ඇමති තුමා ...
ආ ... බදාදා මහජන දිනය , බදාදා එන්න ....
මහජන..??? නෑ නෑ සර් මම මේ ඒ නොසන්ඩාලයෙක් නෙමෙයි ... මම සර්ට වැඩ කලේ ...
ඔව් ඔව් ... ඉතින මොකද ?
සර් අපේ කට්ටිය ඊයේ හවස පොඩ්ඩක් සැට් වුනා .. ඉතින් රෑ වෙන කොට අපි රටේ ප්‍රශ්න ඔක්කොම එකින් එක විසඳන්න ගත්තා .. මේ එකක් ඉතුරුවුනා .. සර්ව මම දන්න නිසා, සැට් එකේ එවුන් කිව්වා... ගිහිල්ලා අහන්න කියලා
ආ එහෙමද .. ඔන්න ඔහොම තමුන්ගේ ප්‍රශ්න තමුන්ම විසඳ ගන්නවා නම් අපිටත් දෙයියනේ කියලා අපේ වගකීම් ඉටුකරගෙන ඉන්න පුළුවන්නේ ..කිසි කරදරයක් නෑනේ ... දැන් මොකක්ද ඔය පුරස්නේ?
සර් මේ දැන් මේ ඉක්කා ආපුවහම මොකද කරන්නේ
මොකක්ද ඕයි මේ උදේම ඇවිත් මගෙන් කුණුහරුප අහගන්නද හදන්නේ ? .... ඉක්කාවක් ආවොත් හොඳ සීතල වතුර ටිකක් හොඳට නිවලා , එක උගුරක් උගුරු දහයකට බොනවා ... නැත්නම් හුස්ම පොඩ්ඩක් අල්ලා ගෙන ..
නෑ නෑ සර් ඒ ඉක්කා නෙමෙයි , මේ ඉන්දියන් කාරයෝ මෙහෙ එන ඉක්කා ..
ආ තමුසේ කියන්නේ මේ එට්කා ... ඉතින් මොකෝ ?
සර් .. දැන් ඕක අත්සන් කරයින් පස්සේ ලංකාවේ දොස්තරලා වෙනුවට ඉන්දියන් දොස්තරලා එයිද ?
එයි ... ඇයි අවුල්ද ? තමුසේ දන්නවද ලංකාවේ දොස්තර පුරප්පාඩු කොච්චර තියෙනවද කියලා ?
නෑ නේ ..ඒත් එතකොට ලංකාවේ දොස්තරලාට රස්සා අඩුවෙයිද ?
වෙයි . ඇයි අවුල්ද ? එහෙම තමා අයිසේ නව ලිබරල් වුනාම
එහෙමද ? සර් එතකොට ඔය කියන විදියට තෝසේ පාර්සලේ බැඳගෙන අයි ටී කාරයොත් එයිද අපේ ලංකාවේ අයි ටී මහත්තුරුන්ගේ රස්සා වලට අඩු පඩියට
එයි .. . ඇයි අවුල්ද ? මම කිව්වේ අයිසේ ඒවුනාට නව ලිබරල් නේ
අම්මට සිරි , එතකොට අපේ ඉංජිනේරු මහත්තුරුන්ටත් කෙළ වෙයිද සර් ?
සමහර විට වෙයි ඕයි ..තමුසේට තේරෙන්නේ නෑ ඉන්දියාව මාර ලොකුයි , ඒ රටේ මිනිස්සු ගොඩාක් ඉන්නවා ..මේ ගිවිසුමෙන් අපිට ඉන්දියාවේ සහය අරන් ඇමරිකාවටත් ගේමක් දෙතහැකි
ඉතින් සර් ඔය ඉන්දියාවේ එවුන්ට අපිට ඇමරිකාවට ගේමක් දෙන්න උදව් කරන වෙලාවේ , උන්ටම තමුන්ගේම කියලා ගේමක් දෙන්න බැරි යෑ ?
තමුසේ ලයිසන් කැන්සල් කරගන්නද හදන්නේ ?
අනේ සර් එහෙම කරන්න එපා , අහිංසක මිනිස්සු අපි ...හරි දැන් සර් කොහොමෙන් කොහොමෙන් හරි අපේ කට්ටියටත් එහෙ රස්සා හම්බු වෙයි නේ ...
පිස්සුද ඕයි උන්ට මැන්ටල් යෑ
අයියෝ අඩුම ගානේ අපේ නළුවෙක්ට හින්දි පිචර් එකක , ඉටි කිරිස් නිලියක් ගේ කණ මිරික්කන්නවත් ..
උන්ගේ ඒවා උන් මිරිකාගනියි
හ්ම්ම් ...දැන් සර් අපේ කට්ටිය ඊයේ කිව්වා ඔහොම ගිහින් ත්‍රී වීල් කාරයෝ , බාබර් ලා හිටං එහෙන් එයි කියලා .
දන්නේ නෑ ඕයි..එයි සමහර විට
සර් එතකොට ඔය ඉක්කා එකෙන් බලපෑමක් වෙන්නේ නැති රස්සාවක් ඇත්තෙම නැද්ද ලංකාවේ ?
හා හා ඇයි නැත්තේ ? එක රස්සාවක් තියෙනවා
(ඇමති තුමා , මුවග සිනහවක් නගා ගනිමින් ජාතික ඇඳුමේ බැනියමේ රැළි සකස් කර ගත්තේය )
පලි :
වෙළඳ ගිවිසුම් ගැන මට ඇත්තේ ලිං මැඩි ආකල්පයක් නොවේ . නමුත් ලොකු රටක් පොඩි රටක් හා ගසන ගිවිසුමක වැඩි වාසිය කාටදැයි කියා මම දනිමි . මට ඇති ප්‍රශ්නය එය නොවේය . මට ඇති ප්‍රශ්නය මේ ගිවිසුම ගැන සංවාදයකට එළඹීමට , ආණ්ඩුවේ ඇති නොකැමැත්තයි . අනෙක් අතට අප රටට ලැබෙන එකම වෙළඳ වාසියක් වත් සඳහන් කිරීමට අපොහොසත් වීමයි .
