17 August 2014

මෙන්න ගාසාවේ වෙඩි තියනවෝ , බෝම්බ ගහනවෝ , මිනී මරණ වෝ // May I divert your attention please

ගාසාවේ  වෙඩි කාපු , පොඩි එවුන් ගේ මළ  මිනී 
බුකියේ එල්ලා ගෙන , මාස  ගනන් වෙන්න එනවා 
ඔන්න ඔහේ තිබිච්චාවේ 

පැය  විසි හතරෙන් වලලනවා ලු 
ඒ පැත්තේ මැරුණාම 
ඒත්  පිංවත  
ඒවා කොහේද අපිත් එක්ක 

හිස් කබල පසාරු උනු  පින්තුරේ එල්ලලා 
ගොක් කොළ ඉටි කොළ නෙමෙයි 
ලයික් කොඩි වැල්  ඇදලා 
සිවුර කැහැපොට ගහන් 
බෝඩ් එක උස්සගෙන 
අපි පාමු විරෝධය 
මහ කොළඹ,  මහා දවල් 

මෙහෙම නෙමෙයි මචං 
යමුද අපි ජිනීවා වත් ?
කියන්න මේ අවනඩුව 
මේ බෝඩ් ටිකත් අරං 

එහෙම කරන්නේ කොහොම ?
දැක්කම උන් අපිව 
අහයි එකපාරටම 
කොහොමද අර වැඩේ ප්‍රගතිය ?

ඒ නිසා සුපින්වත 
පණ්ඩිත කම් නොකර 
උස්සහන් බෝඩ් එක 
අර පැත්ත නොපෙනෙන්න 

පලි 
යුද්ධයට මම  ඉදුරාම විරුද්ධය  . පොඩි  එවුන් මැරීමටද විරුද්ධය .එමෙන්ම  ඊශ්‍රායලය සැදීමේ  ක්‍රියාවේ චන්ඩි පාට්  එකටද විරුද්ධය .
නමුත්  මේ ලංකාවේ  විරෝධතා ව්‍යාපාර  වල නිකන්  , හෝටලයක  සපත්තු විකුනනවා  වගේ ගතියක්  පෙනේ . එක  අතකින් එහෙමත්  පුළුවන් ය

8 comments:

  1. කියුබාවට අත නොතබනු කියලා සිංහලෙන් පෝස්ටර් ගැහුවා එදත් ලංකාවේ.
    ඒ හන්දම කියුබාව බේරුනා.

    ReplyDelete
    Replies
    1. මේ වගේ කොච්චර නම් රටවල් අපි බේරලා තියෙනවාද?

      Delete
  2. ලංකාවේ ඇතුලේ ඉතින් මොනවා වුනත් පිට දේවල් වලට කෑ ගහන්නනේ අපේ අය දක්ෂ..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට අර ඩූඩ් කියලා තියෙනවා වගේ අපි රටවල් කීයක් නම් බේරා ගෙන තියෙනවාද ;)

      Delete
  3. අනේ මංද බං...
    වෙලාවකට මටම හිතෙනව මොළේ කියන අයිටම් එක හැදිල තියෙන්නෙ මැටි වලින්ද කියල

    ReplyDelete
  4. හෝටලයක සපත්තු විකුණනවට විරුද්ධ වෙන්නත් බෑනේ

    ReplyDelete

Have commented