හැබැයි බලා ගෙන ගියාම ගොඩක් දෙනා උඩින් පෙනෙන්නට
නොඇන්දාට , යට කලිසම හැටියට අඳින්නේ කැමා ෂෝට් එකක් බව හොඳින් පැහැදිලිය .
අලුත්ගම පැත්තේ රට දැය සමය රැකගන්නට දෙස් දුන්නවුන් ගේ සුදු ඇඳුම් , කසාවන් චීවර යටින් ද , රටේ වැදගත්ම අය සහභාගී වූ ඇමරිකාවේ සාදයක බාල් නැටුම් නැටු අයගේ කෝට් සුට් යටින්ද හැඳ සිටියේ කැමා යට කලිසම්මය . ඔබ මා විශ්වාස නොකරනවා නම් මම මේ නුදුරේ උදාහරණ කීපයක් දෙන්නම් .
ගිය සතියේ කුරුණෑගල පැත්තේ වැදගත් ඇමති වරයෙක් රූපවාහිනි වැඩසටහනක වැදගත් කතාවක් කළේය . ඉතා සංවර ස්වරයෙන් ඒ කතාව අවසන් කල ඔහු අත් දෙක ඔසවනවිට කකුල් දෙකටම ඇඳ සිටි කලිසම මදක් පහතට වැටුණි . ආන්න එවිට අර කැමා ෂෝට ඉන හරියෙන් පෙනුනි . ඔබ එය නුදුටුවේද ?
මේ සතියේ මඩකලපුව පැත්තේ හාමුදුරු කෙනෙක් ඉතා දැමුණු වදනින් , මහාර්ඝ දෙසුමක් කලෝය . අවසානයේ ඉතා දීර්ඝ වේලාවක් අසා සිටි අයගේ මව් පියන්ට පුණ්‍යානුමෝධනා කිරීමෙන් පසු උන් වහන්සේ
" සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා , සුවපත් වෙත්වා " කියා මෙත් වඩා , එහා මෙහා වූ චීවරය සකස් කර ගත්තෝය . අන්න එවීට සිවුරට යටින් ඇඳ සිටි කොළ කාකි පැල්ලම් සහිත කැමා ෂෝට හැමෝටම දිස් විය . ඔබ එය නුදුටුවේද ?
ඒ කිසිවක් නොදුටුවෙනම් .. මේ පහුගිය සතියේ අප ජනාධිපති තුමා