17 March 2015

බොන්න ඕන ප්‍රස්න

පහුගිය දවසක් ආපන ශාලාවක මම මිතුරෙක් එනතෙක් සිටියෙමි . ඔහුගේ ලාංකික බව පිළිඹිබු කරමින් හතට එනවා කීවාට අටහමාර වෙනතෙක් ඔහු ආවේ නැත . හෙමින් හෙමින් මධුවිත තොල ගාන්නට ගත් විට  මා හිස ප්‍රශ්න වලින් පිරෙන්නට විය . මම ඒවා කොළයක  ලියන්නට වුනෙමි . සංස්කරණයකින් තොරවම ඒවා පහත දක්වමි .


  •  පොලිසියේ සහ හමුදාවේ සේනාධිනායකයා ජනාධිපති වුවද සිර භාරයට ගත යුතු අය  ගැන අණ  දෙන්නේ රාජිත ය , බාහුය .  ආරක්ෂක ලේකම් පත් කරන්නට ඉවත් කරන්නට ඒ ගැන තීරණය කරන්නට බලය තියෙන්නේ ජනාධිපතිට වුවද ඒ ගැන  ප්‍රකාශ නිකුත් කරන්නේ චන්ද්‍රිකාය. නොමැති දෙයක් අහෝසි කරන්නේ කෙසේද 
  • සාමාන්‍ය ක්‍රමයට අනුව නම් පැන්සොන්  ගිය පසු , නැතිනම් රිටායර් වූ පසු ආපහු වැඩට එන්නේ නැත .  එහෙමත් විටෙක විශේෂ කාරයන් සඳහා එවන් වූ විශ්‍රාමිකයන් නැවත සේවයට ගන්නේ විශේෂ දිමනාවකටය . එවිට පැන්සොන්  එකත් අලුත් කොන්ත්‍රා ත්තුව යටතේ ගෙවන ගණනත්  අනුව විශ්‍රාම ගැනීමට පෙර ගෙවූ ගානට වඩා කිහිප ගුණයක් ගෙවන්නට සිදුවෙයි. පෙන්සෝන් ගිය රජෙක් ආපහු ගෙනා විටත් කලින් ගෙව්වා වගේ , කිහිප ගුණාකාරයක්  ගෙවන්නට සිදු වේද ?
  • ආශ්චර්යමත් යුගයේ ලොකු හොරු අහුවුයේ නැත . පොඩි හොරු අල්වා  පොලිසියට ගෙනවිත් , සෙනෙහෙබරව දෙකක් ඇන කූඩුවට  දැමීය . සාක්කි විභාග කලේ ඉන් පසුවය . යහපාලනය යටතේ ලොකු හොරු අල්ලන්නේ සාක්කි සටහන් කර ඒවා විභාග කර නිසි ක්‍රමවේදයට අනුවය . ඒත්  පොඩි හොරුන්ට තවම යහපාලනය අදාළ වී නැත . පොඩි හොරුන්ටද යහපාලනය ලබා දී සැම හොරෙකුටම සිතට සැනසිල්ලක් ලබා දෙන්නේ කවදාද .
  • මේ යකා මේ ෂොට් එකට ඇල්කොහොල් එකතු කරලම නැද්ද 
  • මහින්ද මහත්තයා වැරදි නොකළා යයි ඔහු නොකියයි. ඔහු අහන්නේ එසේ කළා  නම් පිට පිට ඔහුව දිනෙව්වේ , මේ සැරෙත් ලක්ෂ පනස් අටක් චන්ද දුන්නේ ඇයි  කියාය . ඒ වරද අපේය .
    සිරිසේන ලොක්කා එයා ගේ පොරොන්දු ඉටු කරන්න බාර දුන්නේ රනිල්ටය . දැන් උනත් වෙන කෙනෙකුට දෙන්නට පුළුවන්ය , ඒත්  එහෙම නොකරන්නේය . කරනවා කිව්ව දේ හරියට කරන්නේ නෑ  කියලා කට්ටිය රනිල්ට බනින්නේය. රනිල් එයාගේ කට්ටියට බනින්නෝය  . කට්ටිය කියන්නේ "බලනවා , තමුසෙලා එකතුවෙලා අපි කිව්ව දේ විශ්වාස කළා . අපිව පත් කරලා අමාරුවේ දැම්මා . අපිත් හරියට දැන් කල කිරිලා ඉන්නේ කියලා ය " . ඒකෙත් වරද අපේය .
    පිට පිට මෙහෙම වැරදි කරන අපිට දියයුතු දඬුවම කුමක්ද ?
  • චිකන් ඩෙවල්  කිව්වට  මාළු මිරිසුයි , ළුනුයි  දැම්මට පස්සේ චිකන් අමතක වුනාද 
  • අනුර මහත්තයා කිවේ මහින්ද පරද්දන්න කියලාය . අපි හිතුවේ ඒ කිව්වේ සිරිසේන දිනවන්න කියලාය. දැන් එයා කියන්නේ අපි කිව්වේ නැද්ද චරිත සහතික ඉල්ලා අමනාප නොවෙන්න කියලා කියලාය . අම්මප ඇත්තටම ඔහු කිව්වේ ටැට්ටර් සාදු දිනවන්න කියලාවත්ද ?