මට ඇති ව්‍යාකූලත්වය , තවම කෙටුම් පත් කර නැති නිසා, එහි අන්තර්ගතය ගැන කිව නොහැකි බවත් , ඒ නිසාම ඊට විරුද්ධවන්නන් , බයියන් , කඩාකප්පල්කාරීන් වන බවත් පවසන අගමැති තුමාම , ඒ කෙටුම්පත්වත් කර නැති ගිවිසුම කවුරුන් කෙසේ කීවත් අත්සන් කරන බව කීමය . නළුවෙක් නෙමෙයි මොලයක් යයි කියූ කතාව ගැන නම් මට එදත් තිබුනේ සැකයකි . රටක් දියුණු කළ හැක්කේ එක මිනිසෙකුගේ මොලයෙන් නොවේය. ඒ දර්ශනය වැඩි දියුණු කිරීමට , ප්‍රශ්න කිරීමට මෙන්ම ක්‍රියාත්මක කිරීමට සමත් මොළ වලින් යුතු කණ්ඩායමක් ඔහු වටා රැස්වූ විටය
ඉක්කාවක් ආවිට , ගමේ ගොඩේ කරන්නේ එක්කෝ හෙමිහිට වතුර එකක් බීමය , නැතිනම් හුස්ම අල්ලා ගෙන සිටීමය . නැතිනම් "ඉක්කයි මමයි ගාලු ගියා ඉක්කා තියලා මං ආවා" යයි කීමය .
නමුත් ඒ ඉක්කාය මේ එට්කා ය
26 February 2016
20 February 2016
හෙළ සමාජයේ ප්‍රකට මිත්‍යා #1- රාජපක්ශවරු, සිරිසේන මැතිනිය සහ පෙරේරාලා// Common myths of Sri Lanka
වරක් දෙවරක් මෙහිම ලියා ඇති පරිදි මම හැදුනේ වැඩුනේ නුගේගොඩට නුදුරු පෙදෙසකය . අසුවෙ මුල දසකයේ පවා සෑහෙන දුරකට ගමේ ගොඩේ ලක්ෂණ වලින් හෙබි පෙදෙසකම විය ( ගැමි හා ගොඩේ ලක්ෂණ යනු දෙකකි ) . අපි ජීවත් වූ පෙදෙස පැරණි රබර් වත්තකි . එහි නිවෙස් තනා ගත බොහෝ අය එහි මුල් පදිංචි කරුවෝ නොවුහ . නමුත් ඒ රබර් වත්ත දශක කිහිපයක් පුරාවට කට්ටි කරමින් විකුණා තිබිණි . ඒ හේතුවෙන්ම පරම්පරා ගණනාවක් එහි ජීවත් වූ පවුල් මෙන්ම කුඩා ඉඩම් කැබැල්ලක් නිවාස ණයකට ගෙන තම පවුල මෙහි කැන්දාගෙන ආ අලුත් පිටගම්කාරයෝද මෙහි වූහ . එනයින් මුල්ගම්කාරයෝ හා පිටගම්කාරයෝ යන සංකල්පය ඉතාමත් ම සාපේක්ෂ කාරණයක් විය .
අප නිවසට නුදුරෙන් වූයේ පරම්පරා ගණනාවක් එහි විසු පෙරේරා නම් පවුලකි . ඔවුන්ගේ අසල්වැසියන් වුයේ ප්‍රනාන්දු වාසගමැති පවුලකි . එකළ බොහෝ ගැටුමන්ට මුල්වූ , හේතුවක් වූ වැටේ පිහිටීම , මොවුනතර පරම්පරා ගණනක් දිවෙන නොක්කාඩුවකට හේතුවක් වී තිබින . මේ වැටේ හබය වැටෙන් ඔබ්බට බොහෝ දුර දිග ගියේය . බඩා මුදලාලිගේ කඩේදී කෙහෙවලු පටලවා ගැනීම් වල සිට , කොරියාවේ ලතාගේ පොට් එකේ වලි දක්වා දික්විය. (පොලිසියට බොරු ඔත්තු දීම. රෑට ගෙවල් වලට ගල් ගැසීම් ගැනද ඕපා දූප පැතිරිණ .)
දිනක් අපේ බොරළු පාරේ- ක්‍රිකට්- තරගයක්, අතරතුර , උඩ පන්දුවක් ගැන කතා බහක් දුර දිග ගොස් , ගඩොල් බාගයක් නළලේ වැදී පෙරේරා පවුලේ හතරවෙනි පරම්පරාවේ කොල්ලෙකු ගේ නළල පැලිනි .
නමුත් මේ සිද්ධිය ගැන කතා කිරීමේදී කිසිවෙක් ඔවුන්ට පෙරේරා වරු හෝ ප්‍රනාන්දු වරු යයි නොකීහ .
දැන් මාතෘකාවට එමු .
රජ සමයේ , රජ ෆැන්ටසියක් රදළයන්ට විය . රදළ පන්ති වල විකාශය හා කුළ ක්‍රමයේ පරිනාමය ඒ සඳහා වුයේය.
යටත් විජිත ලංකාවේ , යටහත් බව හොඳ අලෙවි භාණ්ඩයක් විය. ඒ සඳහා ලැබුණු සන්තෝසම, දේශීය උසස් පන්තිය තුළ ලැබුණු තැනය .
