09 September 2014

චන්දෙගේ කෙතේ පඹ උන්නැහේ සහ පුහුලට තැබූ අත .. // This is how we do it, do it ...


චන්දෙගේ කෙතේ පඹ උන්නැහේ


එකමත් එක රටක ගමරාල කෙනෙක් විය. ඔහු නමින් චන්ද්‍රතිලකය . එහෙත් ගමේ ගොඩේ කට්ටිය ඔහුට කටේ හුරුවට කීවේ  චන්දතිලක නැත්නම් චන්දේ  කියාය . ඔහුට ලියැදි  කීපයක කුඹුරු කැල්ලක් විය . එහි අස්වැන්න තම අවැසිතා පිරිමහන්නට මදි මුත්, පුරුද්දට වාගේ , එය වගා කරනට චන්දේ  පුරුදු වී සිටියේය
ගොයම පීදෙනකම් කාටවත් මතක් නොවෙන මේ කුඹුරේ, වී කරල් බිමට නැමෙත්ම  ගිරා , වී කුරුළු රෑන්  විත් පදිංචි වෙති . මාරුවෙන් මාරුවට වී කරල් කපාගෙන යති . වී කුරුල්ලන් සමග ගිරවුන් බහින් බස් වෙති . එපමණක් නොව සුළු සුළු ප්‍රචණ්ඩ ක්‍රියාද  සිදුවේ . ඒ සියල්ලටම වැඩියෙන් කන්නට තියෙන වී උන් කපාගෙන යති .  මේ කාලයට උන් චන්දේගේ  කුඹුරට හරිම ආදරේය . උදේ පාන්දරින්ම රෑන්  පිටින්ම එහි එති . එතැන් සිට ගොම්මන වෙනකං  කරච්චළේය . මෙය චන්දතිලකට කරදරයකි . ඉතින් චන්දෙ , මේ තත්වය පාලනය කිරීමට උපක්‍රමයක් යෙදුවේය . 

ඔහු, මහත්තයෙක් ලෙස කෝට්  බෝට්  හා කකුල් දෙකේ කලිසමක්ද අන්දා , සියලු බලතල පවරා , පඹ රාළ  කෙනෙක් වෙල මැද සිටවූවේය . කළුගැහුණු  හට්ටියේ සුදු හුණු වලින් නපුරට මුහුනක්ද සිත්තම් කළේය . පරණ පොලිස් කාරයෙක් මෙන් උඩු අතට කරකැවූනු රැවුලක්ද ඇන්දේය


මුලින් මුලින් , සෙමින් සෙමින් , සැකෙන් සැකෙන්, ලංවූ රෑන් , පසුව බිය චකිතය පහව ගොස්, පඹ උන්නැහේ ව තඹේකට  මායිම් නොකළහ . උන් , ඔහුගේ හිසේ වසා , මුට්ටියටද තට්ටු කළහ .මෙය දුටු චන්දෙට යකා නැග්ගේය . ඔහු තම කුඩා පුතුට , හවසට විස්කිරින්ඥා අරන් දෙන පොරොන්දුවට කුරුල්ලන් පැන්නීමේ  කොන්ත්‍රාත්තුව බාරදුන්නේය . 

කොල්ලා කැටපෝලය කලිසම් කොටයේ ඉනේ ගසාගෙන , ගල් කැට අහුලා ගෙන සන්නාහ සන්නද්ධ විය . නමුත් ඔහුට දවසම කුඹුරේ සිට ගෙන ඉන්නට නොහැකිය . ඔහු මෙයට උපක්‍රමයක් ලෙස අසල ගසක ටකයක් එල්ලුවේය . ඉන්පසු පඹයා ඇමතීය
“පඹ රාළේ  , කුරුල්ලෝ ආවොත්....ඇවිත් මෙතැන  ඕනේ නැති දේ කලොත් ...ටක් ගාලා ටකේ ගහලා මාව කැඳවන්න , මම ටක් ගාල ඇවිත් වැඩේ විසඳන්නම් “

පඹරාළ  වෙල මැදය . ටකේ ගසේය  . කොල්ලා ගෙදර අඹ ගහ යට සුදානමින් සිටි  .  නමුත් පඹ රාළ කෙනෙක් කෙසේ නම් හඬවන්න ද ටකය. ටකය තවම නිහඬය .තවමත් හිටු කියා චන්දෙගේ අයිතිය උල්ලංඝනය වේ . 



