19 July 2014

ලාංකීය දේශපාලනයේ WWF සේයාව // Sri Lankan Politics - A sports entertainment corporation ?






අපි පොඩි කාලේත්  ( ඩයිනසෝරයන් වඳ  වෙලා නොබෝ කලකින් :) ) තිබ්බා WWF රෙස්ට්ලින්,  දැන් වගේම .

 ඒ දවස් වල ජෝන් සීනා ලා සුප්පුව කටේ ගහගෙන දුවන , බැටිස්ටා  ලා පුංචි ජංගි කොටේ තෙමා  ගන්න කාලේ.  චන්ඩි තමයි අන්ඩර් ටේකර් ලා , යෝකෝසුනා ලා , හිට් මෑන් ලා , පස්සේ කාලෙක ද රොක් .

බහුතරය වගේම සුළු ජන කොටස් නියෝජනය වෙන්න චරිත ඇවිල්ලා  රඟ පානවා .කොහොමත් කණ්ඩායම් දෙකක් නේ , වීරයෝ සහ දුෂ්ටයෝ . කාලෙන් කාලේට  දුෂ්ටයෝ මාරු වෙනවා . උන් යෝධ සයිස් එකේ දුෂ්ටයෝ . පරදවන්න අමාරුයි බැලු බැල්මට . ඒත්  අනේ අපේ වීරයෝ කොහොම හරි උන්ව පරද්දවනවා . හැබැයි අමතක කරන්න එපා දුෂ්ටයෝ දිනන දිනන තරමට තමා වීරයන්ට පැවැත්මක් තියෙන්නේ.

බෙර ගහගෙන , පුරසාරම් කියාගෙන ගුස්ති පිටියට එනවා. ගුස්ති පිටිය මැදට ඇවිත් බැන  ගන්නවා . අතින් පයින් ගහ ගන්නවා, කන් හපා  ගන්නවා  .  වෙන් කර ඇති වෙලාව තුළ තිර රචනයේ හැටියට වැඩේ කෙරෙනවා .

නාට්ටියේ හැටිනේ වීරයෝ දුෂ්ටයෝ වෙනවා , දුෂ්ටයෝ වීරයෝ වෙනවා . වීරයෝ දුෂ්ටයෝ වුනාම ඒකට  අනේකවිධ හේතු දක්වනවා . දුෂ්ටයෝ වීරයෝ වුනාම , උන්ගේ අතීතය උන්ටත් අමතක වෙනවා අපටත් අමතක වෙනවා . වීරයෝ එනකොට මිනිස්සු විසිල් ගහනවා චියර් කරනවා (ඇත්තටම මිනිස්සු කිව්වට සවුන්ඩ් ට්‍රැක්  එකක් තමයි වාදනය වෙන්නේ ). දුස්ටයෝ එනකොට හූ කියනවා .( ආයෙත් සවුන්ඩ් ට්‍රැක් එක )

ඔන්න හිටපු ගමන් සොහොන් ෂෝන් මයිකල්  ගෙනෙනවා ඔහුගේ ආරක්සාවට , ඩිසල් කියලා (හැබැයි UN සම්බාධක වලින් තොර හොඳේ ) මහා හයේ හතරේ පොරක් . කාලයක් ඌ නිකන් පැත්තක හිටගෙන ඉන්නවා . පස්සේ ඌ අර සොහොන් ගොයියටත් කෙලිනවා . අන්තිමේදී පළාත් සභා මන්ත්‍රී කෙනෙක් වෙනවා .