යටත් විජිත සමයේ , රදළ ෆැන්සටියෙන් මෙන්ම යටත්විජිත පාලකයන් පිලිබඳ ෆැනටසියකින්ද පෙළුණු , කොළඹ නගරයට වන් මැද පන්තිය, රටේ අලුත් රදළ පන්තියක් බිහිකර , ඒ සමාජ ක්‍රමය ස්ථාපිත කරගෙන පවත්වාගෙන ආහ. මහන්සියෙන් උපයා ගත් මුල් ප්‍රාග්ධනය, කොළඹ නගරයේ පාලු විසල් , ඇතැම් විට පුස් වැකුණු , කුඩා නගරවන් ( නදී ගේ වුල්ෆන්ඩාල් ස්ට්‍රීට්හි ඈ ලියන පරිදි ) සුද්දන් අත්හැර ගිය මහා මන්දිර තුළ, පැටව් ගහද්දී, ඒ වස්තුවට ඉතිහාස කතාවක් ගෙතීමට මෙන්ම පවුල් ගස් අරටුව සවිමත් කිරීමේ විවිධ උපක්‍රම ඔවුහු භාවිතා කළහ . කොළඹ මැද පන්තිය , දෙවන රදළ පන්තියක් ලෙස යම්තාක් දුරකට ස්ථාපිත වෙද්දී , උපනගරාශ්‍රිතව ස්ථාපිත වී හුන් ඉඩම් හිමි මැද පංතිය ඒ ගැන ෆැන්සටියකින් පෙළෙන්නට වූහ. නමුත් ගොඩේ කෝල ගතිය නිසාම ඔවුන්ගේ ප්‍රවේශය මදක් වෙනස් විය .
මේ හැමටම ලබා ගත් තැන ස්ථාපනය කර ගැනීමට පවුල් ඉතිහාසයක් අවැසි විය . එය ඔවුන් විසින් ඇත්ත හා ප්‍රවාද එකට ගොතා , පැල්ලම් ඉවත් කොට, රැළි හොඳින් ඉස්තිරික්ක කොට සකසා ගති . (මෙහි කිසිම වරදක් මම නොදකිමි . ඕනෑම ඉතිහාස කතාවක් එසේමය . නමුත් මෙවැනි කතා රැසක් එක්වූ විට එය පුරාවෘත්තයක් බවටත් . ඉන් පසු එය ලෙගසියක් බවටත් පත්වෙන බව අපට අමතක වේ .) මෙවැනි කතා එකින් එක බැඳෙන තරමට පවුල් ගහ පිලිබඳ ලෙගැසිය සවිමත් වේ . එවැනි පවුල් ගස් අතර අවාහ විවාහ සබඳතා ද ඒ ගසේම අරටුවට පෑහේ . මෙය ඉතාමත් ගෝත්‍රිකය . නමුත් කාලයේ පරික්ෂණයට මනාව මුහුණ දී ඇත.
(මෙවැනි සංකල්පීය සංයුක්තිගත (consolidation concept) කිරීමකින් ලැබෙන වාසි නම් අපමණය. මුලින්ම ඔවුන්ගේ භෞතික මෙන්ම , අභෞතික ප්‍රාග්ධනයද එක ගොඩකට ගෙන සැලකීමක් සිදුවේ . එහිදී මසුන් පංතියකට එක් වීමේදී වන පරිදිම, එය ඉතා විශාල සතෙකු මෙන් පෙනේ . සතුරන් ලංවීමට බය වේ . උන්ට ඉඩදී අනෙකුන් ඉවත් වේ . සැමන් මසුන් හැසිරෙන්නේ මෙවැනි පංති ලෙසිනි . මෝරෙක් පවා ඇතැම් විට උන්ට ලංවීමට බය වේ . නමුත් උන් ආපහු හපා නොකන බවත් , තනි තනියෙන් ගත්තොත් උන් තනි තනි මාළුන් බවත් විලෝපිකයන්ට පමණක් නොව , ආහාර දාමයේ සම මට්ටමේ සිටින වුන්ටත් නොපෙනේ .පසුව එම හේතුවෙන්ම සීමිත පෝෂන සම්පත් පරිභෝජනයේදී උන්ට වැඩි වාසියක් ලැබේ , ඉන් උන් අනෙකුට වඩා තර වේ . මෙය විෂම චක්‍රයක් වේ ).
මෙය හුදු ඉතිහාසය පිලිබඳ කතාවක් පමණක් නොවේ . අතීතය පමණක් නොව , වත්මනින් ඔබ්බට , සිදුවන සියලු යහපත් දේ මෙන්ම පාවිච්චි කර ගත හැකි හැම සිදුවීමක්ම , මේ පවුල් ගහේ ගිණුමට බැර කොට , ඒ ගිණුම යාවජීවව පවත්වා ගෙන යන්නෝය . (ගිණුමයාවජීව යාවත්කාලීන නොවූ කළ , ටික කලකින් එය අහෝසි වේ . )
උක්‌ත කී පෙරේරාලා (දැන් හය වෙනි පරම්පරාව ) තවම පෙරේරාලාමය . නමුත් මැද මුලන රාජපක්ෂලා දැන් රාජපක්ෂවරු නමින් හැඳින්වේ. පෙනෙන්නේ පුලතිසි පුර සිරිසේන ලා , සිරිසේනවරු වන කළ ද (දැනටම වසරක් තුළ මහත්මියක් මැතිනියක් වී ඇත) එතරම් ඈත නොවන බවකි .

මෙය හුදු ඉතිහාසය පිලිබඳ කතාවක් පමණක් නොවේ . අතීතය පමණක් නොව , වත්මනින් ඔබ්බට , සිදුවන සියලු යහපත් දේ මෙන්ම පාවිච්චි කර ගත හැකි හැම සිදුවීමක්ම , මේ පවුල් ගහේ ගිණුමට බැර කොට , ඒ ගිණුම යාවජීවව පවත්වා ගෙන යන්නෝය . (ගිණුම
උක්‌ත කී පෙරේරාලා (දැන් හය වෙනි පරම්පරාව ) තවම පෙරේරාලාමය . නමුත් මැද මුලන රාජපක්ෂලා දැන් රාජපක්ෂවරු නමින් හැඳින්වේ. පෙනෙන්නේ පුලතිසි පුර සිරිසේන ලා , සිරිසේනවරු වන කළ ද (දැනටම වසරක් තුළ මහත්මියක් මැතිනියක් වී ඇත) එතරම් ඈත නොවන බවකි .
