31 March 2015

රණේ ගේ වර්ල්ඩ් කප් ෆයිනල් එක

දිනය විසි නව වෙනදාය , හෝරාව  උදේ නවයට විතර ඇත  . පොළේ  යනවිට මට මූණට හමුවුනේ රණේය . හේ කහපාට ටී ෂර්ට් එකක් ඇඳ , කලුපාට තොප්පියක් පැළඳ සිලි මල්ලක එළවලු ටිකක් හුවා ගෙන ඉක්මනින් ඉක්මනින් ආපසු යන්නේය .

ආ රණේ  කොහේද මේ උදේම 

උදේම පොළේ ගියා . අද පයිනල් එකනේ , ඒක  බලන්න සෙට් වෙන්න 

ආ එක තමයි මේ . දැන්නේ දැක්කේ , ඕස්ට්‍රේලියා කමිසයක් ඇඳලා , නිව් සී ලන්ඩ් තොප්පියක් දාලා . හරියට මැච් එක බලන්න මෙල්බන් යන්න වගේ .

නෑ නෑ  සිරා ලගේ ගෙදර සෙට් වෙන්නේ .  ඇයි ඔහේ බලන්නේ නැද්ද මැච් එක 

ලංකාව නැතිකොට , නිකන් බලන්න හිතෙන්නෙත් නෑ  අප්පා 

ඒ කියන්නේ ඔහේගේ තියෙන්නේ ජාතිවාදී  ක්‍රිකට් නේ .. එහෙම නෙමෙයි ක්‍රීඩාවට ආදරෙන් බලන්න ඕනේ 

දැන් කාටද සපෝට් කරන්නේ 

ඔට්ටේලියාවත් නරක නෑ මොකෝ ඉන්දියන් කාරයන්ව පැරද්දුවනේ . 

ඇයි  ඉන්දියාවත් එක්ක ඔච්චර තරහ 

ඇයි  අපේ අර ජැකලයින් ගේ කේස්  එකනේ 

ඒ කිව්වේ 

 ජැකලයින් ව දන්නේ නැද්ද අර ආප්ප කඩේ දාලා තියෙන්නේ 

කෙල්ල දන්නවා කේස්  එක දන්නේ නෑ 

ඇයි අප්පා ජැකලයින්ට මම ලයින් නේ ඉස්සර 

මොකා කිව්වා 

ඔව් මම ලයින් ... එයාට කියන්න ඔන්න මෙන්න ඉඳිද්දී අර සලමන් කාරයා බැස්සනේ  සීන්  එකට . එදා ඉඳන් මට ඉන්දියාව පේන්න  බෑ 

හ්ම්ම් ඒකත්  එහෙමද , කොහොම හරි ඉන්දියාව පැරදුනා නේ 

අපි ඉතින් ඔය බාර හාර වෙලා කොහොම හරි පැරැද්දුවා .

බාර හාර ?

ඔව් මම හිඟන්නන්ට බත් පැකට් දහයක් දෙන්න බාර උනා . 

දුන්නද ?

එහෙනම්... දහයට , දොලහක් දුන්න ඉන්දියන් ටයිම්ස් පත්තර කොළ වල ඔතලා . එතකොට බත් එක කාල කොලේ විසිකරනවනේ කුණු බාල්දියට 

දැන් අද ඔස්ට්‍රේලියාවටද සපෝට් කරන්නේ 

මම උන්ටත් එච්චරම කැමති නෑ  . මොකෝ උන් අපිට බෝට්ටුවෙන් එන්න එපා අරවා මේවා කියනවනේ . දැන් අනික යවන බෝට්ටුත් අල්ලලා අර නිව් ගිනියාවට යවනවලුනේ . අපි හිතන් ඉන්නේ බෝට්ටුවක් යවන්න නවසීලන්තයට . තව සුමානයක් විතර වැඩියෙන් බෝට්ටුවේ ඉන්න වෙයි කට්ටියට වැඩිම උනොත් .... අපිටත් තව වැඩිම උනොත් හාල් ගෝනියයි , සැමන් ටින් විස්සක් විතර වැඩියෙන් යයි ...ඉතින් මේ කමිසේ යටින් කලුපාට බැනියමක් ඇඳලා  ඉන්නේ . 



පලි : 

රණේ ගේ පැතුම් බිඳ දමමින් ඔට්ටේලියාව තරඟය ජයග්‍රහණය කළේය . තව දුරටත් බෝට්ටු වලින් කට්ටිය නිව් ගිනියාවට යනු ඇත 

26 comments:

  1. හෙහ්, ක්‍රිකට් බලන්න මෙහෙමත් හේතුවක් මම මේ ඇහුවමයි.. ඒකත් නරකම නෑ හැබැයි..

    ReplyDelete
    Replies
    1. ඒ රණෙ ගෙ වර්ල්ඩ් කප් එක

      Delete
  2. පිස්සු තරුණයා දුටු විකාර සිහිනය වගේ නාට්ටියක්!

    ReplyDelete
    Replies
    1. පිස්සු තරැණයන්ගේ පිස්සුව වයසට යනවිට වැඩි වෙනවා

      Delete
  3. ඒ උනාට ලංකාවේ ඉන්න තම්බිලට කිසිම අයිතියක් නෑ පකිස්ථානෙට සප් එක දෙන්න.

