15 January 2015

ටකරං වියන යට // life goes on (or does it?)

කාක වසුරු තට්ටු බර 
ටකරං වියන යට 
අලුයම හිවුඩට ගුලිවී 
නිදත් ඈ 
පොරවා ඉහේ සිට 
බැනරයක් 
පහුගිය චන්දෙට 
එල්ලූ 
තාරුණ්‍යයට හෙටක් 
පිට මැද 

පුංචි මල්ලි 
පැතුම් 
කෙඳිරි ගායි 
අඩ නින්දෙන් 
ඇදී දිගු හුස්මට 
අලුත් තීන්ත පුසුඹ 
දැනේ නහයට 
කොට්ටෙට තැබූ 
ගුලිකර 
පෝස්ටරේ 
මයිත්‍රී පාලනයේ 

10 comments:

  1. මචෝ කියන්න වදන් නෑ..
    උඹගේ කවි නම් සුපර් එක්සලන්ට්...
    කොහෙන්ද බං මේ වචන එන්නේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි . අනේ මන්දා කොහෙන් එනවද කියලා .

      Delete
  2. මොනවද මංද
    කියල තමා මටත් අහන්න වෙන්නෙ.........
    මේ වගේ කවියක් කියෙව්වම කියන්නදෙයක් ඔළුවට එන්නැති එක නං මහ හෙණම අවුලක් අායිබංඩ

    ReplyDelete
    Replies
    1. නැත්නම් ඔබට මොකුත් ඔලුවට නොඑන්න ලියවෙන එක ලෙඩක්ද

      Delete
  3. උන් හැමදා උන්මය.

    ReplyDelete
    Replies
    1. උන් අපි උනොත් ?

      Delete
  4. මචං......................

    මේ පද වලට අපගේ අාචාරය..........

    කුගෑගීප සියලු දෙනාගේ ම අාචාරය උඹට...........

    ReplyDelete
    Replies
    1. හිස නවා පිලිගනිමි

      Delete
  5. කියලා වැඩක් නෑ දොරේ කවි සිතුවිල්ල නම්. මට මැවිලා පෙනුනා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩුඩ් . කොහෙද ගිහින් හිටියේ ?

      Delete

Have commented