13 June 2015

බැරි වෙලාවත් සහ See no evil , hear no evil , speak no evil

මේ 

ඕ 

දැක්කද  මාතර ගඟ

මොන ? නිල්වලා ?

නෑ නෑ  ජන ගඟ 


ආ ඒකද , ඒත් මේ සැරෙත් ඇවිත් නෑ නේද 


නෑ නෑ ආවා වගේ,  නෑ වගේ 


මම මේ හිතුවේ , මේ වැඩේ ඔක්කොටම  වඩා ලේසියි නේ . .. පොරොන්දු දෙන්න ඕනේ නෑ , ආවට පස්සේ පොරොන්දු ඉටු කරන්න ඕනෙත් නෑ 

ඔව් ඒකත් එහෙම තමා 

අනික බැරිවෙලාවත් ආවොත් , කාටවත් වග කියන්න ඕනෙත් නෑ , වග වෙන්නෙත් නෑ ... මොකෝ ඉල්ලලා නෙමෙයි , කන් කරච්චලෙන් බේරෙන්නනේ එන්නේ 

මට හරියට වෙනස තේරුනේ නෑ 

ඒක තමා 

***


මේ ඇහුනද ? කෝ මේ රාක්කෙ තියලා තිබුන වඳුරෝ තුන් දෙනා 

මොන වඳුරෝ ද 

අර කට වහ ගෙන , ඇස් වහගෙන , කන් වහගෙන හිටපු see no evil, hear no evil, speak no evil උන් තුන් දෙනා  

මම මේකාව මේ උඩින් තියලා , අනිත් එවුන් දෙන්නා අර පැත්තෙන් තිබ්බා 

එහෙම හරියන්නේ නෑ උන් තුන් දෙනාම එකට තියන්න ඕනේ , ඔයා මේ අස් කරන්න ගියාම ඔක්කොම අවුල් කරනවා 

එහෙමද 

ඒක නෙමෙයි , අපේ පරණ අගමැති තුමන්ලාටත් ජනාධිපති උපදේසක තනතුරු දීලා ලු නේ , මේ පත්තරේ තියෙන්නේ 

එහෙමද 

පලි :

වරමක්  වගේ නෙමෙයි , කන්නලව් කරලා බාර දුන්නොත්  වැඩේ වෙනස් ය . වරම නම් දුන්න විදියටම ආපහු ගන්න පුළුවන්ය .. නමුත් අනෙක ඊට වෙනස්ය. කෙනෙක් මට කීවේ යහ පාලනය , ලෙඩා මලත් බද සුද්දයි වගේ එකක් කියලාය. . එතකොට අප්පච්චිට කරන කන්නලව්ව , ලෙඩෙන් නම් මැරෙන්න දෙන්නේ නෑ  කියා , ඔහුව ගෙනවින් ගඟේ දැමීමක් වැනිය .

අනෙක් අතට දුන් වරම නම් , වෙනස් දෙයක් වෙනස් විදියට කිරීමට මිස , පරණ විදියටම වෙනස් දෙයක් කරන්නට සැදීමට හෝ වෙනස් විදියකට පරණ දෙයම කිරීමට නොවේ 

5 comments:

  1. එදත් කලේ ඔයටිකම තමයි. ජනතාව තමයි මට බලය දුන්නේ ඕනෙම අවලම් වැඩක් කරන්න කියලා කියයි. ඊළඟ සැරේ ආවොත් අර ගල් ගහලා මරණ අලුගෝසුවා අගසව්වෙක් කරගනියි. බෝගම්බර හිරගෙදර තිබුන තැන පිට්ටනියක් හදයි හතුරන්ව එල්ලන්න දළදා මාලිගාවට පෙනෙන්න.

    තවමත් වසුරු උරමින් යන මෝඩ හැත්ත මේ ආත්මයේදී නම් විමුක්තියක් ලබන්නේ නැහැ.

    අර වයසක උන්දලාට උපදේශක කම් දීලා මෙයා මොකක්ද නටන්න හදන අන්ධභූත ජාතකය? මෙයා අනාගත්තොත් තව අවුරුදු 100 ක් යයි නැවත දින 100 ක්‍රමයක් එන්න.

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ව මෙච්චර සැරයක් අන්දන්න පුලුවන්ද ...මිනිස්සු මෙච්චර සැරයක් ඇන්දෙනවද කියලා හිතෙනවා වෙලාවකට

      Delete
  2. මේ දේ අපි කලින්ම කිව්වා... ඒ කියලා මහින්ද එළවන්නේ නැතිව බෑ.. මෙයත් යන්නේ ඒ පාරෙම නම්... ඊළඟ විප්ලවය අත ළඟයි...

    ReplyDelete
    Replies
    1. AnonymousJune 13, 2015

      Lab A! Viplavaya! Dollar viplavaya!

      Delete
    2. විප්ලවය පුරුද්දකට ගියාම , ඒකත් පල් වේවිදැයි බියක් ඇත

      Delete

Have commented