29 September 2014

සතියේ ප්‍රස්නය // This week's question

මෙන්න පහුගිය සතියේ ජයග්‍රාහකයෝ , මොණරාගල ශෂී , බදුල්ලෙන් ප්‍රනාන්දු මහතා සහ හම්බන්තොට ප්‍රේම් . ඔබ සියලු දෙනාටම අපේ සුභ පැතුම් . ඔබට හිමි ත්‍යාග කොළඹ ගිරිගොරිස් මාවතේ අපේ කාර්යාලයට පැමිණ ලබා ගන්න .

මෙන්න මිහිඳු පපඩම් , මිහිඳු කුරක්කන් බිස්කට් , මිහිඳු ගැමි සුවඳ සබන් , මිහිඳු වැසිකිළි පෝච්චි , මිහිඳු පානීය ජලය ඇතුළු දහසින් බැඳී පියල්ලේ වටිනා තෑගී මල්ලක් දිනා ගන්නට මේ සතියේ ඔබ පිළිතුරු දිය යුතු ප්‍රශ්නය .

කොල්ලෝ ඔය රේඩියෝ එකේ සද්දේ පොඩ්ඩක් වැඩි කරපන් . ඔන්න ප්‍රස්නේ කියන්න හදන්නේ 

මොකට ද සීයේ  ඔය පපඩම් , නුඩ්ල්ස් ටිකකට ඔච්චර මහන්සි වෙන්නේ 

උඹේ පණ්ඩිත කම් නැතිව ඔන්න ඔය කොලයක් අරන් ඕක ලියා ගනින් පැහැදිලිව 

මෙන්න මේ සතියේ ප්‍රශ්නය . ක්‍රිකට් ක්‍රීඩා තරඟයකදී  එක පන්දුවකට හයේ පහර දෙකක් ගැසිය හැක්කේ කෙසේද ? මෙන්න නැවතත් ......  එක පන්දුවකට හයේ පහර දෙකක් ගැසිය හැක්කේ කෙසේද ?

මෙන්න ඊට අදාළ උපකාරක ඉඟි .....පලවෙනි ඉඟිය විදුලි බිල , දෙවැනි ඉඟිය සීයට  විසිපහ , තුන්වෙනි ඉඟිය බෙහෙතක් නැති ලෙඩේ  . පලවෙනි ඉඟිය විදුලි බිල , දෙවැනි ඉඟිය සීයට  විසිපහ , තුන්වෙනි ඉඟිය බෙහෙතක් නැති ලෙඩේ .

මේ ප්‍රශ්නයට පිළිතුරු , පැහැදිලි අත් අකුරින් තැපැල් පතක පමණක් ලියා,  ලබන බදාදාට  පෙර අප ලිපිනයට ලැබෙන්න සලස්වන්න . අපේ ලිපිනය... මිහිඳු මැජික් සමුහ ව්‍යාපාර , ගිරිගොරිස් මාවත කොළඹ  .

මාර ප්‍රස්නයක්නේ ...කොල්ලෝ ලියා ගත්තද පැහැදිලිව 

හ්ම්ම් 

12 comments:

  1. මම නම් උත්තරේ දන්නවා කියන්නේ නෑ.. මොකෝ ඔය ප්‍රශ්ණය ආයෙත් වතාවක් අහනවාමයි..

    මාර ආතල් අප්පා..

    ReplyDelete
    Replies

    1. කිව්වානම් තෑගි මල්ලක් දිනා ගන්න චෑන්ස් එකක් තියෙනවා

      Delete
  2. බෝලර් ඉන්දියාවෙ ශ්‍රී සාන්ත් වගේ එකෙක් නම් පුලුවන්.
    ඌට ගානක් දීල නොබෝල් ෆුල්ටොස් එකක් දම්මව ගන්නවා.
    ඒකට 6ක් ගහනවා. ඊගව එකත් ෆුල්ටොස් එකක් දම්මව ගන්නවා.
    ඒකටත් 6 අදිනවා

    ReplyDelete
    Replies
    1. මේ මැච් එකේ බෝලර්ව පැත්තකින් තියලා අනෙක් බැට්ස්මන් ෆුල්ටොස් දාලා දෙනවා

      Delete
  3. හෙක්....හෙක්.....හේ....... මාල පත්නෙ නේද තීයේ .......

    ReplyDelete
  4. //මාර ප්‍රස්නයක්නේ ...කොල්ලෝ ලියා ගත්තද පැහැදිලිව //

    කොල්ලා ගෙදර නෑ... :P

    ReplyDelete
    Replies
    1. කොල්ලා නේද ? අනේ මන්දා කටට එන ඒවා කියන්න

      Delete
  5. එවන්නද මිහිඳු ප්‍රවාහන සේවයෙන් ධවල වෑන් රථයක්....

    ReplyDelete
  6. කෝ අර ලොරිය ගන්න ඕනෑ කිය කියා හිටපු එවුන් ටික? වැඩක් නෑ මල්ලිලා, ලොරිය දැනටම ඉන්දික උපශාන්තට විකුණන්න පොරොන්දු වෙලාලු. ඉන්දික ලංකාවට ගියපු වෙලාවෙ ට්‍රයල් එකකුත් එළවන්න දීලා තියෙනවලු. ඊට පස්සෙ තමයි ඉන්දික කැමැති වෙලා තියෙන්නෙ සල්ලි දීලා අර ගන්න.

    ReplyDelete
  7. වැසිකිලි පෝච්චියක් ලැබෙයි කියල බයේ නෑ උත්තරේ...

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා ..මොකක් උනත් මූණ ගහලනේ

      Delete

Have commented