"යකෝ "....ගුරුන්නාසේ කෑ ගහනවා
"යකෝ මේ අහගන් "
යකා නවතිනවා .
"මොනවා හරි දියන් යකෝ "
යකා ඇඳි කඩ ඔසවා , පස්චාත් පෙදෙසෙන් යමක් අරන් ගුරුන්නාසේට දිගු කරනවා .
" චිහ් මේ මොනවද , විසික්කා හං , ආයේ වටයක් දෙකක් දඩයමේ ගිහින් එමු "
බෙර පදේ ආයේමත් වැයෙන්න ගන්නවා . ගුරුනාන්සෙයි , යකයි වටේට සක්මන් කරනවා . විටෙක ගුරුන්නාන්සේ යකා පිටු පස්සෙන් පන්නවා , විටෙක යකා ගුරුන්නාන්සේ පස්සෙන් පන්නනවා . බෙර කාරයා විටෙන් විටේ , තාලේ වේගවත් , මන්දගාමී කරනවා . ගුරුන්නාන්සේ හිටපු ගමන් දුම්මල පාරක් ගහලා මහා ෂෝ එකක් දානවා .ආයේ නවතිනවා
"යකෝ ... තොගේ අත්වල ලේ නේද ? " ගුරුන්නාන්සේ අහනවා ..
"නෑ මේ " යකා අත් දෙක පෙන්නවා
"ඒ වුනාට තොගේ බඩේ , ගෙරි මස් "
යකා ආයේත් රෙද්ද උස්සලා , අතුනුබහන් ඇදලා පෙන්වන සෙයකි
"චිහ් .. කෝ යකෝ තොගේ සදාචාරේ ?
යකා තුෂ්නිම්භූත වෙනවා , "ගුරුන්නාන්සේ ගේ අත් දෙක බලමු " , යකා යෝජනා කරනවා ...
"එන්න එපා පණ්ඩිත කතා කියන්න , මෙතන අහිංසක මිනිස්සු බය කර ගෙන , තග දාගෙන" ..ගුරුන්නාන්සේ තග දානවා .
ඔය අතරතුරේ , කොනක පැදුරු කඩමල්ලක , ආතුරයා ඉඳ ගෙන ඉන්නවා . ආතුරයාට වෙන විකල්පයක් නෑ . ඔහුට , මේක නවත්තන්න කියන්න , නැගිටලා යන්න තියා දෑස පියා ගන්නවත් ඉඩක් නෑ . මේ ඔක්කොම කෙරෙන්නේ ආතුරයා වෙනුවෙන්ම නේ (අනේද කියන්නේ )
නැටුම ඉවර වෙලා , අන්තිමට හූවක් කියාගෙනම ඊරි යකා , අඳුරු හෙවනැලි අතරට ගිහින් වෙස්මුහුණ ගලවනවා . ගුරුන්නාන්සේ ආතුරයාගේ ඔලුව අතගාලා " ඔන්න ඔක්කොම නිවාරණයි " කියලා කියනවා . ආතුරයාටනම් එහෙම කියන්න තරම් වෙනසක් නොදැනුනත් , නළුවෙක් නෙමෙයි මොළයක් නිසා , එහෙම වෙන්න ඇති කියලා ඔහුත් හිතනවා .
ආතුරයාගේ පවුලේ කෙනෙක් , ගුරුන්නාන්සේගේ ගැන පියවනවා . මොණර කඩදාසි ටික ගණන් කරලා අරගෙන , ගුරුන්නාන්සේ , වෙස්මුහුණ ගලවලා ඉන්න ඊරියකාට නටපු එකාටයි , බෙර කාරයාටයි ගාණ පියවලා , යන්න යනවා උදේ පහේ බස් එක අල්ලන්න .
ඉර එළිය තීරු තීරු ලා මිදුම ඉරා ගෙන වැටෙන යාමේ, තුම්මන් හන්දියක පෙරේත තට්ටුවක් , කපුටෝ පෙරළන් කනවා.