16 February 2016
සොපි
සොපි නෝනා
ඇඬුවේ
මළ ගෙවල් වල
පෙට්ටිය ගේන කොට
මිනිය උස්සන කොට
නෝට්ටු කොළ වලට
පුරුද්දට
මධ්‍යහන පුවත් අහලා
විජේ කුමාරතුංගට වෙඩි තියපු දවසේ
ඈ හැඬුවාය ඇත්තටම
කවදා හිමි නොවෙන
ඒත් රෑ මැදියම
සිතට හිමින් තුරුළුවෙන
වීදුරු හීනයක් බිඳී
සොපියගේ මිනිහා සෝමදාස
මැරුණේ බීලම
කොරියාවේ ජිනේ ගේ දහජරාව
ඇඬුවේ නෑ ඈ
එදා
දුක තුරුළු කරන්
උරගත්තා කඳුළු
මිදුළු තුලටම
සොපි
දැන් කරන්නේ නෑ
ඒ රස්සාව
පාලර් වල ඉඩ කොහොමත් නෑ
දුකට
සෝකෙට මිසක් සාතිශ්‍ය
පලි
ඒත් ඇවිත් හිටියා
සොපි
කඩුවෙල උසාවියට
පහුගිය සතියේ දවසක
පපුවට ගහ ගහ
පරණ පුරුදු විදියට
ඇඬුවා
ඈ
ජාතිආල මහත්තයෙක්
අත අල්ලන්
කියන කන්
අයින්වෙන්නයි
මාධ්‍ය මහතුන්ට
දී ඉඩක්
ඇඬුවේ
මළ ගෙවල් වල
පෙට්ටිය ගේන කොට
මිනිය උස්සන කොට
නෝට්ටු කොළ වලට
පුරුද්දට
මධ්‍යහන පුවත් අහලා
විජේ කුමාරතුංගට වෙඩි තියපු දවසේ
ඈ හැඬුවාය ඇත්තටම
කවදා හිමි නොවෙන
ඒත් රෑ මැදියම
සිතට හිමින් තුරුළුවෙන
වීදුරු හීනයක් බිඳී
සොපියගේ මිනිහා සෝමදාස
මැරුණේ බීලම
කොරියාවේ ජිනේ ගේ දහජරාව
ඇඬුවේ නෑ ඈ
එදා
දුක තුරුළු කරන්
උරගත්තා කඳුළු
මිදුළු තුලටම
සොපි
දැන් කරන්නේ නෑ
ඒ රස්සාව
පාලර් වල ඉඩ කොහොමත් නෑ
දුකට
සෝකෙට මිසක් සාතිශ්‍ය
පලි
ඒත් ඇවිත් හිටියා
සොපි
කඩුවෙල උසාවියට
පහුගිය සතියේ දවසක
පපුවට ගහ ගහ
පරණ පුරුදු විදියට
ඇඬුවා
ඈ
ජාතිආල මහත්තයෙක්
අත අල්ලන්
කියන කන්
අයින්වෙන්නයි
මාධ්‍ය මහතුන්ට
දී ඉඩක්
13 February 2016
තවත් එක් වැලන්ටයින් දින කතාවක්
"හම්මේ උඹ ආවද ?... හැපී වැලන්ටයින් කිව්වා " රවී කියවමින් සිටි පත්තරය හැකුලුවේය .
"වැලන්ටයින් තමා මොකෝ බං , උඹ මේ ඉරිදාවත් ටිකක් නිදා ගන්න දෙන්නේ නැතිව දිගට හරහට කෝල් දුන්නේ. මිස් කෝල් එකොළහක්" . මලිත් චීන දුරකථනයේ තිරය , ඇමෙරිකානු කොඩිය සේ වූ කොට කලිසම් කකුලක පිසදැම්මේය ය ,
එහෙම නෙමේ . අර පඬියෙකුත් කියලා තියෙන්නේ අර්ලි බර්ඩ්ස් ලා ගැන කතාවක්
මොකක්ද බං ඒ කතාව , උන් තෙමි නහී කියලද ?
නෑ යකෝ , ඒ අත්තෙන් අත්තට පනින උන් නේ . ...අද තමයි දවස . ගානක් කපා ගන්න තියෙන . හැබැයි උදෙන්ම එන්න ඕනේ
ඒක නෙමේ . උඹ වීල් එක පාක් එකේ ගහ ගන්නේ නැතිව මෙතන ගහපු එක හොඳයි .
ඔව් ඔව් , ඒකනේ මම උඹට කිව්වේ ... මෙතන නිකන් හැංගිලා වගේ තියෙනකොට කපල්ස් එනවා . ... මේ දැක්කද .... සයිඩ් එකේ ඉස්ටිකර් ටික ... දිගටම හාට් පේළියයි
ඔව් ඔව් වීල් එකට නගිනවා දැක්කොත් හොඳ නෑ නේ . ලජ්ජාවට බයට හැදිච්ච ... ඔන්න කියනකොටම එනවා ..
කෝ?
අර අර බස් එකෙන් බැස්සේ ...අයියෝ හතලිහ පැනපු නාකි ජෝඩුවක්ද කොහෙද ...
හරි හරි උන්ටත් වැලන්ටයින් තියෙනවා බං ...පොඩ්ඩක් හිටහන් මම මේ සිංදුව මාරු කර ගන්නකන් ... ඔක්කොම කොල්ල අඬන සින්දු ගහලා පෙන් එකක් ගහ ගත්තා ...දුක වැඩි හන්දා , බලා ඉන්නම් ඔක්කොම ..රොමැන්ටික් නේ
රවී අයියා උඹ මේ වැඩේ හොඳට හිතලා ප්ලෑන් කරලා තියෙනවා වගේ .
එහෙම නැතිව බෑනේ . අර රූම් චමින්දයා , අලුතෙන්ම සුදු ටවල් වගයක් අරගෙන හාට් මාක් මහගෙන ගියා . ඌ මේ සතියේ කාමර දෙකක් බුක් කලොත් තුන්වෙනි එක ප්‍රී දෙනවලු ..කට්ටියට කියන්න කිව්වා
ඈ එහෙමද ?
