19 July 2015

ඇයි අපි කළුද ?......ඔබේ වටිනා චන්දය නිවැරදිව පාවිච්චි කරන්න

ගේට්ටුවට කව්දෝ ගසනවා ඇසුනෙන්, ඒ දෙසට  ඇදුනු ඔහුට හිතේ යම් චකිතයක් විය . කාලයකට ඉහත මෙසේම ගේට්ටුවට ගසා ඇතුළුවූ  නෝන්ජල් තරුණයෙකුට වූ හදිය ඔහු සිත තවම කම්පනය කළේය ... 

මමත් ඒ වුනු දෙයට වග කියන්න ඕනෑ  වරෙක ඔහු හිත කීවේය .. නමුත් සන්ධානේ ලේකම් තුමා මෙන්,  " වග වෙන්නම්... ඒත්  වග කියන්න ඕනේ නෑ " කියා ඒ හැඟීම ටිකක් තුනී කර ගත්තේය . අතීතය ගැන සිතා වැඩක් නැත , දැන් ඔහු ඒ රස්සාවට තිත තියා අවසන්ය .. 

මේවා ගැන හිතමින් නොදැනීම ගේට්ටුව ළඟටම විත්ය .. ගේට්ටුවෙන් එපිට කවුරුත් පෙනෙන්නට නැත . "හොල්මනක් වත් ද ?... "  සිතේ ඇතිවූ සිතිවිල්ල එසැනින් "පිස්සු මනස්ගාත ...."    කියා බැහැර කළේය .

"කව්ද ගෙදර " එහා පැත්තෙන් කටහඬක්  ඇසේ ....

ඔහු ගේට්ටුව විවර කළේය .. අඩි 4 කට නොවැඩි උසැති , දැකුම් කලු  පැහැති හාදයෙක් ,  දත් ඇන්දම පෙන්වා සිනාසෙමින් සිටිනෙන්ය ..

"ඔව් ????"

"මේ අර පෝස්ටර් අඳින ..."

"ඔව් ඔව් එන්න ඇතුලට "


තරුණයා ඔහු පසුපසින්ම ගොස් වැඩ කාමරයට ඇතුළු විය .  කාමරයේ බිත්ති පුරා එක එක දේශපාලන පක්ෂ වලින් ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ගේ පෝස්ටරය . ඔහු දිගු හුස්මක් ගත්තේය 

"හම්මේ දැනෙන දේශපාලන සුවඳ "

" නෑ  නෑ  මම හිතන්නේ අර පාප්ප බාල්දිය පල් වෙලා, දැන් මොකද මේ ..පෝස්ටරයක් ඇඳ  ගන්නද ?

"අනේ ඔව් මම මේ සැරේ ඉල්ලනවා . ඉතින් පෝස්ටරයක් ඇඳ  ගන්න ඕනේ . කට්ටිය කිව්වා හිතට වදින එකක් ඇඳ  ගන්න නම් මෙහෙටම එන්න කියලා ."

"හරි හරි ඉතින් මොන වගේ එකක්ද හිතේ තියෙන්නේ "

"හිතන් ආවේ නම් අප්පච්චි එක්ක කියලා ඔය මොකක් හරි එකක් තමා "

අයියෝ එක නම් හරියන්නේ දැන් අප්පච්චි එක්ක නැගිටපු තැන ඉඳන් , මුණ හෝදලා, දත් මැදලා ..නිදියන කම් ම ඔක්කොම එක එක්කෙනා පෝස්ටර් වල ගහලා . ඉතුරු වෙලා තියෙන්නේ ටොයිලට් යන එකයි , තව එකකුයි විතරයි ..

ඒකත්  එහෙමද , එහෙනම් යහ පාලන මොකක් හරි එකක් ...?

ඒකත්  ටිකක් කේස් , යහපාලනයේ නියමුවෝ , කොන්දොස්තරලත් හැම තැනම . එහෙම නෙමෙයි අලුත් විදියට මොකක් හරි කරමු 

එහෙනම් දුප්පතාගේ හිතවතා ? 

