30 July 2015

අසෝක වීදුරැවට පිරැනූ සැඳෑ අහස


ලා දම් 
මොටයි රෝස
අහස් නිල්
ඉහිරී
චමත්කාරය
අපරදිග නුබ

දික් කළ 
අසෝක වීදුරැවට
හෙමින් හෙමින්
කාන්දු වී
උතුරාවී
සැඳෑ අහස

17 comments:

  1. ලස්සනයි ජේපී
    අසෝක වීදුරුව කියන්නෙ මොකක්ද?
    ජයවේ !

    ReplyDelete
    Replies
    1. මේක අසෝක වීදුරැවක් නොවුනත් එය අසෝක (සෝක නොවන) වීදුරැවක්ම වීමෙන් කවට අරැතක් ඒවීයයි සිතුනා

      Delete
    2. එළ එළ මචන්
      ජයවේ ජේපී

      Delete
  2. ෆොටෝ අදහස හොඳයි.. මාත් කරලා බලන්න ඕනේ. දිය බිඳුව තුල මහ සයුර කියන පොත මතක් වුණා..

    ReplyDelete
  3. සියලු පැහැ නතුකොට
    පෙනෙයි
    රැලි ගැහුණු අත'ඟිල්ල
    ඇති
    රන් මුදුවක
    කහ පැහැය

    ReplyDelete
    Replies
    1. අහා ඔබට එය ඇස ගැටුනා.
      රැලි ගැසුනු අතඟිල්ල මුදුව
      මගේ කතාව

      Delete
  4. පින්තූරෙත්, කවි පෙලත් බොහොම ඉහලයි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බස්සි

      Delete
  5. අසෝක වීදුරුවේ කට්ටය යනු ජීවිතය විඳීමේ පරාසය මනිනා පරාමිතිය සහ මිනුම් ලකුණ* වූ වකවානුවක්ද විය.

    * මිනුම් ළකුණ = Bench mark

    ReplyDelete
    Replies
    1. ඔබ මාවත් ඈතට අරන් ගියා

      Delete
  6. (කවියට නං අදාල නෑ තමා) දැං අසෝක විදුරු නෑ නේද. ගලේ ගැහුවත් කැඩෙන්නැති සයිස් අසෝක වීදුරු හයකින් දෙකක් විතරක් තාම මෙහෙ ඉතිරි වෙලා තියෙයි.

    නොස්ටැල්ජියාතමක ලක්ෂණ.
    පංකාදු කවි පොඩ්ඩ

    ReplyDelete
    Replies
    1. පරිස්සමෙන් තියාගනින් ඕවා වෙන්ඩ කෞතුක භාණ්ඩ

      Delete
  7. හැම තැනම ඔය අසෝක වීදුරුව යන යෙදුම දැකලා තියෙනවා. ඒ කියන්නේ මේ වගේ වීදුරුවක් ගැනද? මං හිතා හිටියේ යට පොඩි උඩ ලොකු දාර තියෙන පොඩි වීදුරුවක් කියායි!

    http://www.londonbarandkitchen.com/images/zoom/granity12oz.jpg

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. මේ ඡායාරෑපයේ ඇත්තේ අසෝක වීදුරැවක් නොවේ

      Delete
  8. මරු.. ඒත් අසෝක ග්ලාස් කියන්නෙ නම් පින්තූරේ තියෙන එකට නම් නෙමෙයි...

    ReplyDelete
    Replies
    1. ඔව් මුලින් ගත්තේ පින්තූරේ . අසෝක වීදුරු දුලබයි නේද දැන්?

      Delete

Have commented