05 December 2013

අන්දරේ බළකාය

එකෝමත් එක කාලේක , අපි ඉස්කෝලේ යන දවස් වල , පින්තුර කොළ කියලා ජාතියක් තිබුනා .

A3 ප්‍රමාණයේ කොලේක , විවිධ තේමා ඔස්සේ පෙළ ගැහුනු අඟල් දෙකේ දෙකේ කොටු වල  එළවලු , පලතුරු , ජාතික කොඩි , සත්තු , තේමාවේ හැටියට පෙළ ගැසුනා . මේ පින්තුර කොළවලට බාල පන්තිවල ගුරුවරුන් බෙහෙවින් ප්‍රිය කරන්නට ඇති බව මට සිතෙන්නේ හැම දාම වගේ මොකක් හරි කොලයක් අරන් එන්නට කියා ඔවුන් කියූ බව සිහිවෙන විටයි .

දෙකේ පන්තියේ එක දවසක්  , අපට රැගෙන ඒමට කීවේ  ජාතික වීරයන් ගේ පින්තූර .
දුරකථන , පුද්ගලික වාහන නොතිබුණු ඒ කාලේ , වැඩ ඇරිලා බස් එකේ හිරවෙලා ආපු අපේ අම්මා , හැරෙන පයින් ගිහින් හුළංගේ කඩෙන් ඔය ශීට් එකක් අරගෙන ආවා .

පුරන් අප්පු , කැප්පෙටිපොළ  , වාරියපොළහිමි ගෙන් මුල් කොටු පිරුණු කොලේ  , මැදට වෙන්න පොන්නම්බලම් අරුනාචලම් , පොන්නම්බලම් රාමනාදන්, ටී  බී ජයා  ලාගෙන් සමන්විත වුනා . අගට යනකොට , ටේල් කෝට්  එකක් ඇඳලා  ගිහින් සිංහ කොඩිය උස්සපු ජාතියේ පියායි  . කලිසම උඩින් සරම දාගත්ත බණ්ඩාරනායක උන්නැහෙයිත් හිනා වෙලා උන්නා . 
(අර නෝනිස් ලොක්කා  දක්වපු නියමය හා සනාථ කිරීමට අනුවම බලපුවහම , ප්‍රජාතාන්ත්‍රික රටක ඕන පින්තුරයක් ඕනේ කොලේක ගහන්න පුළුවන්නේ, වරදක් නෑ  )
මෙන්න බොලේ ඊට පේළියකට උඩින් අන්දරේ !

පුංචි අපේ මොළවලට,   බෝතලේ වලව්වේ හාමුයි , හොරගොල්ලේ සොලොමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක හාමුයි ජාතික වීරයෝ වෙන්නේ කොහොමද කියලා සංකාවක්  ඇති නොවුනාට ,  මේ පින්තුර කොලයේ පින්තුරය ඇතුළු කර ගැනීමට අන්දරේ ගේ සුදුසුකම් ගැන අපි සැවොටම වුයේ සැකයක් . 
( ප්‍රජාතාන්ත්‍රික රටක එහෙම සැක  කරන්නත් අපිට පුළුවන්නේ )

අපේ පන්ති බාර චන්ද්‍රසේන මිස් , මේ පැනයෙන් බේරිලා , තම ගෞරවය රැක  ගන්න මහත් වෙහෙසක් දරුවා . අන්දරේ කියන්නේ වාසල කවටයා බවත් , රජතුමාට ඇතැම් විට සරදමින් මෙන් විවිධ දේ කියා ඔහුගේ විවිධ තීරණ වෙනස් කළ  හැක්කේ ඔහුට බවත් , තර්කයක් ගොඩනැගීමට ඇය  උත්සාහ කලත් . ඒ පන්තියේ හුන් යස්ස පැටව්  එය පිලි නොගත් බැවින් , ඒ පාඩම අවසන් වුයේ , අප සියලු දෙනා  කන් දෙක අල්ලා  ගෙන පුටු උඩ  සිටවීමෙන්  . ( ප්‍රජාතාන්ත්‍රික රටක එහෙම කරන්නත් ඔට්ටුයි නේ )

කාලයාගේ ඇවැමෙන් , යමක් කමක් තේරෙන විට මගේ ආකල්ප වෙනස් වෙලා . අන්දරේ කියන්නේ මහා වීරයෙක් තමයි කියලා මට දැන් වැටහේ . කොටින්ම කියනවානම් රජතුමා රකින්න,  ලඟින්ම ඉන්න මහා වීර (හෝව් හෝව් ..අර මහා වීර නෙමෙයි හරිද  )  සේනාංකයක් . රජතුමාට උත්තර දෙන්න බැරි ප්‍රශ්ණ  එහෙම ආපුවම , සැනෙක ඔවුන් පෙරට විත් මහා ගුප්ත ශාස්ත්‍රයක් වන  අමනෝඥ හාස්‍යප්‍රොක්‍රම සාස්තරෙන් වැඩේ ගොඩ දා ගන්නවා .