ගැහුවා 

එහෙනම් නිකන් මොකෙක් හරි හොඳ සතෙක් එක්ක නිකන් , පළාතේ සිංහයා , හස්ති රාජයා , පිවිතුරු හංසයා ..

හොඳ සත්තුත් ඉවරයි මල්ලි , ඔක්කොම ඉන්නේ නිකන් නරි , ගල් ඉබ්බෝ , ගොළු බෙල්ලෝ, ඇටි  කුකුලෝ වගේ එවුන් තමා    

හරි එහෙනම් මාස්ටර්ම  කියන්නකෝ 

කොන්ඩේ පොඩ්ඩක් ඩයි කරලා ගත්තානම් , ඔය තාරුණ්‍යයේ මොකක් හරි කියලා ගහන්න තිබ්බා 

ඒ වුනාට අයියේ , මට බඳින වයසේ ළමයි ඉන්නවා 

ඒකට කාරියක් නෑ ... 

එහෙම නෙමෙයි,  නිකන් ඔබේ චන්දයට වැඩි වටිනාකමක් වගේ එකක් 

මල්ලි කීයක් දෙනවද චන්දෙකට ?

ඒ කිව්වේ ?

ඔහොම ගහනවා නම් දෙන ගාණත්  ගහන්න ඕනේ ... එක චන්දෙකට හැට හැත්තෑ දාහ වියදම් කරන කට්ටිය ඉන්නවා ... වැඩි වටිනාකමක් නම් ඊට වැඩියෙන් දෙන්න ඕනේ 

අයියෝ , අපි මේ පලවෙනි සැරේට නේ ඉල්ලන්නේ , එහෙම වත්කමක් නෑ . මේ ළමයි දෙන්නා දීග  දෙන්න විදයක් නැතුව දහ අතේ කල්පනා කර කර හිටියේ ... කොරියාවට වත් යන්න කියලා ඉන්න කොට එකෙක්නෙක් කිව්වේ , ඊට වඩා හොඳ වැඩක් තියෙනවා කියලා ...අවුරුද්දක් දෙකක් පාර්ලිමේන්තුවට ගිහිල්ලා කීයක් හරි එකතු කරන් කෙල්ලෝ දෙන්නට දැවැද්දට කීයක් හරි එකතු කර ගන්න මම මේ හදන්නේ ....

ඒකත්  එහෙමද ?

අයියේ නිකන් "ප්‍රතිපත්ති ගරුක දේශපාලනය" වගේ එකක් ගහමුද 

පිස්සුද ඕයි , මේවා ප්‍රසිද්ධ ස්ථාන වල ගහනවනේ , කුණුහරුප ගහන්න බෑ .....වෙන මොකක් හරි බලමු .... මේ තියෙන්නේ මගේ ඉතිරි වෙලා තියෙන කොන්සේප්ට්ස් ..කොහොමද මේවා..."සද්දේ විතරයි ගඳ නෑ " එහෙම නැත්නම්  "මෙන්න හඬ දෙන්න ඉඩ "

ඒවා  නිකන් ... වෙන එකක් බලමුද .. නිකන් නියම පොදු ජනතා නියෝජිතයෙක් වගේ දැනෙන්න එකක් 

එහෙනම් " බජාර් එකේ කකුලක් " එහෙම නැත්නම්  "බොක්කෙන්ම සේවයට "

හොඳයි .... ඒත් නිකන්  ඇඟට දැනෙන්නේ නෑ වගේ 

එහෙනම් .. ඔහේ ගේ ශරීර ලක්ෂණත් බලලා ... "උස නැති උනාට වැඩ කෝටියක් "

අයියේ ඔය එක එකා කතා කිව්වට , නඩු දැම්මට එකක් වත් ඔප්පු වෙලා නෑ

ඈ ?

අපි ඕනේ නම් මෙහෙම ගහමු ...    "බී වාර්තා පමණි , අධි චෝදනා පත්‍ර කිසිත් නැති "

මම දැනන්  හිටියේ නෑ  තමුසේගේ  එහෙම ලයින් එකක් තියෙනවා කියලා .. එහෙනම් අපි පෝස්ටරේ ගහන්න ඕනේ ඒ පැත්ත වැහෙන්න ...


