ගාමිණි දුරකථනය විසන්ධි කළේය .
ඒත්.. ඔහු සිත පහුගිය කතා බහේ තැනක තවම නැවති ඇත .. හරියටම කොතනද යයි කිව නොහැකි මුත් ....ඒ වදන් මකුළු දැලක් සේ වී මුළු සිරුර පුරා පැටලෙනු ඔහුට හොඳින් දැනුනි.
" ගාමිණි , මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ . .....
අද හවස කලින් එනවද , බොන්නේ නැතිව " කියන්න පෙර ඈ උවමනාවෙන්ම තැබූ නිහඬ විරාමය ...ඔහු සිත දැන් එතැන නැවති ඇත්තේය .
මාලි ගේ වදන් වල දෝංකාරය සෙමින් වියකෙද්දී , හේ මනස මතක මාවත දිගේ පිය නගන්නට විය .
දෙහිවල වෙරළේ , මළ හිරු වර්ණ ගැන්වූ අහසක් යට , කොණ්ඩයක් එක කරලට ගොතා නිල් මල් මල් ගවුමකින් සැරසුණු මාලි ඔහුගේ දකුණත ගෙන ඇගේ සුරත මත තබා ගෙන
" මට පොරොන්දු වෙන්න ආයේ ඔහොම බොන්නේ නෑ කියලා " ඔහුගෙන් දිවුරුම් ගන්නට උත්සාහ කරන්නීය
"පිස්සු කෙල්ල " ඔහු අත ඉවතට ගන්නේය
සිත නැවතත් මතක මාවත දිගේ සක්මන් කරන්නේය
"මට තවත් මේක කරන්න බෑ ගාමිණි ... "
" what the hell is wrong with you (මොනවා වෙලාද ඔහේට ) ? තොට කන්න බොන්න ගෙනත් දෙනවා නම් , වෙන මොන බම්බුවද මට කරන්න කියන්නේ ... ?"
" ඔයා වෙනස් වුනේ නැත්නම් මට තීරණයක් ගන්න වෙනවා ගාමිණි "
" You can't change me (උඹට මාව වෙනස් කරන්න බෑ ) ...you පරට්ට බැ ..."
සිතට නැගුනු ආවේගයක් , සුස්ම්නාව දිගේ විත්, බාහුව දිගේ විත් ....
...ඔහු ඇගේ කෙස්වල්ලෙන් ඇද , බිත්තිය දෙසට තල්ලුකරනවා , සිනමා පටයක් මෙන් මනසේ නැවත ප්‍රචාරය වෙයි .
"ටකස් "
මෙලවූ මිටෙහි වෙර දරා ගත නොහි , බෝල්පොයින්ට් පෑන දෙකට කැඩී ගොසිනි .
________________________________________________________________
“Gamini , I wanted you to hear from me first" (ගාමිණී , මේක ඔයාට මගෙන්ම මුලින්ම ඇහෙන්න ඕනේ යයි මම හිතුවා ).. ආයෙත් අර සිත නොසන්සුන් කරවන නිහඬ විරාමය
"මම ඩිවෝස් එකකට ෆයිල් කළා . . මම අක්කලාගේ ගෙදර යනවා මේක ෆයිනලයිස් වෙනකන් “
දුඹුරු පැහැ ගමන් මල්ල , ඇඳ පාමුල බකන්නිලා සිටින්නේය . ඇඳ උඩ පිළිවෙලකට නැමූ ඇඳුම් ගොඩවල් තුනක් තිත් හුල් තුනක් මෙන් ඒ වාක්‍යය අවසන් කරන්නෝය . නිල් මල් මල් සාය ඉන් එක් ගොඩක උඩටම වී ඔහු දෙස බලන්නිය .
මාලි , එක එල්ලේ බලාගෙන සිටින්නීය . ඇගේ බැල්මේ වෙනදා නැති තීව්ර බවක් , නියත බවක් ඇත .
ගාමිණි දෙඇස් ඔසවා ඇය දෙස බැලුවේය . එහි ගැබ්වූ මහා අනුකම්පාවක් ?
