21 November 2015

මතට තිතෙන් ඔබ්බට කුඩ්ඩන්ගේ ආණ්ඩුව හා නොකෙරෙන වෙදකම

පෙරවදන 
පහුගිය සතියේ ඇහැ ගැටුණු පුවතක් නිසා මේ සටහන ලියවිණි . පුවතක් කීවාට මෙය වොයිස් කට්  එකක්ය . මුළු කතාවම නො අසා , වොයිස් කට්  වලින් නිගමන වලට පැමිණීම ගැන මගේ හිතේ මහත් සැකයක් ඇත . වොයිස් කට් වල , ලංකාවේ පුවත් වාර්තාකරනයේ , මාධ්‍යකරණයේ ප්‍රමිතිය,  ඇතැම් විට , දයාවතී , එන්සිනා ගේ මාධ්‍යකරණයේ කොලිටියෙන් ඔබ්බට නොයන බවද දනිමි . ඒත් හිතේ නැගුනු දේ ලිවිය යුතු යයි හිත බල කරන්නේය . මා, වැරදීමට ඉඩක් ඇතැයි සිතා මේ ගැන යමක් නොකියා සිටීම හා වැරදුනොත් අවංකවම වැරැද්ද පිළිගැනීමට සැරසි මේ ගැන යමක් කීම,  අතරින් මම දෙවැන්න තෝරා ගතිමි .

පහුගිය දවසක ජනාධිපති තුමා තමන්ම පත් කළ  කාර්යසාධක බලකායක් විසින් සංවිධානය කරන්නට යෙදුනු මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකට සහභාගී වීම දුටිමි . එහි තේමාව "මතින් තොර රටක්" ය . පාසැල්  දරුවෝ වේදිකාවට විත් මතේ ආදීනව ගැන ගී ගැයුහ . "මත එපා එපා " කියා කෑ ගැසුවෝය  . ඉනික්බිති ප්‍රධාන ආරධිතයාගේ කතාවට අවස්ථාව උදා විනි . 

ඔහු අත්දෙකම ඔසවා මතට එරෙහිව සටනට සහය දෙන්නට සුදානම් බව කීවේය . මත් කුඩු ව්‍යාපාරිකයන් නැති කළ  යුතු බව කීවේය . අපට අර මැතිවරණ වේදිකාවේ දුන් " මම සියලු නම් ගම් හෙළිකරන්නෙමි " පොරොන්දුව මතක් වෙන්නට ගනී . ඉන්පසු දෙසන් දක්වා සිනහා වී කියන්නේ මෙවැන්නකි "අපේ හාමුදුරුවනේ (ඇහිලා පුරුදු ගතියක් ඔබටත් දැනේද ?) , ඔය කිව්වට ඕවා නවත්වන්න බෑ , නැවත්තුවොත් කුඩ් ඩෝ , කුඩු මුදලාලිලා ආණ්ඩුව පෙරලනවා "

මුලින්ම මට අර ළමයි ගැන දුකක් ඇතිවිය , අපේ ජනාධිපති තුමා ගැනද , අපි ගැනද දුක දැනුනි . ඉන්පසු   දැනුනේ මේ ප්‍රකාශය ගැන කෝපයකි , පිළිකුලකි . ඉන්පසු මෙය මගේ අන්නත්ශ්‍රෝතය  දිගේ ගොස් ජීරණය වෙන්නට ගත්ම  මා මනසට වෙනත් අදහස් ශ්‍රාවය වෙන්නට විය .

කොහොමත් අපි නිවාරණයට වඩා දඬුවමට , ප්‍රතිකාරයට උනන්දු වෙන්නෙමු  . කුඩ්ඩන්ට  සිර දඬුවම් , කුඩු මුදලාලිලාට මරණ දඬුවම් දිය යුතු යයි තරයේ කියන්නෙමු . අර අන්තරාකාර ඖෂධ පාලක මණ්ඩලයේ දොස්තර මහතාගෙන් කුඩු විකුණන එවුන්ගේ නම් ලිස්ට් එක ඉල්ලන්නෙත් නිකමටවත් , මේ උවදුර නිවාරණයට අපි සහභාගී වන්නේ කෙසේදැයි නාසන්නෙත් එබැවිනි .
මා කියවා , අසා ඇති පරිදි මත් ද්‍රව්‍ය ව්‍යාපාරය බොහෝ විට අත්පිට මුදලටය . බැංකු ගිණුම් හරහා යන්නේ නැත , රිසිට් දෙන්නේ නැත . ව්‍යාපාරිකයන් තමන් අහුනොවීමට ඉතා සුක්ෂම මෙන්ම ඉතා සාර්ථක ක්‍රම භාවිත කරති . ඉතින් හාල් මැස්සන් , සාලයන් , ජීලාවන් ගෙන් ඔබ්බට , වැඩිම උනොත් පරා  පැටවෙකුට එහායින් එකෙක් දැලට  අහු වීම නම් සැක  සහිතය .

