09 April 2015

කන්කරු පක්ෂය , පී කොක් පැලස් සහ අපේ රට

ලෝකේ බොහෝ රටවල කම්කරු පක්ෂ තිබේ . ටයි කෝට්  ඇඳ  ඉංගිරිසියෙන්ම  කතා කලත් , ඒ පක්ෂ වල ප්රතිපත්ති සමාජ වාදී ය . නමුත් අපේ ලංකාවේ තත්වය ඊට වෙනස්ය . සමාජ වාදීන් නොම්මර එකේ ධනපති වාදීන්ය , ජාතිවාදීන්ය , ඒකාධිපතිවාදී එහෙයියන්ය . ඒ අස්සේ ලංකාවේද කම්කරු පක්ෂයක් තියෙනවාය . එය කම්කරු කීවාට , කන්කරුය . ඒකේ නායකයා මහා ව්යාපාරික ලියන මහත්තයාය. ඔහු මයි කා මයි පෙට්රෝල් වර්ගයේ ව්යාපාරිකයෙකි. තමන්ගේ මුදලින් , අනුග්රහය දක්වමින් , තමන්ම නිවේදන කටයුතු කරන , තම දූ  දරුවන්ම ගී ගයන පැය  දෙක තුනක වැඩසටහනක් කරන්නට තරම් ඔහු විටෙක නිහතමානි විය. ඉතින් ඔය ඕනෑ  තරම් චැනල් තියෙන්නේ , බලන්න අකමැති නම් වෙන එකකට චැනල් එක මාරු කරන එකනේ තියෙන්නේ අයෙක් කියන්නට හැකිය . නමුත් ඇතැම් ප්රදේශ වලට පෙනෙන්නේ චැනල් දෙකක් විතරක් නිසා , ඔවුන් තමන්ගේ සල්ලි වලින් ගත් රූපවාහිනිය  නිවා දමා කලින්ම නින්දට ගියහ. මුදල් වලට බලයක් තිබේ . මුදල් කන්දකට , මඩිස්සලේ ඇති පිච්චියකට වඩා බලයක් තිබේ .
මේ ලියන මහත්තයා සල්ලි සල්ලි කියා බලන්නේ නැතිව කන්කරු පක්ෂයක්  පිහිටුවා ගෙන තිබේ. වසරේ බොහෝ දින වල, රස්සාවේ හේතුවෙන් තම ආයතන ප්රධානියාට "ගුඩ් මෝනින් සෑර් " කියන සේවක තෙමේ , දැන් මැයි  පලවෙනිදාද , කොම්පැනියෙන් ම දුන් රතු ටි ෂර්ට් එක ඇඳ , පෙළපාලියෙන් අවුත් වේදිකාව මත සිටින තම ආයතන ප්රධානියාට " ගුඩ් මෝනින් සෑර් , ජයවේවා  සහෝදරයා " කියන්නෝය . තමන්ගේ නමින් නිකායකුත් පිහිටුවා ගෙන , එහි සංඝ නායක කම ගත්තා නම්, පෝය දොලහෙත් වැඳුම් ලැබීමට හැකිය .

මේ කන්කරු නායකයාට , පී  කොක් පැලස් නමින් මහා මන්දිරයක් තිබේ . එයට ඒ නම කියන්නේ මොණරු බොහෝ ඒ අඩවියේ ගැවසුන නිසාවෙන්යයි  කියවේ . රුපියල් දාහේ කොළේ  ඉන්නෙත් මොණරා ය. ඔහු දැන් එය පරිත්යාග කරන්නට යන්නේ , රටම ඉල්ලන (අනේ අපි නොදන්න) අප්පච්චිටය  . ඊට හේතුව , මේ වසර දහය තුළ  මේ අසහාය නායකයා රට වෙනුවෙන්ම කැප වූ නිසාම , කොළඹින් පොඩි ඉඩම් කැල්ලක් අරන් ගෙයක් හදාගන්නවත් බැරිවිය . අඩුම ගණනේ ගමේ ඉඳන් පැයට  දෙකට කොළඹ එන්න හයිවේ එකක්වත් හදා ගන්නට බැරිවිය . අපේ රට එවන් රටකි . කම්කරුවෝ , උන්ගේ සල්ලිවලින් මහා මන්දිර සදා , ජන නායකයින්ට තෑගි දෙති .

මේ කතාවේ සංකේතාත්මක බව මුළු රටේම පැති කඩක් බඳුය. දවල් මිගෙල් රෑ දනියෙල් ගේම් වල සිට , මොණරු ගැවසෙන පී  කොක් මන්දිර දක්වා , ඒ මන්දිර දන් දෙන අනේපිඬු සිටුන් දක්වා , ඒ දන් පිළිගන්නා අප්පච්චිලා දක්වා , ඒ පිං බලෙන් මතු මතුත් , ආණ්ඩුවක් ආණ්ඩුවක් පසා  ලැබෙන  දිව්ය සැප සම්පත් දක්වා එය දිගු කළ  හැක

12 comments:

  1. A very thought-provoking article!

    ReplyDelete
  2. //මේ කතාවේ සංකේතාත්මක බව මුළු රටේම පැති කඩක් බඳුය//
    මේක තමයි ඇත්ත.
    ඒ වගේම ධනවාදයේ දෙවොල වෙච්ච යූඑස් ප්‍රෙසිඩන්ට් පත්වුන වෙලාවෙ උතුමානනි කියල ඇඩ් එකක් දාල සුබපැතුවෙත් ඔය කම්කරු නායකය නේද? මතකද?

    ReplyDelete
  3. මහින්ද මහත්තයා ඒ ඇස් පී ගොනාට කිව්වලු.. කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළළෝ කියලා.. බලේ ඉන්න කොට තමන්ගේ දුවලව දමලා අප්පච්චි ගගා සින්දු කියවලා.. පැරදුනායින් පස්සෙ රාජිත ගාව ගිහින් අඬ වැටිලා පලක් නෑ...

    ReplyDelete
    Replies
    1. හැබැයි ඔබට අපිට වගේ නොව උන් අැඬු විට කිරි එරේ

      Delete
  4. අපි හැමදම විකල්ප තෝරනවා. හැබැයි එකක්වත් නියම විකල්ප නොවේ. අවංක අය ලංකාවේ දේශපාලන‍ේ නැත. ඇත්තේ අවස්ථාවාදීන්, ජාතිවාදීන්, කලුකඩ ව්‍යාපාරිකයින්, .... හා උන්මත්තකයින් ය.

    ReplyDelete
    Replies
    1. දේශපාලකයන් අවංක යයි සිතීමද මන්දා වරද

      Delete
  5. කලකිරිලයි ඉන්නෙ.

    ReplyDelete
    Replies


    1. කඩේකත් ඔහොම ගහලා තිබින
      සීත කල කිරි අැත

      Delete

Have commented