවක් කිඳා බැඳී පුරුද්දක් විය .
ඒ අනුව බලන කල මා රංජි අයියා මුලින්ම අදුන
ගත්තේ අවුරුදු විස්සකටත් එහා පැත්තේ දවසක විය යුතුය . ඒ කාල වකවානු හරියට මතක නැතත් පිට්ටනියේ වට දෙකක් මා අමාරුවෙන් දුවන කල , ඔහු මා කිහිප විටක් පසුකර දිව ගියේ , කෙටි හුවක් තබමින් බව නම් හොඳට මතකය ...
"මම තව timing පොඩ්ඩක් දියුණු කර ගන්න ඕනේ දිස්ත්‍රික්ක level එකට යන්න "
අපේ හඳුනා
ගැනීමේ සාමිචියේදී ඔහු ගේ බලාපොරොත්තු හෙළි කළේය .
හැම දාම නැතත් ,
බොහෝ දින වල
උදේ පාන්දර පිට්ටනියට යෑම එකල මා දින චරියාවට එක්විය . ඒ යන හැම දිනම රංජි අයියා පිට්ටනියේ සිටියේය .
"
ඊයේ මොකද ආවේ
නැත්තේ "
"
වැස්සනේ
උදේ අයියේ "
"
පොඩ්ඩක්
පොදයක් ගැහුවා තමයි ,
හැබැයි ප්‍රශ්නයක්
නෑ දුවන්න . මම නම් practice කළා "
_____________________________________________________________________
Commitment
is absolutely necessary in long distance running. Commitment towards your dream
l, commitment towards practice , commitment towards development will take you
closer to your dream win.
____________________________________________________________________
පාට වියකුණු කොට කලිසම , ලා කහ පාට "ඇස්ට්‍රා මාගරින් මැරතන් " බැනියම , පදම්
වූ කැන්වස් සපත්තු කුට්ටමින් සැරසී , වටේට වටේට
කිසිදු නවතිමක නොදැක දුවන ඔරලෝසු මුනතේ තත්පර කට්ට මෙන් , නගරසභා
පිට්ටනියේ වාමාවර්තව ,
සෑම
උදේයකම , ඔහු දිව්වේය .
හැම දා
පුහුණු වුවද ,
ඔහු තරඟයකට
සහභාගි වුයේ ඉඳ හිටය . වරක් දිස්ත්‍රික්ක මට්ටමේ තරඟයෙකින් දෙවෙනි තැන
දිනා ගත්තේය .
"
ක්‍රීඩා
අමාත්‍යංශයේ මහත්තයෙක් කතා කළා . තව පොඩ්ඩක් timing හදා ගත්තොත් , සමස්ත ලංකා
සංචිතයට යන්න පුළුවන් කිව්වා "
"ශා ඊට පස්සේ
රංජි අයියව කොහේ අල්ලන්නද " .
ඔහු අහිංසක හිනාවක් පෑ වේය .
_____________________________________________________________________
Practice
makes one perfect. Practice first becomes a necessary burden , then turns in to
an involuntary habit . Ultimately it
becomes an addiction . Such level is required for success as a long distance runner.
_____________________________________________________________________
කාලය ගත වී ,
ජීවිතයේ බර
වැඩිවෙත්ම උදැසන ව්‍යායාම
පුරුද්ද මා ගෙන් දුරස් විය . එනමුදු , උදැසන පාන් ගෙඩියක් ගන්නට , ඉරිදා පත්තරේ
ගන්නට හන්දියට යන මට දිනෙක පිට්ටනියේ
සිට ආපහු එන ඔහු හමු විය .
"ප්‍රැක්ටිස්
ගියා මහත්තයෝ ..." ඔහු සුපුරුදු අහිංසක ලෙස කිවේය .
"ලඟදි රේස් එකක් එහෙම දිව්වේ නැත්ද ?"
"බලන්නකෝ
පත්තරේ ",
ඔහු කිවේ
මහත් ආඩම්බරයෙනි.
මම ක්‍රීඩා
පිටුව පෙරලුවෙමි .
ඔහු පිටුවේ
කොනකට වෙන්නට ඇති කුඩා ලිපියකට ඇඟිල්ල දිගු කලේය
" මේ තියෙන්නේ මහත්තයෝ, ශ්‍රී ලංකා වෙටරන්ස් ටීම් එකේ මගේ
නම , ලබන මාසේ
දිල්ලි යනවා ...හැබැයි ටිකට්
සල්ලි අපි හොයා ගන්න ඕනේ ."
_____________________________________________________________
Success
of long distance running is not measured by a single win , but by considering all
the triumphs. Every little win contributes towards keeping the runner going for longer .
A
long distance race or a marathon has not only one winner . Every runner could
become a winner, if they achieve their dream . Therefore in a way each runner
is running their own race .
___________________________________________________________________
ජිවිතයේ බර , සිරුරේ
තැන්පත් වී ,
දොස්තර මහතා
රතු සීනු හැ ඬ වූ පසු මම දැන්
නැවතත් උදේ පිට්ටනියට
යමි. බොහොම අමාරුවෙන් වටයක් දෙකක් ඇවිදින මා , සිරුරේ බර අඩුවීම කෙසේවෙතත් , සිත සනසා
ගැනීමේ ව්‍යායාමයක නිරතවෙමි .
රංජි අයියා තවමත් පිට්ටනිය වටේ දුවන්නේය . එහෙත් තනියම නොවේ .
"මේ මගේ පුතා
මහත්තයෝ ,
මීටර අට සීය
සමස්ත ලංකා දෙවෙනි තැන . සාක් යන්න
පුළුවන් මහත්තයෝ පොඩ්ඩක් timing හදා ගත්තොත් . අපි ඉතින් ඉගනගත්ත දේ කවුරු
හරි අපෙන් පස්සේ ගෙනියන්නත් එපායෑ . "
"එතකොට රංජි අයියා දැන් coach "
" ඔව් මම දැන් , මෙයාගේ සහයට, සයිඩ් එකෙන් දුවනවා "
____________________________________________________________________________
Although not apparent at first , long distance running is a team sport.
There are packs of runners running together, supporting each other . Only one
can win and they know it. Sometimes you can see senior runners running side by
side with the talented young runners , supporting motivating and helping them . Therefore a long distance runner's role changes through time . from a potential race winner to supporting runner.
____________________________________________________________________
පලි
අපි සැවොම මුලින් අපේ රේස් එක දුවන්නෙමු . ඉර හඳ අල්ලන්නට සිහින මවන්නෙමු .වාසනාවන්තයෝ දින්නනොය , බොහොමයක් අපි මගදී හැලෙන්නෙමු .
දිනෙක අපි ඒ යථාර්තය තේරුම් ගත යුතුය .
ඉන් පසු අපේ දරුවන් ගේ රේස් එකට සහය දෙන්නෙමු . සහයට දුවන්නෙමු .ඔවුන් දිරි ගන්වන්නෙමු . දුර දිවීම මෙන්ම , ජීවිතයද කණ්ඩායම් ක්‍රීඩාවකි .
මේ මාගේ සිතේ මේ දිනවල රජයන අදහසකි ...බොහෝදෙනෙකුට වාගේම මා සිත තුලත් ඉර හඳ ඇල්ලීමේ හීන තවමත් තෙරපෙයි . එකකට පස්සේ තවෙකක් මේ බලාපොරොතතු බිඳ වැටෙන විට , සිතද පුපුරා යනවා මෙන් දැනේ . ඇතැම් විට සහය දුවන්නා ගේ භූමිකාවට පිවිසීමට කාලයදෝ මට සිතේ