27 August 2014

බේරේ වතුර බකට් චැලේන්ජ් // Ready or not , here it comes , you can't hide

මේ දවස් වල වසංගතයක් වගේ පැතිරෙන බාල්දි ලෙඩේ ගැන ඔබ දන්නවා ඇති . කට්ටිය හෝ ගාගෙන නාන බව පෙනේ . ජනතාවට සේවයක්  කිරීමට පෙරුම් පුරමින් සිටින ජනතා සේවකයෝද , රටේ බාරකාරයෝද,  ජනී ජනයා ගැන හටගත් පතල මහා කරුනාවෙන්ම , ඇද ගෙන , ඉඳගෙන , හිටගෙන නාන්නෝය .

එහෙත් , අපේ කේතුමතී නුවර පංචායුධ පඬිතුමා වරක් කීවාක්  මෙන් ,  පර දේස වලින් එන කිසි දෙයක්  එසේම පිළිගනිම එතරම් සුදුසු නැත . එහෙයින් ඕනෑම දෙයක් පොඩ්ඩක් දේශීයකරණය කළ  යුතුය . දේශීයකරණය කිව්වට එහෙමම ලොකු වෙනසක් කල යුතු නැත . නිකං දේශීය  ආරේට , “පිට කැසුම “ , “තොට කෙලිම “ , “බඩ  රිදුම “ වගේ නමක් පමණක් දමා පොඩි දේශීය  තීන්ත පාරක්  ගෑම පමණක් සෑහේ .

ඉතින් මම අලුත්ම බාල්දි සෙල්ලමක් යෝජනා කරමි .

මෙන්න පිළිගන්න  බේරේ  වතුර චැලේන්ජ්  ( Beire Bucket Challenge ) එක .

නීතී :
ඔබව මේ තරඟය සදහා යෝජනා විය හැක්කේ එස් එම්  එස් මගිනි .  එස් එම්  එස්  යනු අද දවසේ , මේ රටේ ප්‍රචලිතම පණිවිඩ හුවමාරු මාධ්‍යයයි . කොටින්ම කේතුමතී රාජ්‍යයේ ජනාධිපති තුමා අවුරුදු  පැතුම් එවන්නේද එස් එම්  එස් මගිනි .

ඔබ යෝජනා කරන අයගේ නම හා ඔහුගේ දුරකථන අංකය  හිස්තැනක් “ #naapiyakunuwatura” හිස්තැනක් “BWAAHAAHAA” හිස්තැනක් යොදා 81234ට එස් එම්  එස් කරන්න .
ක්ෂණිකව ඔබ යෝජනා කළ  අයගේ දුරකතනයට,  ඒ බව දන්වා කෙටි පණිවිඩයක් ලැබේ . එය “DANNAMNANNAWENAWA  (දැන් නම් නාන්න වෙනවා ) “ යනුවෙන් දැක්වෙනු ඇත .
මේ පණිවිඩය ලැබී පැය  විසි හතරක් ඇතුළත  ඔබ බේරේ  වැවේ වතුර බාල්දි දෙකක් ස්නානය කළ  යුතුය . එහි චායාරුපයක් ගෙන “#ONNA ITHIN MAMA NAAWA HAI HAI “ කියා 81235ට එස් එම් එස් කළ  යුතුය .

ඉන්පසු මාසේ වියදමට රුපියල් 2500ක් පමණක් තබා ගෙන මාසේ පඩියෙන් ඉතිරිය බදු ලෙස , කේතුමතී නුවර භාණ්ඩාගාරයේ නියමිත ගිණුමට බැර  කළ යුතුය. (කේතුමතී රාජ්‍යයේ , රජයේ භාණ්ඩාගාරය තරම් ප්‍රස්තානුකූල චැරිටියක් (charity ) මේ තුන් ලෝකෙම නැත. දස අතටම වාගේ ණය  වී , ගිනි පොළීය වත් ගෙවා ගන්නට නොහැකිව සියලු වත්කම් සින්නවන තත්වයටම වාගේ ඇවිදින්ය .)

හදිසියේවත් නාන්නට බැරි වුනොතින් , මුළු පඩියම බැර  කිරීමට සිදුවේ . බොහෝ ඇමති , මැති වරු කියන්නා සේ , කේතුමතී රාජ්‍යයේ කිසිවෙක් බඩගින්නේ මිය නොයන නිසා, එහෙම කලාට  කිසි ප්‍රශ්නයක් නැත .

“මම සී බාත් එකක් දාන්නම් “ , “ ගෙදර ලිඳෙන් නාන්නම් “ වගේ වැල්  බයිලා කියා බේරෙන්නට නොහැකිය . එහෙම අයගේ ගෙවල් වලට එවන්නේ වාරියපොළ WSTF බලකායෙන්ය . ඔන්න,  පෙර අනතුරු ඇඟවීම් කලෙමි .

නමුත් ලොජිස්ටිකල් ප්‍රශ්නයක් නිසා ඌව  පළාත ඇතුළු පළාත් කීපයක වැසියන්ට  මේ තරඟයට සහභාගී විය නොහැක .

ලඟදීම බලාපොරොත්තු වන්න
කුණු වතුර නෑම , මඩ නෑම හොඳට හුරු , දේශපාලනයේ 
යෙදී සිටින ජනතා සේවකයන් සඳහාම “ # අසුචී බකට් චැලේන්ජ් “ නම් තරඟයක් ළඟදීම දියත් වේ . වැඩි විස්තර පසුවට.