  • රට කියන්නේ මහින්ද නම් . මහින්ද කියන්නේ රට නම් . අපි මොක්කුද ?

  • ඔක්කොම උපාසකම්මලා "අප්පච්චි අප්පච්චි "කියලා කෑ ගහනකොට උන්ගේ කසාද මිනිස්සුන්ට හිතෙන්නේ මොනවාද 

  • ද්‍රවිඩ ජනතාවගේ වාර්ගික ස්වරුපයේ ප්‍රශ්න , ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට දීමෙන් හෝ ඉන්දීය ධීවරයන්ට අපේ මුහුදේ මාළු අල්ලන්න දීමෙන් විසඳෙන්නේ කෙසේද .
  • අපේ රටේ මුහුද ගොඩ කර වෙනම නගරයක් (ප්‍රාන්තයක් ?) තැනීමත් , ඊට නුදුරෙන්  චීන සබ්මරිනර් නැවත්වීමට පහසුකම් හා අවසර ලබාදීමත්  . ඒ හරහා දකුණු සුඩානයේ සිට චීනය පැත්තට  තෙල් නළ  ඇදීමත්  , ඇතැම් විට එහි ආරක්ෂාවට  චීන හමුදාව ස්ථාන ගත කිරීමත්  , විදේශ අත පෙවීම් ලොජික් එකට අහු නොවෙන්නේ ඇයි ?

  • හතට එනවා කිව්ව මිනිහා තාම කෝ 


25 comments:

  1. සුපිරියි.....! අර අතරමැදට ද‍ාල තියන ඇඩ් ටික තමයි නියම........

    ReplyDelete
  2. ඔය ටිකම බොඟක් දාන ගමන් හිතුනොත් අර මැද තියෙන ඇඩ් වලට මොනවද එන්නෙ කියල කියනවද කවුරුහරි

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මට නම් ඒ වගේ වෙලාවට මේ වගේ දේවල් හිතෙනවා අඩුයි

      Delete
  3. ඔය තේමාවට වඩා මේ තේමාව ගැලපෙනවා වගේ.....
    "ප්‍රස්න ඕනෙ බොන්න"

    ReplyDelete
    Replies
    1. එකත් මරු

      Delete
    2. එදත් ප්‍රශ්ණ, අදත් ප්‍රශ්ණ!

      Delete
  4. සිද්ධිය පැහැදිලියි.. උඹ යහපාලනය ගැන කලකිරිලා. හැක්

    ReplyDelete
    Replies
    1. නෑ නෑ. මීට වඩා දෙයක් රනිල්ගේ වටේ ඉන්න අයගෙන් බලාපොරොත්තු නොවුනෙමි. රනිල්ගේ දර්ශනයේ ගත යුත්තක් ඇත. එහෙත් එය දේශපාලන යතාර්තය නිසා අවුල්වී ඇත. රනිල්ට නොහැකි මේ දෙක බැලන්ස් කිරීමයි. සිරිසේන මහතාට ශ්‍රේශ්ටත්වයට යාමෙට පොටෙන්ශල් එකක් ඇත. එය එසේම වේවායි පතමි. නමුත් වටේ ඉන්න පරපුටුවන් පලමුව හැලිය යුතුය. මා වඩාම කලකිරී ඉන්නේ ජවිපෙ ගන්නා ස්තාවරය ගැනය. අනෙක දේශපාලකයන් අපිව නියොජනය කරනවා වෙනුවට අපි බෙදී එක එක දේශපාලකයන් නියොජනය කරන ගෝත්‍රිකවාදී තැනට ආපහු තල්ලු වීම ගැනයි.

