දවල්ට ලන්ච් එකට ( දවල්ට නැතිව රෑට ලන්ච් තියෙනවා යෑ? ), එකමත් එක රටක (ලංකාවෙන් පිට ) එක්තරා කන්තෝරුවක ( අපේ කන්තෝරුවේ නම් නොවේම නොවේ) ලංකාවේ කට්ටිය කැන්ටිමේ එක මේසයක් වටා සෙට් වෙනවා . ඔන්න අලුතෙන් කන්තෝරුවට ආපු නාඹර ගෑණු ළමයෙක්, කෑම එක අරගෙන, වටපිට බලනවා ඉඳගන්න තැනක් හොයාගන්න .
"ආ නංගි ..එන්න එන්න .. මෙතනින් ඉඳගන්න " , රිටයර් වෙන්න ඔන්න මෙන්න
ඉන්න පීටර් අංකල් කතා කරනවා . ගෑණු ළමයත් ඉතින් වන වනා ඇවිත් හිස් පුටුවක වාඩී වෙනවා .
" ඔහොම ඉන්න මම කට්ටිය අඳුන්වලා දෙන්නම් " සෙනක්ඩ් වෙන්නේ නැතිව සිල්වාත් ඉදිරිපත් වෙනවා .
"මේ ඉන්නේ කමල් , මේ අමල් , මේ නිමල් ,.."
"හලෝ ..නයිස් ටු මීට් යූ .. " ගෑණු ළමයත් .. පපඩම් කැල්ලක් ගෑරප්පුවෙන් කඩලා පොෂ් විදියට හැන්ද උඩින් තියලා .. හෙළ බස හපන්නේ නැතිව , ඇක්සන්ට් එකක ඔතලා ප්‍රතිචාර දක්වනවා
" ඕ ගොල්ලෝ ගොඩක් කල් ද මෙතන වර්ක් කරන්න ඇවිත් ?..."
ඉතින් කට්ටිය තමන්ගේ සර්විස් එක ගැන පුරාජේරුව පටන් ගන්නවා .. වැඩේ ලීඩ් කරන්නේ පීටර් අංකල් ..."මම අවුරුදු 25ක් , සිල්වා අවුරුදු 22ක් ... "
ඔහොම දිගට යනවා .
"අම්මෝ මට වයසවත් ටුවෙන්ටි ෆයිව් නෑ .... ඒත් ඕ ගොල්ලන්ට එච්චර වයසයි කියලා කියන්න නම් බෑ ...." කෙල්ල ටොක්කක් ඇනලා ඔලුව අතගානවා
(සභාවේ සිනා නැගෙනවා)
"මේ අමල් ..මු නම් ලඟදී මෙහෙ ආවේ ... මු සිංගල් ..." කමලුත් කතාවට සම්බන්ධ වෙනවා
අමල් පොඩි මනමාල හිනාවක් දානවා .
"ඒ ...ඇයි යකෝ මම ...මමත් සිංගල් වගේ නේ ..." පීටර් අංකල්, තම බිරිඳ, කාලයක ඉඳන් පොඩි මුණුපුරා බලාගන්න දුවගේ ගෙදර නැවතී ඉන්න බව මතක් කරනවා .
"මමත් සිංගල් වගේ තමා , නෝනා ඉන්නේ ලංකාවේ .. " ඒ කමල්
"මේ දවස් වල මමත් සිංගල් , නෝනා නිවාඩුවට ලංකාවට ගිහින්" සිල්වාත් බස් එකට දුවගෙන ඇවිත් එල්ලිලා නගිනවා
..... නිමල් ......ලොකු බත් කටක් අනා ගෙන කටේ දා ගන්නවා ..
පලි : මේ ගැන කතාව ආයෙත් ඇදිලා ආපු දවසක , අපි ලංකාවේ සමාජයේ තියෙන සංස්කෘතියේ සදාචාරයේ රෙද්දෙන් වහපු ලිංගික පීඩනය ගැන කතාවෙනවා .
වැරදිලාවත් කකුලක් දිහා වත් බැලුවොත් නිවන් දකින්න බැරිවේ යයි කුඩා කළ හිත් තුළට බස්සන සිතුවිල්ල හිතේ හදන ෆැන්ටසි , වයසට ගියහම බොහෝ විට හාස්‍යජනක තැනකට එන අයුරු ගැන අපි කතාවෙනවා . ඕල්ඩ් බෝයිස් යන සංකල්පය දිගට දිගට විග්‍රහ කරන්න ගන්න අපි , වල් කමේ ස්වාභාවික සීමාව ගැන වාද කරගන්නවා. හීනෙන් වත් ලඟා වෙන්න බැරි මල් ගැන , "දුන්නොත් ගහනවද ?" කියලා කොලු කමට අහන කතාව වයසට යනකොට පැසවා ෆැන්ටසි වලට හැරෙන අයුරු ගැන කතාවෙනවා . .."ඒ වුනාට ලංසි මාර ඕපන් " එකෙක් කියනවා . ඒත් ඔය කියන විවුර්තත්වයත් සමාජයේ සාමාන්‍යයට සාපේක්ෂව නේද කියලත් , ඒ විවුර්තත්වය වෙනත් සංස්කෘතියක සම්මතයට වඩා සෑහෙන්න මෙපිටින් නේද කියලත් අපි කතාකරනවා .
කල්පයක් වගේ දිග නිහඬතාවයක ගතවෙනවා . අපි අපි ගැනම හිතනවා.