එහෙමද ?  එහෙනම් ,  "සත් ගුණවත්,  සිල් වත් , ඕනේ නම් ග්‍රාමසේවකගෙන් අහන්න " නැත්නම්  "වරදක් කලත් හිතකින් නොවේ "..?


පොඩ්ඩක් ඉන්නවා ඕයි විකාර කියවන්නේ නැතිව ... අපි ගහන්න ඕනේ නිකන් අහිංසක ආයාචනාවක් වගේ එකක්...මෙන්න මේවා බලනවා 
" එතෙර වෙන්න  සංසාරේ , දෙන්න මනාපයක් මේ වාරේ " නැත්නම්  " සු... සු ...  මේ  ... මටත් එකක් " 

හොඳයි ඒත් ...

මේ තියෙන්නේ ........තමුසෙට හරියටම ගැලපෙනවා ....

"ඇයි අපි කළුද ?".......අඩේ ඒක නම් මරේ මරු 

18 comments:

  1. අලියාගේ පුකේ එල්ලිලා දිවය ලෝකේ යන්න ගිහින් වුන හරිය මතක නැතෙයි

    ReplyDelete
    Replies
    1. ඒ අලියගෙත් ඉස්සර වෙලා එල්ලූනේ ගමරාල කෙනෙක් නේ

      Delete
  2. හම්මේ
    ඉළ ඇදිල පණ යනව
    මෙන්න නියම දේසපාලන ප්‍රහසන.
    මරු හොදේ

    ReplyDelete
  3. පාප්ප ගඳ තිබ්බට දරාගනන් බැරි දේශපාලන' කුයිලයක්' නෑ මේකේ.

    JP මං මේක ඔස්සේ කල්පනා කරලා ස්ටූඩියෝ කාරයෙක් ගාවටදේශපාලන පෝස්ටරේට ගැලපෙන ෆෝටෝ එකක් ගන්න එන බුවෙක්ගෙ දෙබසත් මේවගේම ලියන්න පුලුවන් නේද කියලා හොයා ගත්තා.

    ඊ ලඟට ලියමුකෝ ඒක. මගේ genre එක නෙවෙයිනෙ.

    ReplyDelete
    Replies
    1. හාහාහා හොඳ අදහසක්

      Delete
  4. බෙලෙක් පිඟානෙන් කන ඔබට පෝසිලේන් පිඟානක්
    රොටී වෙනුවට පරාටා
    කාම සූත්‍ර වෙනුවට කෑම සූත්‍ර!

    ReplyDelete
    Replies
    1. රෝස් පාන් වෙනුවට බටර් පාන් . හොදි ඕන්නෑ

      Delete
  5. හොදයි කතාව ලක්ෂණයි..

    ReplyDelete
  6. හෙහ්..නියමයි.....අප්පච්චි එක්ක නැඟිටිමු කිව්වම අප්පච්චි මෙච්චරකල් බුදියගෙන හිටිය කියලත් හිතෙනව වගෙ නේද?

    ReplyDelete
    Replies
    1. එහෙම හිටියා කියලා නේ එයත් කිව්වේ

      මට නම් මේක අමු කුණුහරැපයක් විදියටමයි පෙනෙන්නේ මගේ වැරැද්දක් වෙන්න ඇති

      Delete
  7. අප්පච්චිත් එක්ක බුදිගන්න උන් තමා වැඩි. බලං ගියාම අප්පච්චි හෙන ගහන සමරිසියෙක් නෙව.. අර ත්‍රාඩයෝ පවා පොරත් එක්ක නැගිටින්න නේ හදන්නේ..මචං තව අලුත් විිදියක් හොයාගන්කෝ ඇගට වදින්නම දෙන්න.. අපි ආසා ඒවට

    ReplyDelete
  8. පට්ට සුපිරි අයියා..
    මෙහෙම අදහස් කොහෙන්ද අප්පා එන්නේ.

    ReplyDelete
  9. ela.
    http://nelumyaya.com/?p=3730

    ReplyDelete

Have commented