      Delete
  5. එතකොට මයිත්‍රිපාල සිරිසේන මහතා,ජනාදිපති නෙමෙයි,නෙමේත් නෙමෙයි ද?(රන්ජන්)

    ReplyDelete
  6. එතකොට මයිත්‍රිපාල සිරිසේන මහතා,ජනාදිපති නෙවෙයි, නෙවෙයිත් නෙවෙයි ද?(රන්ජන්)

    ReplyDelete
    Replies
    1. ෂොඩින්ගර්ගේ ජනාධිපති

      Delete
  7. /* ක්කොම උපාසකම්මලා "අප්පච්චි අප්පච්චි "කියලා කෑ ගහනකොට උන්ගේ කසාද මිනිස්සුන්ට හිතෙන්නේ මොනවාද */

    බිරිදගේ පියාව සිහිවෙනු ඇත!

    ReplyDelete
    Replies
    1. රසික අල්ලාගත්තා ටෙක්නිකැලිටි එකක්.. හරිම කපටියා.. රනිල් වගේමයි

      Delete
  8. මම ගිහින් හරි මිනිහව එක්කරගෙන එනවා නැත්නම් මේ ප්‍රශ්න වලට කොහෙමද උත්තර දෙන්නෙ

    ReplyDelete
  9. බොනකොට මෙහෙම වෙනවා කියලා දැනගෙන හිටියේ නැද්ද? :P

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ. අපේ නෝනත් අහනවා සමහර දවස් වල උදේට.
      ඇත්තටම මේ ඩ්‍රින්ක්ස් වලට ප්‍රශ්න දිය කරලා දානවා ද මන්දා, බොන්න බොන්න ප්‍රශ්න වැඩි වෙනවා

      Delete
  10. මහින්ද මහත්තයා වැරදි නොකළා යයි ඔහු නොකියයි. ඔහු අහන්නේ එසේ කළා නම් පිට පිට ඔහුව දිනෙව්වේ , මේ සැරෙත් ලක්ෂ පනස් අටක් චන්ද දුන්නේ ඇයි කියාය . ඒ වරද අපේය .//

    කොච්චර බිව්වත් අපේ අයට නොතේරෙන්නෙත් මේ ටිකමනෙ....

    ReplyDelete
    Replies
    1. පරණ මූනක් අලුත් නමක්.
      ඔය කතාවම අනිත් පැත්තට සිරිසේන මහත්තයත් අහයිද දන්නේ නෑ

      Delete
  11. අද තත්තෙ ගැන හරිම විග්‍රහය තියෙන්නෙ අර මැද තියන ඇඩ් කෑල්ලෙද මංද!

    //චිකන් ඩෙවල් කිව්වට මාළු මිරිසුයි , ළුනුයි දැම්මට පස්සේ චිකන් අමතක වුනාද // පට්ට!

    ReplyDelete
    Replies
    1. එහෙම හිතලා තමා ආකෘතිය හැදුවේ. ඒත් මට හිතුනා වැඩේ අහුවෙන්නේ නෑ කියලා..ඒත් මෙන්න අහු වෙලා

      Delete
  12. යහ පාලනේ නෙව ආයිබංඩ
    ඒක නෙව මැදට අර වගේ අපූරු ඇඩ් එක්කුත් වැටුනෙ සහ අපේ අයට ඒව අල්ලල ගියෙ

    මේ දවස්වල කාට හරි හය්යෙන් පඩයක් ගියත් අහන්නෙ
    මේකත යකෝ යහ පාලනේ කියල
    අනේ මංද අපේ සමාරක්ගෙ හැදියාව

    ReplyDelete
    Replies
    1. හැබැයි වෙලාවකට හිතෙනවා මේකෙ තියෙන්නේ අර කිව්වා වගේ සද්දෙට යන එක විතරද කියලා

      Delete

Have commented