ඔන්න සැක නම් , හොයලා බලන්න වීඩියෝව  , මේ සාස්තරේ අති සූරයෙක් වන ගම්පොල දි මු ගුරුන්නාන්සේ  මේ ලඟදි දවසක් බලු කෑම  ප්‍රශ්නයක් අරබයා , තම ගුප්ත සාස්තරේන්  සිල්ප  දක්වන අපූරුව .

පලි :
මට අපි ගැන දුක හිතුනා 

21 comments:

  1. ඒ යකාගේ කන ඇහෙන්නේ නෑ.. වයසක උන්දලට, ආබාධිත කමට කින්ඩිය දානවා නෙමෙයි. රටේ අගමැතිගෙන රට මනින නිසයි මට මල.

    උඹට තේරුනේ නෑ අන්දරේ පින්තූර කොලේට යන්න හේතුව. එක කොටුවක් නිකන් තියන එක හරි නෑ නේ. ඒ නිසා ඒකට මොකෙක් හරි රිංගෙව්වා.. හේතුව.. පින්තූර කොලේ පුරවන්න තරම් වත් අපිට ජාතික වීරයෝ නෑ.. අනික ඔය පින්තූර කොලේ ඉන්න එකෙක්වත් ජාතික වීරයෙක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. 100% එකගයි.
      අපේ වීරයන්ගේ නම් අපි දන්නේ නෑ.
      විරයෝ විතරක් නෙවෙයි ගොඩක් දෙවල් වල හිස් කොටු නේද අපේ..

      පිස්සෙක් නාකි උනාම නාකි පිස්සෙක්.
      නගර සබාවේ කුනු අදින එකා 55න් විශ්‍රාම යවන්නත් , මේ අය ති‍යන් ඉන්නත් හේතුව මොකක්ද දන්නේ නෑ

      Delete
    2. පොල් පිත්තක් නාස්ති කරන එක අපරාදේ නිසා බං

      Delete
    3. පොල් පිත්තක් නාස්ති කරන එක අපරාදේ නිසා බං.

      Delete
    4. තම්බ්ස් අප් ය

      Delete
  2. ඔය පින්තූර කොළ තාමත් පොඩි ළමයි අතර ජනප්‍රිය යි. දැනට මොනවා හරි හොයන්න ඕනේ වුණා ම කට්ටිය මුලින් ම දුවන්නේ හුළංගේ කඩේ‍ට :)

    ReplyDelete
    Replies
    1. හොඳ දෙවල් වෙනස් කරන්න ඔනේ නෑ නේ.

      තාම අන්ද‍රේ ඉන්නවද දන්නේ නෑ කොලේ

      Delete
    2. දැන් අන්දරේලට කොල දෙකක්ම තියෙනවලු. එකක් ගන්න කොට අනික නොමිළෙලු.

      Delete
    3. බලාගෙන ගියාම අපේ රටේ වැඩි හ‍රිය ජාතික වීරයෝ

      Delete
    4. @ධාරා......1960 ගනන් වලත් ඕනම දෙයක් ගන්න ඕනනම් හුලංගේ කඩේට තමයි යන්නේ...හුලං විතරයිලු විකුණුවේ නැත්තේ.

      Delete
  3. ආරුමුග නාවරල් මතකද?
    පොර හිටියේ කමිසයක් නැතුව.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්

      ඒකත් ප්‍රජාතන්ත්‍රවාදී බවෙහි ලක්ශනයක් වෙන්න ඇති

      Delete
  4. අපේ තාත්තාගේ මාර කටක්නේ තියෙන්නේ....දවසක් ඔය ජාතික වීරයෝ සෙට් එක දැකලා එයාගේ යාළුවෙකුට කිව්වා, අඩෝ මේකේ මරදානේ චොප්පේ විතරනේ අඩු කියලා. පස්සේ කාලෙක තමයි මට තේරුනේ.

    අගමැති මොකෝ බං අර පුත්තලම් බූරුවා අරුන්දික ඊයේ පෙරේදා දුන්නා අයවැය විග්‍රහයක්....කට දෙපැත්තෙන් පුන්නක්කු බේරෙනවා....ලාල්කාන්ත ඇහුවා උම්බෑ කියලා ඉවරද මන්ත්‍රීතුමා කියලා.

    ReplyDelete
    Replies
    1. දැන් නම් චොප්පෙත් රාජ සභාවේ නේ

      Delete
    2. ඒ කට්ටිය වෙන්ඩ අන්දරේලා.

      Delete
  5. දැන් ඉන්නෙ අන්දරේ 2, 3 4, 5, ......... ගණන් කරල ඉවර කරන්ට බෑ...:-)

    ReplyDelete
  6. අන්දරෙ මටනම් හොද මොලෙ ඇති මිනිහෙක්.මිනිහ විහිලුවෙ වැදගත් යමක් කිවුව.දැන් ඉන්න එවුන් වැදගත් යමක් කියනව කියල විහිලු කරනව.

    ReplyDelete
    Replies
    1. අමනොඥ හාස්‍යොප්‍රක්‍රම= මෝඩ ජෝක්

      Delete
  7. රජ බිසව හිනැස්සූ එකත්, අන්දරේගේ වීරකමට එක හේතුවක්ලු. :D

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න අය ලොකේම හිනස්සනවා

      Delete

Have commented