23 December 2014

දින සියකින් පොරොන්දු කීයක් කඩ කළ හැකිද සහ මෙනු නැති චින්තන හෝටලය

මචන් 

ඕ 

කියෙව්වද පොත් පිංච ?

මොන , අර ආනමාලු ආර්ථිකය එකද ?

නෑ එක නෙමෙයි මේ මේක මය්තිරි පාලනයක් 

ආ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ..මේක දැක්කම මට මතක් උනේ අර හංදියේ හෝටලේ මිල ගණන් දර්ශනය 

ඒ මොකෝ 

ඇයි  ඒකෙත් , ඉඳි ආප්ප , ආප්ප , රයිස් ඇන්ඩ්  කරි , ප්‍රයිඩ් රයිස් , චිකන් කොත්තු , පොටෝ කොපි , ලැමිනේටින් , දුරකථන ඇමතුම් , රිලෝඩ් , සිගරට් , කොකා කෝලා , පලතුරු බීම , භුමි තෙල් , වයිපයි ඔක්කොම තියෙනවා නේ 

හැබැයි පුතෝ මේකේ චයිනිස් රෝල්ස් නම් නෑ 

ඔය කිව්වට ...

ඇත්තටම දවස් සීයකින්  මේ ඔක්කොම බලාපොරොත්තු වෙන අපි හරි අසාධාරණයි නේද .

නෑ නෑ ඔය ඔක්කොම දැම්මට ඔක්කොම හම්බු වෙන්නේ නෑ  කියලා හිටන් පොදු ජනයා  දන්නවලු 

ඌ දන්නවලුද ...එතකොට පොරොන්දු වෙන්නේ 

එහෙම වෙන්නෑ හිටන් යහ පාලනය 

එහෙම වෙයිද ?
______________________________________________________

මචන්

ඕ 

චින්තන හෝටලයේ මෙනු එක  තාම නෑ නේද 

ළඟ එනවාලු 

චන්දෙට කලින් එයිද 

සමහරවිට . ඒත්  ඒක  චන්දෙට ඉස්සෙල්ලා ඕනෙමද ? මෙනු එක තිබ්බත් නැතත් හෝටලෙන් දෙන දේ කන්න එපා යෑ 

එහෙම නෙමෙයි , නැත්නම් මිනිස්සු කොහොමද තීරණය කරන්නේ මොන වැඩ පිළිවෙලටද මනාප කියලා 

අයියෝ , මිනිස්සු චන්දෙ දෙන්නේ කරන දේවල් වලට නෙමෙයි නේ කරපු දේවල් වලටනේ . ඒ වුනාට චන්දෙට ඉස්සර වෙලා ඒක එලියට දායි .

එත් තැපැල් චන්දෙ ඉවරයි නේද 

ආ ඒකද ..ඒක එච්චචර ගණන් ගන්න එකක් නෙමෙයිනේ .. එක නිකන් විහිලුවට වගේ තියෙන එකක්නේ 

එහෙම කියන්න එපා , තැපැල් චන්දෙ තමයි , මහා චන්දෙ වැටෙන හැටි , කෙරෙන හැටි පෙර මග ලකුණු කියන්නේ 

ඒක  නම් හැබැව 


______________________________________________________

මට ඇති ප්‍රශ්නය මෙවරත් ආණ්ඩුව දිනුවොත් ඔවුන් කුමක් කරයිද යන්න නොව ( මොනවා කරන්න බැරිද ). මොනවා නොකරාවිද  යන්නයි .

ඇතැම් විටක 2019 දී , ජනමුල නායකයා,  ජනමුල දෙයියන් යයි අබිසෙක් කිරීමට ජන මත විචාරණයක් හෝ පාර්ලිමේන්තු පනතක් ගෙන එනු ඇත . එසේ කිරීමට හැකිදැයි අධිකරණයෙන් පලමුව අදහස් විමසනු ඇත .

6 comments:

  1. ඇයි උඹ කියෙව්වේ නැද්ද, කැබිනට් රැස්වීම් වල ඒවා පිටට යන්න බැරි වෙන රාජාන්ඩුක්‍රමයක් ගෙන එනවය කියලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. රාජ රහස් දේව රහස් වෙලා තියෙයි

      Delete
  2. mata hithena de nam mahinda monawa kalath sirisenata wada hoda wanu ethi bawai, sirisena dena porondu kiyak itu karawida ynna sekayaki. ohu widayaka janadipathi kramaya ahosi kra ranilta agamethikama bara denawa nm chandeta illanne pashchth bhgaya kasana nisa bawa bata hithei, sinhalen type krnna amarui hndai mehema type kare basawa gena sama wentone

    ReplyDelete
    Replies
    1. මට තියෙන ප්‍රශ්නයත් මේ පොරොන්දු වල ඇති පැටලිලි ස්වභාවයයි . නමුත් යුද දිනු නායකයාට , සාමය දිනිය නොහැකි බව මට නම් පසක් වී ඇත

      Delete
  3. ජනමූල දෙයියා මේ පාර පල් නොවුනොත් මින්නේරි දෙයියා විතරක් නොවෙයි දෙකෝටියකට කිට්ටු අපි දෙයියෝ ඔක්කොම පලේ පල් වෙනවා.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. දේව උදහසට ලක්වේවි

      Delete

Have commented