06 April 2015

තරාතිරම නොබලා , දඬුවම් ( පැන්නොත් හිරේ )

ළඟදීම  දඬුවම් දෙයි වගේ නේ ?

ඒ කිව්වේ?

මම කිව්වේ , තරාතිරම නොසලකා , දඩ , සිර දඬුවම් ළඟ ළඟ 

එහෙමද ?

ඔව් ඔව් 

එහෙනම් හොඳයි .. අනික එහෙමනේ මේකෙත් තියෙන්නේ
(මම "දින සීයකින්  අලුත් රටක් " පොතේ අදාළ පිටුව සොයන්නට වුනෙමි )


ඔව් ඔව්... චම්පික මහත්තයාටත් බේරෙන්න අමාරු වෙයි . සමහර විට හිරේ යන්න වෙයි 

චම්පික මහත්තයා ? මම හිතුවේ මෑන්ස්  කතා කරන විදියට සුපිරිසුදු චරිතයක් කියලා . අනික එයා ෆයිල් අරන් අල්ලස් දුසන එකටත් ගියානේ. ඒත්  ඉතින් මිනිස්සු කාලා බලන්න යෑ  නේද 

සුපිරිසිදු බව නම් දන්නේ නෑ ඒත් දඬුවම් වලින් නම් බේරෙන්න බැරි වෙයි 

තරාතිරම නොබලානේ 

එහෙනම් . ඒ විතරක් නෙවෙයි අනුර සහෝදරයාටත් , ටිල්වින් සහෝදරයාටත් .. ඔය වචන හරඹ දාලා බේරෙන්න බැරිවෙයි 

නෑ 

නෑ නෙමෙයි ඔව් .. හාමුදුරු කෙනෙක් කියලා බලන එකක් නෑ රතන හාමුදුරුවන්ටත් දඬුවම් කරයි 

අප්පට සිරි 

ඇයි  හිරුනිකා 

අයියෝ ....හිරුනිකාආආආ...? 

ඔව් ඔව් නීතිය ගැසට් කරලානේ, දැක්කේ නැද්ද  ..දැන් ක්‍රියාත්මකයි ..ට්‍රැක් පැනීම තහනම් ..ට්‍රැක්  පැන්නොත් දඬුවම් .

ආ ඒකද මේ කිව්වේ ..මම හිතුවා ..

මොකක්ද ?

නෑ එකෙන් කාරියක් නෑ .. ඒක නෙමෙයි ඔහොම ට්‍රැක් පනින අය ගැන චෝදනා ගොනු කරන්න පුලුවන්ද ?
(මම , අතේ ඇති පොත දෙස බැලීමි , ..මයිත්‍රී පාලනයක් , ස්ථාවර රටක් යන වදන් පෙළට උඩින් සිරිසේන මහත්තයා අඩමානේට වගේ මද සිනාවක් නගා ගෙන මා දෙස බලා සිටින්නේය )

7 comments:

  1. ට්‍රැක් පැනල ඉල්ලගෙනම කෑවේ.. තිස්ස මහත්තයා තමයි.. ඔය කියපු සැට් එකත් ලඟදිම ට්‍රැක් පනින සීන් එකක් තමයි පේන්න තියෙන්නේ. මටත් ඔය මෛත්‍රී ලොක්කගේ ඔලොක්කු හිනාවනම් දිරවන්නේම නෑ හැක්..

    ReplyDelete
    Replies
    1. මට නම් හිතෙන්නේ අඩමානෙට

      Delete
  2. සිරිසේන හිනා වෙන්නේ කින්ඩියටද කියලා මට නිකමට හිතෙනවා.. ඒ උනාට අර මහින්ද මහත්තයා කියනවා වගේ පෞද්ගලික පලිගැනීම් කරන්න නරකයි...

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයා කිව්වනම් ඉතින්

      Delete
  3. ට්‍රැක් පැනිල්ල නවත්තයිද බලමු......

    ReplyDelete
  4. එතකොට ට්‍රැක් තියෙන්නේ පනින්න නෙමෙයිද... ?

    ReplyDelete
  5. හනේද කියන්නේ

    ReplyDelete

Have commented