ආ රණේ කොහේද මේ උදේම
උදේම පොළේ ගියා . අද පයිනල් එකනේ , ඒක බලන්න සෙට් වෙන්න
ආ එක තමයි මේ . දැන්නේ දැක්කේ , ඕස්ට්‍රේලියා කමිසයක් ඇඳලා , නිව් සී ලන්ඩ් තොප්පියක් දාලා . හරියට මැච් එක බලන්න මෙල්බන් යන්න වගේ .
නෑ නෑ සිරා ලගේ ගෙදර සෙට් වෙන්නේ . ඇයි ඔහේ බලන්නේ නැද්ද මැච් එක
ලංකාව නැතිකොට , නිකන් බලන්න හිතෙන්නෙත් නෑ අප්පා
ඒ කියන්නේ ඔහේගේ තියෙන්නේ ජාතිවාදී ක්‍රිකට් නේ .. එහෙම නෙමෙයි ක්‍රීඩාවට ආදරෙන් බලන්න ඕනේ
දැන් කාටද සපෝට් කරන්නේ
ඔට්ටේලියාවත් නරක නෑ මොකෝ ඉන්දියන් කාරයන්ව පැරද්දුවනේ .
ඇයි ඉන්දියාවත් එක්ක ඔච්චර තරහ
ඇයි අපේ අර ජැකලයින් ගේ කේස් එකනේ
ඒ කිව්වේ
ජැකලයින් ව දන්නේ නැද්ද අර ආප්ප කඩේ දාලා තියෙන්නේ
කෙල්ල දන්නවා කේස් එක දන්නේ නෑ
ඇයි අප්පා ජැකලයින්ට මම ලයින් නේ ඉස්සර
මොකා කිව්වා
ඔව් මම ලයින් ... එයාට කියන්න ඔන්න මෙන්න ඉඳිද්දී අර සලමන් කාරයා බැස්සනේ සීන් එකට . එදා ඉඳන් මට ඉන්දියාව පේන්න බෑ
හ්ම්ම් ඒකත් එහෙමද , කොහොම හරි ඉන්දියාව පැරදුනා නේ
අපි ඉතින් ඔය බාර හාර වෙලා කොහොම හරි පැරැද්දුවා .
බාර හාර ?
ඔව් මම හිඟන්නන්ට බත් පැකට් දහයක් දෙන්න බාර උනා .
දුන්නද ?
එහෙනම්... දහයට , දොලහක් දුන්න ඉන්දියන් ටයිම්ස් පත්තර කොළ වල ඔතලා . එතකොට බත් එක කාල කොලේ විසිකරනවනේ කුණු බාල්දියට
දැන් අද ඔස්ට්‍රේලියාවටද සපෝට් කරන්නේ
මම උන්ටත් එච්චරම කැමති නෑ . මොකෝ උන් අපිට බෝට්ටුවෙන් එන්න එපා අරවා මේවා කියනවනේ . දැන් අනික යවන බෝට්ටුත් අල්ලලා අර නිව් ගිනියාවට යවනවලුනේ . අපි හිතන් ඉන්නේ බෝට්ටුවක් යවන්න නවසීලන්තයට . තව සුමානයක් විතර වැඩියෙන් බෝට්ටුවේ ඉන්න වෙයි කට්ටියට වැඩිම උනොත් .... අපිටත් තව වැඩිම උනොත් හාල් ගෝනියයි , සැමන් ටින් විස්සක් විතර වැඩියෙන් යයි ...ඉතින් මේ කමිසේ යටින් කලුපාට බැනියමක් ඇඳලා ඉන්නේ .
පලි :
රණේ ගේ පැතුම් බිඳ දමමින් ඔට්ටේලියාව තරඟය ජයග්‍රහණය කළේය . තව දුරටත් බෝට්ටු වලින් කට්ටිය නිව් ගිනියාවට යනු ඇත