15 August 2015

කොලොම්පුරේ ශ්‍රියා හෙවත් කොළඹ ගමන පසුවදන හා මැතිවරණයේ අතුරු කතා

අපි සති කීපයකට කොළඹ ගියෙමු . හමුවීමට බොහෝ දෙනා , කිරීමට දහසක් දේ සිතේ තබා ගෙන ගියත් හැමදා මෙන්ම එය අසාර්ථක විය . බොහෝ දේ මෙන් එකම දේ නැවත නැවතත් කරමින් වෙනස් ප්‍රථිපල බලාපොරොත්තු වෙමු . පිස්සුද හැටිද නොදනිමි . හමුවූ කිහිප දෙනෙකු හා ඇති වූ දෙබස් කිහිපයක් පහත දක්වන්නේ එහි සිතීමට යමක් ඇතැයි මට සිතුනු නිසාය . නමුත් ඒ ගැන වැඩිපුර සිතීමෙන් වලකින්න , එය ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යයටද අහිතකර විය හැක 

 මුළු රටම චන්ද උණුසුමෙන් ඇළලී  ඇති නිසා මේ දෙබස් වල දේශපාලන ෆ්ලෙවර් එකක් ඇත , ඒ ගැන කමා කරන්න ( වරදක් කලත් හිතකින් නොවේ ).


****

කොහේද මාමේ පපුව අල්ලන් දුවන්නේ ?

කඩේ යනවා ළමයෝ 

එහෙමද ?  ඒත්  පපුව  අල්ලන්   දුවන්නේ?

කට්ටියක් බඩ අත ගගා කඩේ යනවා , තව කට්ටියක් ඔලුව කහ කහ කඩේ යනවා , ඉතින් මෙහෙම ගියාම මොකෝ ....ඇයි අවුල් වගේද ?


***


ආ නැන්දේ මොකෝ මේ සුදු රෙදි ගොඩක් හෝදලා වනලා 

වැඩක් නෑ ළමයෝ කතා කරලා ,  ජනවාරි මාසේ ඉඳන් හැම පන්සලකටම ගියා . අම්මේ ....එහෙම පින්වන්ත කාලයක් . ගෙදරට ඇවිත් බස් එකේ ගෙනියන්නේ . .. හැම දාම සෝ එකක් ...සමහර දවස් වලට දෙක තුන ...ඕන් ...මම ඉතින් සුදු කිට් දෙකක්ම මහගත්තා , සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව . ...කොහෙද මේ අපේ කරුමෙට නාම චෝදනා දුන්නා නේ ....

වචනේ නාම යෝජනා නේද නැන්දේ ?

එහෙමද ?

***


ආ මල්ලි කවදද ආවේ 

ගිය සුමානේ ..   අයියා නම් චන්දෙට බැහැලා වැඩ වගේ  

නෑ එහෙම එකක් නෑ 

එහෙනම් අර රවී ගේ තඩි කටවුට් එකක් අර අඹ ගහ ගාව හිටවලා තියෙන්නේ ?

මල්ලි ඒකත්  දැක්කද ?   නෑ නෑ ඔය අඹ ගහට පිටි පස්සේ කෙහෙල් ගහෙ කැනක් මෝරනවා.  මේ පැත්තේ හරියට හොරු නේ. මම ඕක ගෙනත් තියනවා හවසට   ගස් අස්සෙන් , යාන්තමට පෙනෙන්න . එතකොට කළුවරට නිකන් කවුරු හරි ඉන්නවා වගේනේ මුරට 

මරු මිනිහා මුරට තියලා තියෙන්නේ 

ඇයි  මල්ලි අවුල්ද ?

***


ආ සර් කොහේටද යන්නේ .

මේ හන්දියට යන්න . කීයක් ගන්නවද 

අපි දැන් මීටර් නේ ... නගින්න සර් 

(ටික දුරක් ගිය පසු )

සර් ඒක  නෙමෙයි   සර් ගේ මතය අනුව  කවුරු අගමැති කරා නම් හරිද ?