අනික මේ ....(ත්‍රී රෝද රථයේ කැන්වස් එකත් රාමුවත් අතර හිර කර තිබු සිලි මල්ලක් ගෙන , කට පළල කර පෙන්වීය )
ඊයේ පාමසියේ සුමනයාගෙන් ඉල්ලගත්තා . විසිකරන්න තියෙන ලොට් එකක් කිව්වේ
ඒ මටත් දීපන් කීපයක් ... මුන් චන්ඩි වගේ දක්කන් ආවට ...කඩේකට ගිහින් ගන්න ලැජ්ජයි ඇඹරෙනවා ... හයර් එකට ගාන කපලා මේක නිකන් දෙන්න ඕනේ
අඩේ ...ගුඩ් අයිඩියාර් .. වැලන්ටයින් ඉස්පෙෂල් ..අම්මපා මලිතෝ මේ වැලා නම් මල් පහන් තියලා වඳින්න ඕන දෙයියෙක් බං ...දැන් උඹ මොකද කරන්නේ මේ දවසේ ?
හවස ප්‍රියංකා එක්ක දියත උයනටවත් යනවා බං, මේකෙන් ගානක් සෙට් වුනොත් . කෙල්ල හරි ආසයි අයියේ බිත්තර ආප්ප කන්න
"මල්ලි හයර් එකක් යන්න පුලුවන්ද ...?"
(කතාවෙන් කතාවෙන් , යුවළ ලඟට ආ බවක් දෙදෙනාම නුදුටුන )
හරි යමු සර්. මේ මල්ලිගේ වීල් එකට නගින්න .. මල්ලී උඹ මුල්ම හයර් එක ගනින්
ලොකු අයියා, ඒත් මේක උඹේ හයර් එකනේ ...
ඒ පණ්ඩිත කතා නැතිව උඹ ගනින් .. ඉක්මනට හයර් ටිකක් හොයන්, ගෙදර ගිහින් හොඳට නාලා පියන්කා බලන්න පලයන් .
ලොකු අයියේ එහෙනම් අපි ගියා ....."
හා හා බුදු සරණයි , මේක අමතක කරන්න එපා
රවී සිලි බෑගය ගුලි කර, රියදුරු අසුන දෙසට විසි කළේය . රථය ට්රාට්‍රාට්‍රා හඬ නගමින් ඉගිලුනේය ...
" ටින් ටි ටින් ටින් ....බලා ඉන්නම් , කල්ප ගානක් උනත් මං .... " හඬ පරදා
" මම දන්න ඩීසන්ට් පොට් එකක් තියෙනවා සර්" යයි මලිත් කියනවා රවීට යාන්තමට ඇසුනි
ත්‍රී රෝද රථය කඩුවෙල දෙසට පියාඹන්නට විය .
රථයේ පිටුපස කවුළුවට යටින් ඇලවූ ස්ටිකරයේ " කුමටද කුසලට කම්මැලි වන්නේ " යයි හැඩ අකුරින් ලියා තිබුණි
07 February 2016
නමෝ නමෝ මාතා , නමෝ නමෝ ටායේ සහ ජාතික ගීය
"මචං හැපී ඉන්ඩිපෙන්ඩස් "
"හැපී ඉන් ඩිපෙන්ඩ්ඩන්ස් ?"
ඔන්න ඔහොමයි අපි කතාව පටන් ගත්තේ
"මොකෝ හිතන්නේ මේ දෙමළෙන් නමෝ නමෝ මහතා කියන එක ගැන, අර්ථය එහෙම්මම එන්නේ නෑ නේද ?" .
මේ දවස් වල මාධ්‍ය වල , සමාජ අන්තර්ජාල අඩවි වල, තලුමර මර හපන, සූප්පු කරන මාතෘකාවක් විසිවුනා මා දෙසට . සතර මහා පෙර නිමිත්තෙන් මුල් තුන සලකා බලා , මම පිළිතුරක් දීමෙන් වැලකි සිටියේ " අනේ මන්දා කියමිනි ".
නමුත් ඒ ගැන කියන්නට දෙයක් , දීමට පිළිතුරක් , විටෙන් විට බොහෝ අය සමග සංවාදයෙන් , බොහෝ දෙය කියවීමෙන් සහ ඒ ගැන සිතීමෙන් ම සිත තුළ කැකෑරෙමෙන් තිබේ . එය මෙසේ සටහන් කරන්නේ , වැඩි දුර සංවාදයක් ගැන බලාපොරොත්තුවෙනි . නමුත් පෙරාතුව එක ඉල්ලීමක් කරමි , මෙය කියවා ඇතිවෙන සංවාදය තුළ මම මගේ අදහස් වෙනස් කර ගැනීමට සුදානම්ය . ඔබත් පාට කණ්ණාඩි ගලවා කියවන්න , නැතිනම් සමහර දේ නොපෙනෙවී.
ජාතික ගීය පිලිබඳ මුලින්ම මට ඇත්තේ පැනයකි . ඇයි අපේ ජාතික ගීය ඉමෝෂනල් මදි වගේ දැනෙන්නේ . ඇයි ඒක කියන කොට ඇස් තෙත් නොවෙන්නේ ?
අයෙක් දිනෙක කීවේ " දවසක් පැල නැති හේනේ" කියනකොට , ... "ඒ ජීවිතයට කිරි දී පණ දී" කියනකොට ..... "අම්මා සඳකි " කියන කොට දැනෙන, "හෙළ ජාතික අභිමානේ" කියනකොට, "සසර වසන තුරු" කියන කොට දැනෙන තරමට හැඟීම් .... නමෝ නමෝ මාතා කියනකොට දැනෙන්නේ නෑ " කියාය .. එය තරමකට ඇත්තය .
එහෙම දැනෙන අවස්ථා ඇත . ක්‍රිකට් තරඟයකදී , නැතිනම් ඩයස්පෝරික හමුවකදී එය දැනේ . ඒත් ඒ දැනෙන්නේ ජාතික අභිමානය පිලිබඳ හැඟීමක් ද නැතිනම් .... ගෝත්‍රික වාදී , සටනට සැරසියව් වැනි , නැතිනම් අතීත කාමය මුසුවූ , පාළුව තනිකම , home sick වගේ හැඟුමක්ද කියා මට වෙන් කර ගත නොහැක .
