16 September 2014

Occupy Central , ප්‍රජාතාන්ත්‍රවාදය ඕනා සහ සුභ අනාගතය ( ඉට් ඊස් කොම්ප්ලිකෙටඩ් ) -


මා ජීවත්  වන හොංකොං නගරය චිනයේම ප්‍රාන්තයකි . විශේෂ පරිපාලන ඒකකයක් ලෙස ලේබල් කර එය පාලනය වෙනම රජයක් යටතේ වුවද එහි ජනාධිපති කෙනෙක් , අගමැති කෙනෙක් නැත  ඇත්තේ ප්‍රධාන විධායක නිලධාරියෙකි (CEO) . ඔහුව පත් කරන්නේ ජනතාව පත්කළ පළාත් නියෝජිතයන් විසින්  පත්කර ගන්නා මණ්ඩලයක චන්දයෙනි . නමුත් පළමුව ඒ නාම යෝජනා සහ පත්වීම චීනයේ මධ්‍යම රජයෙන් අනුමත විය යුතුය . මේ අද තත්වයයි .  
1997 තෙක් මේ නගරය පාලනය කලේ බ්‍රිතාන්‍යයි , ඔවුන් රට චීනයට බාර දෙන විට ඉල්ලීම කිහිපයක් ඉදිරිපත් කලෝය . ඉන් එකක් 2017 වන විට සර්ව ජන චන්ද බලය ලබා දෙන ලෙසයි . අධිරාජ්‍යවාදයේ යකඩ හස්තයෙන් ලෝකයේ රටවල්  පාලනය කල ඔවුන්ට , ඒ රට වලින් ආපසු යන්නට නැව්  නැගී විට  සත්ව කරුණාව පහල වූ උදාහරණ බොහෝ ඇත . අධිරාජ්‍යවාදයේ හදවත එලෙස උණු වේ . සමහර තැන්වල සුළු ජාතීන්  ගැන පතළ  මහා කරුණාවෙන් , වෙනම රටවල් පවා වෙන්කර දුන්හ .

චීනය මේ ඉල්ලීම බාරගත්තේය. දැන් 2017 දී , සර්ව ජන චන්ද බලය  හොං  කොං  වලට ලැබීමට නියමිතය  . එහෙත් පොඩි කොස්සකි . ඒ චන්දයට ඉදිරිපත් වෙන නියෝජිතයන් පත් කරන්නේ චීන රජයෙනි . චන්දය දාන්නේ ජනතාවය . (මෙහෙත් ඔහේ  වගේමය .).    චීනා හරි ඉත්තෝ හරි කොටුවට ඇද  ඇති සෙයකි . 

මීට විරුද්ධව ජාතික සිවිල් ව්‍යාපාරයක් වැඩෙමින් පවතී . Occupy Central නමින් හඳුන්වන එය පහුගිය අගෝස්තු 30 වනදා  500000 පමණ පිරිසකින් යුතු පෙළපාලියක් , මෙහි ප්‍රධාන මුල්‍යමය ආයතන බහුල Central දිස්ත්‍රික්කයට  සංවිධානය කළහ . ඔවුන් ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි . "පව් නේ අනේ ඒ රටේ ජනතාව , ඔන්න ඔහේ, ඕක  දීලා දාන්න" කියා බ්‍රිතාන්‍ය රජයද ඉල්ලා ඇත . චීන රජය ඔවුන්ගෙන් අසා ඇත්තේ ඔබලා පාලනය කල වසර 150දී ඕක නොදුන්නේ ඇයි  කියාය. චීන රජයට සහය දක්වමින්ද අනෙක් පසින් ද බල සේනාවක් සංවිධානය වී සිටිති . ඔවුහු මේ  Occupy central ක්‍රියා පිළිවෙත හෙලා දකිති ( ඒ වගත්,  කොහේත්  එලෙසමය )

මා මිතුරෙක් දිනක් මේ ගැන විමසුවේ උඹලගේ රටේ මොනවා නැතත් මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍ර වාදය තියෙනවානේ , ඒ නිසා මිනිස්සුන්ට  පූර්ණ නිදහස තියෙනවා නේද කියා අසමිනි. මට කියන්නට පිළිතුරක් නැති විය.  මේ රටේ දේශපාලනය ඔබට උනන්දුවක් ඇති නොකෙරුවත් , මේ කතාබහේ තැන්  කීපයක් නැවත සිහි කරන විට , එය මෙහි පළ කිරීම අඩුම වශයෙන් ඔබ වින්දනයටවත් හේතු වනු ඇති මම සිතුවෙමි .

ඔබේ රටේ ජනතාවට ඕනේ අයව නේද ආණ්ඩුවට පත්වෙන්නේ ?

