"මේක බැරෑරුම් ප්‍රශ්නයක් . මොකද Big Bang theory එක මම සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. විශ්වය ඇති වුයේ කෙදිරියකින් .....ඊට පෙර කිසිවක් නොතිබුණි. කෙදිරියෙන් පසු ලාවට ලාවට වචන නැති නැලවිලි හඬක් , ඇසෙන්නට විය . එතැන් පටන් හැමදේම ඇති උනි. "
අඳුරු ගැබ්බර වලාවක් මෙන් නිහඬ තාවය , එන්න එන්නම මෝරන්නට විය .
තවත් අතක් ඉහලට එසවුනි " සර් එතකොට විශ්වය ඇති වෙන විදිය දන්නවා වගේම , නැතිවෙන විදියත් දන්නවද ?" ....වැස්ස පටන් ගැනිණි . සිනා හඬ ටකරන් වහලයේ වැදී දෝංකාර දෙන්නට විය .
" ඇති වෙන සියල්ලම , නැතිවෙනවා . විශ්වය නැති වෙන්නේ සුසුමකින් ...දිග සුසුමක් නැගේවි ...ඉන් පසු කිසිවක් නැත "
ලස්සන අදහසක්. කඳුල සුසුම, කෙදිරිය මේවා අපේ ජීවිතේ පොදු දේවල්. ඒක මෙහෙම දකින්න හොද හදවතක් තිබිය යුතුයි.
ReplyDelete