ඒ අතින් ජාතික ගීය , එහි මුඛ්‍ය අවශ්‍යතාවය පුරවා ලන්නට සමත්දැයි මට ප්‍රශ්න සහගතය . ඉමොෂනල් නැතිවූ විට " ඔබ රාගී මන කැල ඹේ දෝ " කියද්දී නිසල ව සිටියද , "බුද්ධං සරණන් ගච්චාමි" කියන විටම මෝලමද ඩෙගා නැටුමද පටන් ගන්නෙමු. එලෙසම ජාතික ගීය ගායනා කරන විටද , එය විඳ ගැනීම වෙනුවට , සාක්කු දෙකේ අත් දෙක දමා ගෙන පොකට් බිලියඩ් ක්‍රීඩාවේ නියුතු වීම ආදී නෙක ක්‍රියාවන්හි නිරත වන්නෙමු . ඒ අපි, තේරෙන සිංහලෙන් ගායනා කරමිනි . නොතේරන බසකින් එය ගයන විට තත්වය ?

භාෂා දෙකකින් වර්ෂන් දෙකක් තිබීම පිලිබඳව මට එතරම් ගැටළුවක් නැත . මා ඉගෙන ගත් ඉස්කෝලේ ( තුන්මුල්ලේ සියඹලා ගස් දෙකේ ඉස්කෝලේ ) බාසා දෙකකින් ගැයුණු පාසැල් ගී දෙකක් තිබුණු . අපි ඒ දෙකම ගැයිමු . අදද ඒ ගීත දෙකම ඇසෙන විට බෙල්ලේ මයිල් කෙලින් වේ . ඒ වෙන කිසිම දෙයකට වඩා ඒ ගී වල සාර්ථකත්වය නිසාය . ඒ ගීත වල ඇති , මට හුරු පුරුදු ජීවන දර්ශන උවදෙස් පාඨ නිසාය. මෙවැනි හැඟීමක් මට හෙළ ජාතික අභිමානේ ගීය අසන විටද ඇතිවේ, ඒ පද මාලාව නිසාය . ගජගා වන්නම අසන විටද ඇතිවේ , ඒ රිද්මය නිසාය .
ජාතික ගීයකට මේ දෙකම අවැසිය .
නමුත් භාෂා දෙකකින් මේ ගීය ගැයීම , ස්ථිර විසඳුම යයි මම කිසි විටක නොසිතමි . එය මේ අවස්ථාවේ හොඳම තාවකාලික විසඳුම දැයි මම නොදනිමි. නමුත් ඊට විරුද්ධව දක්වන සියලු තරකයන්ගේ පුහු බව නම් දකිමි . කිසිම රටක ත්‍රස්තවාදය පරාජය කර නැතැයි කියා නොසිට , එය පරාජය කළ අයම , අපි වෙනස් ජාතියක් කියන අයම , කිසිම රටක ජාතික ගී දෙකක් නැතැයි කියා කෑ මොර දීම , එක අතකින් උත්ප්රාසාත්මකය (එය "මේක සිංහලේ යකෝ , එක්සත් රටක් " කියන්නා සේම ය ( සිංහලේ යනු , වෙන්වූ පාලන ප්‍රදේශයක් ඉල්ලා උඩරට රදලයන් ඩොනමෝර් සාමීට ඉදිරිපත් කළ ඉල්ලීමේ ඒ "සිංහල උඩරට ඊළමට දුන් නම ද විය ) )
ජාතික ගීය , ගැයුම තේරෙන බසකින් කිරීමට අමතරව ( ඇතැම් විට ඊට වඩා) වැදගත් වන්නේ එය තේරෙන සංස්කෘතියකින් ජනනය වීමය , ඇඟට දැනෙන රිද්මයකින් ගලා යාමය . ඉන් කියවෙන අදහස වටා , සන්නාමය (brand ) එක වටා අවැසි සියල්ලන්ටම එක් රොක් විය හැකි වීමය . එමෙන්ම එය මතු කාලාන්තරයකට එම ගුණයන්ම ලබා දීමය (timelessness ).
නමෝ නමෝ මාතා ගීයේ මේ සියලු අංශයන් ගේ හිදැස් ඇතැයි සිතමි .
පළමුව අපි අපේ සංස්කෘතික බල ස්ථාන හඳුනා ගත යුතුය . සිංහල බෞද්ධ වේවා , සිව්හෙල වේවා , හෙළ වේවා , ශ්‍රී ලාංකික වේවා , ඊළාම් වේවා , කුමන නමකින් හැඳින් වුවද , අපේ සංස්කෘතියේ මූලික ගුණාංග , ඉවසා වැදෑරීමය (tolerance ), දරා ගැනීමය (resilient ) , කඳුල අතරින් සිනහ වීමට ඇති හැකියාවය, පරිසරය හා ඇති බැඳීමය . නමෝ නමෝ මාතා හි පොලොව යට ඇති මැණික් ගැන කීවාට , මිනිසුන්ගේ අධ්‍යාත්මය ගැන කිසිවක් නොකියයි . කොටින්ම මාතා යන වදනද අපට නුහුරුය (එපමණක් නොවේ විද්‍යා, සත්‍යා, ශක්ති, භක්තී ගැන මදක් සිතන්න). එය ඉන්දියානු ය . (අයෙක් එය "මහතා" කියා වරද්දා කියත්. වැරදුනු බවක් ඔවුනට නොතේරේ .) . ඒ බසේ දුරස්ථ බව නිසාය . (අපි මේ ගීය සම්පාදනය කරන කළ අපිට දක්නට ලැබුණු ජාතිකත්වයට තිබුනේ එක ෆ්ලෙවර් එකකි . එය ඉන්දියානු විය . අනෙක් අතට වසර ගණනකට පසු අපට අපේ කම කුමක්දැයි සිතන්නට කල් මදි ය . ඉතින් එකළ මෙය සම්මත විය . එනමුදු අද තත්වය වෙනස් ය . අපි ඊට වඩා මුහුකුරා ගොස් සිටිමු )
පද රචනය , බිමේ සරු බව ගැන කියයි . එනමුදු එහි ජීවත් වූ , වෙන මිනිසුන් ගැන කිසිත් නොකියවේ .කෙතරම් ගහ කොළ වැවුනද , සතා සීපාවා සිටියද , මිනිසුන් නැති බිම මුඩුය . මවක ගරුසරු ලබනේ , තම දරුවන්ගේ පැවැත්ම නිසාවෙනි. ජාතික ගීයක පද පෙළේ , ජාතියේ ( ජාතිය යන පුළුල් ම අර්ථයෙනි ) විජයග්‍රහණයන් , දස්කම් , අරටුවේ දැඩි බව / මුදු බව , මෙන්ම අනාගත මග පිලිබඳවද කියැවිය යුතුයයි සිතමි . ජාතියක ඔද තෙද මෙන්ම , ජාතියේ හද ගැස්මද එහි පද අතර දිග හැරිය යුතුය . (
එය ගයන අපිට , පපුවට දැනෙන වදනින් විය යුතුය . ගැයෙන බස , වැඩිමනකට තේරෙන බසකින් විය යුතුය . ෙඓතිහාසිකව අප රටේ , දෙමළ , සිංහල බාසා දෙකම භාවිතා විනි ( කොටින්ම 1815 ගිවිසුම ඇතැම් "සිංහල " රදළයන් අත්සන් කලේ දෙමලිනි ). ඉදින් , ජාතික ගීයේ භාෂා දෙකෙන්ම ගැයෙන අන්තරා තිබිය යුතු යයි සිතමි .