එහෙමමත් නෙමෙයි 

ඇයි  චන්දෙන් නෙමෙයිද 

චන්දෙන් තමයි 

එතකොට , මිනිස්සු වැඩියෙන්ම කැමති කෙනාට නෙමෙයිද චන්ද වැඩියෙන් වැටෙන්නේ 

ඒක  ඊට වඩා ටිකක් සංකීර්ණයි , ඉට් ඊස් කොම්ප්ලිකෙටඩ් - ( මෙය මා පිළිතුරක් නැතිව හිරවූ විට පාවිච්චි කරන වාක්‍යයකි )

හරි , ඒත්  පත්වෙන මිනිස්සු හරියට වැඩේ කලේ නැත්නම් , වෙන අය  පත් කර ගන්න පුළුවන්නේ 

ඒකත්  ටිකක් සංකීර්ණයි

ඒ වුනාට මිත්‍රයා , උඹලාගේ රට ප්‍රජාතන්ත්‍ර වාදය තියෙන ස්ව්‍යරී රටක් නේ . ඒකට  මෙහේ , ඔක්කොම කෙරෙන්නේ  චීනේ ට  ඕනේ විදියටනේ 

හ්ම් ප්‍රජාතන්ත්‍රවාදයත් ඔබ හිතනවාට වඩා සංකීර්ණයි... සමහර ස්ව්‍යරී රටවලටත් චීනා  ඕනා ...ඉට් ඊස් කොම්ප්ලිකෙටඩ්

ඒ වුනාට උඹලගේ ජනාධිපති තුමා හරි බලපරාක්‍රම පාටයි , අර සුදු සූට්  එකත් ඇඳලා  අර සාලුවත් දාලා  බෙල්ල වටේ ...උඹලට කොච්චර ආඩම්බර ඇත්ද ? 

සාලුව නෙමෙයි සාටකේ 

අනික , උඹ පෙන්නුවේ අර පත්තර වලට දීල තියෙන සම්මුඛ සාකච්ඡා . කෙලින්ම ලෝකේ බලවතුන් එක්කනේ ගේම ඉල්ලන්නේ 

කියලා වැඩක් නෑ ආඩම්බරේ නම් .... ඔව් සිංහල පත්තර වලට නම් ඉතින් එහෙම තමා .හැබැයි ඒකත්  ටිකක් සංකීර්ණයි


පලි : ලී ක්වාන් යුන් ඔහුගේ චරිතාපදානයේ මෙසේ කියන්නේ හැත්තෑව හා අසුව  දසකයේ ලංකාව හා සිංගප්පුරුව සසඳමිනි . "ලංකාවට ඒ වෙනකොට අපට නොතිබූ ගුවන් තොටුපොළක් , ගුවන් විදුලියක් , රුපවාහිනියක්, මහා බැංකුවක් හා ප්‍රජාතන්ත්‍ර වාදය තිබිණි . මේවා ඔවුන්ට වැරදි වෙලාවට ලැබුණු තෑගිය . මේවාම ඔවුන්ගේ සංවර්ධනය අඩාල කරන බව එදා මම ඔවුන්ට කීවෙමි  "

19 comments:

  1. (නො)දනිමි කාගෙ දොසා

    ReplyDelete
  2. හැම ක්‍රමයකම අඩුපාඩු තියෙනවා, ඒ සමගම ඒ ඒ ක්‍රමවල අපේක්‍ෂිත අරමුණු ලඟාකර ගන්න නම්, සියළු පංගුකරුවන්ගේ සුවිශේෂී හැසීරීම් අවශ්‍යයි.

    මෙය චීනයට, මියගිය රුසියාවට, ඇමරිකා එ. ජනපදයට මෙන්ම ලංකාවට ද සත්‍යයක්.

    ReplyDelete
    Replies
    1. කොහොමත් තාප්පෙන් එහා පැත්තේ තණ කොළ , කොළ පාට වැඩියිනේ

      Delete
  3. මේකට දිග උත්තරයක් දෙන්න හිතෙනව. නමුත් හිතනවාට වඩා සංකීර්ණයි!

    ජේපී හොංකොං වල ඉන්නෙ එහෙනං?
    මෙන්න හුදීජන පහන් සංවේගය සඳහා පොඩි කතාවක්,
    පහුගිය දවසක යුරෝපයේ රටක ඇමති කෙනෙක් ලංකාවට ආවලු. මෙයා ඒ රටේ මුහුදු සීමා ද මොකද්ද පිළිබඳ ඇමති. ඇවිල්ල තියෙන්නෙත් මොකද්ද මුහුදු සීමා ගිවිසුමක් අස්සන් කරන්න. ඔතනට ආවලු ‍අපේ රව්ෆ් හකීම්,

