04 February 2013

ගීයක් ලැබුනා , ජාතික කොඩියක් ලැබුනා. තලු මරන්න මිහිරි අකුරු හතරක් ලැබුනා

එහෙම ගැයුවේ නන්දා අක්කා . ඇය නම් කීවේ එළිවෙනකොට නිදහස අහසින් ගෙට වැටුනා කියලා .

එක්දාස් නවසිය හතලිස් අටේ , පෙබරවාරි හතරවෙනි දා , ටේල් කොට එකක් හැඳි  මහත්තයෙක්, කොඩි ගහක් මුදුනටම කොඩියක් නංවලා  , නිදහස් ලංකාව ස්ථාපිත කළ බවයි,  පොඩි කාලේ ඉගනගත්තේ .
එය බොහොම නිරායාසයෙන් වගේ පෙනුනට , ඒ පිටිපස්සේ අටසිය දහ අටේ කැරැල්ලේ ඉඳන් හැලිච්ච  ලේ තියනවා කියලා හයේ පන්තියේදී , සුදු නැෂනල් එක ඇඳපු  සිංහල සර්  කිවු බවද මට හොඳින් මතකය. .
නමුත් දැන් නම් මට සිතෙන්නේ , එය ඒ  කැරැල්ලටත් වඩා  පරණ,  හැම බණ්ඩාර කැරැල්ලකම , බල අරගලයකම ප්‍රතිපලයක් බවයි .
බණ්ඩාර කියන්නේ භාන්ඩාගාරයෙන් යැපුණු අයට ලු නේ . කොහොමත් එදා ඉඳන් ඉතින් වැඩිපුර  ගහේ පළ නෙලාගන්නේ, ඔවුන් තමයි..
 ..නිදහස ගැන හැමකෙකුටම මතයක් ඇත . ඒ ඔවුන්ට හිමි නිදහසයි .  


තාගොරයන් ගේ නිදහස් පැතුම නම්  පහත පරිදිය (සිංහලට නැගුවේ මම)

දෑත  බැඳී රැහැනින් 
බලෙන
නැටවෙන , 
ජීවන නළුවක නොනවතින 
වැයෙන තාලෙට රාලගේ 
තිරය පිටුපස රූකඩ 

මහා සම්ප්‍රදායක 
බර පොදියෙන් , 
ගත කුදු ගන්වන  
පිට කොන්ද බිඳ දමන 

පතමි නිදහස  
මව්නි , නුඹ හට 


සිතක් නිදිවද්දන 
අමාවක රැයක ඝනදුර 
මෙන්ම 
උල්කා වරුසාව ද 
මොහොතකට 
නුබ කුස දිදුලුවන 
ඇසක් අඳ කරවන 
දකින්නට විනිවිද 

පතමි නැණ  ඇස 

මව්නි නුඹ හට 

ඔබේ දුබල රුවල් 
නොනාමික සුළඟින් 
පුරවා
උන්ට අවැසි මගෙහිම 
නුඹ ගෙනයන 
නුඹ  පුතුන් ගෙන්ම


පතමි නිදහස
මව්නි, නුඹ හට 
නුඹ යා යුතු 
මගමැ යන්නට 

ටිකක් විතර වෙනස් මතයක් දැරූ මා මිතුරෙක් ද  , කදිම උපමාවක් ගෙනාවේය 
 " මේ නිදහස , මචං  ජෝකෙක් නැතුව පාරේ යනවා වගේ . හරිම සැහැල්ලුයි . මාර කුල් ...හැබැයි බර ඉස්සුවොත් එහෙම , විල් බැරෝව් එකක් ගන්න වෙනව assets ගෙනියන්න ."  
ඒ කියන්නේ නිදහස , නිදහසේ ආශ්වාදය කල හැකි , එනමුදු බර වැඩ වලදී අමතක කල යුතු සංකල්පයක් ? 

"නිදහස is  essential  අනේ in this modern day . Otherwise international community will think we are like some remote tribe in Africa".කියලා කියපු අයත් හිටියා .
එලෙසම නොකියුවත්,   එහෙම හිතපු අය  තවත් සිටි බව මට නිසැකයය

පරණ සටහන් කියවනකොට මට හමු වුනු, පෙර වසර වල ලියවුනු සටහන් දෙකක්ද නැවත ප්‍රචාරයක් ලෙස මෙතනටම එක්  කරන්න හිතුනා . මේ ගිය අවුරුද්දේ ලියවුනු නිදහසේ අතුරු කතා කීපයක්   http://pinchpoints.blogspot.hk/2012/02/four-stories-of-independence.html%20. . එක එකාගේ නෙක නෙක නිදහස .


මේ 2010 http://pinchpoints.blogspot.hk/2010/02/f-word.html. මැණික් ෆාම් එකෙන් එලියට යන්න නිදහස ගැන මම ලියලා . එතනින් නම් එලියට ගිහිල්ලා , හැබැයි ඒ මානසිකත්වය ඔවුන් එක්කම ගෙදර ගිහිල්ලද  කියලත් හිතෙනවා . මාතර බස් හෝල්ට් එකේ දෙමල සින්දුවක් කියන්න නම් තාම බෑ මම හිතන්නේ .
මොකද ඔබ හිතන්නේ ,  ඔබ පතන නිදහස ...ඔබ හීන මවන උටෝපියාවේ , කේතුමතී නුවර,  නිදහස කෙබදුද?


පලි 
අන්තිම වාක්‍යය ලිව්වටට පස්සේ මතක් උනේ .
 "...කෙබදුද?" කියල අහපු ප්‍රශනයකට අපි නොදන්න ලයිව් වැඩ සටහනක දුන්න පිළිතුරක් "ඔව් ඔව් කෙබදුයි"

10 comments:

  1. අපූරුම කවියක් සහ ලිපියක් ! මටත් හිතුනේ... මේ රට කන එවුන්ගෙන් රට කවදා නිදහස් වේවිදෝ කියලා.....

    ReplyDelete
  2. Aparade ban sudda rata me sakkili ewunta dila giye..ube lipiya maru..jaya sri..!!

    ReplyDelete
    Replies
    1. සුද්දාත් කලේ හූරන් කන එක තමයි. හැබැයි කතාවට එකඟයි

      Delete
  3. කවි සිතුවිල්ල අපූරුයි.

    ReplyDelete

  4. කාරණාව ඇත්ත ජේපී. නමුත් මම මඩිස්සලේගෙ බ්ලොගේ ලිව්ව මේ දේම මෙතනටත් වලංගුයි කියලා මට හිතෙනවා.
    මොන ගැ‍ටුම් තිබුනත් සමරන්න ජාතික දිනයක් තියෙන ගැනත් ලෙලදෙවන්න ජාතික කොඩියක් තියෙන එක ගැනත් පුදුම සතුටක් දැනෙනවා මේවගේ පිට දේශෙක ඉන්නකොට.
    අරක යාපනයේ පස කෙබඳුද?
    ඔව් කෙබඳුය.

    ReplyDelete
    Replies
    1. ඩුඩ් මටත් නොදැනෙනවා නොවෙයි ඒ හැඟීම . හැබැයි අර සුබ නිදහස් දිනයක් , හැපී ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ වගේ සටහන් වලට නම් පොඩ්ඩක් තද වෙනවා

      Delete
  5. අනේ මන්ද අපි නිදහස් ද? කවද ද ඒක ලැබුනේ මට නම් එහෙම දැනෙන්නේ නැහැ. කවි ටික නම් අපූරුයි.

    ReplyDelete
    Replies
    1. වෙදනා ඒ උනාට happy independence day නේ :)

      Delete

Have commented