03 August 2014

ඉරිදා රෑ සංගීතේ , රිටිගල මහසෝනාස් සමග

"මේ ( මේ  මේ ඒ ඒ ඒ  දෝංකාරය නැගේ ) මනරම් සංගීත රාත්‍රියේ (ඒ ඒ ඒ ) ,  ඔබ සවන් පිනවන්නට (ට ට ට)  දැන් ( දැන් දැන් දැන් ....  ) වේදිකාවට කැඳවන්නේ ( ඒ ඒ ඒ ඒ ඒ) ඔබේ (ඒ ඒ ඒ ඒ) ප්‍රියතම (ම ම අ අ) සංගීත කණ්ඩායමක් 

පිළිගන්න .....රිටිගල ( ල ල ල අ අ ) මහසෝනාස් (ස් ස් ස් ) "

(අත්පොලසන් නද, විසිල්  හඬ හා හූ හඬ නැගේ ..)

"නංගිලා මල්ලිලා විනෝදෙන් දෝ ?"

(මහා හූ  හඬක් නැගේ )

"හරි ...අපි දැන් ගයන්න යන්නේ අපේම ගීතයක් . අපේම කිව්වට පරණ  නුර්ති ගීතයක් ආශ්‍රයෙන් තමයි මේක අපි නිර්මාණය කලේ . ඔන්න පටන් ගමු .අප්පුඩියක් ගහලා සහයෝගයක් දෙන්න ..

දන්න  වංහුං අප පනාපුත්‍ර රාජ දුරයේ 
ආයෙමත් ආයෙමත් රාජ දුරයේ 
දන්න වංහුං  අප ඉතිහාසය  විකුණගෙන කයි 
ආයෙමත් ආයෙමත් විකුණා ගෙන කයි 

කැරකිලා , කැරකිලා , දෙකට (ඉතිරිය නො ඇසේ )


යලිත් ලියන මහා වංශ බලාන හිටිය ලෙසේ 
කෙනෙකුට රෙදි පෙන්නුවාම මහගෙනම අඳි 
රෙදි සොයා , 
ගානට කපා , 
මහගෙනම අඳි 

දන්න  වංහුං අප පනාපුත්‍ර රාජ දුරයේ 
ආයෙමත් ආයෙමත් රාජ දුරයේ 

හා...හා "

(ඩ්‍රම්ස් නැවතී , සර්පිනාවක හඬ විදුලි ඔර්ගනය අනුකරණය කරන්නට තතනයි )

"අනේ ( ඒ ඒ ) කුඹින් නේ ඒ ඒ   , තොපටනම් රජෙක් ඉන්නේ 
මෙහෙනම්  නම් අනේ 
ජැකා  තමයි 
ඕන රජෙ කුට අඳින්නේ "

"රින්ගිටි රින්ගිටි ඩුම්  ඩුම්  ඩුම්"  (නැවතත් ඩ්‍රම්ස් වාදනය පටන් ගනී )

"ආසියාවේ ආශ්චර්ය , 

 හා හා 

ආසියාවේ ආශ්චර්ය , 
දොර ළඟටම විත් නිසා  
රජ කතා , හද හදා , ප්‍රීතියෙන් බලන් 
හද හදා , හද හදා , හද හදා බලන් 
ඇස්  වසා ඉඳින් 

දන්න වංහුං "

(නැවතත් ඩ්‍රම්ස් නවතී )

"රජෙක් ලැබුනෝ තින් 
නැටුමුත්  නටන්නම්  
සිංදුත් කියන්නම් 
ෆයිටුත් දා ෆිල්ම් එකක් හදන්නම් 

දන්න වං  හුං ....."

ඩන්  ඩිරි ගා  චික බුං..... චින්  

(අත්පුඩි , විසිල් , හූ හඬ )

පලි :
රජ සෙල්ලම් චිත්‍රපට සාදර නිෂ්පාදනයක්, ලබන සතියේ සිට  දිවයින පුරා සිනමා  හල් තිස්  පහක හතලිස්  පහක " ඇහැලේපොළගේ  කුමාරිහාමි " 

22 comments:

  1. Ela,ela,me ape action jantagenadeda? niyamai.mukku anthonitama gelapena sinduwa.(Asoka)

    ReplyDelete
  2. මං නං කවදා හරි දවසක හදන්න ඉන්නේ අනුලා දේවිය ගේ සළුපට අහසට චිත්තරපටියයි!
    http://kathandara.blogspot.com/2013/07/written-directed-and-produced-by.html

    ReplyDelete
    Replies
    1. හාහාහා
      අපිවත් ගන්න රාජ පුරුසයෙකුටවත්. නැත්නම් ගහකට, මට පාසැල් වේදිකාවේ එවැනි අත්දැකීම් ඇත

      Delete
    2. අබා එකේ එහෙම වුනා නේද?
      රෝස පාට?