    ReplyDelete
  4. චැඃ.......මමත් හිතුවේ කළු කමිස කාරයෝ කහ කමිස කාරයන්ට කහ කහ දුවන්න ගහයි කියලා. කොහෙද උන් 183 ක් ගහලා ආපහු ගියගමන් අපේ ලොකුදුවත් කිව්වා, මේ තාත්තේ, ඔයා නිව්සීලන්ඩ් දිනයි කියලා බලාගෙන ඉඳලා දැන් බොන්න එහෙම එපා ඈ කියලා.

    ReplyDelete
    Replies
    1. මමත් බලන් හිටියේ එහෙම තමා නිව් ශ්රි ලන්ඩ් දිනයි කියලා. කොහෙද ඔට්ටේලියාකාරයෝ ගැහුවා නේ. අම්පයර් හොරා කියන්නවත් බෑ, මොකෝ ඌ අපේ එකෙක්නේ

      Delete
  5. http://en.wikipedia.org/wiki/Papua_New_Guinea_national_cricket_team

    ReplyDelete
    Replies
    1. මෙන්න වැඩක් . එහේට ගිය අය ඔහේ නිකන් ඉන්න එකේ පොඩි ටීම් එකක් හදා ගත්තා නම් , මැච් එකක් ගහගෙන ඉන්න තිබ්බා.නම තියා ගන්න පුලුවන් සුදු පුතා එක්සත් කියලා (සුදුපුතා- ආපු බෝට්ටුවේ නම)

      Delete
  6. මගෙත් තියෙන්නෙ ජාතිවාදී ක්‍රිකට්.. ක්වාර්ටර් ෆයිනල් එකෙන් පස්සේ මැච් බලනෙක අවුරුදු දෙකකට නැවැත්තුව..

    ReplyDelete
  7. හෙක් හෙක්

    ReplyDelete
  8. අනේ මෙහෙමත් ක්‍රිකට් බැලිල්ලක්.

    ReplyDelete
    Replies
    1. අයියෝ ක්රිකට් නේ

      Delete
  9. ක්‍රිකට් බලන්න විතරක් නෙවෙයි ලංකාවේ වැඩි දෙනා සාමාන්‍ය ජීවිතේටත් ඔහොම තමයි ලොජික් එක යොදාගන්නේ. කොටින්ම ඔය ගන්න අපේ දේ කියන්න කලින් හැමතැනම පිස්සුවක් ආව නේද ඇමරිකා විරෝධී අමුතු කෑම රටාවක්. කොක් එපා පෙප්සි එපා අපි සිංහයෝ කියල?? සාමාන්‍ය ජීවිතෙත් නෑයෝ එක්ක ගනුදෙනු පවා ඔහොම තමයි. ඔය ජාතියේ අය තමයි ඔය මුස්ලිම් කඩවල් වර්ජනේ වගේ බොළඳ බලාංස වැඩ වලින් ජාත්‍යාලය පෙන්නන්න දතකන්නේ. හැබැයි රට යන්න දෙනවා නම් අම්මා අප්පා වත් මතක නැහැ. ක්‍රීඩාවක් උනත් සතුටින් විඳින්න පුළුවන් වෙන්න ඕනේ.

    මට නම් හොඳින්ම ක්‍රිකට් විඳින්න පුළුවන් ලංකාව සෙල්ලම් කරන්නේ නැති වෙලාවටයි. එතකොට කොයි පැත්තේ උනත් දක්ෂ වෙන වෙලාවල් වලට එක වගේ සතුටු වෙන්න පුළුවන්. ලංකාව සෙල්ලම් කරනකොට වගේ බඩේ බිත්තර තම්බන්න වෙන්නේ නැහැනේ. හැබැයි දිනුම පැරදුම තීරණේ උනහම දිනුවේ දක්ෂයින් බව හැම වෙලේම හිතිලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේ ඇත්ත .(රහසින් මෙන්)හැබැයි උපන් බිමේ ලෙඩක්ද මන්දා හැබැයි මමත් ජාතිවාදී ක්රිකට්ම තමා බලන්නේ

      Delete
  10. ලංකාව ගහනවනම් තමයි ඇගට දැනේන‍ේන....නැත්තම් මෙලෝ රහක් නෑ...

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි

      Delete
  11. ඉඳහිට අර "සටහන් පොත" ගැන ලියූ ඒව වගේ ඒවත් ලියන්න.

    හිතේ ඒ පැත්ත වැහෙන්න දෙන්න එපා!

    ReplyDelete
    Replies
    1. තිස්ස අයියා , කණ හරහා ගැහුවා වගේ හිතට දැනුනා

      Delete
  12. ඒ වුනාට ඇංකර් ගේන්නෙ නිච් සීලන්ඩ් වලින් හින්දා මම උන්ටත් කැමති නෑ. බිචස්!

    ReplyDelete
    Replies
    1. ඩුඩ් , නිව් සිරි ලන්ඩ් !!

      Delete
  13. ක්‍රිකට් හරි මොකක් හරි තරගයක් බලන්න නං පාක්ෂික වෙන්න ඕන. නැත්තං කිසි ගතියක් නෑ.

    ReplyDelete
    Replies
    1. හිතන්නට යමක් එකතු කළා . ගෝත්‍රවාදයේ ලක්ෂනයක් වන ක්‍රීඩාව විඳිය යුත්තේ ගෝත්‍රවාදය තුළ සිටමයි

      Delete

Have commented