28 January 2013

නුඹ බක් මහ අහස නම් ...


රළ  පෙළ ස්නේහයේ 
එකිනෙක පරයා නැඟී 
කල්පයකුත් ටිකක් ගෙවා 
වෙරළත ආ සඳ 
කිසිවකුත් නොකියා 
නළලත සිඹ වෙන්වූ 
ගොළු මුහුද
 මම 

මුරුසන් වැහි දිය ගැබ්බර 
කළු වළා හිත්  දරා 
පුපුරු ගහන්නට තතනන 
අකුණු තද කරගෙන සිත් 
රැයක් පුරා නොවැසි 
බක් මහ අහස 
නුඹ 

2 comments:

  1. බක් මහ අහස උව, වැස්සෙන් පසුව හරිම ලස්සනයි පරිසරය.

    ReplyDelete
    Replies
    1. කදුළු ගැලු රැයක්
      කදුළු හිඳුනු අහසක්
      පිටතින් බලන අපට පෙනුනට
      ලස්සන දවසක්

      ස්තුතියි කොමෙන්ටුවට

      Delete

Have commented