09 February 2013

හිර සපත්තු න්‍යාය සහ සුප් නූඩ්ල්ස් න්‍යාය


පහු ගිය දොහේ  සිතේ සතුට ගැන ලියෙවුණු ලිපි වැඩියෙන් මම කියවන්නට වුනෙමි  (අර දවසක කිව්වා වගේ , ගිලිලා ගිලිලා කකුල් දිය පතුලේ ගෑවෙන්න වගේ  ගන්නකොට , මේ වගේ දේවල් ගැන හිත යොමු වෙනවා වැඩියි දෝ කියලත් හිතෙනවා  .)
සතුට ලැබෙන්නේ කෙසේද , එය රඳවා නොපවතින්නේ ඇයි ?  දැනෙන දුක් තිත්ත පසු ව  මිහිරි මතකයන්   වීම , ලද දෙයින් නොසැහෙන අපේ මනස , වැනි දේ  ඒ අතරේ තිබුණි .

මේ සිතුවිලි පථය ඔස්සේම මා සිත යන කල , ටික කලක් තිස්සේ පොලිෂ් කල  න්‍යායන් දෙකක් මට හමුවුනි  . 
මෙහි අයිතිය , අන් අය සතු බැවින්  මා ඒවා මගේ නමින් නම් කිරීමෙන් වැලකෙමි . නැත්නම් "JP ගේ  X වෙනි න්‍යාය " කියා දමන්නට තිබුණි . ( එක න්‍යායක් නම් පෙර පොස්ට් එකකෙනුත්  යන්තම් හැදින්වුනා )


හිර සපත්තු න්‍යාය  (හෙවත් දුක නැති තැන සැප කොහෙද රංජනී )

ඒ කාලේ  අපි ආතක් පාතක් නැතුව හිටපු දවස් . මාසේ පඩිය ගිණුමට එනවා, යනවා . අපි රෑ  වෙනකන් වැඩ . අපි කොටන් අදිනවා , පෙරහරේ යන්න කට්ටිය නැව්  පිටින් එනවා .  

ඔහු ග්‍රවිඳු . ඒක  අන්වර්ථ නාමයක් .  අපි දෙන්නම කැමති ගෝඩ්  ෆාදර් චිත්‍රපටය ඔස්සේ ඇදුන කතාවක් ...."මටත් හිතයි ඉතාලි මාෆියා ලොක්කෙක් වගේ නමක් දමා ගන්න ...ග්‍රවාණෝ  වගේ " කියන තැනකට ඇවිල්ලා ....හෙළ හවුල ගැනත් කතා කරලා ...ග්‍රවාණෝ ලොප් කරලා , ග්‍රවිඳු  කලේ මම ...
හරි ..කැලේ පැන්න ඇති. නැවතත් කතාවට . 

සිංහලෙන් කතා නොකෙරුනම වගේ ආයතනයක , සිංහලෙන් හිතපු මට ,ඒ දවස් වල කල ව්‍යාපෘතියක් නිසා ඔහු හමුවුනා  .  අර ගොළු මඩමක හිටපු කතා කරන්න පුළුවන් එකෙකුට,  තව කතා කරන එකෙක් හම්බුවෙලා වගේ . අපි බොහෝ දේ ගැන කතා කළා . නන්දා මාලිනීගේ අමරදෙවගේ සින්දු ගැන, (ඔහුට ගයන්නත් පුළුවන් . මට නම් ඉතින් සින්දු කියන්න විතරයි හැකි ).  රටේ දේශපාලනය ගැන ,  සංස්කෘතිය ගැන , වෘත්තීය සමිති වැඩ ගැන   .කතා කරලා බොහෝ විට  අවසානයේ "මචo ස්වීප් එකක්වත් ඇදෙනවනම්" කියලා ...අපි අපේ හිත්  එක්ක නිහඬ වුනා 

දවසක් ( ඇත්තටම නම් පඩි දවසට පහුවෙනිදා)  අපි යනවා කොටුවේ බාටා  එකට සපත්තු ගන්න . 
ග්‍රවිඳු , බොහොම අමාරුවෙන් සපත්තු කුට්ටමක් දානවා . 
"සර් එක සයිස් එකක් ලොකුවට ගේන්නද?" විකුණන කොලුවට මේ දුක තව දරා ගන්න බෑ .
" නෑ  නෑ , මේක හරි සයිස් එක "  කකුල අඹර අඹර , ඔහු වම් කකුල දා ගත්තා කොහොම හරි  .

