23 September 2012

ඔන්න අපේත් (අහිංසක ) විරෝධතාවය



















බල්ලට නමක් 
විල්සෝන් සහ ඇල්මන් ජන්මාන්තර එදිරිවාදින්ය. එය කුමක් නිසා ආරම්භ  වුවා දැයි  කිසිවෙකුට මතක නැත.. නමුත් මුහුණෙන් මුහුණ හමුවුවත්  අහක බලාගෙන යන,  . එකිනෙකා පසුකල පසු,  කාරා කෙල ගසන,  තරමට එදිරි වාදීන්ය .. . 
විල්සෝන් හවසට ටිකක් තොල ගා ගන්නා , සිරුරෙන් හැදී දැඩි කෙනෙකි . ඇල්මන් නම්  ඇල් වතුරත් නිවල බොන ජාතියේ , හාල් මැස්සෙකි. 

වරක් හවස් යාමයේ විල්සෝන්, ඇල්මන්ගේ ගේට්ටුව ගාවටම විත් සද්දයක් දැම්මේ වැටක ප්‍රශ්නයකටය .
 " මේක හරිගස්සුවේ නැත්නම් තෝ බල ගන්" යයි කියා ,පොලෝසියේ  oic මහත්තයා දන්නා බවක්ද පවසා ,  වැනි වැනි ඔහු  යන්නට ගියේය . 

කෝලාහලය වටා රැස්වූ පිරිස කීවේ "ඇල්මොන් අයියා, මේක නිකන් අරින්න එපා " කියාය . . ඇල්මන්ගේ බිරිඳ  සොපි ද  " අපේ මිනිහගේ නොන්ජල් කම නිසා තමයි ගෙදරටම ඇවිල්ල බැනල ගියේ , අනේ මේ වගේ  පිරිමියෙක්" යයි කිහිපවිටක්ම  ඇනුම් පද කීවාය .

සතියකට පසු ඇල්මොන් , බලු පැටවෙක් ගෙනාවේය . බලු පැටියෙක්  කීවාට ඌ හම්පඩ වල් බලු නකුටෙකි.  ඌට නම දැමුවේ "විල්සෝන් " කියාය.
දැන්  හවසට හවසට  බලු පැටවා තමන් බැඳ ඇති පේර ගහ වටේ දුවමින් පළාතටම ඇසෙන්ටම කෑ ගසයි . . පේර කොටුවක් කඩ ගන්නා, ඇල්මොන් ඌ ට පහරක් ගසන්නේ  
" කට වහපිය විල්සෝන් , වල් බල්ලෙක් වගේ ලෝකෙටම ඇහෙන්න කෑ ගහනවා මෙතන " කියමිනි . . එය ඇසෙන සොපි , හදන තේකට වැඩියෙන්  සීනි හැන්දක් දියකරන්නීය .


අව නීතියට එරෙහිව 
"Please do not eat or drink in the train".(කරුණාකර දුම්රියේ  ආහාර බුදිමෙන් වලකින්න) 
 ඒ,  මේ රටේ දුම්රියේ නීතියයි .. නමුත් අබේට මෙය දැඩි ප්‍රශ්නයකි , තම අයිතිවාසිකම් පිලිබඳ ප්‍රශ්නයකි . "එහෙම කොහොමද මචන් උන් කියන්නේ , අපි සල්ලි දීලානේ යන්නේ " ඔහු කිහිප විටක් කියන විට , මම නිසොල්මනේ සිටින්නේ  කාට හරි සිංහල තේරුනොත් කියා බියෙනි ..  අබේ, කැම්පස්  කාලෙදිත් විරෝධතා වලට සම්බන්ධ වූ , වලේ කැන්ටිමේ පරිප්පු හොද්දේ බාල කොලිටියට විරුද්ධව වර්ජනය  කල , ඉන් පසු වෘත්තීය සමිති විරෝධතාවල බෝඩ් පවා ඇඳි කෙනෙකි. මා , සමාජ සම්මතය ගැන කරදර වෙන , බොහෝ විට ගලා යන අතට බෝට්ටුව පදින බය ගුල්ලෙකි 
."මුන්ට පාඩමක් උගන්වන්න ඕනේ මචන් " කියා ඔහු කිහිප දිනකම කීවේය .  
අද ඔහු සීනි ඇතුරූ ඩෝ නට් ( Donut)  එකක් සිලි බෑග්  එකක දමාගෙන විත් ඇත . දැන් ඔහු කැබැලි අතින් කඩා, මුවේ රුවා ගන්නේ , දුම්රිය මැදිරියේ වීඩියෝ කැමරාවක් ඇති බව මා මතක් කලද , එය ගණනකට ද නොගනිමිනි . ඔහුගේ මුහුණේ ජයග්‍රාහි පෙනුමක් ඇඳි ඇත . මම කලබලෙන් වටපිට බලන්නේ , කවුරුවත් දකිදෝ කියාය . . 

