ඇය එසේ කීවේ බිම බලාන . සුදු ගවුමේ රැළි පිරිමදිමින් . වෙනදාට ටක් ෂොප් එකෙන් අරන් දීපු ස්ටාර් ටොපිය කටේ රුවා ගෙන "ම්ම්ම් " කියා හුරතලේට හිනාවුනු , ඒ දෙතොල් අද මොකක්දෝ කියාගන්න බැරි දුකකින් බරවෙලා
***************
කමල් කාර් එකේ දොර ඇරලා , මට මුලින් නගින්න ඉඩ දුන්නේය . කොන්ෆිටි ඉහින , අත වනන සෙනග අතරේ පිටි පස්සටම වෙන්න සුගත් හිට ගෙන ඉන්නවා මට පෙනුනා .
"දම්මි නගින්න , නැකත පහු වෙයි " කමල් ගේ අත මගේ උරහිස මත බරට දැනුනා
***************
කණපිට හරවපු පින්තූරේ ආයෙත් අනෙක් පැත්ත හරවලා මම පොඩ්ඩක් වෙලා බලන් හිටියා .
පුතා මගේ අතේ එල්ලිලා , කමල් පොඩි දුව වඩාගෙන.... හිනා වෙනවා . මම ආයෙත් කමල්ගේ හිනාව සුදු බිත්තියට හේත්තු කරලා , දිග හුස්මක් ඇද්දා . අල්මාරිය ඇරලා සාරි ගොඩ අදින්න ගත්තේ සුදු සාරිය හොයන්න . කලබලේට සාරි ගොඩ අස්සේ තිබ්බ සපත්තු පෙට්ටිය අත වැදිලා බිම වැටුනා . එකේ තිබ්බ , ඇඟිලි දෙකෙන් මැදලා ලස්සනට දිග ඇරපු ටොපි කොළ හැම තැනම විසිරුණා . ඇයි මම මේවා මෙච්චර කල් තියා ගත්තේ ...මම හෙමින් හෙමින් එකින් එක පෙට්ටියට දාන්න පටන් ගත්තා
"අක්කේ ඔය මොකද මෙතන තනියම කරන්නේ , සාරිය පටලවගෙන එන්න ඉස්සරහට , මිනිය ගෙන්න හදන්නේ "
**********************
" දම්මි ,..." ඈ වියපත් වෙලා මට එක පාරටම හිතුනා . එකපාරටම ඈ බිමට නැඹුරුව තිබු දෑස් ඔසවා මා දෙස බැලුවා . මා හිත ඇවිලුනා . මා දිව ගොලුවෙනු මට දැනුනා .
"දම්මි .. මාව වරදවා තේරුම් ගන්න එපා " එතනින් එහාට මොකුත් කියාගන්න බෑ ...මේ බව වෙන බව දත් නිසාම ලියා ගෙන ආ ලියුම් කෑල්ල ඈ වෙතට දිගු කළා . ඈ එය ගෙන, දිග හැර, කිසිම හැඟීමක් නොපෙන්වා , එය කියෙව්වා . ඉන්පසු එය කොළේට පුරුදු දාර දිගේම නැවත හතරට නැවුවා . සුසුමක් පිට කලා
"සුගත් ... මට ළමයි දෙන්නෙක් ඉන්න කනවැන්දුම් ගෑනියක් . මට සමාවෙන්න "
*********************
තුන් මාසේ දානේ දුන්නා විතරයි ... මෙහෙම ලියුමක් ...මං එහෙම කියලද පේන්නේ ? ....
ඒත් ඒ ලියමන විසිකරන්නේ නැතිව පරිස්සමට අරගෙන ආවේ ඇයි ?
එය අර ටොපි කොළ පිරිච්ච සපත්තු පෙට්ටියට දමා එහි පියන තද කරන ගමන් මම සිතන්නට වූවෙමි .
පලි
මගේ හිතේ ඇඳුනු සුගත් වයසට ගොස් පහුගිය දිනෙක මිය ගියේය . ගොළු හදවත පොතද කියවා ඇත්තෙමි , චිත්‍රපටයද නරඹා ඇත්තෙමි ...ඒත් මගේ හිතේ සුගත් වුයේ , ඒ ලයාන්විත හඬින්
" සුගත් තවමත් ආදරෙයි" කියූ ඔහුමය .
සුගත් මිය ගිහින් . මම කැඩපත දෙස බැලීමි
පලි
මගේ හිතේ ඇඳුනු සුගත් වයසට ගොස් පහුගිය දිනෙක මිය ගියේය . ගොළු හදවත පොතද කියවා ඇත්තෙමි , චිත්‍රපටයද නරඹා ඇත්තෙමි ...ඒත් මගේ හිතේ සුගත් වුයේ , ඒ ලයාන්විත හඬින්
" සුගත් තවමත් ආදරෙයි" කියූ ඔහුමය .
සුගත් මිය ගිහින් . මම කැඩපත දෙස බැලීමි