23 August 2014

කොනේ සීට් එකේ ආදරේ

නිමිත්ත :
පහුගිය දිනයක උදෑසන  කෝච්චියේ මට එහා පැත්තේ වයසක යුවලක් අසුන්ගෙන සිටියා . ඒ මහත්තයා කොනේම අසුනක වාඩිවෙලා , ඒ ඉස්සරහින් රෝද පුටුවක නෝනා ව තියා ගෙන . 
ඇගේ මුහුණේ මහා දිග වේදනාවක් ඇඳිලා . සැර  බෙහෙත් පුසුඹක්  හතර වටේටටම වහනය වෙනවා . ඈ  අංශබාග රෝගයෙන් පෙළෙන්නා වාගේ (එච්චර හරි නැති නිසා, මම වැඩිය බැලුවේ නෑ ) . 
ඔහු පුංචි අත් තුවායකින් ඇගේ මුව පිහිදානවා , විටෙන් විට . 
මට එක පාරටම හිතුනේ ...මෙන්න සැබෑ  ආදරය ..කියලා . 
ඊට පස්සේ මගේ හිතේ ලියවෙන්න ගත්තා සිරිගේ සහ සීතා  ගේ කතාව


සිරි සහ සීතා දුම්රියේ අසුනක වාඩිවී සිටිති.
දන්නෙම නැතිව අපි ඉඳගෙන තියෙන්නේ පරණ පුරුදු තැනම නේ ....තුනේ පෙට්ටියේ , කොනේ සිට එක ....
සිරීට සිහියට එනවා . සීතා තම හිස සිරී ගේ උරේට තියාගෙන , ඇලවෙලා . ඇගේ  මුහුණේ දිගට වේදනාව ඉරක් වගේ ඇඳිලා . බෙහෙත් සැරටද කොහෙද ...සිරිට හිතෙනවා .


මහරගම ඉස්ටේසන්  එකෙන් ත්‍රීවිල්  එකක් ගන්නවා . ඩ්‍රයිවර් ට කියනවා වැඩිය ගස්සන්නේ නැතිව හෙමින් යමු කියලා . ඔහු සිතිවිලි පෙළ ගසනවා .
මහත්තයා සැපට යන්න ඕනේ නම් කාර් එකක් ගන්න “ පහු ගිය වාරයේ කොන්ඩේ බොකුටු රියදුරු ගැටයාගේ වදන් ඔහුට මතක් වෙනවා . නිරායාසයෙන්ම වගේ ඔහුට සුසුමක් පිට වෙනවා . 
සීතා ඔලුව ඔසවලා බලනවා .


“සීතා  අපි තැඹිලි වතුර ටිකක් බොමුද ?”

"බෑ  සිරී, පිරියක් නෑ. මම මෙහෙම ඉන්නම් , “


ඔහු, ඈ  හිස යාන්තමට හෙමින් පිරිමදිනවා , ඈ  හීනියට හිනා වෙනවා . ඈ  නෙත් තෙත් වෙනවා . තුනිවු හිසකේ අතරින් ඈ  හිස්කබල සුදුවට ඔහුට  පෙනෙනවා .


ශැහ්  කලුපාට ස්කාෆ් එක ගේන්න  බැරි උනා නේ .... ඔහුට මතක් වෙනවා . 
දැන් වටේ ඉන්න එවුන් අමුතු සතෙක් දිහා වගේ බලයි .. 
ඒ කියනකොටම ඔවුන්ගේ අසුන අසළ  හිටගෙන සිටින තරුණියකගේ විපරම් දෑස  ඔහුගේ බැල්මට අහුවෙනවා . ඔහු දකින්නට පෙර ඉවත බලා ගන්නට ඈට  නොහැකි වෙනවා . ඈ  ඔහු දෙස සානුකම්පිත බැල්මක් හෙළනවා . ඒ බැල්ම ඔහු සිත කොනිති ගහනවා . සිරි කලබල වෙනවා (යථාර්තය මතක් උනා වගේ ) . ඔහු නුරුසින් ඉවත බලා ගන්නවා . සීතාව  තුරුළු කර ගන්නවා . අතේ තියෙන ලේන්සුවෙන් ඈ මුව පිහිනවා .