කිහිප විටක්ම සුපුරුදු නිවේදනය ප්‍රචාරය කෙරුණි
 "උන්ගේ අම්මගේ නීති .." අබේ කටේ කෑම පිටින්ම කීවේ ප්‍රහාරයට අපහාසය එක් කරමිනි .
දුම්රිය නැවතුමේ නවතින්නේ විනාඩි දෙකට තුනකටය . නිල ඇඳුමින් සැරසුණු දෙදෙනෙක් දුම්රිය මැදිරියට නැගුණි . "Sir the fine for eating in the train is thousand dollars . You have to pay at the counter at the station you exit " (මහත්මයා දුම්රිය තුල ආහාර අනුබවය තහනම් , දඩය ඩොලර් දාහයි. දුම්රිය පල ප්‍රධාන කාර්යාලයෙන් එය ගෙවන්න  )  කියා දික් කල දඩ කොලය ,  අබේ දකුණතින් බාර ගත්තේ , ඉතුරු බනිස් කෑල්ල වමතේ සඟවා ගනිමිනි .
මැදිරියේ ඇස් බොහොමයක් දැන් අපවෙත යොමු වී ඇත .. ටික වෙලාවක් යන තෙක් අපි කිසිවක් කතා නොකළෙමු. මදකින් අබේ කට හඬ අවදි කළේය
 "මචන් උඹ ගාව දාහක් ගන්න තියෙනවද ?"

පලිගැනීම 
ඒ දවස් වල අපි දහය වසරේය . සුදු කලිසම් අඳින්නට එහෙම  ලැබී,  අපි  අයියලාය .. 
 පැතුම්ගෙයි හසනිගෙයි  පෙම් පටලැවිල්ල , ඔහු කියන විදියටනම් වැලි කෙලියේ සිට  පටන් පැවැත එන්නකි . සිංහලෙන් කියනකවානම්  අවුරුදු පහක් හයක් විතර පරණ අෆෙයාර් එකකි.  සමහර අයගේ කසාද වලට වඩා එය දිගුය. 
අපි, ඔවුන්ගේ නම් කළු ලෑල්ලේ ලියා , හදවත්, ඊතල ඇඳ සමච්චල් කලද ,  ඔහුගේ  කොමිට්මෙන්ට් එක  ප්ලස් ප්ලස් ය .  . 
වරක් මොහු තම බාහුවේ කවකට්ටකින් "හසනි " කියා සූරා ගත්තේ එය ඔප්පු කිරීමටය . එම කැළල දැන් පච්චයක් වැනිය ..  
වේ යයි නොසිතු දෙයක් දැන් වී ඇත . කෙල්ල වෙන කොල්ලෙක්ට බහ දී ඇත .. පැතුම් බොඳවී ඇත . 
ඇඩු කඳුලින් කොල්ලා විකාර කියවන්නේය . දැන් මෙය මුළු පන්තියේම සාමුහික ප්‍රශ්නයක් වී ඇත .
. "ලස්සන රෝස මලක් මට ලස්සන නෑ. ලස්සන සමනලයන් මට ලස්සන නෑ. කිසිම දෙයක්  ඇය වාගේ නෑ .........මාව පිනවන්න මිනි මුතු රන් වලින් බෑ....ඇලේ දොලේ ගංගාවේ දිය ඇල්ලේ මගේ හිත නෑ ....නැතේ නැතේ පිනවන්න, සනහන්න මගේ සිත ...." අන්තිම පේලියෙන් සිහින් හඬින්  ගී රාවයක්ද පැතිරෙයි .

