08 August 2014

පොදු අපේක්ෂකයා සහ කුචි කර්මාන්තය // In search of a savior

ඒ 

ඕ 

මේ අර පොදු අපේක්ෂකයා තාම එලියට ඇවිත් නැද්ද 

නෑනේ . යන විදියට නම් පොදු අපේක්ෂකයෝ ගොඩක් වෙයි වගේ 

එකත් එහෙමද 

මේ 

ඕ 

මරුපොරක් ඉන්නවා පොදු අපේක්ෂකයා කරනවානම් 

 කවුද? හැබැයි අලුත් මුණක් වෙන්න ඕනේ 

හරි හරි අලුත් මුණක් තමයි . දොස්තර කෙනෙක් 

දත් දත් දොස්තර කෙනෙක්ද ? 

චිහ් නෑ  නෑ  ඔරිජිනල් දොස්තර කෙනෙක් , මෙය ඉස්පෙෂලිස්ට් කෙනෙක් . වකුගඩු රෝග සම්බන්ධ විශේෂඥ 

ශාහ්  මරුනේ වෘත්තිකයෙක් ...ඒක  හොඳයි . දැනට ගම පළාතේ සමාජ සේවා වැඩ එහෙම කරනවද ?

පලාත්බදව පොඩි පොඩි වැඩ කීපයක් කරලා තියෙනවා 

මොනවද 

අර අනුරාධපුරේ ආසනික් නිසා හැදෙන වකුගඩු රෝග ගැන පරීක්ෂණය ලීඩ් කලේ මෙයා . අනික මේ දවස්වල ඉස්කෝලවල කැඳ  ව්‍යාපාරයක් කරනවා . පොඩි රුපියල් ගණනකට කැඳ  අසෝක වීදුරුවක් කට කපලා දෙනවා .

හරි හරි මම දන්නවා කවුද කියලා , ඉතින් මේ කැඳ හැලිය හදන්නේ මෙතුමාද ?

නෑ  නෑ  හදන්නේ නෑ . රෙසිපිය මෙයාගෙන් 

චරිතේ නම් ගැලපෙනවා . ඒත්  දිනන්න චාන්ස් එකක් තියෙයිද ?

මෙහෙමයි . අනිත් දෙයියෝ ටික රැස්වීම්වලට ඉස්ටේජ්  එකට නග්ගලා . පංච සිඛට  කියලා සිංදු  කියවලා . දිව්‍යාංගනාවන්ගේ ඩාන්සින් අයිටම් එකක් දාලා වැඩේ ගොඩ දා ගත්තැකි 

හැබැයි එක්කෙනෙක් නම් එන්නේ නෑ  සපෝර්ට් එකට 

කවුද 

අර කතරගම එක්කෙනා . එයා  සසින්දර මහත්තයටනේ වැඩ 

ඇත්තටම එහෙමද ?

එහෙනම් . සසින්දර මහත්තයාට  තමයිලු පුජා වට්ටිය මුලින්ම යන්නේ  ඔං 

හරි එයා නැති උනාට කමක් නා අපි වැඩේ කරමු . මුල්ම පෝස්ටරේ ගහමු " දෙවියනි ඔබ කොහෙද ?" කියලා . කැම්පේන් ස්ලෝගන් එක ලියමු "නාවොත් නාථ . අපි අනාථ  " කියලා 

අදහස් නම් හොඳයි තමා , හැබැයි පුතෝ කුචිකර්මාන්තය ගැන සැලකුවේ නැත්නම් සක්කරයා ආවත් දිනුම් බොරු 

කුචිකර්මාන්තය ?

_______________________________________________________________________________

ලංකාව වූ කලි කුචිකාර්මික රටකි . එහෙයින් ලංකාවේ බලයට පත්වීමට උත්සහ කරන ඕනෑම කෙනෙක් කුචිකර්මාන්තය දැන  සිටීම අනිවාර්යය වේ . මෙය වගා කිරීමයයි  වරදවා තේරුම් නොගත යුතුය .

අපේ මහින්ද මාමා මේ ශාස්ත්‍රය හොඳින්ම දනී . ඔහු බඩට  ඇන  ආච්චිලා කුචි කවන්නේය . වඩාගෙන උඩ  දමා පොඩි බබාලා කුචි කවන්නේය ( එවිට උන්ගේ අම්මලා ......................................................සහ තාත්තලා ද ඉබේ කුචි කැවේ ). පිරිත් කියවා දැහැමි සිත කුචි කවන්නේය .කතා කියා ජාති ආල නිලය කුචි කවන්නේය . අලිද කුචි කවා කුලප්පු කරන්නේය . රතු කුඹී ද කුචි කවන්නේය . . ලොකු මාමා එක්ස්පර්ට් ය .

මේ ශිල්පය හරි හැටි කරන්නට රනිල් මාමා අසමත්ය . ඔහු ගේ කුචි කැවීම  දැනෙන්නේ සිනිදු සමක් ඇති නාගරිකයන්ට පමණි . ලොකු මාමා එහෙම නොවේ ය . ඔහු තදින් බඩේ පැත්තකට ඇඟිල්ලෙන් ඇන  කුචි කවන්නේය . එවිට එක්වරම ඉල ඇට  දිගේ විදුලිය බඳු වේදනාවක් ජනිත වේ . එවිට කුණුහරුප පවා කියවේ . දැන් බොහෝ අය  එවැනි විට පරුස වචන වෙනුවට වෙනත් වචන කීපයක් කීමට පුරුදු වී සිටිති . ඇතැමෙක් එවිට "ආස්තරිය ආස්තරිය " කියා කියන්නාහ .( සමහරුන්ට නම් එකවිට " අම්මගේ අස්තාරිය  " කියා කියවෙන්නේ පරණ පුරුද්දටය . ) සමහරුන් එවිට "හෙළ ජාතික අභිමානේ වැනි ගීත ඛණ්ඩයක් කීමට පුරුදු වී සිටිති .

10 comments:

  1. මෙන්න ඔය කියන කුචිකර්මාන්තය කළ අපූරු අවස්ථාවක්.
    http://www.sundaytimes.lk/080706/images/HE-with-SB.jpg

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක ක්ලික් කරපු ගමන් මාවත් කුචිකැව්නනේ. පට්ටයි

      Delete
    2. අර කට්ටිය කියනවා වගේ පැකින් ඕසම් ය

      Delete
  2. පට්ට ඈ...
    ඒත් ජේපී දන්නෙ නැතෙයි කුචිකර්මාන්තය
    හුටා
    අමතක වුණා...
    මේ කරල තියෙන්නෙත් කුචි කැවිල්ලක් නෙව...
    ඔහැක්

    ReplyDelete
  3. කුචි නොකවමි . ලාවට කොනිත්තමි

    ReplyDelete
  4. මාම කුචි කර්මාන්තයේ ප්‍රවීණය උනාට වටේ ඉන්න බෑනල කුඩු මිරිස් කාපු රිලව් වගේ

    ReplyDelete
    Replies
    1. මිරිස් කුඩු කාපු නෙමෙයි . මිරිස් ගොඩක් උඩ ඉඳ ගත්ත උන් වගේ වෙලාවකට

      Delete
  5. ස්තුතියි

    ReplyDelete

Have commented