06 April 2019

සිද්ධාර්ථට ලව් කිරීම හෙවත් බුදුන්ට පොඩ්ඩක් ඉන්න කීම


"කාමේසු මිච්චා චාරා ....."

ක්‍රේල් කොන්ඩේ 
නදළු දෙතොලේ 
සිහින් දෙබැමේ 
අනේ ලස්සන
මේ බුදු පිළිමේ 

නාඹරේ 
ඒ කුමර කාලේ 
සිද්ධාර්ථ ඉන්ටැහැ 
නළුවා වාගේ 

අපේ අබගේ 
එදා නොහිටියේ
ඇහින් දකිනට 
සුපුන් එ රුවේ 


"....වේරමණී සික්ඛාපදන් ..."

පලි : දන්නා තරමට තමන්ව  අත නොහැර නිවන් දැකිය  නොහැකි බව කියාදුන්නේ බුදුන්මය. මාලිගාව, රාහුල පුතු, කන්ථක අසු, යශෝදරාව මෙන්ම සිද්ධාර්තව ද හේ අත්හැරියේය. සිද්ධාර්තව අතහැරියේ මුලින්මද, අන්තිමටද කියා මට තවම නිගමනයකට ආ නොහැක. නමුත් මට හිතෙන්නේ ඒ මුලින්ම කියාය, අන්තිමේදී අත හැරියේ මමත්වයයි. 
ඒත්  බුදුන් වහන්සේට පොඩ්ඩක් ඉන්න කියා, අපි සිද්ධාර්ටථ බදා ගෙන  පට්ට ලව් ය. 

4 comments:

  1. ජාතියක් විදියට අපි හැමදාම ජීවත් වුනේ වංචාවෙන්මයි.නැති සිශ්ටාචාරයක්, නැති ඉතිහාසයක්,නැති බුද්දාගමක්, නැති ප්‍රජාතන්ත්‍රවාදයක් මවාගෙන ඉද්දි,ලෝකෙ හැමරටක්ම අපිව පහුකරගෙන ගිහින්.

    ReplyDelete
  2. මරුනේ...............

    ReplyDelete
  3. අසපු බුදු පිළිම දැකල තියෙනවද ?

    ReplyDelete

Have commented