29 March 2015

EGB නැතිව කෑම එපා සහ වෙනත් බේගල් // No EGB No food and other lies



ඔබ සමහරෙකුටවත් මතක ඇති ඒ වකවානුව හරියටම ? ඇත්තටම , ඒ කාලයට පෙර කාලය . 

බේරේ  වැව අයිනේ එලිෆන්ට් හවුස් එකේ ,  ජින්ජර් බියර් අනාදිමත් කාලයක සිට පැවතියත් ( කොම්පැනිය නම් කියන්නේ වට්ටෝරුව එක්දහස් අටසිය අනු හයේ සිට කියලා ), පෙට්ටි කඩේ රාක්කේ දූවිලි වැදී වැදී  තිබුණු  දුඹුරු පාට බෝතලේට නව වෙළඳ ප්‍රචාරක තල්ලුවක් දුන්නේ, මට මතක විදියට අනූව දශකයේය . මුලින් මුලින් EGB එක්ක කෑම වඩා රසයි කියන  පොඩි යෝජනාවක් ලෙස පටන් ගත් මේ සංකල්පය . EGB  නැතුව කෑම එපා යන තැනටම ඉතා ඉක්මනින් ඔඩු දුවා ගියේය . දැන් කෑම  කියනකොටම ඇතැමෙකුට EGB මතක් වෙන තැනට , කිසිම විලි ලැජ්ජාවක් නැතිව එහෙම ඕඩර් කල හැකි තැනට පත් වී ඇත .

දින සීයේ රොටිය පුළුස්සා  ගැනීමට , හවුලේ පවුල් කෑම අත්‍යාවශ්‍ය බවට තර්කය දැන් දැන් ප්‍රචලිත වී ගෙන යයි .  මුලින් මුලින් එවැනි දේ කියන්නවුන් දෙස අවඥාවෙන් බැලීමට " ආ ඇත්තද " වැනි ප්‍රතිචාර වලට බඳුන් වුවත් , දැන් දැන් එය "ඔව් ඒකත් ඇත්ත , ඒත්  කලින් එහෙම කිව්වේ නෑනේ " යන තැනට පල්වී  පත්වී ඇත .

කට්ටිය කියන විදියට , දින සීයේ වැඩසටහනේ කිසිම කියන්න වරදක් නෑලු . එකම දේ එය ප්‍රැක්ටිකල් නැතිවීම පමණක් ලු . ඒකේ තියෙන සංශෝධන වලට   හැමෝම එකඟ ලු . කිසිවෙක් විරුද්ධත් නෑලු . ජනතාවටත් , රටත් හොඳයිලු ....ඒත්....... සහයෝගය දෙන්නනම් , ඇමති ධුරත් ඕනෙලු . ඇමති ධුර නැතිව සපෝට් බෑ ලූ . 
මේ සියල්ල ඔවුන් කියන්නේ " මේ වගකීමෙන් කියන්නේ " කියලා වගකිමෙන්ම ලූ . 

මා දන්නා සුලුප්‍රාණ දේශපාලනයට  අනුව , පාර්ලිමේන්තුවේ ඉන්නේ ජනතා නියෝජිතයන්ය . පත්වෙන්නේ ජනතා චන්දයෙනි , කන්නේ ජනතාවගේ බද්දෙනි . උන්ගේ යුතුකම , ජනතාවගේ කැමැත්ත ඒ සභාවේ නියෝජනය කිරීමය . අපි හැමෝටම එතනට යන්න බැරි නිසා , ඇතැම් විට එම තීරණ ගැනීමට අවශ්‍ය දැනුම , එහි ඇති හොඳ නරක විශ්ලේෂණය කිරීමට කාලය , විෂය පරිචය නැති නිසා , ඊට සුදුසු නියෝජිතයන් පත්කර යවන්නෙමු .

සාමාන්‍ය ව්‍යාපාර තත්වයක් යටතේ නියෝජිතයෙක් , රජයේ දෙපාර්තුමේන්තුවක රජයේ නිලධාරියෙක් , හමුදාවක ලෙෆ්ටිනන්ට් කෙනෙක් , තම සේවාදායකයින්ට සේවය කිරිමට නම් මෙවැනි ඉල්ලීමක් (අල්ලසක් ?) කලොත් තත්වය කුමක් වේදැයි  මදකට සිතන්න . එලෙසම ජනතාවගේ කැමැත්ත නියෝජනය කිරීමට තව වරප්‍රසාද ඉල්ලීම , කෙතරම් ශිලාචාර සම්පන්න දැයි විටෙක සිතේ . 

එනමුදු වැඩේ තියෙන්නේ , EGB  නැතිව කෑම  බෑ  හෝ වේවා , මහින්ද නැතිව රට අනතුරේ හෝ වේවා , යහ පාලනය නැතිව රටකට අගයක් නෑ හෝ වේවා , ඇමති ධූර  නැතිව මේ වැඩේ කරන්න බෑ  හෝ වේවා , ඕනෑම බේගලයක් ටික කලක් යද්දී පත්තියම් වෙනවාය . බොරු ඇත්ත වෙනවාය . 

