03 September 2014

දවසක් බස් ස්ටෑන්ඩ් එකේ පාළුවේ ඉන්නකොට .

දවසක් බස් ස්ටෑන්ඩ්  එකේ පාළුවේ ඉන්නකොට .
කොල්ලෙක්  කීවයි කෙල්ලෙක්ට කට කැඩෙන  කතාවක්  
එහෙම ගෑනුන්ට  එක එක ඒවා කියන එක වැරදියි නේ
අපි කෙල්ලට කිව්වා බැනපන් ඌට  


ඉතින් ?


කෙල්ල  ගත්  කටටම  බෑ  කිව්වා
අපි කිව්වා එහෙම හරියන්නේ නෑ  නංගි  
ස්ත්‍රී වර්ගයා ගැන හිතලා මේක නිකන් අරින්න එපා
ඊට පස්සේ ,  ඔන්න කෙල්ල  බැන්නා යන්තං
ඉතින් ?


අපි විසිල් ගැහුවා . ගැහුවා අත්පුඩි
අපි කියුවා “නංගි  ගහන් කණ පුපුරන්ට  එකක්  
කෙල්ල ආයෙත් අදිමදි  කලෙන්
කීවෙමු දැන් ඉතින් බැනපු එකේ , ඔන්න ඔහේ එකක් ගහන්


ඉතින් ?


කෙල්ල පැනලා ගැහුවා උගේ  කණට  එකක්
අපි ගැහුවා විසිල් , ගහපන් තවත් එකක්  
කෙල්ල තව එකක්  ගැහුවානේ ඉතින්
ඇනපන් ඔලුව බිත්තියේ මොළේ  හෙල්ලෙන්න  


ඉතින්, කෙල්ල කලාද


නැත්නම්


ඊට පස්සේ ?


අපි ඇහුවා කොල්ලගේ නෝනාගෙන්  


ලජ්ජා නැත්ද මේ වගේ එකෙක් එක්කලා  කන්නට දීගේ
රට්ටු මොනවා නොකියාවිද උඹටත්
ඕකාව  අත ඇරලා දාලා සදහටම
පලයන් කෙල්ලේ ගමේ පොඩි එකත් අරං

ගියාද ?


ගෑනි අදිමදි කළා, පස්සේ ගියා

ඊට පස්සේ ?



අපි ඌට හූ කිව්වා , හිනා උනා . ඊට පස්සේ අපි කිව්වා කොල්ලට .


හැදිච්ච කෙල්ලෝ යනවද ඔහොම ඇඳන් .
මොනවා උනත් තමුසේත් මිනිහෙක් නේ
තමුසේට වෙච්ච දේ වැරදියි නේ මල්ලි
කොල්ලෙක් හැටියට තමුසේ  පව් ඕයි .


ඉතින් ?


කොල්ලත් කිව්වා , "ඔව් ඕයි"  කියලා .


ඊට පස්සේ


අපි කිව්වා


ඔහේගේ කනත් පොඩ්ඩක් රිදෙනවා වගේ නේද
පස්සට කරදරයි  කල් ඇරියෝතින්
ඉස්පිරිතාලෙට ගොහින් ආණ්ඩුවේ
පොඩ්ඩක් පෙන්න ගන්නවා හොඳයි මලේ


ඉතින්  ?

කොල්ලා ඉස්පිරිතාලේ ගියා


ඊට පස්සේ ?


අපි කීවා


පව් ඔයි අර කොල්ලා , ඌට උනු  වියෝවා
ගෑනිත් ගියා , කණ ඇහෙන්නෙත් නැතේයා
රාලහාමි නීතිය රකිනට  ඉන්නා
අර රන්ඩු කෙක්ක අල්ලන්  අත්  දෙකටම මාංචු දා


ඊට පස්සේ ?


අත්අඩංගුවට ගත්තම , අපි කිව්වා


අනේ කෙල්ල අහිංසකයි රටක් වටී
කාකී සූට්  ඇඳගෙන කරන්නේම ඔය වගේ ගොන් වැඩමයි
ඒ කෙල්ලට වූ කරදර කවුරු බලන්
තිස් තුන් කෝටියක් දෙවි හාමුදුරුවනේ

ඊට පස්සේ ?

ඔන්න එතකොටම අලුත් නිවුස් එකක් ආවා ….උන්ගේ ප්‍රශ්න උන් බේරාගත්තදෙන් අපි යනවෝ ජනාධිපතිවරණේ බලන්න



පලි : මෙය ඔද්දල් වුනු ප්‍රවෘත්තියක් බව දනිමි . මා කතාවට සෙල්වා හා දිලිණි  පාදක කොට ගත්තේ එය ලඟම  උදාහරණයක් බැවිනි . වලියක් අවුස්සන , ඊට චියර් කරන උන් එකවිටම නැතිවී යන බව ලෝක ධර්මතාවයකි . ඒ බව සැවොම මතක තබා ගත යුතුය . දුප්පත් සෙල්වාට තිලිණිට මෙන්ම රජුන්ට කුමරුන්ට ද මෙය පොදුය

19 comments:

  1. Mata hithenneth ohomama thamayi!

    ReplyDelete
    Replies
    1. :) පිලිගන්නවා ඔබව මේ අඩවියට

      Delete
  2. මං නං වලියට බර නෑ!

    ReplyDelete
    Replies
    1. ඒ උනාට වලි බලන්න කැමතිද?

      Delete
  3. හැබයි එක අතකින් මේක ෆේස්බුක් දාපු එකාට සම්මාණයක් දෙන්න වටිනවා..