පුහුලට තැබූ අත

පුහුලට තැබූ අත….. නේද ?

18 comments:

  1. පුහුලට අත තැබුවා පමණක් නොව එයට අයිතිවාසිකම්ද කියන්නේය.. එමතු නොව එය වගා කලේ ඌ බවද කියන්නේය...
    හරකුන් කීප දෙනෙක් අසන්නේය...
    මොලේ ඇත්තවුන් සුදු වෑන් වල නොමිලේම යන්නේය

    ReplyDelete
    Replies
    1. වැටත් නියරත් ගොයම් කා නම්...

      Delete
    2. නිතරම වෙන්නෙ ඒක නෙව ජේපී....
      වැටයි නියරයි තමයි අහුවෙන්නෙ...

      Delete
  2. නියම ටොක්ක. මා මෙය මගේ මාසික වෙබ් ප්‍රකාශනය වන "ශ්‍රී ලංකා විත්ති "හි උපුටා දක්වන්නද ?
    www.lankaviththi.us

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නයක් නෑ උපුටා දක්වන්න

      Delete
  3. පහුගිය කාලෙ ඔය පඹය කියනව තමුන් පඹයෙක් වීම ආඩම්බරයට හේතුවක්ලු. මොකද පඹයට පුළුවන්ලු කුරුල්ලො එලවන්න. නමුත් පඹය දන්නෙ නෑ ඔලුවට වර්චස් කරනකල්.

    ReplyDelete
    Replies
    1. ටයි කෝට් , කකුල් දෙකටම කලිසම් ඇන්දට .. අනේ අපේ රාල ඔහුගේ තරම නොදත් කල සහ අපි ඔහුගෙන් රැම්බෝ ගේ වීරකම් බලාපොරොත්තු වෙන කල

      Delete
  4. කියන්න දෙයක් නෑ පට්ට.. වෙන මොනවා කියන්නද...?

    මට දුක මේවා හැම එකාම නොකියවන එකට...

    ReplyDelete
    Replies

    1. ස්තුතියි මිත්‍රයා. ඒත් අපි ඉතින් දිගටම ලියනවා

      Delete
  5. Owata engrisiyen kiyanne "Ane huke" kiyala

    ReplyDelete
    Replies

    1. අනේ මන්දා ඇනෝ

      Delete
  6. හැබයි ඒ පඹයාගේ හිනාව නම් රටක් වටිනවා අප්පා, අනික ආතතිය හැදෙන්නෙත් නෑනේ

    ReplyDelete
    Replies
    1. අහිංසකයි රටක් වටී නේ. මම හිතන්නේ පුරූවෙ කරපු පව් වලට තමා ඔය වගේ රස්සා ලැබෙන්නේ

      Delete
  7. අපේ රටේ කුඹුරටත් වෙලා තියෙන්නේ මේ දේ ම නේද..?

    ReplyDelete
  8. පඹයන් සහ ජෝකරයන් රැලක්ම චන්දරේගේ කුඹුරත් තව බොහෝ දේවලුත් රකින්නට යොදා ඇත්තේ ගිරවුන්ගේ වුවමනාවටත් වඩා චන්දරේගේම මනාපය නිසාය

    ReplyDelete
    Replies
    1. අන්න හරි තිලකේ . පඹයෝ හිටවලා ටකේ එල්ලලා ආආආරක්සාවයි කියලා හිත හදාගන්නෙත් අපිමයි

      Delete

Have commented