"මචන් , ලොකු සයිස් එකක් ගනින් කෝ , ඕක පොඩියි  වගේ නේ , කොහොමද දවසම ඇඳ ගෙන ඉන්නේ "
 මගෙත් දුක බලා ඉඳීමේ සීමාව පැනලා .
" පලයන් බන් යන්න, මේක තමයි සයිස් එක , උඹට තේරෙන්නේ නෑ " ඔහු මුදල් ගෙවලා සපත්තු කුට්ටම ගත්තා  . ඉතුරු සල්ලි  සත දහය වෙනුවට ටොපියක් හම්බු උනා .

අපි එන ගමන් මම 
ඇහුවේ, මට නොතේරේ යැයි කියූ දේ ගැන .

"මචං  මට කිසිම ජොබ් සැටිස්ෆැක්ශන් එකකුත් නෑ . වටේටම නය වෙලා . ගෙදර ගියාම ගෑනිත් ඇමිනෙන්න ගන්නවා . මට ඉතින් තියන එකම සැපත , මුළු දවසම මේ හිර සපත්තු දෙකේ කකුල් හිර කරගෙන ඉඳල හවසට එක ගලවන එක . එතකොට නිවන් ගියා වගේ බන් ,  හැමදාම හවසට ඒ දැනෙන නිවනට මං  කැමතියි " 

එතනින් එහාට මොනවා කියන්නද ?

සුප් නූඩ්ල්ස් න්‍යාය (හෙවත් පස්සේ පස්සේ පුරුදු වීම )  

ඉස්සර මෙහෙ ආපු දවස් වල මට සුප් නුඩ්ල් පුසුඹ ඉවසන්න බෑ . දන්නවනේ සුප් නුඩ්ල්ස්? අර මැගී  වගේ ..
ඒ මදිවට මේ අය  නූඩ්ල්ස් කාලා අර සුප් එක "බ්රුස් "  ගාලා බොන කොට , මගේ නම් දවල් කෑම එක ආපහු පිටතට  එන්න හදනවා .
යාළුවන්ට කතා කරපුවහම දුරකතනයෙන් , අලුත් රටේ  , වැඩපොළේ , වෙනස් කම් කියවන එක ඉතින් සුපුරුදු දෙයක් නේ  මුල දවස් වල . 

" ඇති නේ ඕහේ ඉටි කිරිස් කෑලි ..සුදුවට සුදුවේ ..එක්සේට්‍රා එක්සේට්‍රා "  මේ නිතර මතු උන ප්‍රස්නයක් 

. "මෙහෙමයි වැඩේ,  මේ ගෑනු සුදු නම් තමයි , හැබැයි ඉතින් ගම ගාල්ල , අර මොකක්ද එකයි අනිකයි 
ලෑල්ල ..." එහෙම  කිව්වේ ඇත්තටම. ඉඟ සුඟ විතරක් නෙමෙයි අනිත් ඔක්කොම ගතින හැක එක මිටින . පොත්ත පැහැපත් උනාට දෙවරක් හැරිලා බැලුනේ නෑ ....

 පහු පහු වෙනකොට,  දේශීය කාර්යාල මිතුරන් එක්ක දේශීය ආහාර කන්න ගියා. චොප් ස්ටික්ස් පාවිච්චියත් ටිකෙන් ටික පුරුදු උනා . මම තවම නුඩ්ල්ස් සුප් නම්  බොන්නේ නෑ . හැබැයි ඒක බොන එකෙක් ළඟ ඉන්න කොට එච්චරම අප්පිරියාවක් නෑ .

පාරේ යනකොට , දැන් නම් හිටපු ගමන් හැරිලත් බැලෙනවා .

හැම දේම එහෙම  නේ 

22 comments:

  1. හොයා ගෙන ආවෙ මගේ බ්ලොග් එකේ දාපු කමෙන්ට් එක හරහා උනත් මහා ලොකු දෙයක් ඔබ ලස්සනට මේ පුංචි ඉඩක අහුරලා තියෙනවා දැක්කම ඒකෙන් ගත්ත දේ මහා ලොකු දෙයක් මගේ ජීවිතේට..හිර සපත්තු...සුප් නූඩ්ල්ස්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වෙනි මේ පැත්තේ ආවට

      Delete
  2. නියම ජීවන දැක්මක් JP. මෙන්න මගේ ප්‍රියතම ප්‍රවර්ගය. ඕක මගේ වචනවලින් නම් දිගටම දකිනකොට කැත ගෙවී යාම.

    අර හිර සපත්තුව නම් ඇත්තෙන්ම සාපේක්ෂතාවාදය ගැන අයිසෙක් නිව්ටන්ගෙ තියරියටත් එහා ගිය එකක්.