ඒ අස්සේ එහෙන් මෙහෙන් කලුවරේම ඇවිත් හොරෙන් ගේම් දීලා අතුරුදහන්  වන අන්ඩර්  වර්ල්ඩ් එකේ අන්ඩර්ටේකර් සීන්  එකට එන්ටර් වෙනවා . ග්‍රීස්  යකාට වගේ මිනිස්සු ඔහුට බය වෙනවා . ඉතින් ඉන් පස්සේ ගේම් වල ඉරණම වෙනස් වෙන්න ඔහු සාධකයක් වෙනවා . කාලෙන් කාලේට  ඔහුව පාලනය කරන කට්ටිය මාරු වෙනවා .  කෙනෙක් ඔහුට ප්‍රතිවාදීව  කේන් ව ගෙනෙනවා . උන් දෙන්නනම එකතු වෙලා ගෙනාපු එවුන්ට ගේම දෙනවා .

හොඳ සූට් බූට් ඇඳ ගෙන එන රොකි ජොන්සන් , අනේ ලජ්ජා නැතුව ඇඳන් ඉන්න කලිසම කකුල් දෙකෙන් පහලට ගලවලා , ලන්කට් එක පිටින් ජනතාවගේ විරයා  වෙනවා . ඔහු පොඩි එවුන් වඩා ගන්නවා . ආච්චිලා ඇන්ටිලා එක්ක ඉඳන් පින්තුර ගන්නවා . ජනප්‍රියතාවයේ හිනි පෙත්තටම නගිනවා

ඔන්න ස්ටීව් ඔස්ටින් එනවා . එළිපිටම බියර් එකක් බොනවා . ප්‍රසිද්ධියේ කුණු හබ්බත් කියනවා . අම්මට සිරි , රැඩිකල් පොරක් සහෝදර වරුනි .

හැබැයි කතාවේ හැටියට මේ ඔක්කොම පාලනය කරන්නේ ගරුතර මැක් මොහාන් මෝහන් මයා . මේ මොහාන් තමයි සම්පුර්ණ තිර පිටපත ලියලා දෙන්නේ . දිනන්නේ කව්ද,  කව්ද පරදින්නේ  කියලා ලියලා දෙන්නේ .

දවසක් මොහාන් ගේ පුතාත්  සීන් එකට එන්ටර් වෙනවා . ඔහු පාලනයට නෙමෙයි ගුස්ති අල්ලන්න හදනවා . ඔහුට ගහ ගන්න බෑ . ටික දවසක් ඔහුගේ වටේ ඉන්න එවුන්ගේ සහයෙන් බේරිලා ඉන්නවා . අන්තිමේදී මොහාන් ට චැලේන්ජ් කරනවා . අර රැඩිකල් ඔස්ටින් පැනලා ඔහුට නෙලනවා . මොහාන් ව බේරා  ගන්නවා .

මොහාන්ගේ   තිරරචනයට අනුව,  යට කලිසම් පිටින් යෝධයෝ වගේ මිනිස්සු, විහිලු කාරයෝ , ඉටි කිරිස් ලලනාවෝ රඟ  පානවා . ඔලු පැලෙන්න,  ලේ බේරෙන්න ගහ ගන්නවා . පස්සේ එකට ෂොට් එකක් ගහල පඩි පතත් අරගෙන ගෙදර යනවා ( හැබැයි ඇත්තටම නම් මොහානුත්  කරන්නේ වෙන කාගේදෝ තිර රචනයකට අනුව දෙබස් කියන එක රඟ  පෑම  විතරයි ලු ). මේ බොරු සෙල්ලම බලන්න මිනිස්සු දැන් දසක ගණනාවක් තිස්සේ සල්ලි දීලා ටිකට් ගන්නවා . තමන්ගේ කාලය නාස්ති කරනවා . ඒත්  තවමත් රෙස්ලින් හොඳින් අලෙවි වෙන වෙළඳ භාණ්ඩයක් .


පලි :
තිස් තුන් කෝටියක් විතර ජනාධිපති උපදේශකයන් සිටියත් , රටේ රාජ්‍ය පාලනය කෙරෙන්නේ  රෙස්ලින් තිරරචනයකට අනුව දැයි විටෙක මට සිතේ .

