30 August 2014

ආපසු ගමන. ආපසු ...ගමන .... // The return journey ..

"රංජනී රංජනී "

ඇය විඩාබර දෑස් සෙමින් විවෘත කාලය

"අදත් ආවද? " , සිතේ නැගුන නොරුස්සනකම ඈට  සැඟවීමට නොහැකි විය

"ඔබටත් එසේම වේවා ..අද දවල් වෙනකන්ම නිදා ගෙන වගේ"  . ඔහු වෙනදා වගේම සුපුරුදු ප්‍රබෝධයෙනි

"හ්ම් "

"අදවත් යමුද ?"

"අද බෑ  , අද නම්  ලොකු නංගි එයි . දුවා කිව්වා ඊයේ ෆ්ලයිට් එකට නගින්න කලින් කෝල් කලා කියලා "

"හරි එහෙනම් හෙට බලමු . ඒත්  මේක වැඩිය කල් දාන්න පුළුවන් ගමනක් නෙමෙයි රංජනී . ඔයා දන්නවනේ ඒක "

___________________________________________________

 "සුභ උදෑසනක් වේවා , Good morning"

තවත් උදෑසනක් , පරණ පුරුදු විදියටම

"ඇත්තට ඔහේ පරාජය පිළිගන්නෙම නැත්ද ?"

"පරාජය ? ඇයි  එහෙම කියන්නේ මේක දිනුමක් පරාජයක් ගැන කතාවක් නෙමෙයිනේ . අපි ආපහු යන්න එපා යෑ . මෙහෙ නවතින්න බෑනේ "

"ඒ වුනාට මම ආසයි මෙහෙට  "


" එහෙම කියලා බෑනේ රංජනී . ඉස්සර මිනිස්සු  සිරිපාදේ ගියේ ආපහු නොඑන්න දේපළ දරුවන්ට ලියලා ලු නේ   . ඒත්   ඒ අය ආපහු ගියානේ .. ඒ වුනාට මහා මළුවේ පදිංචි උනේ නෑ නේ රංජනී ....අම්බලම් වල පදිංචි වෙන්න බෑනේ "

"ඒ වුනාට මට බෑ  ඔහෙත් එක්ක ඔය ගමන යන්න .  මට බැහැ . මම ගියාම කවුද සරත්ට කන්න උයලා  දෙන්නේ. ඔය උන්නට එයාට තනියම තේ  එකක් වත් හරියට හදා  ගන්න බෑ ....
ඊළඟ අවුරුද්දේ දුව බඳින කොට මම ඉන්න ඕනේ. අවුරුදු දෙකකින් විතර බබෙක් හම්බු වෙයි . මම ඉන්නම  ඕනේ පොඩි එකා බලාගන්න . දූට බෑ ඕවා තනියම කරගන්න. ...පොඩි එකිත් එක්ක  මම හවසට  යනවා ළඟ  පන්සලට . ඒකිට පොඩි සුදු ගවුම් පොඩ්ඩක් අන්දලා .... අපේ අම්මත් ගෙනිච්චා  වගේ ශේහානිව  ."

"කොච්චර කලත් ඉවර  නොවෙන, වැඩ  ගොඩක්.... ජීවිතේ "

"අනේ  please  මට කරදර කරන්න එපා . මම  වඳින්නම්"

"හ්ම්.. එහෙනම් හෙටවත්  බලමු "

___________________________________________________


"රංජනී , ලෑස්ති වෙන්න . "

"අද ? මේ දැන් ? දුවා ආවා විතරයි .. සුප් එකකුත් ගෙනල්ලා ....උගුරු දෙකක් බොනකන් ඉන්න .

"I am sorry , තව පරක්කු වෙන්න බෑ  ...දුර යන්න තියෙනවා . වැඩිය මොකුත් පොදි  ගහගන්න ඕනේ නෑ "

"අම්මා  අම්මා  , අනේ  ඩොක්ට ඩොක්ට  ඉක්මනට එන්න "

ෂෙහානි, ඇඳ ඉස්මත්තේ වූ  හෘද ස්පන්දනය  සටහන් වුනු යන්ත්‍රයේ ඇදුනු සරළ රේඛාව දෙස බලා ගෙන කෑ ගසන්නට වුවාය

28 comments:

  1. ඇවිත් තිබුණේ මරණයද?

    ReplyDelete
    Replies
    1. ඔව් පොකු . එයාට එක එක නම් කියනවනේ , මරු , මාරයා , Grimm Reaper....

      Delete
  2. පොර ඉංග්‍රීසිත් දන්නවද? ඉතිහාසය එහෙමත් හදාරලා තියනව වගේ... මටත් දවසක හම්බ වෙන්නේ නැතෑ....

    ReplyDelete
    Replies
    1. පොර මාර පොරක්!
      අර කවියක් වගේ එකක් තියෙන්නේ
      " මගේ අම්මෝ මට බැරියෝ
      කලු මිනිහෙක් අත වැනුවෝ
      ඌත් එක්ක මම යනවෝ"

      Delete
  3. දුක තමා රංජනී, ආපු හැමෝම යන්නෙපාය.