“But why ? Can’t we work it through ? I will try to change .After all what we have been through.. “ (ඒත් ඇයි . මම වෙනස් වෙන්නම් . අපිට බැරිද මේක විසඳ ගන්න )
වචන මුවින් පිටවුනද ඔහු බිම බලාගත්වනමය
“ගාමිණි , we tried many times . there 's no other way (අපි කී සැරයක් උත්සාහ කලාද . වෙන මගක් නෑ )
මෙතනින් එහාට යන්න තියෙන්නේ මේ පාරේ විතරයි ....you too know that “(ඔයාත් දන්නවා ඒක )
ඈ නෙතු දැහැන , ඔහු නිකටෙන් අල්වා මුව ඉහලට හරවා , දෙනෙත් තුලින් පිවිස හදවත පසාරු කරන්නීය .
“රන් හූයෙන් බැඳ , අතැඟිලි එක කල ....till death do us part .....” ඔහු දෙසවන දෝංකාරයෙන් පිරේ
Shit ! I need a drink . ( දැන්නම් ෂොට් එකක් ඕනේ )
_____________________________________________________________________
ගාමිණි වාහනය ගරාජයේ නවත්වා කොරිඩෝව දිගේ විත් ඉස්තෝප්පුවට පය තබත්ම , පය පැටලුණි .
(දොරත් හාස් ගාලා ඇරලා දාලා , මේ නාකි ගෑනිට ....)
"සුමනා , මොකද මේ දොර ඇර දාලා . උඹට මම හැමදාම කියනවා නේද?"
"ගාමිණි , මමයි දොර ඇරියේ ..." ඔහු නෙත දුටු දර්ශනය , සිහියට සමපාත වීමට මොහොතක් ගත විය .
"ආහ් මාලි.... අද අපේ ඔෆිස් එකේ පොඩි පාටි එකක්..පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තා "
(චිහ් මොකට මම මේ ගෑණිට නිදහසට කාරණා දෙනවද තවම ... සිත ඔහුට දොස් කිවේය )
ඈ මා අතින් අල්ලා යන්තමට වත්තම් කරමින් පුටුවක් දෙසට යොමු කරද්දී, අත ගසා දමපන් යයි කිහිපවරක් හිත කීවද , මා එසේ නොකලේ මන්දැයි මට නොතේරේ . ඇගේ ඇඟිලි වල උණුහුම , මගේ නිරාවරණ බාහුවට හොඳින් දැනුනි . තව එක තත්පරයක් එය විඳින්නට උවමනාවක් ලාවට ලාවට සිත තුල උපදිනවාත් සමගම , එය අවසන් විය
"ගාමිණී මෙතනින් ඉඳ ගන්න . ඩොක්ට පීරිස් කෝල් කළා . ටෙස්ට් රිසල්ට්ස් ඇවිල්ලා ."
(අර නිහඬ විරාමය ...මම කෙතරම් මෙයට අකමැතිදැයි එක වරම මට සිහි විය )
"හෙට ඉඳන් කිමියෝ (chemio) පටන් ගන්න කිව්වා ."
ඔහු හිතේ අර දැනුනු උණුසුම් නිමේෂයේ හොල්මන බිඳුනේය. එනමුදු ඔහු සිත තවම නිසලය . එක්කෝ රුධිරයේ මධ්ය සාර සාන්ද්රනණය ඔහු සිහිය නිර්වින්ධය කොට ඇත නැතිනම් කම්පනය ඔහු හිරිවට්ටවා ඇත. ඔහුටම පුදුම හිතෙන තරමට ඔහු සිත නිසලය .
සාලේ සෝපාව ළඟ අර දුඹුරු ඇඳුම් මල්ල නිහඬව සිටින්නේය . නිල් පාට මල් මල් සාය එදා වගේම ඉන් එබී බලන්නිය
ගාමිණීට ඉබේම වගේ ටීපෝව උඩ දෙකට ඉරා දැමු A4 කොළ කිහිපය නෙත ගැටිණි . Divorce යන වචනය ගාවින්ම කොළය දෙකට ඉරි ගොස් ඇත
මාලි , ඈ සුපුරුදු බැල්මෙන් ඔහු දෙස බලා සිටින්නීය .
