18 April 2014

සතුට , නැවත සිතීම // Re thinking happiness

කාලෙකට පස්සේ ඔන්න කතා කරන පින්තුර (කවක් ).
වෙලාවකට කැමරාවත් එක්ක පාරේ ඔහේ ඇවිද ගෙන යන කොට නිකන් භාවනාවක් වගේ .  ඇහින්  ඇතුලුවෙන රූප  , හිතේ කවි, කතන්දර ලියනවා . කැමරාවෙන් ලියා ගන්න කතන්දරේ කොච්චර ලඟට සමපාත වෙනවද මන්දා ඒ කතාවට .

Some times walking through the streets with the camera in your hand is like a meditation . The images that come through your eyes and writes prose in your mind . And in the post processing you try to recreate the that story in the pictures that you have captured 




මගේම මගේම අඳුරු කොනක
In a dark nook of one's own

හිතක හිරවුණු තාලයක
In a tune stuck in one's head 




 නෙතක හිරවුණු සිනා පැල්ලමක
In a stain of a smile covering the gaze


සතුටු සිතුවිල්ලක සේයාවක් රැඳුනු
One finds a faint hint of happiness 

15 comments:

  1. Replies
    1. මොකද සෑම් එහෙම කිව්වේ

      Delete
  2. නියමයි. මට දැනගන්න ඕනේ ජාලිය කලු සුදු වලින් විතරක් ඡායාරූප නිර්මාණ කරන්නේ ඇයි කියලා? මොකුත් විශේෂත්වයක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. එහෙම විශේශයක් නෑ. ඒත් මම කැමතියි කලු සුදු ක්රමේට.පාට අයින් කරපුවහම විශේශයෙන් street photography වල වෙනම කතාවක් කියන්න පුලුවන් . street photos නොවුනත් බලන්න මේ පින්තුර දිහා. පාට තිබ්බනම් වෙනස් නේද අදහස?http://www.michaelkenna.net/gallery.php?id=78

      Delete
    2. ඔව්....පාට පාට වුනා නම් ඒ ෆොටෝ එකේ පනිවිඩයක් නැහැ වගේ.

      හොඳ වෙනසක්!!!

      Delete
    3. ස්තුතියි. මාත් හිතන්නේ එහෙම

      Delete
    4. මාත් ආස ස්ට්‍රීට් ෆොටොග්‍රැෆි නම් වර්ණවලින් තොරව.

      Delete
  3. ලස්සන පිංතූර ටිකක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි

      Delete
  4. මට මිනිස්සුන්ගේ හැඟීම් ෆොටෝ ගන්න හිතෙන්නේ නෑ.. මට හිතෙනවා එහෙම කරන එකෙන් ඒ මනුස්සයාගේ හැඟීම මම මගේ සතුට වෙනුවෙන් පාවිච්චි කරනවා කියල.. ගොඩක් වෙලාවට මම දැකල තියෙනවා මිනිස්සුන්ගේ දුක ෆොටෝ අරන් හෙන පොර ටෝක් දෙන හිස් මිනිස්සු... හෙන කළා කරුවෝ වගේ හැසිරෙන ජිවිතේ ගැන කිසි ගැඹුරක් නැති මිනිස්සු .. ඉතින් මට ඒ වැඩේ එපා වෙලා.. මේ ෆොටෝස් ලස්සනයි හැබැයි ඇයි අපි කෙනෙකුගේ දුකක් වේදනාවක් තනිකමක් මාකට් කරන්නේ..නිකන් හිතෙන අදහසක් ... :)

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස මට වැදගත්. ඔබ කියන දේ මට වැටහෙනවා. ඒත් මම මෙහෙම ඇහුවොත්... ගීතයක් ගත්තත් කවියක් ගත්තත් බ්ලොග් පෝස්ට් එකක් ගත්තත් වෙන්නේ කාගේ හරි ජීවිතයක් මාකට් කිරිමක් නේද. හැබැයි අනෙක් මාද්‍ය වගේ චායාරූප වල තමන්ගෙම පින්තූරම ගන්න බෑනේ

      Delete
    2. ඔබේ කතාවට මම එකගයි එත් මේ ලෝකේ තව සුන්දර බොහෝ දේවල් තියෙනවා.. මට හිතෙනවා අපි ඒ සුන්දර දේවල් වල ෆොටෝස් අරන් අර වගේ දුකින් හෝ සංවේදී හැඟීම් වලින් පෙලෙන මිනිසුන්ගේ සිත සතුටු කරන්න පුළුවන් නම් හොඳයි නේද කියල..

      අපි මානුෂික හැඟීම් ෆොටෝ අරන් බොහෝ වෙලාවට කරන්නේ තමන් ඒ වගේ මානුෂික හැඟීම් වලට සංවේදී පුද්ගලයෙක් කියන එක ලොවට පෙන්වීම නෙවෙයි ද? හැබැයි ඇත්තටම අපි ඒ හැඟීමට සංවේදී වෙලා ඒ මනුස්සයත් එක්ක වචනයක් කතා කරන්න තරම් වත් නිහතමානි හෝ සංවේදී නෑ කියල මට හිතෙනවා..

      මේ කියන දේවල් මටත් අදාලයි. මට මම ගැන තියෙන ඔය හැඟීම නිසා මට ඔය වගේ ෆොටෝස් ගන්න හිතෙන්නේ නෑ.. නමුත් එහෙම ගන්න එක වරදක් කියන්න බෑ..

      Delete
    3. ඒකත් ඇත්ත එක විදියකට . හැබැයි එවැනි මනුස්සයෙක් එක්ක කතා කලොත් එය මානුෂික වෙනවද කියන එක මට ගැටළුවක් දැන් . එය අවස්ථාවේදී නොවේදැයි මට හිතෙනවා දැන් . ලංකාවේ නම් මම කතා කරනවා ඒ මනුස්සයත් එක්ක . චායරුපය ගැනීමට පෙර හෝ පසු . පෙන්වනවා චායාරුපය . මකන්න කිව්වොත් එවෙලේම මකනවා . බොහෝ විට අවසර ගන්නවා චායාරුප ගන්න . මෙහෙ නම් එහෙම කරන්නේ නෑ . මොකද පොඩ්ඩක් හිතට බය නිසා . සංචාරකයෙක් ලෙස " වෙස් වලාගෙන" පින්තුර ගැනීම ලේසියි කියලා හිතෙන නිසා . කොහොම උනත් ඔවුන්ගේ ජිවිත ඒ කැමරාවට අහු වෙන මොහොතේදී පමණක් මගේ ජීවිතය හා ගැටෙනවා . ඊට පස්සේ ඔවුන්ගේ ජිවිත , දුක ඔහේ ගලා යනවා . ඒ මොහොතේ චායාව මා ගාව ඉතුරු වෙනවා .

      පිස්සු ලියවුණාද මන්දා ?

      Delete

Have commented