12 October 2014

එක එක්කෙනාගේ බර සහ තුන්වරක් බැරි කාටද

ඔන්න අද පලවෙනි කතාව හැටියට තේරවිලි කවියක් 

ගැල් පිට බර දන්නේ කවුරුන්දො
දරුවන් බර දන්නේ කවුරුන්දො
රාලගේ බර දන්නේ කවුරුන්දො
රජුන්ගේ බර දන්නේ කවුරුන්දො

ගැල්පිට බර ගොනුන් විනා කවුරුන් දන්නේ
දරුවන් බර මවක් විනා කවුරුන් දන්නේ
රාල ගේ බර
(රාල ගේ බර නේද ?)
රාලගේ බර බට්ටි විනා කවුරුන් දන්නේ
රජුන්ගේ බර දනා විනා කවුරුන් දන්නේ

මෙන්න බෝනස් ප්‍රශ්නය 
චී ණයේ බර දන්නේ කවුරුන්දෝ
--------------------------------------


ලොක්කට තුන් සැරයක් බෑ කියලා හැම තැනම පෝස්ටර් ගහලා. අර අප්පගේම පුතාලා කියලා හොඳටම පෙනෙන පුතණ්ඩියෝ තුන් දෙනෙක් ඉඳිද්දි ..

ඒ වුනාට තුන් සැරයක් බැරි කට්ටියකුත් ඉන්නවා.
වේල් තුනක් කන්න බැරි.. තුන්වෙනි එකෙක් බඩට ආවොත් වහ බොන්න වෙන.. තුනේ පන්තියෙන් ඉහලට ලොකු කෙළී ව ඉස්කෝලේ යවන්න බැරි.. තුන්වෙනි සිල් පදේ කඩලා ජීවත් වෙන්න හම්බු කරන්න වෙච්චි..
ඉන්න යකා වෙනුවට මාරු කරන්න ඉන්නේ හිටපු යකා විතරක්ම වෙච්ච..තුන්වෙනි ඔප්ශන් එකක් නැති
උන්ට බෑ කියලා තමා ඔය පෝස්ටරේ ගහලා තියෙන්නෙ මට හිතෙන්නේ

8 comments:

  1. රජාට තුනත් එක්ක හැමිනෙන්න කියලා අපේ තුන කපා ගෙන කෝටූ කෑල්ලක කෙලවරේ ගහලා විරෝදයක් පාමුද මෙයා.. ජාතියක අවසානය කියලා..

    ReplyDelete
    Replies
    1. හැම චන්දේදීම කරන්නේ අපේ ඒවා දීලා අපිම ඇරගන්න එක නොවේද එක විදියකට

      Delete
  2. jp වචන ටික නම සුපිරියේ මචන්.

    ඔන්න ඕක තමයි ඇත්ත.

    ReplyDelete
  3. ඇයි මැදපු කමිස තුනක් නැති අය?

    ReplyDelete
    Replies
    1. මේවා මෙහෙම වෙන්නේ අපි ඔක්කොම එහෙම නිසාද කියලා හිතෙනවා කකා

      Delete
  4. සුපිරියි.................

    ReplyDelete

Have commented