14 September 2014

පොලීසියෙන් පුවත් // Detective Anjanam Devi to the rescue

ටින් ටින් ටින් ..ටූක්‌ ටූක්‌ 

වේලාව මධ්‍යහන දොළහයි . මෙන්න පොලිසියෙන් පුවත් 

කේතුමතී නුවර අවුරුදු හතරක දැරියක් ඊයේ හවස පැහැර  ගෙන ගොස් ඇත . මේ අපරාධයට  සම්බන්ධ අපරාධ කරුවන් සෙවීමට කේතුමතී නුවර පොලීසිය  විශේෂ පරීක්ෂණ අරඹා ඇත . මේ පරීක්ෂණ මෙහෙයවන්නේ රහස් පරීක්ෂක අංජනම් දේවි යයි . ඇයට  සහය වීමට හනුමන්තා ගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් කැඳවා ඇත . අපරාධයට මුලින් සැක  පිට අත්අඩංගුවට ගත කට්ටඩි මහතාගේ යෝජනාව පිට මේ විශේෂ කණ්ඩායම කැඳවා ඇත .


මේ ගැන අදහස් දක්වන්නට අපිත් සමග දැන් දුරකතනයෙන් සම්බන්ද වෙනවා කේතුමතී නුවර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ට පොලිස් අධිකාරි මඥසෝම මහතා 

හෙලෝ 

ඔබතුමාට කියන්න පුලුවන්ද පරීක්ෂණයේ තත්වය 

මෙහෙමයි පොලිසිය සුදානමින් ඉන්නවා , අපි ළඟදීම පරීක්ෂණ ආරම්බ කරනවා 

කවදද පරීක්ෂණ ආරම්බ කරන්නේ, එතකොට පරක්කු වැඩිවෙලා තියෙයිද 

ඔ ඔ ඔ ඔ ඔව් ඔව් එක තමයි නේ , ඒක අහන්න ඕනේ  ජනාධිපති තුමාගෙන්  

අපිට ආරංචියි පොලීසිය දැන් අංජනම් බලලයි අපරාධ විසදන්නේ කියලා . මෙය ප්‍රයෝගිකද , බුද්ධිමත් පියවරක්ද 

ඔ ඔ ඔ ඔ ඔව් ඔව් එක තමයි නේ , ඒක අහන්න ඕනේ අංජනම් දේවිගෙන් 

අපිට පෙනී යනවා මෑතක සිට මෙවැනි කුඩා දරුවන් හොරෙන් පැහැර ගෙන යෑම් වැඩිවේගෙන  යනවා . ඇයි  මේ වගේ ක්‍රියාවන්ට මිනිස්සු පෙළඹෙන්නේ ?

ඔ ඔ ඔ ඔ ඔව් ඔව් එක තමයි නේ , ඒක නම් අහන්න ඕනේ හොරුන්ගේ අම්මලාගෙන් තමයි 

ඔබතුමා අපිත් සමග සම්බන්ද වුනු නිසා ,මේ ප්‍රශ්නෙත් අහන්නම් . මේ දිනවල ඌව පළාතේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා වෙනත් පළාත් වලින් පාතාලේ කල්ලි ගොස් ඇතැයි ආරංචි වෙනවා . මේ පිරිස් වලට අනුග්‍රහය සපයන්නේ කේතුමතී නුවර රජයේ ඇමතිවරුන් යයි අයෙක් කියනවා 

ඔන්න ඕක නම් බොරුවක් .  මොකද කේතුමතී නුවර පාතාලයක් දැන් ඇත්තෙම නෑ , අනික මැති ඇමති වරුන් ඒ පාතාලේ කට්ටිය දන්නෙත් නෑ 

නැති පාතාලයක අය කොහොම දැන ගන්නද නේද 

හු හු හුටා ...ඔ ඔ ඔ ඔ ඔව් ඔව් එක තමයි නේ


පලි 

කල්පිතයට වඩා සත්‍යය කෙතරම් අත්භූත ජනක ද ?



සබැඳි පුවත් 

4 comments:

  1. පොලිස් මාධ්‍ය ප්‍රකාෂක හා මැතිවරණ කොමසාරිස් යන දෙදෙනාම ගෞරවාන්විත තනතුරු දෙකක් බල්ලා මාක් කර දැමු පිස්සන් දෙදෙනකු ලෙස ලක් ඉතිහාසයේ රන් අකුරින් ලිය වෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඕඕ ඔව් ඒක තමයි නේ :)

      Delete
  2. මැකෝ පොකෝ ඩබලම අපේ දුක්ක දෝමනස්ස දුරු කරලා අපිව සැමදා සිනහවෙන් සරසා තැබීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුතුව වැඩ කටයුතු කරන දෙදෙනෙකි. පත්කර ඇත්තේ මරා විසිනි.

    ReplyDelete
    Replies
    1. ටෙනි බන්දු වෙනුවට දැන් මැකෝ , පොමාප්‍රා

      Delete

Have commented