ඒ පද පෙළ , අපේ හද ගැස්ම වේගවත් කරවන . කලින් කීවාක් මෙන් , බෙල්ලේ මයිල් කෙලින් කරවන තනුවකින් ගැයීය යුතුය .
අපේ පපුවට දැනෙන නාද, පන්සලේ හේවිසියයි , කෝවිලේ නාදාස්වාරම් නාදයයි , කපිරිඥ්ඥ වයලීනයේ දිගු සුසුමයි,
ගජගා වන්නමේ රිද්මයයි (ජාතික ගීයකට නුසුදුසු උනත් පපර බෑන්ඩ් එකක , කාවඩි නැටුමක ට්‍රම්පට් වාදනයයි ).
ඒත් කෝ මුස්ලිම් හඬක්, ඔබ බලාවි . අපිට වැරදුනේ එතනය, මෙය ඔක්කොම කුළුබඩු දමා හදන තැම්බුම් හොද්දක් නොව , සියලු පහේ යුතු පමණින් පමණක් දැමු, පමණට හැඳි ගෑ, කිරි හොද්දක් විය යුතුය . ආගම් , ජාති කන්නාඩි ගලවා , ඉන් ඔබ්බට ගොස් , ජාතික සංස්කෘතිය පෙනෙන මට්ටමට ඉහලට පියා සලා , මේ ගැන බැලිය යුතුය .
අපේ ජාතික ගීය මේ අදහස් , පද, නාද සංකලනයෙන් සැදුනානම් එය කෙසේ වේවිද ?
පලි
මම ගීත රචකයෙක් හෝ සංගීතඥයෙක් නොවෙමි , ඒත් මේ සතියක සිතුවිලි තුලින් මම එහි පදනම "හෙළ ජාතික අභිමානේ " සහ "සසර වසන තුරු" පද රචනා තුළ ඇති සිතමි . නමුත් එහි ඇති බෞද්ධ ආගමික දර්ශනය ( හොඳින් වටහා ගන්න , සිංහල බෞද්ධ හෝ දෙමළ සංස්කෘතිය ගැන නොවේ . ඒ සංස්කෘතියේ ශිරා, ධමනි වටා, තම අදහන ආගම කුමක් වුවද පේදුරු තුඩුවේ සිට , දෙවුන්දරට සියල්ලන්ටම රොක් විය හැකියයි මම සිතමි ) ගැන අදහස් ඉවත් කළ යුතුය . ඒ එය පොදු තැනකට ගෙන ඒමටය . තාලය , ගජගා වන්නමේ , මගුල් බෙර වාදනයේ , කෝවිලේ වාදනය ඇසුරෙන් සකස් කර ගත හැකිය .
මේ ගැන දිගු සංවාදයක් කිරීමේ දොළ දුකෙන් පෙලෙමි , එහෙයින් ඔබ අදහස් මට වටී .
03 February 2016
Emotional Politics (හෙවත් හැඟීම් දේශපාලනය) සහ Politics of Emotions (හෙවත් හැඟීමේ දේශපාලනය )
Emotional Politics හෙවත් හැඟීම් දේශපාලනය
ඔන්න වෑන් එකක් නවත්තනවා කියන්නේ . සුදු වෑන් එකක් කියන්නේ . එකෙන් , දස මහා යෝධයෙක් වගේ , පුත්තර රත්නයක් බහිනවා කියන්නේ . කොල්ලා අහිංසක හිනාවක් පානවා කියන්නේ . පව් කියලා හිතෙනවා කියන්නේ . එක පාරටම දුක පිරිච්ච අම්මා කෙනෙක් ගේ මුහුණට ක්ලෝස් අප් ෂොට් එකක් දෙනවා කියන්නේ . අම්මා කෙනෙක් නේ කියලා හිතෙනවා කියන්නේ . ලොකු අයියත් ඉන්නවා කියන්නේ . සහෝදර ප්‍රේමේ ගැනත් මොකක්දෝ හැඟීමක් එනවා කියන්නේ . බප්පොච්චිලාත් ඉන්නවා කියන්නේ . දුකකදී එක් නොවෙන පවුල් මොකටයි කියා හිතෙනවා කියන්නේ . ඔන්න අප්පොච්චත් එනවා කියන්නේ . අමාරුවෙන් වගේ හිනාවක් පාගෙන වගේ , ඇවිදගෙන එනවා කියන්නේ . රජකෙනෙක් වුනත් , පුත්තර සෙනෙහේ ඇහැට කඳුලක් නංවනවා කියන්නේ ( පුත්තර සෙනෙහෙ මාකටින් වල මැද මුළන ක්‍රමේ , පුලතිසි පුර ක්‍රමේට වඩා දහස් වරක් සාර්ථකයි කියන්නේ ). අනේ ඉතින් අපිටත් මෙහෙම වුනා නම් කොච්චර දුකක්ද කියලා හිතෙනවා කියන්නේ . ඒ වුනාට , අපිට ඉතින් මෙහෙම වෙන්නේ නෑ නේ , වුනත් මෙහෙම නෑ නේ කියලා හිතෙන්නේ නෑ කියන්නේ .
