19 September 2014

බඩු කෝච්චිය

තිස්ස තිස්ස

ඕ ?

 මේ කිසි දින හමු නොවෙන රේල් පීලි මත කුමක්නම් ගමන් කරයිද ?

උඩරට මැණිකේ , පොඩි මැණිකේ , රුහුණු කුමාරි වැනි දුම්රියම ගමන් කරන්නෝය 

මැණිකෙලා කුමාරිලා  පමණක්ද ?

කිලිනොච්චියට යනකං යාල් දේවි ද යන්නීය 

මැණිකෙලා , කුමාරිලා , දේවිලා  හැර වෙන කිසිවෙක් ගමන් කරන්නේද ?

අනේක ජිවන බර පොදි  කරේ තියං , බඩු දුම්රියද , කාටත් නොපෙනී මෙන් ගමන් කරන්නේය 






12 comments:

  1. මරදානෙන් නානුඔය බලා යන බඩු කෝච්චියේ නම පොඩි පහේ මගී මැදිරියකුත් තිබුණා.

    ReplyDelete
  2. මම ඒ දුම්රියේ ගමන් කර ඇත්තෙමි

    ReplyDelete
  3. අපූරූ ඡායාරූපයක්.. අපූරූ කතාවක්...

    ReplyDelete
  4. ඇයි මේ තිස්සගෙන් ම තාම ඔය ප්‍රශ්න මිනිස්සු අහන්නේ? මහින්ද ගෙන් අහන්න පුළුවන් නේ :)

    පින්තුරේ නම් මාර ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතිය. ඔක්කොම කුනු බේරුවල බොක්කට, ඔක්කොම පැන තිස්සට.

      Delete
  5. අපූරුයි... පිංතූරෙ විතරක් නෙවී... දෙන්න හදල තියෙන අදහසත්...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මේ පින්තුරේ පිටිපස්සේ පොඩි කතාවකුත් තියෙනවා. නානුඔය ස්ටේසමේ පින්තූර ගන්න ගියාම , එතන සේවකයෙක් එල්ලෙව්වා අපිව පර්මිට් නෑ කියලා. දුම්‍ රිය පොල සීමාවේන් පිට සිට මේ පින්තූරේ ගත්තේ. මගේ තනියට ගියේ මගේ මාමන්ඩි. ඊට පස්සේ ගොඩක් දේවල් වෙනස් උනා

      Delete
  6. තෙල් කෝච්චියත් යනවා , එකෙන් තමා මැණිකෙලා ,කුමාරිලා දෙවිලාට ජීවය පිඹින්නේ , එත් කවුරුවත් ඒ ගැන කියන්නේ නෑ , එයා කලුයි නේ

    ReplyDelete
    Replies
    1. කළු අයට කැමැති අයත් ඉන්නවා නේ ... අපේ වල්ගම මහත්තයට දුන්නා නම් , තෙල් කුමාරි කියලා නම තියයි

      Delete
  7. දුම්රියපොල සීමාවෙන් පිටත ඉඳලා ගත්තට නියම පින්තූරේ. අවසර දුන්නා නම් ඔහොම සාර්තක එකක් නෙවෙන්නත් තිබුනා. ජාලිය පාවිච්චි කරන්නේ අනිවාර්යයෙන්ම ප්‍රොෆෙෂනල් හොම්බ දිග කැමරාවක් වෙන්නැති. ෆෝන් කැමරාවට ඔය මොන බාදාවක්වත් නෑ.

    ReplyDelete
    Replies
    1. හොම්බ දිග එකක් තමා :). ඒ මදිවට ට්‍රයිපොඩ් එකකුත් උස්සගෙන

      Delete

Have commented