" ඔයා ගාව කවුරු හරි ඉන්න ඕනේ දැන් .. there's no other way ( වෙන විදියක් නෑ )
ඇගේ මුවේ ලාවට නැගුනු සිනහව , ගාමිණීට බොඳවී පෙනුණි .
පලි : ඉතා වෛර සහගත ක්‍රියා පටිපාටියක් යයි (process) සිතෙන දික්කසාදය තුල වුව, හුයෙන් හුය සෙමින් වියකෙන ආදරයක්, මම විටෙක දැක ඇත්තෙමි .
මේ කතාවට මිට වඩා උචිත මාතෘකාවක් ඇතොත් කරුණාකර යෝජනා කරන්න
"Till death do us part.." I can relate this story to couple of real life ones...you know what I'm talking about. :-)
ReplyDeleteHmmm.
DeleteThank you for the suggestion
එල සෑර්!
ReplyDeleteස්තුතියි ලොක්කා
Delete//ඉතා වෛර සහගත ක්‍රියා පටිපාටියක් යයි (process) සිතෙන දික්කසාදය තුල වුව, හුයෙන් හුය සෙමින් වියකෙන ආදරයක්, මම විටෙක දැක ඇත්තෙමි//
ReplyDeleteඇත්ත. යාළුවන්ගේ කතා අතරෙ මම ඔය දේ දැකල තියෙනවා. ඒත් ගහ මරාගෙන තරහකාරයෝ වගේ හැසිරෙන්නේ නැතුව එහෙම වෙන එක හොඳයි.
ඔබ කියන දේ එක විදියකට ඇත්ත.
Deleteඒත් මේ කතන්දර වල හොඳම වර්ශ න් එක මොකක්ද කියලා කොහොම අපි තක්සේරු කරන්නද
කැමැත්තෙන් විවාහ වූ අය පසුව දික්කසාද එන්නේ ඇයි? අත්දැකීම් තියෙන දෙන්නෙකුගෙන් ඇහුවත් නිසි පිලිතුරක් ලැබුනේ නෑ.
ReplyDeleteසදාකාලික නොවු ලෝකෙක සදා කාලික ප්‍රේමයක්?
Deleteකතාව ගැන ආදරේ හිතුණා. ඒ එක්කම, වෙනස් වෙන ලොවක, මිනිසුන් වෙනස් කරන්ට යෑම මෝඩකමක් කියලාත් හිතුණා.
ReplyDeleteඇයි මිනිස්සු මෙච්චර බොන්නේ?
බීම මිනිසුන් වෙනස් කරනවද නැත්නම් අපේ වෙස්මුහුණු ගලවනවද?
Deleteහැබයි මුල කතාවට මම එකග නෑ. අපේ හැසිරීම, ගති පැවතුම්, සිතුම් පැතුම් ඔඔක්කොම පුරුදු නේ.
ඒ වගේම ඕන පුරුද්දක් වෙනස් කරන්න පුලුවන්, එය නොකිරිමේ වැය (cost) කිරීමේ වැයට වඩා වැඩිනම්.
එහෙම නේද?
මෙන්න මාතෘකාවක්!!!
ReplyDelete'රන් කෙන්දෙන් බැඳි ආදරයක්' :)
"රන් කෙන්දෙන් බැඳ..." කිව්වත් වඩා ලස්සනයි..
Deleteතම්බ්ස් අප් ය
Deleteදෙදෙනෙක් එකට ජීවත්වීම තුල ගොඩනැගෙන අන්‍යෝන්‍ය අවබෝධය මත ඇතිවෙන බැඳීම ගොඩක් බලවත්. ඒක ඇතිවෙලා තියෙන්නේ අනෙකාගෙ හොඳ වගේම නරකත් දැනගෙන. යම් යම් අවස්ථාවල මේ හොඳ නරක බැලන්ස් එක වෙනස් වෙනවා. දික්කසාදයත් ඒ වගේ අවස්ථාවක් කියලා මට හිතෙන්නේ. අපි අර නරකෙන් ගැලවෙන්න දරන උත්සාහයේදි, එයින් ලැබෙන සැනසීමත්, ඒ වගේම ඒ එක්කම තමන් දන්න අර හොඳ දේවලුත් අහිමි වෙනවා කියන හැඟීම නිසා තමයි ඔබ ඔය පලියේ දක්වන දේ සිද්ධවෙන්නේ කියලා මට හිතෙන්නේ...