    ReplyDelete
    Replies
    1. ආපහු යනවද නැත්නම් ආපහු ගමනේ යෙදෙනවාද මන්දා

      Delete
  4. දවසක් ලංකාවට ගිහින් එනකොට මගෙ හොඳම මිත්‍රයෙකුට දන්වල එන්න බැරිවුණා
    පණිවිඩයක් තිබ්බ "සමාවෙයං කියල එන්න බැරි වුණා මචං" කියල
    හැරෙන තෑපෑලෙන් ආව පණිවිඩේ "යනකොට කියල යන්න පුලුවන් වේවි කියලද උඹ හිතාන ඉන්නෙ" කියල
    ඌ හැමදාමත් මගෙ හිත නිවනව
    මේ ලියමනුත් ඒක අපට නැවත නැවතත් මතක් කරල දෙනව.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත , කොයි වෙලාවෙද දන්නේ නෑ නේ

      Delete
  5. මම හිතාගෙන ආවේ වෙන දෙයක්. ඇත්තෙන්ම මම හිතුවේ ලංකාවේ ගත කල නිවාඩුව ඉවර වෙලා ආපහු යන ගමන් කියලා. ඔය පොර බ්ලොග් එකකුත් ලියනවා උගේ හෝරාව කියලා. ඒ වුනාව වැඩිය ඉන්නේ ෆේස්බුක් එකේ කෑම පිඟන් දම දම.

    ReplyDelete
    Replies
    1. ආ ඒ මාරයා! ඔය කියන්නේ කුක්කුමාර .. කාලෙකින් ලියුවෙත් නෑ මොකුත් හැබැයි

      Delete
    2. මාරයා උණත් මරණය ගැන හිතනවා කියන එකට මේක හොඳ සාක්ෂියක්.. ඉතිං දැන් මදෑ... ආයුබෝවන්..!

      Delete
  6. හැමෝටම කවදා හරි නොවැරදීම හම්බවෙන එකම අමුත්තා ,

    ReplyDelete
  7. අන්තිම වාක්‍යය කියෙව්වම තමයි මේකේ තේරුම අහුවුනේ...

    නියම පොස්ට් එකක් JP.

    ReplyDelete
    Replies
    1. එහෙම ලියන්න තමයි උත්සහ කලේ. මුලින්ම පොකුගේ ප්රශ්නේ දැක්කම හැබැයි බය හිතුනා වැඩේ අසාර්ථකද කියලා

      Delete
  8. මියගිය ඒ මවට නිවන් සුව පතමි.

    දවස ආපුවාම යන්න වෙනවා.

    නමුත් රැඳෙන්න කරුණු තියෙනවා නම් බාගයක් දුර ගිහිල්ලා වුණත් ආපසු එන්නත් පුළුවනි!

    "කපා දැමූ රඹ කඳ මෙන් වැටුනි ඇද
    දපා එලෙස සිටියෙමි තණ පිටිය මැද
    සැපා කියා දිය කෙළි විඳි කටක රද
    තොපා දුන් ඔවා මට මිත අකැප විද

    බඳවා රැහැන් ඉඳිකටු ලා දුබල ගතේ
    හඬවා සයිරනය ඉගිළුනි ගිලන් රතේ
    කැඳවා යන්න ආ මරුවා සිනාසෙතේ
    වඩවා විරිය ගත දිරි ඉපිදවිමි සිතේ

    නහර තුල බැඳුණු කාරම් බලය දිදී
    නතර කළා හදවත ගත සිසිල සැදී
    වැතිර සිටි මගෙ ම රුව නිසසලව බැඳී
    අතර තුර බැලූවෙමි සිට අහසෙ රැඳී

    සිව් සාලිස් වසක ගතවෙන දිවි මගෙහී
    ලිව් කවි මිසක කළ පොතකුදු නැති සඳෙහී
    පව්! පුතු සිතෙන් යයි පිය මතකය ගිලිහී
    එව් සිතුවිලි රැසින් ඇතිවිය දිරි සිතෙහී

    එන් නට බැහැ තවම දාතම පැමිණ නැත
    යන් නට පෙර කළ යුතු වැඩ අපරිමිත
    සන් කර මරු යවා ආපසු එලොව වෙත
    සන් සුන් ගත තුලට යලි වැද ගතිමි මිත

    වැතිර ඇඳක දැඩි සැලකුම් ඒකකයේ
    වයර ලා අතේ නාසයෙ ගෙලේ ලයේ
    නිතර සිහින මැද ඔසු බල දරා කයේ
    සසර කළ පවද ඒ ලෙස ගෙවී ගියේ"

    ReplyDelete
    Replies
    1. අපූරු කවියක් කසූ
      කලින් පලකල එකක්ද?
      මුද්‍රණය කර ලඟ තබා ගත යුතුය

      Delete
    2. අපූරු කවක් කකා. ඉස්සර කතාවක් තිබ්බා නේද ඔය මනෝකාය හරියට සමපාත නොවුනු අවස්තාවක් ගැන. ලොබ් සාන් රම්පාගේ පොත් වලත් තියෙනවා

      Delete
  9. ඔය පොරව රවට්ටන්න කිදෙනෙක් නම් ට්‍රයි ද

    ReplyDelete
    Replies
    1. අපිට ඔහු එන බව අමතක වෙන්වානේ. නිම නොවන වැඩ ගොඩක් ජීවිතේ

      Delete
  10. සිංදුවක් තියෙනවා මම හිතන්නේ උඹ අහලා ඇති..

    Everybody wants to go to haven, But nobody want to go now...

    ReplyDelete
    Replies
    1. අසා තිබේ .
      කතාවත් ඇත්ත

      Delete
  11. දුක තමයි රංජනී

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා සරත්

      Delete
  12. අන්තිම වෙනකන් හිතාගන්න බැරි වුනා.
    පෙල ගැස්ම එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. තැන්කු කිව්වා

      Delete

Have commented