17 May 2017

පස්චාත් වෙසක් කතා

 

බුදු හිරගෙය 
අට පට්ටම් රාමුවේ
සව් කොළ
පාට පාට
බිත්ති මැද
හිරවෙලා
අපේ බුදුන්

***
සම්බාහන දන්සැල සහ අනෙක් දන්සැල 
රිචාජ් , ඩේටා , හයර් දන්සැල් අතරේ
8 වැනි පටුමගේ
ලීනා මැඩම්
දානපතිනියගේ
නොමසුරු පරිත්යාගයෙන්
පවත්වන
මහා සම්බාහන දන්සැල ලු
හෙඩ් මසාජ් , ලෙග් මසාජ්
ඉන තෙක්
බොඩි මසාජ් ලු

ඊට වඩා බෑ නේ
දන්සල් නේ
වෙසක් නේ

ඒ වුනාට
සෙනග නෑලු
යාලු

9 වෙනි පටුමගේ
පොට් එකේ
රෝසා අක්කත්
දාළලු දන්සැලක්
කෙල්ලෝ ටිකත් එක්ක
වෙන්නට
නො සෙකන්ඩ් 


***
ප්රී වෙ ඕ පු

කලු කොඩියත්
ලෑස්ති කරන් 
හිටියත් අපි මග බලන්
මෝඩි 
හොර ගෙඩියා වගේ
නැගලා තඩි ප්ලේන් එකේ
ආවේ පෝයට පස්සේ

දැන් ඉතින් වෙන කුමක් කරන්නද

කලුකොඩි හැම රෝල් කරන්
අනේ අපිට ප්රීති වෙසක්


9 comments:

  1. හෙහ්..හෙහ්.. හෙහ්.. ඉණ තෙක් බොඩි මසාජ්..

    පට්ට!

    ReplyDelete
  2. කළු කොඩි දැමු කොලු
    ආගිය අතක් නැති ලු!

    ReplyDelete
    Replies
    1. කඩුවෙලයි
      වැලි කඩයි
      අතර
      ඌ ඇති

      Delete
  3. අනේ ඉතිං ප්‍රීති වෙසක් හැල හොල්මනක් නැතුවම ගෙවිල ගියානෙ.

    ReplyDelete
    Replies
    1. ඇයි

      වෙසක් ජාත්‍යන්ත්රේට ගිහින්
      ජාත්යන්තරේ වෙසක් වලට ආවේ

      Delete
  4. නියමයි ඒ කවිය

    ReplyDelete

Have commented