 කුඩු වලට විරුද්ධ වෙන  අපට  ලයිසන් අරක්කු , සිගරට් ගැන එවැනි ප්‍රශ්නයක් නැත .  අනෙක් අතට ගෙදර කොන්ක්‍රීට් එක දමා ගැනීමට , කුඩ්ඩන් ටිකක් හොයා ගැනීමට පසුබට වෙන්නේ නැත . 

කුඩු වලට බොහෝ අය  විරුද්ධ වන්නේ එහි ආදීනාව ගැන සිතා නොව , එය නීති විරෝධී බැවින්දෝ කියා මට විටෙක සිතේ . නැතිනම් ඒ හා සබැඳී අනෙක් අපරාධ දාමය ගැන සිතාය . ඒ කියන්නේ ඇත්තේ කුඩු වලටත් වඩා අපට ඇත්තේ එහි බිස්නස් මොඩල් එක ගැන ප්‍රශ්නයකි .එසේනම් හෙට හෙරොයින් නීතිගත කලොත් තත්වය කුමක් වේද ? 

මගේ අදහස් නම් මුලින්ම මත්ද්‍රව්‍ය ගැන අපේ සමාජ මතය පැහැදිලිව ස්ථාපිත කර ගත යුතු බවය.  ඉඳ හිට , කෝපි  කෝප්පයක් බොන (කැෆීන් ද ඇබ්බැහි ශීලිය , එයද මොලයට සිරුරට අස්වාභාවික උත්තේජයන් සපයයි ) මීවිත තොල ගාන , එනමුදු දුම්වැටි මෙන්ම අන් මත්ද්‍රව්‍ය  පාවිච්චි නොකරන මා එසේ කරන්නේ , යමකට ඇබ්බැහි වීම මා සිතට වදයක් බැවිනි . නමුත් නිදහස් තේරීම (free choice ) යයි අප සිතන බොහෝ දේ තුල ඉතා සුක්ෂම බලපෑම් කිරීමක් (manupilation ) ඇති බවද මම දනිමි . අනෙක් අතට තම දිවි පුරුදු වලට (habits ) , සන්නාම වලට ඇති කැමැත්ත තුල ඇති ඇබ්බැහි වීම ද නොසලකා සිටිය නොහැක . ඒත් මේ මා කියූ සමතුලිත ලක්ෂය මගේ ඉවසීමේ සීමාවයි (Tolerance  level ). එමෙන්ම සමාජයක් හැටියටද අපි  අපේ ඉවසීමේ සීමාව අපි තීරණය කල යුත්තෙමු . එය (අර සිරිසේන ගේ කතාවේ කියවෙන පරිදි)  කළ හැක්කේ කුමක්ද යන්න මත  නොව කළ  යුත්තේ කුමක්ද යන්න මත තීරණය විය යුතුය .

නමුත් මම මෙ සටහන මෙතනින් නොනවත්වමි . අතිගරු ජනාධිපති තුමාටත් මෙසේ ලියමි. 

යමෙක් රටේ නායකයා  හැටියට පත්වෙන්නේ කුඩු මුදලාලිලාගේ ගේ ප්‍රජාතන්තරවාදී අයිතීන් රකින්නට නොවේය  . කුඩ්ඩන් ආණ්ඩුව පෙරලාවී යයි බයේ ආණ්ඩු කරන්නට නොවේය . වැටුනත් හරි දේ කරන්නය . වැටි වැටී හරිදේ කරන්නය . ඔබ කන්නේ මොනවද , ඉංග්‍රීසි කතා කරන්න පුලුවන්ද , මුණේ  රැවුල තියෙනවද . උදේට ඩිප්ස් කීයක් ගහන්න පුලුවන්ද කියන එකට වඩා රටේ නායකයා , ජනතාවගේ නායකයා, හැම විට ජනතාව වෙනුවෙන් හරි තීරණයම ගත යුතුය. ඔබ හරි දේ කළ  යුතුය . ඔබ අසාර්ථක විය හැක . ඒ උපකල්පනය , ඔබට නිවැරදි දේ කිරීමට බාධාවක් , නොකිරීමට නිදහසට කරුණක් නොවේය.  ඔබ හරි දේ කර ආණ්ඩුව පෙරලුනොත් , ඔබ දිවි නැසුනොත්   ඒ ලේ සමාජය අතේය (shame  on  us ය ). නමුත් ඔබ ගැන සිතා , ආණ්ඩුව ගැන සිතා නිවැරදිම තීරණයට අඩුවෙන් යමක් ගත්තොත් , කීවොත් , මහතුනි ඒ ලේ ඔබ අතේමය ( shame on  you ය )

16 comments:

  1. බෑ බෑ ජනාධිපති උච්චමයට ඊට වඩා දේවල් කරන්න තියෙයි.. දන්නෙ නැතෙයි ඔය කුඩ්ඩො හොයනවට වැඩිය..
    හිටං හිටං
    උදේට උදේට අත කරකෝ කරකෝ එකසයිස් කරනෙකම කොයි තරං වටිනවද.. අනික බලන්නකො තැං තැං වලට ගිහං මං දන්නෙ නෑ මට කීවෙ නෑ කියන එකම කොයි තරං දෙයක්ද...
    කුඩ්ඩො කියන්නෙ මොක්කුද..