    මොකෝ අපේ රටේ කොල්ලෙගන්ටයි කෙල්ලන්ටයි දෙගොල්ලන්ටම ළොකු පාඩමක් කියා දුන්නා මේ රට මොන වගේ රටක්ද කියලා..

    ReplyDelete
    Replies

    1. අපි දෙමු වසරේ හොඳම ජනමාධ්‍යවේදීයාට හිමි සම්මානය

      Delete
  4. මටත් ඔක හිතුන.උන් දෙන්නටම ඔන වුනේ එක එතනින් ඉවර කරන්න.හැබැයි අනිත් ඔක්කොටම ඔනවුනා ඇදගෙන යන්න.හැබැයි දැන් උන් දෙන්න පරිප්පු කනව අනිත් ඔක්කොම තමන්ගෙ වැඩ.

    ReplyDelete
    Replies

    1. එහෙම කොහොමද ගොඩින් ශේප් කරගන්න අපිත් එක්ක

      Delete
  5. සිඟිති මා බිළින්දෝ
    මොටද මල් පිය පොඩි ඔසවන්නේ

    ටිකිරි මා බිළින්දෝ
    මිනිස් ලොව දොරටුව වෙත යන්නයි
    කැකුළු පිනි විසිරුණු අරුණලු පියැවිල්ලේ

    අසනු මා බිළින්දෝ
    නිසල දිය ඇති තැන වෙයි ගැඹුරූ

    සිතනු මා බිළින්දෝ
    මලක නටු අතරෙද විස කටු තියෙයි
    රුසිරු හිම කඳුවැටි අතරෙ ද ගිනි කඳු තියේ

    කිරි පැණි හඳ හාමි ලා
    ඒ ලෝකෙ නෑ බිළින්දෝ

    අවිහිංසක හා පැටව් ඒ ලෝකෙ නෑ බිළින්දෝ
    පිරිසිදු සිත් සැහැල්ලූ සොයනු බෑ

    විසකුරු රළු මිනිස්සුන් මග හිඳීවී බිළින්දෝ...

    කැකුළු මා බිළින්දෝ
    කුමට දත් විදහා හිනැහෙන්නේ

    ටිකිරි මා බිළින්දෝ
    මිනිස් ලොව විසිතුරු දැකගන්න යි
    කැකුළු පිනි විසිරුණු අරුණලු පියැවිල්ලේ

    රතුකැට අත ඇති තුරා 
    වටවේවි බෝ බිළින්දෝ

    හිත මිතුරන් නුඹ වටා 
    හැමදාම නෑ බිළින්දෝ

    කඳුළෙදි දුක ඉහිල්ලූ යහළුවෝ
    වැලපෙන තැන හිනැස්සු 
    අය හිඳින්නේ බිළින්දෝ

    කිරි පැණි හඳ හාමි ලා
    ඒ ලෝකෙ නෑ බිළින්දෝ

    අවිහිංසක හා පැටව් 
    ඒ ලෝකෙ නෑ බිළින්දෝ

    පිරිසිදු සිත් සැහැල්ලූ 
    සොයනු බෑ

    විසකුරු රළු මිනිස්සුන් 
    මග හිඳිවී බිළින්දෝ

    කිරි පැණි හඳ හාමි ලා
    ඒ ලෝකෙ නෑ බිළින්දෝ

    අවිහිංසක හා පැටව් 
    ඒ ලෝකෙ නෑ බිළින්දෝ

    රතුකැට අත ඇතිතුරා 
    වටවේවි බෝ බිළින්දෝ

    හිත මිතුරන් නුඹ වටා 
    හැමදාම නෑ බිළින්දෝ...


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය : සරත් ද අල්විස්
    ගායනය : සුජාතා අත්තනායක

    ReplyDelete
    Replies
    1. ඒ රසවත් ගීතය ඔබ වෙත ගෙන ආවේ ඇන්දු සිනෝ රැකෝඩ් බාර් සාදර අනුග්‍රහයෙන්... :)

      Delete
  6. ඔන්න ඒ ක්ලිප් එක FB දාපු එකා කවුද කියල පොලිසියෙන් හොයනවා අර විශිෂ්ටතම ජනමාධ්‍යවේදී සම්මානෙ දෙන්න වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපි ඌව අල්ලලා නඩුව දාමු. සෙල්වාගේ පවුලට නඩත්තුත් ගෙවන්න කියලා, තිලිනිටත් අලාබේ ගෙවන්න කියමු

      Delete
  7. වාරියපොළ සීන් එක පරණ නොවෙන කතන්දරයක්. අන්න නඩුවත් හය මසෙකට කල් දාලලු. අඩුගානෙ උසාවියටවත් මේක ඉවර කරගන්න උවමනාවක් නැති හැඩයි.

    ReplyDelete
    Replies
    1. චුයින්ගම් නිවුස්

      Delete
  8. ඇත්ත.. කොහෙන් කොහොම හරි අන්තිමට පවුලයි රැවුලයි දෙකම නැති වුනේ කොල්ලගේ තමයි..

    ReplyDelete
  9. වාරියපොල සිද්ධිය කාලයක යනකං බොහෝ දේවල් වලට උදාහරණයක් වෙනවා ,

    ReplyDelete
  10. පුවත් මවන්නෝ.
    ආතල් දෙන්නෝ.
    නිකං දෙන එකේ.
    ඔන්නොහේ ගන්නෝ.

    ReplyDelete
  11. අනිවා වලියකට චියර් කරලා මෝඩ ආතල් ගන්න වුන් වැඩි.

    ReplyDelete

Have commented