ඒකට ඉතින් ඔය කට්ටිය ඉන්නේ 

මම නම් කියන්නේ සර් මහින්ද මහත්තයා දිනුවත් ඕක ගන්න හොඳ නෑ 

ඇයි  ඒ ?

නෑ සර් දැන් ඔය මහින්ද මහත්තයා නැගිට්ටවන්න , ඔය වාසු මහත්තයා, වීරවංස මහත්තයා , ගම්මන්පිල මහත්තයා ලා කොච්චර මහන්සි උනාද ?.. කළගුණ සලකන්න ඔය අගමැති කම ඒ එක්කෙනෙකුට දීලා දාන්න තියෙන්නේ .

එහෙම කළගුණ සලකන්න එක එක්කෙනාට දෙන දෙයක් යෑ අගමැතිකම කියන්නේ 

ඈ හ් ... එහෙම එකක් නෙවෙයිද ?

17 comments:

  1. වල්ලා පට්ටෙත් සුපිරිම එක...

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ වේවා

      Delete
  2. 17න් පස්සෙ පොඩි කොලුව ආයෙත් රොකට් අරින්න කල්පනාව මයෙ හිතෙ..(සද)

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල ගොවි ජනතාවට ඉතා ප්‍රයෝජනවත් "ෆෙඩරල් යනු කුමක්ද " දේශන මාලාව සමග රටපුරා

      Delete
    2. ෆෙඩරල් නිසා උඩින් යන ප්ලේන්වලින් වහල තියන එයාපෝර්ට්වලට සල්ලි වැටෙන එක නවතියිද කියල එතුමා පැහැදිලි කරයිද?

      Delete
  3. හොදි ඕනෙම නෑ!

    ReplyDelete
    Replies
    1. කොහොමත් 18න් පස්සේ පාන් කියාගන්න බැරි වෙයිද මන්දා

      Delete
  4. කළ ගුණ සළකන්න තමයි මෛත්‍රීපාල රනිල්ට අගමැති කම දුන්නේ...!!!

    ReplyDelete
    Replies
    1. 100% එකඟයි ... 2020දී ජවිපෙ ත් කියයි , විපක්ෂයේ කාර්යභාරය නොපිරිහෙලා ඉටු කළ පක්ෂයට ඔබේ කළගුණ සලකන්න කියලා .. මෙන්න කැට

      Delete
  5. මෑතක කියවපු සරලම දරුණුම දේශපාලන විග්‍රහය.

    ReplyDelete
    Replies
    1. දරැණුම?

      වරදක් කලත් සිතකින් නොවේ ;)

      Delete
  6. කියල වැඩක් නෑ. වචන උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරනවා.

    ReplyDelete
    Replies
    1. මගේ අලස බව ඔබේ ඇගයීමට . අනික ඉකොනොමැට්ටා කියලා කෙනෙක් ඵලදායීතාව කියලා දෙනවා බ්ලොග් හරහා හාහාහා

      Delete
  7. දැන් ලියවෙන බ්ලොග් වලින් ඉතාම ආසාවෙන් කියවන, ඊළඟ පෝස්ට් එක එන්නේ කවද්ද කියලා හිතෙන, බ්ලොග් කිහිපයෙන් එකක් මේ බ්ලොගය. දිගටම ලියන්න පින්ච් පොයින්ට් මහත්තයෝ. දේශපාලනයෙන් එහා ගිහින් තවත් මාතෘකා ගැන ටිකක් වැඩියෙන් අවධානය යොමු කරනවා නම් තවත් අගෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රතිචාරයට මල් වලට හා අදහසට

      Delete
  8. මිනීමරු පෝස්ටුවක් ! හහ් හා!!! නියමයි

    ReplyDelete
    Replies
    1. මේ අහිංසක මං අමාරැවේ දාන්නද හදන්නේ
      මිනීමරැවෝ අල්ලනවා තරාතිරම නොබලා

      Delete

Have commented