Photo credits Shehan Gunasekare (https://www.facebook.com/574293862595164/photos/a.730572830300599.1073742104.574293862595164/1004042642953615/?type=1&theater)
මේ දිනවල බොහෝ දෙනා සිටින්නේ සිත් තැවුලෙනි . රොටි කරවෙන ගඳක් නාසයට දැනේ. එසේ වුයේ ඇයිදැයි බොහෝ දෙනා විපක්ශිතව සිටිති. එය එතරම් පුදුමයට කාරණයක් නොවේ යයි මම සිතමි .
සිරිසේන මහතා පරණ සිස්ටම් එකේ බුවල්ලා ගේ ග්‍රහණයට අසු වී ඇත. මේ බුවල්ලා මහින්ද රාජපක්ෂම පමණක්යැයි නොසිතන්න. මේ බුවල්ලා ගේ අඬු රනිල් වික්‍රමසිංහය , ජාතික පදනමකින් බලයට එන සුළු ජාතික පක්ෂය , කැපුවත් නිල් කැපුවත් කොළ දේශපාලනයය, ඒ දේශපාලන ක්‍රමයේ අතපල්ලෙන් වැටෙන දෙයකින් පැවැත්ම සදා ගත්, ඒ සඳහාම පුරුදු වූ සමාජයය. මෙකී හා නොකී නෙක දේය .
නමුත් අපි ප්‍රශ්නයක් දෙස බලද්දී, ඇති දෙය ඇසේ ඇනෙද්දී, නැති දෙය පෙනෙන්නේ නැතුව යයි . මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ලැබී ඇත .. ඒ සමග ඔහු වටා සිටි නඩයටද නාම යෝජනා ලැබී ඇත . ඒ ගැන සිහින් හඬින් වුව විරුද්ධත්වයක් නැගේ . එහෙත් පහු ගිය සමයේ බලය ඉතාම අනිසි ලෙස පාවිච්චි කළ බවට බොහෝ අය චෝදනා කළ නිල් බලකායේ අණ දෙන නිලධාරිතුමා ගැන කෙඳිරියක්වත් ?... ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක කල ප්‍රකට පරීක්ෂණයක් තිබේ . එය "කාමරයට ආ ගොරිල්ලා " ( The Invible Gorilla Test) යයි හැඳින්වේ . පරීක්ෂණයට ලක්වෙන්නාට වීඩියෝවක් තුල සිටින කළු සහ සුදු කමිස හැඳි අය ගණන් කිරීමට නියම වෙන අතර , වීඩියෝව මැදදී ගෝරිල්ලෙක් කාමරයට එන්නේය . 50% ක් ඒ ගොරිල්ලා නොදකී ...පහුගිය පළාත් සභා සමයේ ලංකාවේ මෙය අත්හදා බැලුවා ඔබට මතකද , ජිනජර් ව , රුවන්ති ව පෙන්වා ඉන් පසු නාම යෝජනා හකුලා ඒ අස්සෙන් මල්ෂා ව ඇතුලට යැවීම දැන් අමතකද ? ... ඒ සාර්ථක ක්‍රමය නැවත දියත් කර ඇත්ද ?
ජනේරු අටවනදා සිරිසේන මහතාට ලැබුණු ජනවරම තුළ බොහෝ අනිසි තීරණ ආපසු හැරවීම හා දැඩි තීරණ ගැනීමේ අභිප්‍රාය ජනතාවට විය. එය එසේ නොවීමෙන් හා ඔහු මේ ගැන ගොළුවත රැකීමෙන් කියන්නේ , ඒ සැබෑ බලය ඔහු වෙත නැති බව නොවේද ?
"ඕක ඔහොමම වෙනවා තමා හිටං , නිකං පරඩලක් වගේ මනුස්සයෙක් නේ රැවුලක් වත් නෑනේ හිටං" කියන්නට අයෙක් ඉක්මන් වන්නට පුළුවනි . නමුත් පැණි වරකාවක් ගහෙන් බිමට වැටෙන්නේ, එය ඉදෙන විට එහි බර වැඩි වෙන නිසාම ද , සුර්ය තාපයට එහි නටුව වේලී දුර්වල වෙන නිසාම ද , කපුටන් විත් එහි නටුව කඩා දැමු නිසාම ද , සුළඟට අසුවී ඒ මේ ඇත පැද්දුනු නිසාම ද ? සංසිද්ධියකට එක හේතුවකට වඩා තිබිය හැක .
මයිකලන්ජෙලෝගෙන් වරක් අයෙක් "ඔබ මේ අනගි ඩේවිඩ් ප්‍රතිමාව ඇඹුවේ කෙසේද " යයි විමසු විට ඔහු පිළිතුරු දුන්නේ
" මම ගලක් අරන් ඩේවිඩ් ඉතුරු කරලා අනිත් ඔක්කොම ඉවත් කළා " කියාය .
පිළිතුර ඇතැම් විට එයම විය හැක .