ReplyDeleteඔබ කතාවේ භාවිතා කරලා තියන මේ සිංදුවේ අදාලත්වය ගැන මම කල්පනා කරන්නේ... "රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල ආදරයයි" - මේ ගීතයෙන් කියවෙන්නේ සාම්ප්‍රදායිකව විවාහයෙන් හිමි වූ සහ ඉන් පසුව හිත ඇදී ගිහින් ප්‍රේමයෙන් බැඳුනු පිරිමි දෙන්නෙකුට මැදි වූ කාන්තාවක් ගැන...
තිසර ඔබට මා මෙය ලියු දෙයක් අහුවෙලා යයි සිතමි. සින්දුව ගැන. ගාමිනි , ගාමිනිම වුනාට ඇය ආදරය කරන්නේ වෙනත් කෙනෙකුට නේද එක විදියකට බලපුවහම
Deleteකොහොමත් දෙදෙනෙකුගේ අදහස් ගැලපෙන්නේ නෑ. එතනදි ඉවසීම හා අවබෝධයයි අත්‍යාවශ්‍ය. ඒ දේක් මැනේජ් කර ගන්න බැරි නම්, වෙන්වීම තමයි හොඳම දේ. මොකා මොනවා කිව්වත්. විඳවනවාට වඩා. මොකෝ ජීවීතේ තියෙන්නේ විඳවන්න නෙමෙයි නේ..
ReplyDeleteමට නම් මේ හෙඩිම හොඳට ගැලපෙනවා..
මම ඉන්නේ වෙන තැනක මාතලන්... ඒක ඉවසීමේ සීමාව හරියටම මනින්නේ කොහොමද වගේ ප්‍රශ්නයක්
Deleteඅපූරුයි. මේවගේ දේවල් හිතෙන්‍නෙ ජේපී ටම තමයි.
ReplyDeleteතිසරගෙ පැහැදැලි කිරීමත් අගෙයි. මට මතකයි මයියා මේ ගැන පැහැදිලි කිරීමක් කරල තිබුන.
විවාහ වූ අලුත හැලහැප්පීම් වැඩියි. මුල් අවුරුදු කිහිපය ඇතුලෙ දික්කසාද වෙන්න තියන ඉඩකඩ වැඩියි. දෙවනි අවස්තාව තමයි ළමයි ලැබිල ඔවුන් වෙනුවෙන් ජීවත්වන අවස්ථාව. ඒ කාලයේදි දික්කසාද වෙන්න ඕන උනත් හිතන්න බෑ. ආදරයක් ඇත්‍තෙත් නෑ ඔහේ ජීවත් වෙනව.
අන්තිම අවස්ථාව තමයි ටිකක් වයසට ගිහිල්ල දෙන්නට දෙන්න තේරුම්ගන්න අවස්තාව. මේ වෙද්දි ඔවුනොවුන් ගැන සියල්ල දන්නව. ආදරයේ උපරිම අවස්ථාව තමයි ඒ. (සමහර විට ශාරීරික බැඳීම් නැතත්).
මට හිතෙන්‍නෙත් මේ ජෝඩුව තුන්වැනි මට්ටමේ වගේ ඉන්න උදවිය(එච්චර වයසක් නැතත්) //නිල් පාට මල් මල් සාය එදා වගේම ඉන් එබී බලන්නිය //මොන විදියේ නොගැලපීම් තිබුනත් වෙන් වෙන්න අමාරුයි.
ඔව් තුන්වෙනි අවස්ථාව වෙන්න ඇති.
Deleteවිටෙක අපි යුතුකම් කියලා හිතන දේ , සමාජ සම්මතය ඔස්සේ හිත ඇතුලේ තිබ්බ දේවලුත් එලියට එනවා .