දුම්රිය කවුළුවෙන් ඉවතට ඉගිලී ඔහු සිත අතීතයට පියනගනවා . 
වසර ගණනාවකට පෙර තුන්වෙනි පෙට්ටියක කොනේ සීට්  එකක සිතයි සිරීයි  වාඩිවී සිටිනවා . ඈ  අද වගේම ඔහුගේ උරයට හිස තියාගෙන , හොරට නිදි වගේ දෙනෙත පියාගෙන ... 
ලා දම් පහ දුහුල් සාරිය පවනේ රඟනු  නොහී  ඈ  අතකින් මිටිකර සිටින්නී . ඒත්  ඒ අවසරයෙන් නළලත කෙහෙ රැල්ලක් පවන හා හිතුමතේට රඟන්නී
සිරී හිමින් සැරේ තම අත  ඇගේ  අත මත තියනවා . ඈ  , ඔහුගේ ඇඟිලි අතරින් තම ඇඟිලි පටලා ගන්නවා . සිරිට ඉබේටම වට පිට බැලෙනවා . දුම්රිය මැදිරිය අතුරු සිදුරු නැතිව පිරීලා . අසුන නුදුරේ හිට ගෙන ඉන්න මැදිවියේ කාන්තාවක් නුරුස්සනා බැල්මක් හෙලා ඉවත බලා ගන්නවා . ඈ  නොකී වදන් බැල්මේ ලියවෙනවා ....මළ සමයං ..

සිරි මදක් කලබල වෙනවා , ඉවත බලා ගන්නවා . සීතාට තවත් ලං වෙනවා . ඇගේ  විලවුන් සුවඳ නාස් පුඩු දිගේ විත් හදවත කිතිකවනවා . සිත පාවෙන්නට තතනනවා . පෙර දිනයක දෙබසක් ඔහුට මතක් වෙන්න ගන්නවා

“ ඔයාට කියලා ගත්තේ ...වූඩූ ...මම ආසයි මේ සුවඳට “
“ ඔයා කොහොමද ගෑනු කොලෝන් වල සුවඳ දන්නේ ?’ ඈ  බොරු තරහක් මවා ගෙන අහනවා . දෙදෙනාම හිනාවෙනවා .
"මොකෝ හිනා වෙන්නේ , පිස්සුද? " ඈ  නැවත අහනවා
"පිස්සු හැදීගෙන වගේ එනවා ?"


සිරී  දිග හුස්මක් ගන්නවා . 
සැර  බෙහෙත් පුසුඹ නාස් පුඩු දිගේ විත් මොළයට අනින්න ගන්නවා . මහරගම ඉස්ටේසමේ නාම පුවරුව පහු කරගෙන දුම්රිය වේගය අඩු කරනවා .


පලි : කෝච්චිය නැවතිලා . අර මනුස්සයා නැගිටලා , අර රෝද පුටුවත් තල්ලු කරගෙන කෝච්චියෙන් බහිනවා . හ්ම්ම්

23 comments:

  1. හ්ම්...තවත් ජීවිත කතාවක්...

    අපි එක එක්කෙනා ලඟත් ඔය වගේ කතා ඇති..

    ReplyDelete
    Replies
    1. ඊටත් වඩා මේක අපේ කතාව වීම‍ට ඇති possibility එක ?

      Delete
  2. බටහිර රටක වයසක ජෝඩුවක් අත්වැල් අල්ලගෙන පාරක් දිගේ ඇවිදගෙන යනවා දැකලා "කොච්චර ෂෝක්ද!" කියන උන්ම, මේ වගේ සීන් එකක් දැක්කම "මළ සමයං!" කියන්නා වගේ බලන එක කුහකත්වයක් නෙවෙයිද?

    JP ඔයා බලන්නකෝ Half ton killer කියන විඩියෝ එක. මට කියන්න ඒකේ සැමියා ගැන ඔයාට මොකක්ද හිතෙන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. #1- 100% කුහකත්වය .
      #2- බුදු අම්මෝ !!!!!! උදේ පාන්දරම horror film එකක් පෙන්නුවානේ :) . ලව් ඉස් බ්ලයින්ඩ් නේ
      එක කිව්වම මේක මතක් උනා . .. ගප්පියා කියනවා වගේ කමක් නෑ ඒ වුනාට , මම එයාට ලවු
      නේ ...
      https://www.youtube.com/watch?v=6qNIZ10yax8

      Delete
    2. අහා. ඒ කියන්නේ JP ඒක බැලුවා. ඔය ආදරය කියන්නෙ මායාවක් කියන උන් නැවත හිතාබලන්න පොළඹවන කතාවක් නේද?