පළමුවෙන්ම තරඟයට ආරම්භයක් ලෙස මම කේතුමතී නුවර සියලු වැසියන් ටැග්  කරමි . ඔබේ දුරකථනයට  තව නොබෝ වේලාවකින් “DANNAMNANNAWENAWA” යනුවෙන් කෙටි පණිවුඩයක් ලැබෙනු ඇත

16 comments:

  1. ඇඳුම් ඇඳගෙනෙද නාන්න ඕනෑ

    ReplyDelete
    Replies
    1. ඇයි දැක්කේ නැද්ද කට්ටිය ඇදුම් පිටින් නාන වීඩියෝ

      Delete
  2. පැරා ඕක නියමට කියලා තිබුනා..

    නාපිය ගූ කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්
      facebook එකේ tagline
      "ඔබේ ගොන්කම ලොවටම පෙන්නන්න" වගේ එකක් දාන්න ඕනේ

      Delete
  3. /* හදිසියේවත් නාන්නට බැරි වුනොතින් , මුළු පඩියම බැර කිරීමට සිදුවේ .*/

    ලාල් කාන්තත් නාලා නෑ වගෙයි, පඩියම දෙන්නේ පක්‍ෂෙටලු!

    ReplyDelete
    Replies
    1. ඊට වඩා deserving, "අපේ භාන්ඩාගාරය බේරා ගනිමු" අරමුදල.
      ලාල් කාන්තත් පොඩ්ඩක් මොඩ් වෙලාද මන්දා.උදාහරන වලට පිට්සා ගන්නවත් දැක්කා. මල්ශා කෙලි ටැග් කලෙත් එයාවනේ

      Delete
    2. LAL KANTHATA NANNA KIWWE ICE BUCKET. JEE BUCKET NOVEI NE

      Delete
  4. අලේ මංදල්ලෑ අලේ...
    අපේ පංචායුධ සිටුතුමාව ඉස්සිස්සෙල්ලාම නවන්න ඕන...
    හිහි...
    මේ තියෙන්නෙ බස්සි දාපු අමුමිරිස් චැලේන්ජ් එක
    http://bassigenawathana.blogspot.com/2014/08/blog-post_26.html

    ReplyDelete
    Replies
    1. පඬිවරු කියන දේ වටිනවා.
      ස්තුතියි ලින්ක් එකට

      Delete
  5. කේතුමතී රජා ඉස්සර වෙලාම බෙරේ බේසමෙන් නාලා පෙන්නන්න ඕනෙ අමුඩේ පිටින්. එහෙමනේ හොඳ රජවරු රටට ආදුරුස දෙන්නේ. හැබැයි මේ දිනවල අර ඇමරිකාවේදී රීචාර්ජ් කරපු කෝෂ තෙමන්න හොඳද මන්දා.

    ReplyDelete
    Replies
    1. එතුමා නානවා නානවා. අමුඩෙත් නැතුව සමහර වෙලාවට. හැබැයි , වෙන එකෙක් වෙන පැත්තක හෙලුවෙන් නටලා අවධානය වෙනතකට යොමු කරනවා

      Delete
  6. බේරෙ බේරල දියවන්නාව පැත්තට ගියොත් නරකද. ඒකෙන් වට වෙල තියෙන මොන්ටිසෝරියෙ ඉන්න උන් හැමදාම ඇදගෙන නාන එකේ පෝලිමට ඇදගෙන නාන්නෙ නැතෑ. අනෙක රටෙන් බාගෙකට වැඩිය හුදීජනයා කේතුමතී නුවර ඔය කියන භාණ්ඩාගාරයට බැර කරන ගානට වැඩියෙන් උන් 225 න් විතරක් හොයා ගන්න පුළුවන්. කොහොම හරි රජපවුලත් නාවගත්තොත් රටම නොනෑවත් භාණ්ඩාගාරෙ නම් පිරෙයි.

    ReplyDelete
    Replies
    1. දියවන්නාව පැත්තේ තියෙන්නේ මද මානසිකයන් හා සිහි විකල්වුවන් සඳහා වූ අනාත නිවාසයක් නේද

      Delete
    2. :) JP ට කියන්න මම මුලින් කෙටුවෙ ‘ඒකෙන් වට වෙල තියෙන පිස්සන් කොටුවෙ ඉන්න උන්‘ කියල. ඒකෙ ඉන්න උන් මොනා කළත් මේ රටේ පුරවැසියො විදියට රටේ ව්‍යවස්ථාදායකයට ඒ වගේ දරුණු අපහාසයක් කරන එක හරි නෑ කියල හිතුනු නිසා ස්වභාවිකවම ලියවුනු පිස්සන් කොටුව අයින් කරල මොන්ටිසෝරිය රීප්ලේස් කළා. දැන් ඒ ගැන විශේෂයෙන් සඳහන් වුනු නිසා පිස්සන්කොටුවට වඩා මොන්ටිසෝරිය කිව්වම අපහාසයෙ අඩුවක් වෙනවද කියල මම මේ දැන් කම්පනා කරන්නෙ.

      Delete
  7. අසූචි බකට් චැලේන්ජ් නම් නැගලම යනවා මේ දවස වල ඌවේ

    ReplyDelete

Have commented