11 comments:

  1. Replies
    1. ඒ කියන්නේ බේගල් ලයිට්?

      Delete
  2. මේක අද ඊයේ දෙයක් නෙවෙන බව පෙනෙනවානේ. අපි පුංචිකාලේ තිබුණා, 'මොරවක මෙඩිටෝ' කියලා ඔය EGB දුඹුරු පාට, ඒ ප්‍රමාණයේම බෝතලේක එන, ඖෂධීය යයි කියන බීමක්. උණට, කැස්සට, බඩේ අමාරුවට, ඇඟපත රුදාවට ආදී, අටානුවක් රෝග, නවානුවක් ව්‍යාධි, සඳහා ඒ පානය තමයි මිනිස්සු බිව්වේ. මිල සත 50 ක් වගේ මතකය.

    ඒ වගේම ඒ කාලේ තිබුණු මත කීපයක් තිබුණා, රට හදන්න පුළුවන් ඩඩ්ලිට විතරය, සිරිමාට විතරය, ඇන්.ඇම්. ට විතරය, ආදී වශයෙන්.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නම මොරවක උනාට, ඒකේ මොනවා හරි සැර වේදනා නාශකයක් තිබ්බා . බිව්වම කන් රත් වෙලා , නිකන් පොඩි කික් එකක් එනවා , ඇත්තටම අර ඇඟේ පතේ අමාරු කොහේ ගියාද නෑ (එකෙත් පොඩි අදාළත්වයක් තියෙනවද මන්දා මේ මාතෘකාවටත් :) ) .

      ඇයි ඇයි ධර්මිෂ්ට සමාජයක් .... ? ... මට බය "උනුත් එකයි මුනුත් එකයි එකත් " එහෙමම කැම්පේන් එකක් වේද කියා ළඟදීම .

      Delete
    2. මොරවක මෙඩිටෝ මටත් මතකයි.... ඒ කියන්නේ ඔබ කියන තරම් අෑතක නෙවෙයි විචාරක.... අනූගණන් වල වගේ......

      Delete
    3. අපේ මිනිස්සු ස්ලෝගන්ස් වලට ආසයි. වන්දනාවට ආසයි.

      කොහොමවෙතත් අඩු අපේක්ශා තියාගෙන අඩුවෙන් නරක මොකක්ද කියන එක තෝරගෙන ප්‍රායෝගිකව දිනන්න පුලුවන් එකෙකුට චන්දෙ දීම තමයි වැදගත්

      Delete
  3. මිනිස් ඉතිහාසයේ කතන්දර ගෙතීමේ, බිනීමේ සහ ප්‍රබන්ධකරුවෝ සැමදා ජයගත්තා පමණක් නොව අද වෙන තෙක්ද එම බොරු වඳිමින් පුදමින් ඇදහීමට තරම් සමහරු මෝඩයන්ය. ගෞතම සිද්ධාර්ථ, යේසුස්, මහම්මද් මෙන්ම රාමායණය හා මහාවංශය හොඳම උදාහරණයන්ය. මෑත කාළයේ ගත හැකි ජාත්‍යන්තර උදාහරණය ජේ කේ රෝලින්ස්ය. දේශීයව නම් මහින්ද රාජපක්ෂයන්ය. එදා මහාවංශය මෙන් අද පචවංශගේ "සී නිව්ස්" එම කාරිය මනාව ඉටු කරයි. මිනිසුන් කුණු රසට කැමතිය. මාතලන් උනත් උදයේම ගොඩ වන්නේ "සී නිව්ස්" වෙතයි. උන් කියන ඒවා අතේ රෝල් බවට ඇති හොඳම උදාහරණය. සමහර නිව්ස් ඉවත් කරන්නට සිඳු වීමයි.

    ස්වයංවින්දනයද ඇබ්බැහිවීමක් දක්වා ගෙනයාම මහින්දගේ දරුවන්ට අහිතකර විය හැකි බව අවවාදයක් ලෙස දක්වමි.

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ නොදන්න කමට කට්ටිය "ස්වයං වින්දනය නිසා ඇස් අන්ධ වෙනවා " කියලා කියපු කතාවක් විශ්වාස කළා

      Delete
  4. Coke is it.
    Coca Cola is it!

    ReplyDelete
    Replies
    1. I like to teach the world to sing in perfect harmony ....
      But have given up doing anti patriotic acts such as drinking coke :)

      Delete
  5. ජනතාව කොච්චර බුද්ධිමත් තීරණ අරන් තියෙනවද කියන එක තමයි මේ හැම එකෙන්ම අපිට ගන්න පුළුවන් පණිවිඩය.

    ReplyDelete

Have commented