    කාටවත් පොදුය කියන ප්‍රතිපත්තියක් හැගීමක් අරමුණක් නෑ ඔක්කම පුද්ගලිකයි.. මහින්ද පන්නල මෛත්‍රී ගෙනාවෙත් ඒ යෝජනා වලට කැමති වෙලා මෛත්‍රී ආවෙත් පොදු දෙයක් උදෙසා නොවෙි.. පෞද්ගලික අරමුණු වෙනුවෙන්.. ඒවට ඔය කියන හැම කුප්පහියම ඕන
    ඒකයි ඇත්ත

    ReplyDelete
    Replies
    1. මම පහලින් AH කියා ඇති දෙයක් මීට ප්‍රතිචාරයක් ලෙස උපුටනවා
      "රටේ ජනතාවට ලැබෙන්නේ ජනතාවට ගැලපෙන නායකයන්."
      යකාගේ හැටියටම තමා විමානේ

      Delete
  2. ගොඩක් අය විරුද්ධ වන්නේනම් විරුද්ධ වීමට ඇති ඇබ්බැහිය නිසා වීමටත් පුළුවන. ඔබ කියා ඇති පරිදිම බොහෝ දේවල් කොටස් දෙකකට වෙන් කිරීමට (හොඳ-නරක හෝ තිබිය යුතු-නොතිබිය යුතු හෝ කළ යුතු- නොකළ යුතු) නිශ්චිත ස්වභාවික ඉරවල් නැත. එහෙත්, ප්‍රධාන විධායක නිලධාරියෙකුට පොදු සමාජය වෙනුවෙන් එවැනි නිශ්චිත (ඉවසීමේ සීමා) ඉරක් ඇඳීමට සිදුවේ. ඔහුව පත්කර ඇත්තේ ඒ සඳහාය. ඉර වැරදි තැනින් ඇඳීමේ අවදානම තිබේ. එහෙත් ඒ අවදානම ඔහු භාරගෙන අවසන්ය. ඒ වගකීම පැහැර හැරිය නොහැකි එකකි.

    ReplyDelete
    Replies
    1. මම කියන්න උත්සාහ කලේ පළමුව අපි පැහැදිලිව විරුද්ධ වීම ට හේතුව සකසා ගත යුතු බවයි.

      විධායකය ඒ වගකීම බාර ගත්තාට පසු , ඒ සමග එන අවදානමද ඔහු සතුයි . අර විරුද්ධ වීමට ඇබ්බැහි වෙච්ච එවුන් ගැන කිව්වම මතක් වුනේ . මම දන්නා කෙනෙක් ඉන්නවා උගේ නම ඒකසිරි , හැමෝම කියන්නේ එක යට සිරි කියලා

      Delete
  3. හැමදාම වගේ කියන්න තියෙන්නේ රටේ ජනතාවට ලැබෙන්නේ ජනතාවට ගැලපෙන නායකයන්...මේ අතිගරු ජනාධිපති අපිටම ගැලපෙන කෙනෙක්ය කියා මට සිතේ..අපිත් කෙල වෙනකොට කගේ හරි ඇගට කපා බේරෙනවා සේම එතුමාත් මම දන්නේ නැහැ කියල බේරෙනවා...අපි අපිටම ටොකු ඇනගන්නවා වෙන කලයුත්තක් නොමැත

    ReplyDelete
    Replies
    1. යකාගේ හැටියටම තමා විමානේ

      Delete
  4. කුඩු ප්‍රශ්ණය ලංකාවට විතරක් තියෙන ප්‍රශ්ණයක් නෙමෙයි. කුඩු මුදලාලිලා දේශපාලනය කරන්නේ ලංකාව වගේ රටවල පමණයි කියා සිතමි. දියුණු රටවලට වඩා සාපේක්ශව වඩා දූෂිත රේගු නිලධාරීන්ද මේ තත්ත්වයට වග කිව යුතුයි. අය වැයෙන් රේගුවට ස්කෑන් යන්ත්‍ර ගෙන්වීමට යෝජනා කිරීම හොඳ දෙයකි. එම යන්ත්‍ර වලින් මත්ද්‍ර‍ය හඳුනා ගැනීම, එයා පෝට් වලදී මත්ද්‍රව්‍ය ඉවට පුහුණු කල සුනඛයන් යොදා ගැනීමත් වෙන රටවල කෙරෙනවා.