    ReplyDelete
    Replies
    1. අයින්ස්ටයින් නඩු දායි :)

      ඔව් ඩුඩ් ..මමත් ගොඩක් හිතේ තියාගෙන ඉන්න එකක් ..

      හැබැයි වැඩේ කියන්නේ , ඒ තියරියේ අයිති කාරයට ගොඩක් කරදර වලට මුහුණ දෙන්න උනා ඊට පස්සෙත් . මට හම්බු වෙච්ච අවංක , හැබැයි මල අතේ තියාගෙනම ඉන්න මනුස්සයෙක්

      Delete
  3. හැකස්...
    පැය තුන හතරක් චූ නොකර ඉදලා එක පාරම රිලීස් කරාමත් නිවන් ගියා වගේ දැනෙනවා ඈ...

    ReplyDelete
  4. අන්න තේරුණා

    ReplyDelete
  5. පට්ට තියරිය. මිනිස්සු උනාම මොන විදියකින් හරි ජීවිතේ විඳිනවට මම කැමතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට . ඔව් අපි හැමෝම අපිට හැකි විදියට අපේ නිවන හොයා ගන්නවා

      Delete
  6. //මුළු දවසම මේ හිර සපත්තු දෙකේ කකුල් හිර කරගෙන ඉඳල හවසට එක ගලවන එක . එතකොට නිවන් ගියා වගේ බන් , හැමදාම හවසට ඒ දැනෙන නිවනට මං කැමතියි " // නියම කාල එක තමා.

    Dude දාපු ලින්ක් එකක් හරහා හොයාගෙන ආවේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට

      Delete
  7. එක එක මිනිස්සු සතුට සොයාගෙන යන විදිහ ඒ ඒ මිනිස්සුන්ට ආවේණිකයි. ඇත්තම කාරණේ නම් දුකක් නැති තැනක සතුටකුත් නෑ කියන එකයි! අපූරු ලිපියක්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි , එක එක බනිසට

      Delete
  8. සපත්තු තියරිය නම් මාරයි, ආ .... මමත් වහාම වෙනස් වෙන්න ඕන ඒ අනුව. :)

    ඔය තරියා කියන නිවන නම් මටත් අවබෝධ වෙලා තියෙනව, ඒත් සපත්තු නම් නෑ තාම, ඒ උනාව කකුලට හිර සපත්තු දෙකක් ගෙදර ගෙනිච්චොත් අපේ අම්ම අහයි “උඹ ඇස් වහන්ද ඕක ගත්තෙ“ කියල.

    හෙන්රි අයියා රජාගෙ අඩවියෙ දීපු ඔත්තුවක් නිසා බලන්න ආවෙ. ආයෙත් එන්නම්. ජය !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නැවත එන්න

      Delete
  9. "කෙසේ කියම්දෝ ගාලූ...... සිරී වනම්දෝ!" ;-)

    දවසක් මගෙන් කෙනෙක් ඇහුව දෙයක් නැති තාක් කල් නම් ඒ දේ වටින්නේ, හැබෑටම හොඳ, ඒ දෙය තියන එකද නැති එකද කියල...

    මෙව්ව පොඩි පොඩි තියරි උණාට වටිනව නේ?

    ReplyDelete
    Replies
    1. තිස්ස අයියා . හිතන්න තවත් මානයක් එක් කරලා . ගාලු සිරි නේද?

      Delete
  10. හිර සපත්තු සුප් නූඩ්ලස් න්යා ය කවදාවත් අමතක වෙන එකක් නැහැ...
    විදවන් ‍නෙ නැතිව ජීවිතේ විඳින්න අපිම ‍හොයා ගන්න ඕන තමයි ක්ර.මවේද...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි එකනේ දුක නැති තැන සැප කොහෙද රන්ජනී කිව්වේ

      Delete
  11. මසුරන් තියරි ටිකනේ... කොහොමත් නුපුරුදු හැමදේම කාලයක් යද්දි පුරුදු බවට පත්වෙනවනේ.... කැමත්තෙන් හෝ අකමැත්තෙන්

    ReplyDelete
    Replies
    1. අර කතාවක් තියෙන්නේ සති 6 යි ලු යන්නේ පුරුද්දක් ඇති වෙන්න

      Delete
  12. සිරා නේන්නං... කතාව ඇත්ත :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අඩේ මෙන්න රජෙකුත් ඇවිල්ලා. :). මමත් නිරතුරු හොරෙන්ම ඇවිල්ලා යනවා තහනම් අඩවිය පැත්තේ නම්

      Delete

Have commented