"ඕකිට හොඳ පාඩමක් උගන්නපන් මචන් " ඔහුට යෝජනාවකි. "උඹේ පච්චය වෙනස් කරපන් "හු@@" කියලා. ". "ඔව් ඔව් " එය වැඩි චන්දයෙන් සම්මත විය . . යන්නට පා පිල්ලක් දැම්මා...නි යන්න ති යන්න කලා.යන්න හල් යන්න  කරන්න තමයි අමාරු .....සැලසුම් ඇඳේ....."මචන් උඹේ නේ අත" යහ කල්පනාව පහල කිරීමට ආ අයෙකුට ටොකු දෙක තුනක් ඇන එලවා දැමිණි . . 
"එක අමාරුනම් නම මුලට වේස කියලා දාමු" විකල්ප යෝජනාද ඉදිරිපත් වේ .
අයෙක් පෑනක් ගෙන කටු සටහන ගහන්නට සුදානම් ය .. පැතුම් කඳුළු පිහි දා බාහුව දික් කළේය.

ප ලි 
එකඟතාවය ලොවේ ඇතිවූ දාට පසු දින සිට ලොවේ විරෝධතා  ඇති වුනි . 
දහස් ගණනින් සහභාගී වන  විරෝධතා  වුවද  ඉතාම පෞද්ගලික, තම අභිමතාර්ථයන් මත පදනම් වූ දෙයක් බව මා අදහසයි ... ඒවා විලාසිතාය ට්‍රෙන්ඩ්ස් ය (Trends) , සාමාජීය  පුද්ගලික ප්‍රකාශනයන්ය (Statements) 
  මේ ලඟදි තමිල්නාඩුවේ නෝනා කෙනෙක් අල්ලපු ගෙදරට ඇහෙන්නට , කුස්සියේ සිට කෑගැසුවාය ..  
 ඊජිප්තු විප්ලවය දවස් වල ඒ ආණ්ඩුවට විරුද්ධව   , පකිස්ථානයේ ස්වය්රිබාවය සරදමට පත්කළ ඇමෙරිකාවේ ඔපරේෂන් බින් ලාඩන්  එකට  විරුද්ධව  එකසිය ගානට  status update , like මුහුණු පොතේ වැටුණි 
(වාසනාවටත් , දිගු  කාලින උත්සාහයෙනුත්)  ලබා ගත් තනතුර දමා ගෙදර යන්නට බල කරමින් " බැන්කි මුන් ගෙදර යනු " කියා සිංහලෙන් බෝඩ් ඔසවා අයෙක් කලකට ඉහත පෙළපාලි ගියහ 

8 comments:

  1. නියම කතා ටික!

    ReplyDelete
  2. හොදම කෑල්ල තමයි බෑංකි මූන් ගෙදර යනු කියමින් සිංහලෙන් බෝඩ් ඔසවා කෑල්ල. කතා තුනක නියමයි. මිනිස් සංථානය හැම විටම ධන මෙන්ම රින. ඒක නොවෙනස් වන දෙයක්. පෘතග්ජන ස්වභාවයක්.

    ReplyDelete
    Replies
    1. මේවා ඇත්ත කතා සහ ඇත්ත වගේ කතා . හොඳ වෙලාවට බැන්කි මුන් ගෙදර ගියේ නැත්තේ .......

      Delete
  3. මේ නම් නියම පෝස්ට් එකක් JP වෙනදා වගේම දුක වැඩි දෙනෙක්ගෙ ඇහැ නොගැහෙන එකයි. හරි මේ සිංගපෝරියන් ඩොලර් ද හොංකොං ඩොලර්ද? එතකොට කීයක් විතර වෙනවද ඩොලර් දාහ ලංකාවෙ මුදලින්?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .ගාන නම් හොංකොං ඩොලර් වලින් . රුපියල් නම් 15 දාහක් විතර වෙනවා

      Delete
  4. නියමම කතා ටික :)

    ReplyDelete
  5. නියමයි... පලිගැනීම තමයි මම ආසම එක... :)

    ReplyDelete

Have commented