      Delete
    3. බැලුවා නේන්නම් ගොනා වගේ. අද හීනෙනුත් බය වෙයිද මන්දා. කොහොමද කටක් ඇරලා නෝනට විස්තර කරන්නේ හීනේ :)
      එකනේ අරූ කියන්නේ ඒ වුනාට කමක් නෑ මම එයාට ලවුනේ කියලා

      Delete
  3. මහරගම හොස්පිට්ල් එක ඇතුලෙ මේ වගේ අනේක ආදර කතා තියේ ජේපී...
    මං දැකල තියෙනව..
    අත්විදල තියෙනව...
    ඒක මහ කරුම තැනක්...

    ReplyDelete
    Replies
    1. කිහිප විටක් ගොස් ඇති බැවින් මාද දැක ඇත්තෙමි. ජීවිතයත් මරනයත් අතර වෙනස කොච්චර සියුම් දැයි සිති ඇත.

      Delete
  4. ඒ වගේ ලස්සණ ආදර දසුනක් දකින්ට JP ගේ දෑස පින් කරලා. මට නම් හිතෙන්නේ එහෙමයි. :)

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා පොකු. එය පිනක්ද පවක්ද කියා

      Delete
  5. අපේ අම්මයි තාත්තත් ඔහොමමයි. දෙන්නට දෙන්නා නැතිව බෑ.. අපේ පොඩි මෑනුත් කියනවා, ආච්චියි සීයයි මාර ලව් නේද තාත්තේ කියලා.. ඒ නිසා මේවා මට හුරු පුරුදු දේවල්..

    ReplyDelete
    Replies
    1. වයසට යන ජීවිත වල නාකි නොවෙන ආදරේ , වෙනම එකක් . මගේ හිතේ ඇඳුනේ පණ අදින ජීවිත අස්සේ හිරවුනු , ජිවත් වෙන ආදරේ ගැනයි .

      Delete
    2. අපේ දෙන්නගෙ එකත් එහෙමම එකක් තමයි. මගේ ඇස් වලට කඳුළු එන්නේ. දෙන්නගෙන් කාට හරි අසනීප උන වෙලාවට අනික් කෙනා විඳින දුක දැක්කාම.

      Delete
    3. මෙතනට වැටෙන්න ඕනෙ කමෙන්ට් එක පල්ලෙහායින් වැටුනෙ... සොරි ඈ.....

      Delete
  6. ඔය පිස්සු හැදෙන අත්දැකීම මං මේ දවස්වල විඳිමින් ඉන්නව... ලියන්න වෙලාවක් නැති හින්ද බ්ලොග් එක මකුළුවන්ට බාර දීල....

    ReplyDelete
    Replies
    1. එය යහපත් ලෙස අවසන් වේවා යි මුලු හදින්ම පතමි.

      Delete
  7. තවත් හිතට දැනුන කතාවක්.. ආදරේ කියන්නේ ඔන්න ඕකට තමයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මගේ හිතටත් තදින්ම දැනුනා

      Delete
  8. කොච්චර වයසට ගියත් ආදරේ අඩුවෙන්නෙ නෑ. මොන අසනීප ආවත් ආදරේට ඒවා බලපාන්නෙ නෑ. සැබෑ ආදරේ එහෙම තමා. මගේ එක්කුස උපන් සහෝදරී පිළිකාවකින් නැතිඋනේ මේ රෝහලේදී. එයාගෙ මහත්තයා ඈව බලාගත්තෙ හරිම ආදරෙන්. මගේ දෑසටත් කඳුළු එක්කලා මේ සටහන ජේ පී.

    ReplyDelete
    Replies
    1. අපි හැමෝගෙම ජීවිත ඇතුලේ සිරීලා සීතා ලා

      Delete
  9. . තරුන කාලෙ බිරිඳව නොබලන ගොඩක් අයත් වයසට ගියම ආදරෙන් සලකනව ඔය වගේ. එතකොට දැනෙනව ඇතිනෙ අවසානය ගැන.

    කාලෙකින් poem එකක් ලිව්වෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. පහුවෙලා ආදරේ හිතෙන බිරින්දෑවරුනුත් මම දැක ඇත්තෙමි.
      හැබැයි සිරීලා සීතාලත් සිටිති අප අතර

      Delete
  10. මහරගම ඉස්පිරිතාලෙන් අවසන් වෙච්ච ආදර කතා කියක් නම් ඇත්ද.. ජිවිතේ හැටි.. අපි මේ සටහන් කියවන මොහොතේ මේ අත්දැකීම් මේ විදියටම විඳින මිනිස්සු ඕනේ තරම් ඇති..

    ReplyDelete

Have commented