බලය වෙනුවෙන් බොටුවක් මිරිකන්න , ඊට වඩා යමක් උනත් කරන්න දේශපාලඥයෝ එක්සිතින් පැහැදී සිටින බව මදකට අමතක වෙනවා කියන්නේ ( මේ උන් ඔක්කොමත් අපි වගේ ම මිනිස්සු කියලා හිතෙනවා කියන්නේ ) කළු ලෑල්ල මකලා දාපුවම එකේ තිබ්බ ඒවා මතක නැති වෙනවා වගේම , වමට දාපු සිග්නල් එක දිහා බලන් ඉන්නකොට , දකුණට රෝදේ කැපෙන වත් පෙනෙන්නේ නෑ කියන්නේ .
මළ හිරු බහින යාමේ කොල්ලා , බන්ධනාගාර බස් එකේ දාගෙන , දෑතේ විලංගු ලා ගෙන අරන් යනවා කියන්නේ . හිතේ මොකක්දෝ හැඟීම් නූල් බෝලයක් ලිහිලා , ටීවී එකේ ෆැන්ටසියක තියෙන ගමේ රහ , පරණ රාජ කතා , දරු සෙනෙහස, දේශප්‍රේමය, ගමත් නගරයත් අතර අතරමන් වුනු පහළ මැදි පාංතික හිතක නිධන්ගත හීනමානය , මේ සියල්ල එකට ගැට ගැහෙනවා කියන්නේ .
ඔන්න කකියන්න ගන්නවා කියන්නේ .
****
Politics of Emotions හෙවත් හැඟීමේ දේශපාලනය
ඔන්න වෑන් එකක් නවත්තනවා කියන්නේ . සුදු වෑන් එකක් කියන්නේ . එකෙන් , ටිකිරි බණ්ඩාර කුමාරයා වගේ හිටපු කොල්ලෙක් , නිකන් ගමේ කෙහෙල් කැනක් කපපු සෝමේ ව වගේ උසාවි ගේනවා කියන්නේ . කාර් බාර් , කොල්ලෝ කෙල්ලෝ , ඩෙනිම් ටී සේට් දෙක සුස් කිට මරා ගෙන අපිට කොකා පපා එහෙ මෙහෙ ගිය උන්ට ඔහොම වෙලා මදි කියලා හිතෙනවා කියන්නේ . අපේ හීනේ , උන්ට හැබෑ වෙනකොට හිතේ ඇති වෙච්ච හැඟීම ඉරිසියාව නෙමෙයි , සාධාරණ සමාජයක් කෙරෙහි වූ උතුම් පැතුමක් යයි හිතෙනවා කියන්නේ . කොල්ලා අහිංසක හිනාවක් පානවා කියන්නේ . කෝචෝක් හූවක් කියන්න හිතෙනවා කියන්නේ. එක පාරටම දුක පිරිච්ච අම්මා කෙනෙක් ගේ මුහුණට ක්ලෝස් අප් ෂොට් එකක් දෙනවා කියන්නේ . රජකම් කළත් කළ කම් පඩිසන් දෙනවා කියන්නේ . ලොකු අයියත් ඉන්නවා කියන්නේ . ඊළඟට ඕකවත් දැම්මා නම් ඇතුළට කියලා හිතෙනවා කියන්නේ .
මිනී මැරුමකට වගේ නෙමෙයි , මේ වගේ මාස් ශුද්ධිය මුදල් විශුද්ධිකරණයකට, කේස් එකේ හිල් තියාගෙන සති දෙකකට ඇතුළට දාපුවම , නඩුව ගොඩ දා ගන්නත් පුළුවන් කියන්නේ . ඒ වගේම රාජපක්ෂයෙක් ඇතුළට දාන කම් හිත් වල තිබ්බ දොළ දුකත් සංසිඳෙනවා කියන්නේ . වන් ඉස්ටෝන්, ටූ බර්ඩ්ස් කියන්නේ.
ඔන්න අප්පොච්චත් එනවා කියන්නේ . අමාරුවෙන් වගේ හිනාවක් පාගෙන වගේ , ඇවිදගෙන එනවා කියන්නේ . අර රජ තේජස දැන් කෝ කියලා හිතෙනවා කියන්නේ . කුණු කාණුවේ , කොන්ක්‍රීට් ලෑල්ල උඩ හිටගෙන ඉන්නකොට මේ යහ පාලනෙත් නරකම නෑ කියලා හිතෙනවා කියන්නේ .
කුණු කාණුවේ කුණු ගඳ අමතක වෙනවා කියන්නේ
පලි
දේශපාලනය වනාහි , මොළය නොව හදවත සම්බන්ධ වයාපාරයකි .එහි මූලික නියමයක් වන්නේ සියල්ලෝම හැම විටම ඇන්ද විය හැකිය යන්නයි. එක අතකින් , මේ සිරගත කිරීමෙන් වැඩිම වාසියක් එන්නේ මහින්දටය (හෝ ඒ කොඩිය ගෙන යන යමෙකුටය ). වැඩිම චූන් එක ලැබෙන්නේ යූ ඇන් පී කාරයන්ටය . ජෙප්පන්ට අන්ඩර් ද බෙල්ට් පාරක් වැදී , සටන් පාඨ හීන වෙන අතර , සිරිසේන ගේ කල්ලියට තියෙන චන්ද හුන්ඩුවත් නැතිවේ .
සුන් සූ ඔහුගේ ගේ යුධ කලාව ( Art of War ) පොතේ කියන්නේ , හතුරෙකුට ඉස්සරහින් ගහන්න , පස්සෙන් පැන යන්න ඉඩ තියන්න කියාය .
මහින්ද ගේ පාලන සමයේ , රනිල් ගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් වූයේ මහින්දය . රනිල් කළගුණ (මෙන්ම අගුණ ද ) සලකන මිනිහෙකි . මේ ඒ කළගුණ සලකන සමය වීමට ද ඉඩ ඇත .

Subscribe to:
Posts (Atom)