    එක් කුඩු කාරයෙක් තව කුඩු කාරයෙකුව ඝාතනය කල විට අනිකා රාජ්‍ය අනුග්‍රහයෙන් පිටරට යවා අමතක කොට ගෙන්ව ගැනීම, ආරක්ශක ලේඛම් කුඩු කාරයන්ගේ දේශපාලන කටයුතු වලට සහය දීම සහ කුඩු කාරයන් ආරක්ශක අධීක්ශන මන්ත්‍රී කොට පොලිසියෙන් සැලියුට් ගැස්සවීම නොව මෛත්‍රී පාලනය කලින් පාලනයට වඩා ඉතා නරකය හැක්.

    ReplyDelete
    Replies
    1. Also former presidents hugging drug businessmen cum politicians when they are raided.

      Delete
    2. මාව වරදවා තේරුම් ගන්න එපා . මහින්ද ගෙදර යවා සිරිසේන පත්කළ ගත්තේ මහින්ද කළ වැරදි අඩුවෙන් කරන්නට නොවේය . යහ පාලනය යනු මහින්ද චින්තන ලයිට් නොවේ යයි සිතමි . හැම රටකම කුඩු ඇත , හැම රටක්ම ඊට විරුද්ධව ක්‍රියා කරති . ඒ එක් එක් තරමිනි . අපේ ඉවසීමේ සීමාව අපි ඇඳ ගත යුත්තෙමු . එරෙහිවන මත්ද්‍රව්‍ය තෝරා ගැනීමම එහි එක් පියවරකි . මත්ද්‍රව්‍ය පමණක් නොව දූසනේ වේවා බීසනේ වේවා ඔය හැම එකකටම මෙය පොදු යයි සිතමි

      Delete
  5. Most of issues in this country had become nobody's responsibility. . Bloody strange.. shit!

    ReplyDelete
    Replies
    1. totally agree . not taking accountability IS the problem .

      and that has to be taught from kindergarden

      Delete
  6. කොහොමත් කලකිරෙනව ජේ පී මේවා දකිත්දි. කොන්දක් නැති දේශපාලකයො.

    ReplyDelete
    Replies
    1. මුන්ගේ පැවැත්ම ඉවසා වදාරන අපි ...? කියලත් හිතෙනවා චන්දි

      Delete
  7. මම නම් කියන්නේ අර රත්තරන් ආනයනය කරන්න දෙනවා වගේ කුඩු ආනයනය සඳහාත් බලපත්‍ර නිකුත් කරා නම් හොඳ ආදයමකුත් ලබා ගන්න පුළුවන්..

    ඒ කියන්නේ මේ අය වැය හිඟය පියවන්න පුළුවන් මට්ටමේ..

    අනික ළෝක කුඩු ගහන ඔක්කෝම උන් මෙහේ ඒවී කුඩු ගහන්න.. අර සුවිස් බැංකුවල කළු සල්ලි දානවා වගේ...

    ReplyDelete
    Replies
    1. ඇයි , මම නම් හිතන් උන්නේ එහෙම ලයිසන් දීලා කියල දැනටමත්

      Delete
  8. අර කතාවක් තියෙන්නේ " බලේ තියෙනකොට මොලේ නෑ . මොලේ තියෙන කොට බලේ නෑ කියලා. ලනකවේ තියෙන්නේ, අනත් දකුණේ සිට අනත වමට ඉන්න ඔක්කොම දේශපල්කුවෝ අම්බ බොරු කාරයෝ. වංචා කාරයෝ. ඉඳ හිටලා හොඳ අවන්කයෝ දෙන්නෙක තුන් දෙනෙක් මතුවෙනවා. උනුත් අන්තිමට මේ කැද හැලියේ නන්නතාර වෙලා අනික් උන්ගේම වලට වැටෙනවා. කරුමේ, කරුමේ, නොගෙවා ඉවර වෙන් නැති කරුමයක්.

    ඩඩ්ලි ලා බඩ පුරුවලා අන්නුගේ බදු සල්ලි වලින් චන්දෙ ගත්තා ඇන .ඇම් ඒ කැරටය ඉවත් කරන්න බැලුවා, ෆිලික්ස් ඩයස එක සුන්නද්දුලිකරා, ජේ.ආර්. ගැනියෙක් ප්රිමියෙක කරන්නා බැලුවා, අද ඔක්කොම ගැණු පිරිමි ලා, පිරිමි ගැනු වෙලා, අනේ වාසේ...

    ReplyDelete

Have commented