14 July 2015

සුරංගනී ගේ වෙනස , නොවෙනස

ස්ථානය : තුන්මුල්ල හංදිය . 
වේලාව : රාත්‍රී දහයට පමණ .

බස් රථයක් එනතෙක් සිටින තරුණයෙකි . ඊට ටිකක් ඈතින් සාරියක් හැඳ ගත් තරුණියක් විදී පහනේ ආලෝකයෙන් මෑත්වී , මාර ගහක සෙවනැල්ලට මුවාවී සිටින බව ඔහු දුටීය . මේ වේලාවට මෙතැන ඉන්නේ විදී ලඳුන් හෝ එහෙමත් නැතිනම් අනෙක් වුන් බව ඔහු දනී . හිටිවනම ය ඔහු දෙසට එන බව ඔහු ඇස් කොනින් දුටුවෙන් , ඔහු සිත කලබල විය .


සු සු සු 

ඔහු ඒ දෙස බැලුවේ තිගස්මෙනි ...(මේ මොන කරදරයක් ද ඔලුවට වැටෙන්න එන්නේ )

යනවා යනවා යන්න , මම ඔය සබ්ජෙක්ට් එකට නෑ 

මචං මාව අඳුනන්න බැරිද 

ඔහු ඇය/ඔහු දෙස බැලිය .

සාරියෙන් , මුහුණේ ඉලු පුයර ,  තොල් ආලේපන විනිවිදී කළ ඔහුට පුරුදු මුහුණක් පෙනෙන්නට විය 

මචං මම ...

ඒ ...සුරංග 

ඔව් ඔව් ....හැබැයි දැන් සුරංගනී 

මොකෝ මේ ?

මට කලක් ඉඳන්ම තේරුණා මම ගතින් පිරිමි උනාට හිතින් ගෑණු කියලා . ඉතින් මම වෙනස් වුනා . වෙනස් වෙන එකේ වරදක් නෑනේ 

හ්ම්ම් 

මද නිහැඬියාවක් 

උඹ ඉස්සර පන්සලේම නේ හිටියේ . තාම පන්සල් යනවද 

මම බෞද්ධ උනේ උප්පත්තියෙන්ම නේ .   පස්සේ මට ජේසුස් වහන්සේ හම්බු වුනා .දැන් මම බෝන් අගේන් 

ඒ කිව්වේ 

දැන් මම කිස්ට්‍රියන් ... පල්ලි යන්නේ . වෙනස් වෙන එකේ වරදක් නෑනේ 

හ්ම්ම් 

තවත් මද නිහැඬියාවක් 

චන්දෙ නේද ? කාටද සපෝට් කරන්නේ 

අපි නම් මචං ඉතින් පරම්පරා ගත අලි .. කැපුවත් කොළ .. ඒවා වෙනස් කරන්න බෑනේ 

හ්ම්ම් 

12 comments:

  1. හය්යෝ සුරංගනී...
    ඔහොම අය තමා ජේ වැඩි පුරම ඉන්නෙ හිහි.
    ඇඩෙනව නේ....

    ReplyDelete
  2. එහෙම මාරු කරනවද පක්ෂ?.... සංසාරෙටම එකයි....

    ReplyDelete
    Replies
    1. සදා කාලික නොවූ ලෝකෙක , සදා කාලික පාටියක්

      Delete
  3. හෙහ් හෙහ්.......

    ReplyDelete
  4. ඇත්තටම බැලුවොත් පක්‍ෂ නේද වෙස් වෙලා තියෙන්නේ.

    ජේවීපී
    යුඇම්පී
    සිරිලංකා
    සමසමාජ

    පසුගිය අවුරුදු 35 තුළ වෙනස් නොවුණ පක්‍ෂ තියේ නම් ඒ නසසප සහ විකොස (සසප) පමණයි.

    ReplyDelete
    Replies
    1. රසික , මේක ඇත්තටම හිතන්න කාරණයක්

      හැත්තෑවේ ප්‍රතිපත්ති නිසා සිරි ලංකා පාක්ෂිකයෙක් වුනු කෙනෙක් , තාම පාක්ෂිකයෙක් නම් ඇත්තටම දැන් සපෝර්ට් කරන්නේ යු එම් පී ප්‍රතිපත්ති වලට 90%... එතකොට ජේ වී පී ?

      Delete
  5. මේකනම් පට්ට කනේ පාර..
    එල ද බ්‍රා..
    කැපුවත් කොල නිල් රතු...ඒකනේ අපිට කෙලවුනේ

    ReplyDelete
  6. ඒ වගේම අහවල් පක්සේට කඩේ යන්නේ ලොල්ලෝ කියලත් කියන එක.... මෙතනත් කීප දෙනෙක් මේ ඉන්නේ !

    ReplyDelete
    Replies
    1. එහෙමම හිතල නෙමෙයි ලිව්වේ ... ඔබේ හිතේ තිබු දේශපාලන ලෝලත්වයක් එලියට පැන්නද මන්දා

      Delete

Have commented