    රවුෆ් හකීම්: "ඔබලාගෙ රටේ මුහුදක් නැති එකේ මුහුදු සීමා ඇමතිකමක් තියෙන්නෙ අැයි?"
    අර ඇමති: "ඒක ඔයාට අදාල වෙන්නෙ කොහොමද? ඔයා කවුද?"
    ර.හ: "මම මේ රටේ අධිකරණ අැමති! ඒකයි ඇහුවෙ. මටත් අයිතියක් තියනව ඕව දැනගන්න"
    අ.ඇ: "නීතියක් නැති රටක ඔහේට අධිකරණ ඇමති වෙන්න පුළුවන් නං මුහුදක් නැති රටක මට බැරි ඇයි මුහුදු සීමා ඇමති වෙන්න"

    ReplyDelete
    Replies
    1. හාහාහා . මට එක පාරටම හිතුනේ කොහොමද අපේ සීනි ඇමතිට නිකන් හරි දියවැඩියාවනම් කියලා

      Delete
  4. අර දෙබස නම් පට්ට, හැබැයි අර ලී ක්වාන් යූ කාරයව ඇද ගත්තෙ අපරාදෙ. ඒ මනුස්සයත් ටිකක් කම්ප්ලිකේටඩ් කේස් එකක්. මිනිහ ලංකාව ගැන ඔය ලොකු ටෝක් දීල තියෙන්නෙ වැඩි තේරුමක් ඇතුව නෙමේ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ස්තුතියි ඇනෝ . ලී ක්වාන් යුන්ගේ පඬි ප්‍රතිරූපය , බලෙන් හදා ගත් කොටසකුත් තියෙන බව මම දනිමි .

      නමුත් සැබවින්ම අපිට ලැබුණු බොහෝ තෑගී නිසි කලට ලැබුණ දේ නොවන බවද මටත් විටෙක් සිතේ

      Delete
  5. අනේ සුද්දා හිටියානම්... අපිත් මිනිස්සුනේ අප්පා..

    ReplyDelete
    Replies
    1. සුද්දා හිටියානම් නේද

      Delete
  6. Confucius මතක් වුණානේ :D

    ReplyDelete
    Replies
    1. පොකු අහලා තියෙනවද එයාගේ සහෝදරය ගැන
      "කොන් ෆියුස් ගියස්"

      Delete
  7. හොංකොං වල ඩිස්නි ලන්තයක් තියෙනවා. ලංකාවේ නෑ කියල උඹට ඌව සරලව සතුටු කරන්න තිබ්බ ඔය කොම්ප්ලිකේටඩ් දේවල් කතා නොකර... හෙහ් හෙහ්

    (ලංකාවම නිකන් ඩිස්නි ලන්තේ වගේ කියන එක ඌට කවදාවත් තේරුම් යන්නේ නෑ නේ.. හෙහ් හෙහ්)

    ReplyDelete
    Replies
    1. අන්න දවසේ කියමන..ලන්කාවම ඩිස්නිලන්තයක්..
      ලයිප් ඊස් මාවලස්

      Delete
  8. //ගුවන් තොටුපොළක් , ගුවන් විදුලියක් , රුපවාහිනියක්, මහා බැංකුවක් හා ප්‍රජාතන්ත්‍ර වාදය තිබිණි . මේවා ඔවුන්ට වැරදි වෙලාවට ලැබුණු තෑගිය .//

    "නිදහස"ත් ටිකක් ඒවගේ නේද?

    ReplyDelete
    Replies
    1. නිදහසේ කතාව ටිකක් වෙනස් කියලයි මගේ අදහස. ඉන්දියාවෙන් තොරව ලන්කාව පාලනය කිරීටයට ලාභ දායක නොවුන නිසා වානිජ වශයෙන් ගතහැකිව තිබූ හොඳම තීරන වලින් එකක් කියලයි මම හිතන්නේ නිදහස දීම. එහෙම නැති උනත් , සුද්දෝ 48න් මෙහා රට පාලනය කලත් , අපේ රටේ යටිතල පහසුකම් දියුනුවට, සoවර්ධනයට සල්ලි එතරම් වියදම් නොකරාවි
      .. මෙහෙමත් හිතුනා

      Delete
    2. //ඉන්දියාවෙන් තොරව ලන්කාව පාලනය කිරීටයට ලාභ දායක නොවුන නිසා //

      ඒත් දේශපාලකයන්ට අනුව නම් සුද්දන් ලන්කාව සූරා කමින් ඉන්නකොට නිදහස අරගෙන රට බේරගත්ත, දැනුත් සුද්දන්ගෙ එකම වැඩේ ලන්කාව අල්ල ගන්න ප්ලෑන් කරන එක විතරයි යන්තම් බේරිලා තියෙන්නෙ දේශපාලකයන්ගෙ නිර්බීතබව නිසා කියල නේ?

      Delete
    3. :)උරූලෑවට උගේ පැටියා රත්තරන් ලු නේ:)

      Delete

Have commented