"ආයුබෝවන් ..මෙන්න අතිරස පුවත් . ... කොළඹ ඇතුළු ප්‍රදේශ රාශියකට ගාලු ගංවතුර තත්වය බැස යාම ඉතා සෙමින් සිදුවේ . මහජන සහන වැඩසටහන් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ , එම නිසාම රජය තම සහන වැඩසටහන් අත් හිටුවා ඇත . කැළණි නිම්නයේ සංචාරයේ යෙදෙන අපේ වාර්තාකරුට හමු වූයේ පහුගිය දින ගංවතුරෙන් ඉතාම ප්‍රසිද්ධියට පත්වූ චරිතයක් "
ඔබේ සම්පුර්ණ නම
ඇලිගේටර් ආරච්චි ගේ කිඹුල් අප්පුහාමි
ඔබේ ගම
අපේ මුල් ගම මාතර , ගඟ අසබඩ , දැන් නම් පදිංචිය කැළණි ගඟ අද්දර
ඔබ ගොඩට ආවේ මොකද
මුලින්ම ජොලියේ රැල්ලට එහෙ මෙහෙ ගියා . මම අඳුරන මහත්තයෙක් හොයාගෙන තමයි ගොඩට ආවේ . මිනිහා ගෙන් කිසි සද්දයක් නැති නිසා කරදරයක්ද කියලා බලන්න
ඔබට ගොඩට ආවට පස්සේ ලැබුණු ප්‍රතිචාර කොහොමද ?
ප්‍රතිචාර හොඳයි .
එහෙම කිව්වට ඔබව දැකලා මිනිස්සු බය උනා නේද ?
නෑ පිස්සුද , පොඩි ළමයෙක් ඇවිත් මට කෙහෙල් ගෙඩි දෙකකුත් දුන්නා
කවුද කෙසෙල් දුන්නේ.... සුජි ...?
ජරා කතා කියන්න එපා මහත්තයෝ, ඒ මනුස්සයෙක් මනුස්ස කමට බෝට්ටුවේ යනකොට කන්න තියාගෙන හිටපු කෙහෙල් ගෙඩිය ඈත හිටපු ආච්චි කෙනෙකුට බෝට්ටුව ලඟට කතා කරලා දුන්න ම එකේ වැරදි හොයන්න එපා ...
ඒ උනාට කිඹුලෝ කෙසෙල් කන්නේ නෑ නේ
කමක් නෑ මහත්තයෝ හිතේ අනුකම්පාවට දෙන දේ නේ . අර සුනාමි දවස් වල ගාල්ල පැත්තේ කඳවුරු වලට ජර්මනියෙන් ආපු ඇඳුම් පාර්සල් වල ටයි පටිත් තිබුනේ
ඔව් අපේ මිනිස්සුන්ගේ ඒ මනුස්ස කමට අපි ගරු කරන්න ඕනේ
එකෙන්ම . ඒ විතරක්යෑ බත් පාර්සල් අරන් ඇවිත් අමාරුවෙන් වතුරේ බැහැගෙන සෙල්පි ගහන කට්ටිය , මාක් ප්‍රයිස් එකෙන් සත පහක්වත් අඩු නොකර බඩු රාක්ක හිස් වෙන දිහා අනුකම්පාවෙන් බලාගෙන ඉන්න සුපර් මාර්කට් කාරයෝ , ජනතාව තම තමන්ගේ සුභ සිද්ධිය සලසා ගනිද්දී ඊට කිසිම බාධාවක් නොකර බලාගෙන ඉන්න ජනතා නියෝජිතයෝ අමතක කරන්න එපා .
ඇයි ජනමාධ්‍ය කළ සේවය
මහත්තයෝ , ඇත්තටම ජන මාධ්‍ය තියෙන්නේ ඕක කොරන්න නේද ?
මම නම් හරියටම දන්නේ නෑ ....ඔබ කියුවේ නෑ නේ ඔබ ආවේ කාව හොයා ගෙනද කියලා
මේ අපේ හදිසි ආපදා ඇමති තුමා ... මම මේ ඇඟේ ලේ නැතිව හිටියේ උන්නේ උන්නැහේවත් ගංවතුරට ගහ ගෙන ගිහින් කියලා ....
පලි :
ගංවතුර බැහැලා ගොසිනි . පැරා ලියු ලෙසම පරණ ලංකාවම යලි මතුවිය . සුනාමියට පසුද මෙය මෙලෙසම සිදුවිය .
රටේ මිනිසුන්ගේ මනුස්ස කම ගැන ලියු සටහන් අපමණය . ඒ කල කී දෑ ගැන විවාදයක් නැත . නමුත් බුදුන් කීවේ
මේ සටහන ලියන්න හිටියේ ගිය සතියේ ය . නමුත් බාගේට ලියලත් , පළ නොකළේ හිතේ දෙගිඩියාවක් තිබුණු නිසාය . හැම දෙයෙහිම ඇදයක් නොසොයා යමක් කරන්න යයි බස්සි ලියා තිබු සටහනත් මා ඇස ගැටුණි . නමුත් කදුළු අතරින් සිනහව සෙවීම ශ්‍රීලාංකිකත්වයේම අංගයක් නිසාත් ( මළ ගෙවල් වලට ගිහින් නැද්ද ?) , මේ බ්ලොග් අඩවියේ තේමාව කැලැතුනු දේ අතරින් යථාර්ථය සෙවීම නිසාත් (ඇතැම් විට සූම් අවුට් කර සමස්ථය දෙසම බලන අතර ඇතැම් විටෙක සූම් ඉන් කර යමක් දෙස ඉතා පරිස්සමෙන් බලන නිසාත්) මේ සටහන පළ කරන්නට තීරණය කරමි . චැරිටි , පරෝපකාරය , මෙන්ම සංවේදී බව , අනුකම්පාව යන සංකල්ප වල ඇති වෙනස් කම් ගැන මා ටිකක් දුරට කියවා , සිතා ඇත්තෙමි. ඉදින් ඒ ගැන මට ආකල්පයක් ඇත .
සදාචාරය ගැන වෙනම කියවීමක් ඇති මට, මෙය එතරම් සදාචාරාත්මක නැතැයි අයෙකුට සිතුනොත් නම් කම් නැත .මිනිසුන් කම්පනයට මුහුණ දෙන අයුරු ද වෙනස් ය .