      Delete
    3. ඒ අබා එකේ බුම්බකබූතා නොවෙයි කුවේණි එකේ කුවේණි නේද?

      Delete
  3. පනාපුත්‍ර කුහුඹු පැණියා...

    අනේ මගේ කට..

    මේ වගේ කළා මුදලාලි ල ඉන්නකම් කලාවට දෙවි පිහිටයි..

    ReplyDelete
    Replies
    1. කලා කාරයෝ සහ නලා කාරයෝ

      Delete
  4. ආසියාවේ ආශ්චර්ය
    දන්න වං හුං ....."
    ඩන් ඩිරි ගා චික බුං..... චින්

    ReplyDelete
    Replies

    1. එහෙනං. අපි නොදන්න..

      Delete
  5. මේ ඇයි ඕකට පනාපුත්‍ර කුහුඹු පැණිය කියල කියන්නෙ...

    ReplyDelete
    Replies
    1. පනාපුත්‍ර Jack son
      කුහුඹු ant
      පැනියා honey

      Delete
  6. Replies

    1. ඩ්සින් චිකි බුන් ඩ්සින්

      Delete
  7. ජැකා තමයි ජැකා
    පොර නැත්නම් ....කා

    සිංහළ සිනමා වංශ කතාවේ එකම නළුවා.

    ReplyDelete
    Replies

    1. මට හිතෙනවා ඉස්කෝලේ නාට්ටියක් මෙයාට රජ පාට් එක දුන්නේ නැතුවා වත්ද කියලා

      Delete
  8. රජා මුනගැහිලද කොහෙද තිස් පහට දහයක් දාගත්තෙ

    ReplyDelete
    Replies
    1. රාජ්ට ඒක අහු වුනා නේ ;)

      Delete
  9. අපරාදෙ අප්ප මේ මිනිස්සු කරගන්න දේ
    ජැක්සන්, කමල්, ශ්‍රියන්ත, ජයන්ත මොනව වුණත් වැඩකරුවො!
    ජැක්සන්ලට පුද්ගලාභිවාදනයේ ගිහිල්ල නැතිවෙන දේ එයාලට ලැබෙන දේට වඩා ගොඩක් වැඩියි!
    රටටත් එහෙම්මමයි!
    පුද්ගලාභිවාදනයේ ගිහින් යමක් ලබාගන්න ලැබෙන ක්‍රමවේද හැමදාම, හැම තැනම, තියෙනව
    ඒ මග තොරගන්නවද නැද්ද කියන එක ඉතින් එක් එක් පුද්ගලය අනුව වෙනස්වෙනව
    හැබැයි ඉතින් රටට යමක් දීපු කලාකරුවෙක් මෙහෙම වෙනකොට ඉතින් බලං ඉන්න අපට වේදනාව වැඩියි!
    අපට නොතේරෙන යමක් ඔතෙන්ට ගියහම උන්ට තේරෙනවද කියල මම හැමදාමත් හිතෙනව :-(
    "හෙලවෙනකොට - වැල් පාළම
    දෑස පියන් - බිම නොබළන්
    අපට පුතේ - මගක් නැතේ
    මේ මග මිස - යමන් පුතේ"
    -- ගෲෂා --

    ReplyDelete
    Replies
    1. මම ගැටවර කාලේ හොරෙන් ගිහින් මෝරා බැලුවා. ඔත්තුකාරයා බැලුවා. ඒවා හැදුවෙත් ඒවායේ හිටියෙත් මේ මිනිස්සුමද කියලා හිතෙනවා දැන්.
      ඔබ කියන දේ මට තේරෙනවා. ඒත් අනෙක් අතට මනුස්සයෝ කියන්නේ ඔවුන් කරපු දේවල් වත් ඔවුන්ට අනාගතේ කරන්න පුලුවන් දේ (විභවය) වත් නෙමෙයි අද ඔවුන් කරන දේ නේද කියලත් හිතෙනවා. අපිට නොතේරෙන දෙයක් උන්ට තේරෙනවා ඇති

      Delete
  10. අනේද කියන්නේ...මම ඊයේ තිස්පහයි පනස්පහයි වාදයක් වාද පිටියේ දැක්කා. සෝමේයි සුගතෙයි ආවේ 55 වෙනුවෙන්. ඒ ගොල්ලෝ වගේ සාර්ථක බයිස්කෝප් හදන අය ඉන්නේ පස් හය දෙනාලු. ඒ දෙන්නායි, ජැකායි, ජයන්තයි කියලා සෝමේ කිව්වා. ඒ ගොඩට සුනිල් ආරියරත්නවත් දාගත්තා කුස පබා නිසා. 55 නොදුන්නොත් ඒ පස් දෙනා චිත්‍රපටි හදන් නෑලු. මුන්ට ගිය රට..කට කුඩුවෙන්න දෙන්න හිතුනා.

    ReplyDelete

Have commented