අනෙක් අතට එතනට ආපුවහම අර දිගු කාලයක් පපවතින හිසරදයක් වගේ..ඉබේම හුරු වෙනවා.
//අනෙක් අතට එතනට ආපුවහම අර දිගු කාලයක් පපවතින හිසරදයක් වගේ..ඉබේම හුරු වෙනවා.///
DeleteJP......සුවවෙමින් පවතින හිසරදයක් සේ මම හිතනවා. තේරුම් ගන්න පටන් ගන්නවා.
ඔන්න මමත් මේ පැත්තේ ආවා. යන්න හිතෙන් නෑ ආපහු ඔක්කොම කියවලා මිසක් ..
ReplyDeleteආයුබෝවන් කියලා පිලි ගන්නවා. හෙමින් කියවන්න. හිතෙන දේ ලියන්න
Deleteඑක අතකට එකට ඉන්න බැරි දෙන්නෙක් බලෙන් ඉල්ලිලා ඉන්නවට වැඩිය දික්කසාද වෙන එක හොදයි කියලා හිතෙනවා.. ලස්සන කතාවක්..
ReplyDeleteඉවසීමේ සීමාව ගැන තමයි මට ප්‍රශ්නේ
Delete////අන්තිම අවස්ථාව තමයි ටිකක් වයසට ගිහිල්ල දෙන්නට දෙන්න තේරුම්ගන්න අවස්තාව. මේ වෙද්දි ඔවුනොවුන් ගැන සියල්ල දන්නව. ආදරයේ උපරිම අවස්ථාව තමයි ඒ. (සමහර විට ශාරීරික බැඳීම් නැතත්).///////
ReplyDeleteමේ කොටස මා උපුටා ගත්තේ රාජ්ගේ කමෙන්ට් එකෙන්. මේ තත්වය දක්වා එන ගමන බොහොම අවබෝධයෙන් එන්න ඕන. පිරිමින්ගේ සමහර පුරුදු නිසා බිරිඳ පත්වෙන අසරණ තත්වය මම දන්නවා. මගෙනුත් වෙලා තියෙනවා. හැබැයි පුතෝ බැඳුනු ආදරයේ අවසන් කෙන්ද තියෙන්නේ දෙදෙනාම අතරේයි. සැබෑ ආදරයක් තිබුනා නම් අවසන් තීරනය ගැන (දික්කසාදය ) කතිකාවක් ඇතිවෙන්නේ නැහැ. එහෙම අයත් ඉන්නවා...ඒ හිතින් දුක් විඳ විඳ නෙමේ..තුවාලවලට පොඩි පොඩි ප්‍රතිකාර කරමින්. ඒවා පවුල් ජීවිත වල සාමාන්‍ය ගැටළු.
වයසට යන කොට වලි වලට කම්මැලි වෙනවා. හ්ම් කියන්න පුරුදු වෙනවා :)
Deleteආසියාතික අපේ මාර පුරුද්දක් තියෙනව... කොච්චර නරක තිබ්බත්, තියෙන්නෙ එක හොඳයි නං ඒක තමයි අපිට ලොකුවටම දැනෙන්නෙ... බොහොම කලාතුරකින් ඇරෙන්න ආදරේ කරපු දෙන්නෙක් වෛර කරන්න පෙළඹෙන්නෙ නෑ ඇත්තටම... නරක, හොඳට යට වෙනව.... එහෙම තමයි ඉතිං අන්තිම වෙනකං ඇඳං යන්නෙ...
ReplyDeleteඔබ කියන එක තරමකට ඇත්ත. ඕන දෙයක නරකක් තියෙන නිසා ඉවසීම ඉක්මවන සීමාව සාපේක්ෂයි නේද?
Deleteහැබැයි මම මේ වගේ අය ආසියාතික නොවන අය අතරත් දැක ඇත
Till death do us part නරකද JP?
ReplyDeleteඔව් එකත් හිතුනා ...ගාමිණි ෆොන්සේකා හදපු ..අඩු කොලිටි පිචැර් එකක්ද කොහෙද කියලා හිතුන නිසා අදහස අත හැරියා
Delete