WWE වැඩසටහන් වලට පස්සේ අනතුරු ඇඟවීමක් දානවා
"Some scenes have been dramatically altered for your entertainment . All stunts in these programme are  performed by trained professionals . do not try these at home "

12 comments:

  1. මමත් රෙස්ලින් වලට මාර ආසයි. ඔක්කොමත් හරි අර අන්තීමට තියෙන ඉන්ගිරිස් කතන්දරෙත් හරි.

    ReplyDelete
  2. ඇත්තටමනම් කාලෙකින් බැලුවේ නෑ. ඒත් ඔබේ ලිපියකටද කොහෙදෝ තිබු කමෙන්ටුවකින්, මේ අදහස ආවා. විඩියෝ කීපයක් බැලුවා මතකය අලුත් කර ගන්න

    ReplyDelete
  3. අනේ අර දක්ෂ රෙස්ලින්ග් ක්‍රීඩකයන්ට අපහාස කරන්න එපා අප්පා.

    අම්මපා බල්ටි දයා සහ ජොන්ටි බුවා දාලා මෙහෙත් එකක් කොරමුද?

    ReplyDelete
    Replies
    1. :)
      බල්ටි දයා ජොන්ටි බුවා හා හා හා
      තව කොච්චර නම් ඉන්නවද එහෙම බැලුවම
      පොන්සි මන්ගි, මාස්ටර් ප්ලාස්ටර්,ද අමේසින් නා මෝල්, ඩොක්ටර් වින්,කොට භීතිය, මිස්ට ටෙන් පසන්ට්
      අයිස්චර්ය රෙස්ට්ලින් ෆෙඩරේශන් ?
      හැබැයි ගොඩක් අයට යට කලිසමක් හරි ඇඳ ගන්න වෙනවා, හෙලුවෙන් සෙල්ලම් කරන්න දෙන්නේ නෑ නේ.

      Delete
  4. රෙස්ගින් මේනියා වල 118 ට එනකං බැලුව..
    සෝන් මයිකල් ට ගහල අන්ඩය බොල්ට් එක ගන්නව..
    ඒත් පස්සෙ හිතුන මේක ලෝක කෙප්පයක් කියල..
    ඊට මොදා කාටුන් බලනෙක කියල දැංකාටුන් බලනව

    අපේ රටේ දේසපාලුවො රෙස්ලින් වලට වඩා කාටුන් වලට තමා හරියන්නෙ

    ReplyDelete
    Replies
    1. සොහොන් ගොයියා මාර පොර නේ?
      ඒකත් හරි ඇසි දිසි..
      "ඔයක් මැද ගෙයක් තියෙනවා
      එහි පප්පලා රැනක් ඉන්නවා
      ඒ පප්පලා හරි වැඩ කරනවා.."

      Delete
  5. AnonymousJuly 19, 2014

    MAMATH ROSALIN TA AASAI, NAMUTH BAYAI.

    ReplyDelete
  6. I MAKE SURE THAT I DON'T TRY THEM AT HOME. I DO WORSE.

    ReplyDelete
    Replies
    1. Too much information , too much information Henry
      Hahaha

      Delete
  7. අපේ රටේ දේශපාලනය කියන්නේ WWF,BIG BROTHER, X FACTOR, IAM A CELEBERITY,BGT,PORN ඔක්කොමගේ මික්ෂර් එකක්. ඔය ටික එක පාරට බැලුවාම වමනේ යන්නේ ඒකනේ.

    ReplyDelete
  8. "ප.ලි" එකේ තියෙන දේ නම් රෙස්ලින්ග් වලටත් ලංකාවේ දේශපාලනයටත් දෙකටම ගැලපෙන ඇත්ත කතාවක්.

    ReplyDelete
  9. මන් නම් රෙස්ලින් අදටත් බලනවා.. ඒකේ තිරරචනා වගේද අප්පා ලංකාවේ දේශපාලනේ තිර රචනා..

    ReplyDelete

Have commented